31 March 2017

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි



ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබේ.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා පසුගිය දා (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය.

ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකෙසෙමින් පවතින බවයි.

මීට අමතරව ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

2014 වසරේ සිට 2020 දක්වා වන කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව අවධාරණය කළ තානාපතිවරයා පෙන්වා දුන්නේ ඊට අමතරව නව ආයෝජන අවස්ථා ලබා දීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

යුරෝපා ආයෝජන බැංකුවේ නව උපසභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් (Andrew McDowell) මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමන් ඊට අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඊයේ පස්වරුවේ ඔවුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණ ගැසිණි.

මුදල් අමාත්‍යාංශයේ පැවැති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ පරිසරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘති සඳහා සිය වැඩි දායකත්වය ලබා දෙන බවයි.

මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ යුරෝපා ආයෝජන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සඳහා සහය දැක් වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව ලත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. එසේ ම යුරෝපයට පමණක් සීමා නොවූ මෙවැනි මූල්‍ය ආයතන
ශ්‍රී ලංකාව වැනි රටක් සමඟ අත්වැල් බැඳ ගැනීම මෙරට අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න මාස 06 ක් ගවයින්ගේ ලේ බොන මිනිස්සු | PHOTO



ලොකු බඩක් තියන මහත ශරීරයකට අපි කවුරුත් කැමති නෑනේ. හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ගැන.

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක තමයි මේ අය ජීවත් වෙන්නේ. මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ. මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.

මාස 6 යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා. මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.
3EBB91F400000578-4360060-image-m-32_1490785728362 3EBB92A800000578-4360060-image-a-15_1490785471337 3EBB92C400000578-4360060-image-m-9_1490785256910 3EBB92D500000578-4360060-image-a-20_1490785541718 3EBB92F800000578-4360060-image-a-27_1490785625858 3EBB94C500000578-4360060-image-a-17_1490785490390 3EBB921B00000578-4360060-image-a-10_1490785270127 3EBB923200000578-4360060-image-a-13_1490785393405 3EBB924900000578-4360060-image-a-6_1490785222556 3EBB929000000578-4360060-image-m-26_1490785615813 3EBB935200000578-4360060-image-a-19_1490785505236

ලියාපදිංචි උනොත් විතරයි අපි වගකියන්නේ


රැකියා සදහා විදෙස් ගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගන්නේ නම් රජය එම ශ්‍රමිකයින් පිළිබදව සියලූ වගකීම් දරන බව එම කාර්යාංශය පවසනවා.

එසේ නොමැතිව අදාළ රටවලදී පීඩාවන් සිදුවුවහොත් ඊට මැදිහත් වීමක් කළ නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

පසුගිය දිනවල විදෙස් රටවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් රැසක් කාර්යාංශයේ ලියාපදිංචි නොවුණු අය බවටයි වාර්තා වන්නේ.

සිංගිමලේ උමඟ ඇතුළේ කරපු මහා ජාවාරමක් හෙළිවූ හැටි



හැටන් සිංගිමලේ දුම්රිය උමඟ තුළ ඇති වැහිළිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සුදානම් කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) රාත්‍රී හැටන් පොලිසිය කළ විශේෂ සෝදිසියකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දීර්ඝ කාලයක සිට එම උමං මාර්ගය තුල වැහි ළිහිණි කූඩු කඩා අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එම කූඩුවල තිබු බිත්තර සහ කුඩා පැටවුන් දුම්රිය මාර්ගයට දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ඇරඹෙයි


 වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ආරම්භ වනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී .

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර තිඛෙනවා.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අඛේගුණවර්ධන මහතා සදහන් කළා. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බවයි ඒ මහතා කියා සිටියේ.

