23 April 2017

බිරිඳ / පෙම්වතිය හුවමාරු කරගන්න – නිරුවත් Group Sex පාටි දාන ලංකාවේ අලුත්ම ජාවාරම මෙන්න -PHOTOS





ලිංගිකත්වය කියන්නේ ගොඩක් රහස්‍ය දෙයක් කියලා තමයි සමාජයේ මතය. නමුත් එකිනෙකාගේ ලිංගික ආශාවල් විවිධාකාරයි.

එවැනි වෙනස් ආශාවක් ඇති ලංකාවේ අය වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙලා තියෙනවා.

ඔවුන්ගේ අළුත්ම වැඩේ තමයි බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගනිමින් ලිංගික ආශ්වාදය ලැබීම සඳහා අවශ්‍ය පාර්ශවයන් හට ඒ සඳහා පහසුකම් සපයන එක.

මේ සඳහා එම කණ්ඩායම භාවිතා කරන්නේ ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍යයයි

ඒ ඔස්සේ අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම වැඩේ ක්‍රියාත්මක කරනවා.

විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ ඇත.

මෙලෙස හදුනාගනු ලබන යුවළ සඳහා කාමර පහසුකම් සහ වෙනත් සේවා සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වනවා.

එසේම සමූහ නිරුවත් සාද පැවැත්වීමද මෙම කණ්ඩායම විසින්ම සිදුකරන බවට අනාවරණය වී ඇත.

පාසල් වයසේ පසුවන තරුණ ජෝඩු මේ සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බවද, ඔවුන් මෙම සාදයන්වලදී සිය පෙම්වතා/ පෙම්වතිය ඉදිරිපිටදීම වෙනත් පාර්ශවයක් හෝ පාර්ශව කිහිපයක් සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

මෙම කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට ඉතා ඉහළ මිලක් ගෙවීමටද සිදු වෙයි.

පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම්වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ.

එම නිසා මෙවන් ජාවාරම්වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙවැනි ක්‍රියා මෙරට නීතියෙන්ද තහනම්ය.

මෙම ජාවාරමට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් සහ එහි සඳහන් තොරතුරු පහතින් දැක්වේ.




කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්



කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක්  විටින් විට විදේශ ගතී ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව වාර්තා වේ.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාත් සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළුව මෙම පරිස ජර්මනිය, එංගලන්තය, අයර්ලන්තය, කොරියාව ආදී රටවල සංචාරය කර ඇත.

කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, විදුලිය නිෂ්පාදනය ආදී කටයුතු අධ්‍යයනය කිරීම සඳහා මොවුන් විදේශ ගතවී තිබූ අතර මෙම චාරිකා සඳහා වැය වූ මුදල නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනගර සභ හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාර කර ඇත්තේ පසුගිය කාලය තුළ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා පිටරට ගොස් ඇති බවය.

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ තමන්ගේ පාලන කාලය තුළ කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායම් එංගලන්තයට යැවූ බවය.

මේ අතර කසළ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූ අවස්ථාවල ඒ සඳහා ඉදිරිපත් වූ ආයතන තම හැකියාව පෙන්නුම් කිරීම සඳහා නිලධාරීන් ඒ රටවලට කැඳවාගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

සියල්ල එසේ සිදු වුවද කොළඹ කුණු රැඳවූ මීතොටමුල්ල කුණු කන්ද ඉකුත් 14 වැනිදා කඩා වටුණු අතර එයින් 32ක් මියගොස් 11ක් අතුරුදහන්ව සිටිති. තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතාකාර ගනිමිණ් සිටිති.

මූළාශ්‍ර ඉරිදා ලංකාදීප

කුණු ප්‍රශ්නයෙන් ආණ්ඩුව පෙරළන සැලසුමක් බුද්ධි අංශ හෙලිකරලා



කුණු ප්‍රශ්නය මත දිගින් දිගටම සංවිධානය වෙමින් ඇති ජනතා විරෝධතා ආණ්ඩුවට එරෙහි ජනතා හර්තාලයක් දක්වා වර්ධනය කර ආණ්ඩුව පෙරළීමේ උත්සාහයක්  ඇති බවට බුද්ධි අංශ වාර්තාවක් නිකුත්ව ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

අප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය දිනක රාජ්‍ය බුද්ධි අංශය මෙම වාර්තාව ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ඉදිරිපත් කර ඇත.

