08 March 2017

ළමා නිවාසයක හැදී, තම හැකියාවෙන් අද ලෝකයටම තේ කොළ බෙදාහරින දිරිය දියණිය | VIDEO


කුඩා අවධියේ සිට සිය දෙමාපියන් දෙදෙනා ම අහිමිව ළමා නිවාසයක හැදී වැඩී ඉන් පසුව ලොව ජය ගත් ශ්‍රී ලාංකික දිරිය කාන්තාවක් පිළිබඳව මෙසේ සටහන් කරන්නෙමු.

නිලූෂිකා ජයවීර නම් ඇගේ උපන්ගම මීගමුව යි. කුඩා අවධියේදීම නිලූෂිකාට සිය දෙමව්පියන් අහිමි වන අතර පසුව සහෝදර සහෝදරියන් සිව්දෙනා රැක බලා ගැනීමට ඇයට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.

කුඩා කාලයේ ඇගේ ජීවිතය ළමා නිවාසයක ගත කරන ඇය, 2001 වසරේදී ඉන් ඉවත් වන්නේ, විදෙස් රටක ගෘහ සේවයට යාම සඳහා ය. නිලූෂිකා අධ්‍යාපනයට ද ඉතා දක්ෂ වූ අතර ඇය සිංගප්පූරුවේ ගෘහ සේවය කරමින් අධ්‍යාපන කටයුතු ද සාර්ථකව නිම කරන්නේ, 2012 වසරේදී උපාධියක් ද ලබා ගනිමිනි. ඒ අතරතුර ඇය වෙනත් රැකියාවක් වෙත ද යොමු වේ.

මෙරට ප්‍රධාන අපනයන භෝගයක් වන තේ කොළ ඇසුරුම් කරන විදේශීය රටවලට බෙදා හැරීමේ ව්‍යාපාරයක් ඇය මේ වන විට පවත්වාගෙන යයි.

නිලූෂිකාගේ කතාව දියුණු වෙන්න උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකුට ආදර්ශමත් කතාවකි.

මේ වන විට සිංගප්පූරුවේ පැවැත්වෙන බොහෝ වැඩසටහන්හි දේශන පැවැත්වීම සඳහා ද ඇයට ආරාධනා ලැබී තිබේ.

නිලූෂිකා ජයවීර සමග සිරස ප්‍රවෘත්ති අංශය කළ සාකච්ඡාව පහතින්….