සුදු ඇඳුමට ආයුබෝවන්



පාසල් සිසුන්ට සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පෙරේදා (29දා) කොළඹදී පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සිසුන් තුළ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමට මෙම පියවර ගන්නා බවයි.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,

''ලෝකයේ සුදු ඇඳුම්'' පමණක් අඳින පාසල් තියෙන්නෙ ලංකාවෙ විතරයි. මේ පිළිබඳවත් අලුතින් හිතල වෙනස්කම් කරන්න ඕන. පාට 04ක් හෝ  05ක් හඳුන්වාදීලා පාසල්වලට තමන් කැමති වර්ණයෙන් යුතු ඇඳුම් තෝරාගැනීමේ සැලසුම් සකස් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා විශේෂ කණ්ඩායම් මගින් නිර්දේශ ලබාගන්නවා. මේකට හේතුව තමයි සුදු ඇඳුම් ඉක්මනට කිළිටි වෙන නිසා ළමයි  ක්‍රීඩාවට පවා යන්න කැමති වෙන්නේ නෑ. ළමයි ඒ ඇඳුම් ඉතාම පිරිසුදු මට්ටමින් තියාගන්න බලනවා. මේවා පාට වෙනස් කිරීම පොඩි දෙයක් වුණාට මෙමගින් පවා ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙන බවයි අපි විශ්වාස කරන්නේ. වෙනස් කරන්න ඕන දේවල් කාලානුරූපීව හිතල වෙනස් කරන්න ඕන'' යනුවෙන් පැවසීය.

තාජුඩීන් ඝාතනය දා මහින්ගේ ආරක්ෂක සේනාංකයේ ලේඛන ඉවත් කරලා



රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ගිය දෛනික ආරක්‌ෂක රාජකාරී සටහන් ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අනාවරණවී තිඛෙනවා.

ඒ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

එම ලේඛනය භාරව ක්‍රියා කළ යුද හමුදා නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‌ෂක සේනාංකය මගින් දෛනික ආරක්‌ෂක රාජකාරි සටහන් පවත්වා ගෙන ගිය අදාළ ප්‍රශ්න ගත ලේඛනයේ වර්ෂ 2012 මැයි 10 දා සිට එම 22 දා දක්‌වා සටහන් යොදා තිබූ කොළ කඩා හෝ කපා ඉවත් කර එහි පිටතට නොපෙනෙන ලෙස විනිවිද පෙනෙන සෙලෝටේප් පටියක්‌ දිග් අතට අලවා එහි දෙපස තිබෙන කොළ දෙක එකට අලවා තිබීම සැකයට භාජන වන කරුණක්‌ වන බැවින් එම ලේඛනය බාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවසුවා.
පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හිටපු ජනාධිපති ආරක්‌ෂක සේනාංකයට අනුයුක්‌තව සිටි යුද හමුදා නිලධාරීන්ගෙන් හා සෙසු නිලධාරීන්ගෙන් ලබා ගත් ප්‍රකාශයන්ගෙන් අනාවරණය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරනු පිණිස තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද මෙම කාල වකවානුව තුළ ලේඛනයේ සඳහන් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරී පිළිබඳව විමසා යුද හමුදාව සහ නාවික හමුදාව මගින් මගින් වාර්තා කැඳවා ඇති බවද පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද දන්වා සිටියා.
ඝාතනයට ලක්‌වූ තාජුඩීන් අවසන් වරට ගමන් ගත් මෝටර් රථය ලුහුබැඳ පැමිණි පුද්ගලයා අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් දන්වා තිඛෙනවා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක ලබන 05 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.

ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියානු අතපෙවීමක් සිදුවීද?



පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාවලිය වෙත අතපෙවීමට රුසියාව උත්සාහ කර ඇති බව සෙනට් මණ්ඩල සභිකයෙකු පවසයි.

එම මැතිවරණය කෙරෙහි රුසියානු බලපෑමක් වීද යන්න පිළිබඳව බ්‍රහස්පතින්දා විවෘත වූ ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ බුද්ධි කමිටු සාමාජිකයෙකු මෙම අනාවරණය කළේය.

මේ අතර, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන්ද එලැඹෙන සතියේදී මෙම කමිටුව ඉදිරියේ සාක්ෂි සැපයීමට නියමිතව තිබේ.

හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට හානි කරමින්, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීමට රුසියාව උත්සාහ කළ බව මීට පෙර ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කළේය.