වාර්තා වන ආකාරයට කුණු ප්‍රශ්නය මත 53 හර්තාලය පන්නයේ තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ සූදානමක් ඇති බවත් මෙතෙක් දිවයින පුරා කුණු බැහැර කළ ස්ථාන වැටලීම,  කොළඹ ඇතුළු  නාගරික ප්‍රදේශවල කුණු බැහැර කිරීම අඩාළ කිරීම  සහ දිවයිනේ එක් එක් ප්‍රදේශවල කුණු බැහැර කිරීම වළකාලමින් අධිකරණ තීන්දු ලබා ගැනීම හරහා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බවත් එම කටයුතු වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සෘජු මැදිහත් වීමක් සිදු කරන බවත් එම වාර්තාවේ  සඳහන්ව ඇත.

එසේම ආණ්ඩුවේ උපදේශකයන් ද මෙම කුණු ප්‍රශ්නය කඩිනමින් විසඳා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් එය ආණ්ඩුවේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් සිදු කරනු ඇති බව පෙන්වා දී ඇති බව වාර්තා වෙයි. 1999 බස්නාහිර පළාත් සභා මැතිවරණය සිහිපත් කරමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කරු ජයසූරිය පරාජය වීමට වග ප්‍රදේශයේ කුණු කසළ බැහැර කිරීම සම්බන්ධව මතු වූ ප්‍රශ්නය තීරණාත්මකව බලපෑ බවය. එහි දී වග ප්‍රදේශයට කුණු බැහැර නොකරන බවට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයන්  ප්‍රතිඥාවක්  දිය යුතු බවට දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිස ගෙන ගිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියේ දී එජාප අපේක්ෂකයා එම ප්‍රතිඥාව ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද අඩු වීමට එය බලපෑ බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර කසළ කළමනාකරණය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කළ යුතු යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය දා අවධාරණය කර ඇත. අමාත්‍යවරයා මෙසේ අවධාරණය කර සිටියේ මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය සමඟ සමාජගත වෙමින් පවතින කැළි කසළ බැහැර කිරීම,කසළ ප්‍රතිචක්‍රීයකරණය සහ පසුගිය කාලසීමාව තුළ දී මේ සම්බන්ධව සිදු කළා යැයි පැවසෙන තොරතුරු සම්බන්ධයෙන් නිවැරැදි කරුණු සමාජගත කිරීමේ අරමුණින් පවත්වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.  එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

“මීතොටමුල්ල විශාල ඛේදවාචකයක් බවට පත් වී ඇති මොහොතක දේශපාලන පාපන්දුවක් බවට පත් කරගනිමින්, දේශපාලන චරිත ඝාතන සහ විවිධ මතවාද පැතිරවීම සඳහා මෙම සිදුවීම උපයෝගී කර ගැනීම ඉතාම කනගාටුවට කරුණක්. මේ පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව නිවැරැදි ලෙස දැනගත යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙන සම්බන්ධතාව සඳහන් කළහොත් වසර 2002 දී මේ ප්‍රදේශය හඳුනාගනු ලැබුවා. එම වගුරු බිම විධිමත්ව සංවර්ධනය කරලා ජල සංරක්ෂණ ප්‍රදේශයක් එක්ක නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට පත් කරන්න රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව නාගරික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ප්‍රකාශයට පත් කරලා2002 වසරේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා දුන්නා. නමුත් කොලොන්නාව නාගරික බල ප්‍රදේශයේත්, කොලොන්නාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේත් කසළ මෙම ස්ථානයට බැහැර කිරීම දිගින් දිගටම සිද්ධ වුණා. 2008 වර්ෂයේ දී අක්කර 02ක පමණ ප්‍රදේශයක පමණයි කුණු දැමීම සිදු වුණේ. නමුත් අද වන විට අක්කර 21 ක් දක්වා පැතිරිලා.

