21 July 2017

ඉන්දීය ජනාධිපති ධුරය රාම් නාත්ට හිමිවෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමෙන් තුනෙක් දෙකක බහුතර ඡන්දයක් ලබා එරට 14 වැනි ජනාධිපතිවරයා බවට රාම් නාත් කෝවින්ද් පත්ව තිබේ.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම ඔහු සමග තරගයට පැමිණි කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාරි ද පීඩිත දාලිත් ජනවර්ගයෙන් පැවතෙන්නෙකි.

ඉන්දීය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මහජන ඡන්දයෙන් නොව, එරට මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවෙයි.

මෙම ජයග්‍රහණයත් සමග රාම් නාත් එලඹෙන ජූලි 25 වැනිදා එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර ඇත.

No comments:

Post a Comment