කෙසේ වෙතත්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව, යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් මහතා විසින් ඊයේ (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

ඒ 2009 වසරේ අවසන් යුද සමයේදී එලිලන් ඇතුළු 12 දෙනෙකු පිරිස 58 වැනි සේනාංකය හරහා ආරක්ෂක හමුදාවට බාර වූ බවත් නමුත් එම පිරිස අතුරුදන්ව ඇතිබව කියමින් එලිලන්ගේ බිරිඳ වූ වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් මහත්මිය විසින් මුලතිව් අධිකරණයේදී ගොනුකර තිබූ හබයාස්කෝපුස් නඩු වාරයේදී ඇය විසින් මෙම ඉල්ලීම කර සිටියාය.

මෙම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටි 58වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා මුලතිව් අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේදී එලෙස කියන අයුරින් යුද හමුදාව වෙත බාරවූවන් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත්, අවසන් යුද සමයේදී 58වැනි සේනාංකය භාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත්ය.

අනතුරුව ආනන්දි ශෂිධරන්ගේ නීතිඥ පාර්ශ්වයෙන් අදාළ එවකට සිටි සේනංකාධිපති වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කොට සිටියේය.

පසුව අදාළ ඉල්ලීමට  බහුතර විරෝධයක් මතුවූ හෙයින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙසේ බහුතර විරෝධයක් එල්ල වන හෙයින් තමාට ශවේන්ද්‍ර සිල්වා මහතාට නොතීසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ එළඹෙන නඩු විභාගයේදී තීරණය කිරීමට පියවර ගන්නා බවටයි.

ඒ අනුව අදාළ නඩුව අප්‍රේල් 27වැනිදා දක්වා කල්තැබීමටදමහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැම්සුන්ග් නවතම දුරකතනය වෙළඳපොළට


 සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ නවතම ඡංගම දුරකතනය වන සැම්සුන්ග් ගැලැක්සි එස් 8 හා එස් 8 ප්ලස් අප්‍රේල් 28දා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. එස් 8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර එස් 8 ප්ලස් හි තරය අඟල් 6.2කි.

දුරකතන දෙකේම තිරය එච්.ඩී. තාක්ෂණයෙන් නිපදවා තිබේ. පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8කි.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් මෙය නිරමාණය කර තිබේ. අභ්‍යන්තර මතක ධාරිතාව ගෙගා බයිට් 64කි. එය ගෙගා බයිට් 256ක් දක්වා වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබේ.
 මීට අමතරව තවත් සුවිශේෂී පහසුකම්වලින් දුරකතනය සමන්විත වෙයි.

රිවිර කතෘට පහරදීමේ සිද්ධියට හමුදා මේජර් රිමාන්ඩ්



රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත මහතා ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද(31) නියෝග කළේය.

මේජර් බුලත්වත්ත මහතා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට පළමු සැකකරු බවත් ඔහු මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

කණ්ඩායමේ සැලැස්මක් නැතුව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න බෑ – කුමාර් සංගක්කාර



ක‍්‍රිකට් යනු ඕනෑම එකොළොස් දෙනෙකුට ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාවක් නොවන බව හිටපු ක‍්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු සඳහන් කළේ තරගයක් ජය ගැනීමට නම් හොඳම ක‍්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව ක‍්‍රීඩා කළ යුතු බවයි.

වත්මන් කණ්ඩායමේ පසුබෑමට ද මෙය හේතුවක් විය හැකි බවටයි කුමාර් සංගක්කාර පෙන්වා දී ඇත්තේ.

වත්මන් දේශීය ක‍්‍රිකට් සැකැස්ම අනුව දක්ෂයන් තෝරා ගැනීම අපහසු බවත්, එම සැකැස්ම නිවරැදි විය යුතු බවත් ඔහු පවසනවා.

තරග පරාජය ක‍්‍රීඩා ලෝලීන් කණ්ඩායමෙන් ඈත් කිරීමට ප‍්‍රබල සාධකයක්.

දක්ෂතාව අතින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියෙන් සිටිය ද ඔවුන් තරගවල දී දක්ෂතා දක්වන ආකාරය අනුව ජය පරාජය තීරණය වන බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

ඊයේ පැවති උත්සවයක දී ක‍්‍රීඩා ලෝලියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර මෙම අදහස් පල කළා.