ඒ අනුව කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා මා පරිසර අමාත්‍යවරයාව සිටි කාලයේ පිළිසරු ව්‍යාපාරය හඳුන්වා දෙමින් මිලියන 120 ක් වියදම් කරලා කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදිකරනු ලැබුවත් ඒ සඳහාත් විරෝධතා මතු වුණා.2009 වසරේ සිට කොළඹ නගර සභාවේත් කසළ එම ස්ථානයට බැහැර කිරීම ආරම්භ වුණා.

අධිකරණ නියෝගයකට අනුව මාස 06 කට පමණක් තාවකාලිකව කසළ බැහැර කිරීමට අවසර ලබා දීමත් 2009 සිට ටොන් 600 බැගින් කොළඹ නාගරික බල ප්‍රදේශයේ කසළ ඊට අමතරව කොලොන්නාව නගර සභාව හා ඇතැම් අවස්ථාවල කඩුවෙලෙනුත් මෙම ස්ථානයට කුණු රැගෙන ආවා.  දැන් මෙතන වර්ග මිලියනයක පමණ කසළ තැන්පත් වී තිබෙනවා. එය කුණු කන්දක් සාමාන්‍යයෙන් මීටර් 30 සීමාවට වඩා ඉහළ ගොස් මීටර් 48.5 ක බවට පත් වී, 50% කටත් වඩා වැඩිපුර කසළ ප්‍රමාණයක් බැහැර කිරීම හේතුවෙන් මේ ව්‍යසනයට අඩිතාලම වැටී තිබෙනවා.

සමහරු කියනවා අපි කසළ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ කියලා. එය පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 අගෝස්තු මාසයේයි. එයට මුදල් වෙන් කළේ 2015 අයවැයටයි. එහි විද්‍යාත්මක කසළ බහාලුමක් ඇති කිරීමයි එයින් කරන්න හැදුවේ. නැතුව අද හැදුවා හෙට කුණු දාන්න නොවෙයි එය කළේ. එම වැඩපිළිවෙළ පටන් ගැනීම හොඳයි. ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කරන්න එපා” යනුවෙන් ද ඇමැතිවරයා පවසා සිටියේය.

සංජය ලියනගේ (Sathhanda)

මීතොටමුල්ල නිසා කොළඹම අවධානම්



මීතොටමුල්ල කසළ අංගණය අසලින් ගලායන ඇළමාර්ගයේ විෂ කැලණි ගඟට එක්වීම නිසා මුළු කොළඹ නගරයේ ජනතාවගේ ජිවීතවලට තර්ජනයක් එල්ලවී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය.

මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මීතෙන් වායුව නිසා මීතොටමුල්ල කසළ අංගණයේ පොළව  පුපුරාගිය ආකාරයෙන්ම කරදියාන,මීපේ,ජාඇළකසළ කඳු ආශ්‍රිත භූමියන්ද පුපුරා යෑමට ඉඩ තිබෙන  බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් රවීන්ද්‍ර මුදලිගේ මහතා,

“පරිසරවේදීන් කැලණි ගඟේ ජලයේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද කියලා ගණනය කරද්දී  එම  ජලය ලීටරයකට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය  (බී.ඕ.පී අගය )ඒකක අටක් කියලා ගණනය කරලා තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ඇළ මාර්ගයේ එම අගය 40,000ක් වෙනවා.හිතාගන්නවත් බැරි අපද්‍රව්‍ය ප්‍රමාණයක් එම ඇළ මාර්ගයේ ජලයේ තිබෙනවා. එම ඇළමාර්ගයේ  ජලය කැලණි ගඟට එක්වෙනවා.කැලණි ගඟෙන් ජලය ලබාගන්නා අඹතලේ ඇතුළු කොළඹ නගරයේ ජලසැපයුමට එම විෂ එක්වීම නිසා මුළු කොළඹ නගරයේ සියලුම දෙනාගේ ජීවිතවලට තර්ජනයක් වෙලා තිබෙනවා.

ජපන් විශේෂඥයන් කියනවා මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඉහළ මීතෙන් ප්‍රතිශතයක් තිබෙන බව.කුණු කන්දේ පොළව අභ්‍යන්තරයේ කුහර සකස් වෙලා වායු කුහර තුළඑම මීතෙන් එක්රැස්වෙනවා.එම එක්රැස්වෙන මීතෙන් වායුව සීයයට 16ක ප්‍රතිශතයක් ගන්නවා. සාමාන්‍යයෙන් වායුගෝලයේ මීතෙන් වායුව තිබෙන්නේ සියට එකටත් වඩා අඩුවෙන්. විශේෂඥයන් කිව්වා යම් තැනකමීතෙන් වායු ප්‍රතිශතය සියයට එකයි දශම පහට වැඩි නම් ඒක පුපුරා යන්න හේතුවෙනවා කියලා. ඒනිසා ඕනෑම මෙහොතක මේ භූමිය පුපුරායෑමේ හැකියාවක් තිබෙනවා කියලා විශේෂඥයින් පෙන්වාදී බෙනවා. කරදියාන,දොම්පේ,ජාඇල ඇතුළු ප්‍රදේශවලකසළ දැම්මත් ඒ ප්‍රදේශවල වාර්තා එළි දැක්වුවේ නැහැ. ඒනිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ පසුබිමක් නිර්මාණයවී තිබෙනවා.මීතෙන් වායුව නිසා අභ්‍යන්තරයේ හටගත් සිදුවීම් නිසා තමයි මීතොටමුල්ලේ කන්ද කඩා වැටුණේ.”යැයිද පවසා සිටියේය.

තෙල් නිකුත් කිරීම හෙට නවතියි



ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත 03 සහ ගබඩා 12 තුළ හෙට. (24දා) අලුයම සිට සේවක වැඩවර්ජනයක් සිදුකරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මේ අනුව මෙම කිසිදු ස්ථානයකින් ඉන්ධන නිකුත් නොකරන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකශක බන්දුල සමන්කුමාර මහතා අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ගැන සමීක්ෂණයක්



රාජ්‍ය ආයතන තුළ අකාර්යක්ෂමතාවය සෘණාත්මකව බිද වැටී ඇති අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තිය සමිති සම්මේලනය සමීක්ෂණයක් සිදු කර තිබේ.

එම සමීක්ෂණයට අනුව රාජ්‍ය ආයතනතුළ කාර්යක්ෂමතාව සියයට 74කින් අඩු වී ඇති බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේය.

මෙරට රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සෑහිමකට පත්විය හැක්කේ සියයට 21කට ආසන්න සංඛ්‍යාවක් බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

රාජ්‍ය ආයතන තුළින් සියයට 05ක පමණ ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමක කාර්යක්ෂමතාවයෙන් යුත්ත බව අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේය.

රජයේ වෘත්තිය සමිති සම්මේලනය මඟින් සිදු කරනු ලැබූ මෙම සමීක්ෂණ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදීමට නියමිතය.

සැණකෙළි පවත්වන ඉන්දියාවේ ජනතාවගේ ඉරණම!



ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තරුණයකු සිය සොහොයුරාගේ මළ සිරුර තම පාපැදියේ තබා ගැටගසා ගමට රැගෙන යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබේ.

තම සොහොයුරාගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහළ වෙත පාපැදියෙන් ගෙන යෑමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර උණ බම්බු පාලමකින් එගොඩ වීමට ඇති නිසා ගමට කිසිදු වාහනයකට ගමන් කළ නොහැකි බැවින් සොහොයුරාගේ මළ සිරුර ඔහු තම පාපැදියේ ගැටගසා ඔහු රැගෙන ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඩිම්පල් දාස් නැමති 18 හැවිරිදි තරුණයකු බව පැවසෙන අතර මීට පෙර පුද්ගලයකු තම මිය ගිය බිරිඳගේ සිරුර රෙදිවලින් දවටා කරමතින් ගෙන යාමේ සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩිලෙස කතාබහට ලක්විය.

ඉන්දියාව මේ වනවිට IPL තරගාවලිය අතිවිශාල මුදලක් වැය කරමින් සැණකෙළියක් ආකාරයෙන් පවත්වනු ලැබුවත් බහුතරයක් ජනතාව එදිනෙදා ජීවිතය ගෙවා ගැනීමට නොහැකිව අන්ත දුගී භාවයෙන් පීඩාවිඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති දත්ත මගින්ද තහවුරු වේ.

කලකට පසු කොලඹ කොටස් වෙළදපලේ වර්ධනයක් / අමෙරිකානු ආයෝජන ඉහලට



පසුගිය සමය පුරා දිගින් දිගටම පහත වැටුණු කොලඹ කොටස් වෙළදපල මෙම මාසයේදී යළිත් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිඛෙනවා.

කොලඹ කොටස් වෙළදපල ප්‍රකාශ කළේ මෙම මාසය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය  6.3% කින්ද, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 6.7% කින්ද ඉහළ ගොස් ඇති බවයි.

කොටස් වෙළෙඳ පොළේ මෙම ඉහළ යාමට විශාල ලෙස දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ මිලදී ගැනීම් වීම විශේෂත්වයක්.

මේ වසර තුළ දැනට විදේශීය ආයෝජකයන් ශුද්ධ වශයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ රු.බිලියන 12.2ක් ආයෝජනය කර තිඛෙනවා.

මේ වසර තුළ දැනට විදේශීය ආයෝජකයන් කොටස් මිලදීගත් වටිනාකම කොටස් විකිණූ වටිනාකමට වඩා රු.බිලියන 12.2ක් ලෙස වාර්තා වීමද විශේෂත්වයක්.

වර්ෂ 2008 න් පසුව මුළු පිරිවැටුමට විදේශීය ආයෝජකයන්ගේ දායකත්වය 50% ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වසර තුළ දැනට විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇති විදේශීය ආයෝජන ඇමෙරිකානු කලාපයෙන් පැමිණ ඇති අතර, එම කලාපයෙන් වාර්තා වී ඇති මිලදී ගත් කොටස් වටිනාකම රු.බිලියන 8 ඉක්මවා යාමද විශේෂ තත්ත්වයක් වනවා.

ගුරුවරුන්ට අවුරුදු දීමනාවත් නැති සබරගමු පළාත් සභාවෙන් රට සමුළුවකට කෝටි 50 ක්



මෙවර ගුරුවරුන්ට අවුරුදු අත්තිකාරම් ගෙවීමට මුදල් නොමැති වූ සබරගමුව පළාත් සභාව ජාත්‍යන්තර සම්මේලනයක්‌ සඳහා රුපියල් කෝටි පනහක පමණ මුදලක්‌ වැය කිරීම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්‌ව තිබේ.

තත්ත්ව කව සම්මේලනය නම් මෙම ජාත්‍යන්තර සම්මේලනය සඳහා රටවල් රැසක පාසල් සිසුන් සහභාගි වන අතර ඒ සඳහා ඇඹිලිපිටියේ සුපිරි හෝටලයක්‌ දින දහයකට බදු ගැනීමට පළාත් සභාව කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ සියයක්‌ පමණ වැය කෙරෙන බව පැවසේ.

මෙම සම්මේලනයේ සංවිධාන කටයුතු වෙනුවෙන් පළාතේ අධ්‍යාපන නිලධාරීන් විසි දෙනෙකු පමණ පසුගිය මාසයේ ඉන්දියාවට ගිය අතර ඒ සඳහාද පළාත් සභාව රුපියල් හැට ලක්‌ෂයකට අධික මුදලක්‌ වැය කර ඇතැයි එම පළාත් ආරංචි මාර්ග පැවැසීය.

මෙම වසර සඳහා පාසල්වලට ගුණාත්මක යෙදවුම් අරමුදල් මෙතෙක්‌ ලබාදීමට පළාත් සභාවට හැකිවී නැත. මේ නිසා පාසල්වලට සුළු අවශ්‍යතා පවා සපුරා ගැනීමේ හැකියාවක්‌ නැති බව විදුහල්පතිවරු පවසති. මෙවැනි තත්ත්වයක්‌ තිබියදී ජාත්‍යන්තර සම්මේලනයක්‌ සඳහා රුපියල් කෝටි ගණනක්‌ වැය කරන්නේ ඇයිද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.

සියලුම සිසුන් සා. පෙළ අසමත් පාසල් 131 ක්‌



පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී කිsසිදු ශිෂ්‍යයකු උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 131 ක්‌ වෙයි.

මේ අතරින් වැඩිම පාසල් ඇත්තේ මහනුවර, ගාල්ල හා කෑගල්ල යන අධ්‍යාපන කලාපවල ය. කිසිදු ශිෂ්‍යයකු උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 6 බැගින් වෙයි. කළුතර හා ත්‍රිකුණාමලය උතුර යන කලාපයන්හි පාසල් 5 බැගින් ද, පිළියන්දල, මිනුවන්ගොඩ, කුරුණෑගල හා දෙහිඕවිට යන කලාපයන්හි පාසල් 4 බැගින් ද වෙයි.

පොලිසිය පාට මාරු කරන්න සැරසෙයි



පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ බණ්ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඩුහින්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

පොලිස් නිල ඇඳුම යනු ආභරණයක් නොවන බවද මෙහිදී සඳහන් කෙරුණා. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තරයේ පොලිසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිතා කරන බවත් මෙහිදී සඳහන් කෙරුණා.

කටුමැටි ගසා තනා තිබූ සිය නිවස වර්ෂාවට හසුව කැඞී යාමෙන් හා සැමියාගේ මරණයෙන් අසරණ වූ කාන්තාවකට හා ඇඟේ දියණිය වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවසක් ඔවුන්ට භාරදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

අදාළ නිවස තනා දී තිබුණේ ඇල්ල ප‍්‍රජා පොලිස් ඒකකය විසින්.

මහේලගේ කණ්ඩායමෙන් මාලිංග හැළෙයි



මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි විය. ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කළේය. මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග ප්‍රතිවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වෙනු අයුරු දැකගත හැකිවෙයි.

කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්විය. එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්‍රතිවාදීන් උඳුරා ගත්තේය. මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ක්‍රීිඩා කරයි.

මේ අතර දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ටද ඊයේ තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. තරගය ජයගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් රතු එළියක්



අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබානොදෙන්නේ නම් යළිත් මාරාන්තික උපවාසයක නිරත වන බව අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පවසයි.

වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට 59 වන දිනටත් පවත්වන උපවාසයට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට බල කරමින් පසුගිය මාසයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර රජය ලබාදුන් පොරොන්දුවක් මත එම මාරාන්තික උපවාසය අත්හැරීමට තීරණය කළ බව එම ඥාතීන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් රජය ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුනොවු බැවින් නැවත මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පවසයි.

නිදහස් සන්ධානයේ ස්ථාවරය සමග එජාපයත් ඉන්නවා



රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය අවශ්‍ය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය මාළඹේ පෞද්ගලික. වෛද්‍ය විද්‍යාලය පිහිටුවමින් ප්‍රකාශ කළ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂයද සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තිය සමිතියක් පමණක් බවත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම ඇත්තේ රජයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මෙන්ම වෛද්‍ය සභාවට බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ අනුව පෙන්වා දුන්නේ.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුවත් නොමැති බව ද සඳහන් කළා. ඔවුන් සිදු කරන්නේ විභාග අසමත් වෙමින් සිසුන් නොමග යැවීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වයස අවුරුදු විසිතුන විසිහතර වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කළ යුතු වුවත් ඇතැම් ළමුන්ගේ වයස අවුරුදු 32 ද ඉක්මවා ඇති බවත් සඳහන් කළා.

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්


කසල ගැටළුව විසඳීමට සහය ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව සියලු පාර්ශවවලින් නැවත ඉල්ලීමක් කරනවා.

කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර පෙන්වා දෙන්නේ “කොළඹ කුණු කොළඹ කුණු කියලා මිනිස්සු කෑගහනවා..ඒත් සියලු දෙනා දැනගන්න ඕනේ.. කොළඹ මිනිස්සු ජීවත්වෙන එකෙන් ලැබෙන කසල ප්‍රමාණය ටොන් 200 ක් පමණයි. නමුත් 750 ත් 1000 ත් අතර කසල ප්‍රමාණයක් ඉවත් කරනවා. ඒ ඉවත් කරන්න වෙලා තියෙන්නේ කොළඹ කුණු විතරක් නෙමෙයි. ඒ නිසා මේ තත්ත්වය තේරුම් ගෙන අපිට උදව් කරන්න.” යනුවෙනි.

කසල, දොම්පේ ප‍්‍රදේශයට බැහැර කිරීම නතර කිරීමට කොළඹ මහ නගර සභාව ඊයේ (22) තීරණය කළා. කෙසේ වෙතත් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව පිිළියන්දල කරදියාන ප‍්‍රදේශයටත්, වත්තල බෝපිටිය නුගපේ ප‍්‍රදේශයටත් තවදුරටත් කසල බැහැර කෙරෙනවා.

කරදියාන කසල රැඳවුම ඊයේ ජපානයෙන් පැමිණ සිටින විශේෂ තාක්ෂණික කණ්ඩායමේ ද නිරීක්ෂණයට ලක්වුණා. මීට පෙර මීතොටමුල්ල කසල කන්ද ද ඔවුන් නිරීක්ෂණය කළා.

මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අවතැන් වූවන්ට තවදුරටත් සහන ලබාදෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. තවමත් තාවකාලික කඳවුරක නතර වී සිටින්නන් සඳහා කොළොන්නාව වී ගබඩාව මේ වනවිට යුහුසුළුව පිළිසකර කෙරෙන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් සේනාධීර පැවසුවා.

කෙසේ වෙතත් මෙම වී ගබඩාවේ පදිංචියට යාමට තමන් අකමැති බවයි අවතැන්වූවන් කියා සිටියේ. අවතැන්ව සිටින ජනතාව වෙනත් ස්ථානයක, ස්ථිර නිවාසයක් හෝ ප‍්‍රමාණවත් වන්දියක් ලබාදෙන තෙක් මහල් නිවාසයකට යාමට සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඒ සඳහා ගිවිසුමකට අත්සන් තැබිය යුතු බවයි නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ.

මීතොටමුල්ල කසල කන්ද ආශ‍්‍රිතව අවදානම් ප‍්‍රදේශ කිහිපයක වැසියන්ට ද එම ප‍්‍රදේශවලින් ඉවත්වන ලෙස උපදෙස් දී තිබෙනවා. ඔවුන්ට මාස 03ක් මසකට රුපියල් පනස් දහස බැගින් නිවාස කුළී සඳහා දීමනාවක් ලබාදීමට සහ නිවසේ තිබෙන බඩුබාහිරාදිය රැගෙන යාමට ප‍්‍රවාහන ගාස්තු ලෙස රුපියල් දස දහසක් ලබාදීමට ද යෝජිතයි.

කෙසේ වෙතත් එම ජනතාව ඊට එකඟතාව පළ කරන්නේ නැහැ. ඔවුන් විමසා සිටියේ රුපියල් දස දහසේ ප‍්‍රවාහන දීමනාව ලබාගෙන සිය නිවෙස්වල තිබෙන දේ රැගෙන යන්නේ කොහාටද යන්නයි. මාස 03ක කුළිය පමණක් ලබාදී නිවාස ලබාගැනීමට හැකිදැයිද ඔවුන් විමසා සිටියා.