06 June 2017

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක නොකිරීමට බාධාව ජනපතිද ?

ජායාරූපය: ජනාධිපති සිරිසේනට මේ මව්වරුන්ගේ දුක නොදැනේනනේ මන්ද? අතුරුදහන්වු සිය දරුවන් ගැන තැවෙන මවගේ  ජයාරෑපය විකල්ප අනුග්‍රහයෙනි.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහ නිදහසේ වේදිකාව විසිනි.

2015 සැප්තැම්බරයේ, ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ශ්‍රි ලංකාව එකඟවූ සංහිඳියා වැඩ පිළිවෙලේ එක් අංගයක් වූ “අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” පනත 2016 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒකාබද්ධ විපක්ෂ නඩයේ බලවත් විරෝධතාව මධ්‍යයේ ඒකමතිකව සම්මත කර ගැනීමට යහපාලන ආණ්ඩුවට ධෛර්යය සහ ශක්තිය තිබුණි. ඒ පිළිබඳව යහපාලන රජයට අපගේ ගෞරවය හා අවංක ස්තූතිය පුද කරමු. නමුත් පනත 2016 අගෝස්තු 23 වන දින සම්මත වී මාස 08 ක් පමණ ගතවී තිබියදීත්, එය ක්‍රියාත්මක නොවන්නේ ජනාධිපති මහතා විසින් පනතේ බලතල කිසියම් අමාත්‍යවරයකුට මෙතෙක් නොපැවරීම නිසාමය.

ජනාධිපති මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුනේ මෙම ප්‍රමාදයට හේතුව, තවත් අවශ්‍ය සංශෝධනයක් එම පනතට ගෙන ඒමට ඇති අවශ්‍යතාවය නිසා බවත්, එම සංශෝධනය ඉක්මනින් ඉදිරිපත් කර, සම්මත කර, එම කාර්යාලය ක්‍රියාත්මක කිරීම ඉක්මන් කිරීමට, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බවත්ය.

මෙම සංශෝධන ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණෙනි. එයට දැන් අමාත්‍ය මණ්ඩලයේදී එකඟතාව පළවී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පමණක් ඉතිරිව ඇත.

මෙම පනතට අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීමට සිදුවන ප්‍රමාදය මෙම සංශෝධනය සම්මත නොවීම නිසා බවට කෙරෙන ප්‍රකාශ අපි තරයේ ප්‍රතික්‍ෂේප කරමු. ඔහු පවා මෙම මතය ප්‍රතික්‍ෂේප කර ඇත. පාර්ලිමේන්තුවේ පනතක් සම්මතවූ පසු ඕනෑම අවස්ථාවකදී සංශෝධන ගෙන ඒමට හැකිය. සංශෝධනයන් ගෙන එනවායැයි කියමින් පනත ක්‍රියාත්මක කරවීම ප්‍රමාද කිරීම කිසිසේත් සාධාරණ හෝ යුක්ති සහගත නොවේ. තවද පනත ක්‍රියාත්මක කරවීමට මෙම සංශෝධනය ඉතාමත් අත්‍යාවශ්‍ය නම් කාලය නොගෙන අමාත්‍ය මණ්ඩලයේදී එකඟතාවය පල වූ මෙම සංශෝධනය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර, පනතේ බලතල ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් අප දකින්නේ නැහැ.

මෙම තර්කය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම කල්දැමීම සදහා කෙරෙන උප්පරවැට්ටියක් මිස වෙන කිසිවක් නම් නොවේ.

තවද පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතක්, ක්‍රියාත්මක කිරීම ජනාධිපති නිසා ප්‍රමාද වෙන්නේ නම්, එසේ කිරීමට ජනාධිපතිට කිසිදු නීත්‍යානූකූල හෝ සදාචාරාත්මක බලයක් නැත. එය විධායක බලය අවභාවිතයකි. මෙය පාර්ලිමේන්තු බලය අභිබවා යෑමකි. ජනවාරි 08 පොරොන්දු වලට පටහැනිය. ජනාධිපති ධුරයේ විධායක බලතල, 19 වන සංශෝධනය හරහා කප්පාදු කිරීමට අවංකව ක්‍රියා කළ වර්තමාන ජනාධිපතිගෙන් මෙවැන්නක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

මෙම ප්‍රමාදය එක්කෝ ජාතිවාදීන්ට ඇති බිය නිසා සිදුවන්නකි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිවාදී නඩය මෙම පනතට විරුද්ධව දැනටමත් යුද්ධ ප්‍රකාශයට පත්කර ඇත. මහින්දගේ ජාතිවාදයට විරුද්ධව, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඉදිරිපත්වූ බහුතරය තවමත් ජනාධිපති මහතා සමඟ බව ජනාධිපති මහතා අමතක නොකල යුතුව ඇත.

අනික් පැත්තෙන් මේ ප්‍රමාදය සිදුවන්නේ හමුදාව පැත්තෙන් මතුවන බලපෑම් මත නම් හමුදාවේ හොඳ නම රැකිය හැක්කේ වෙන කිසිම ක්‍රමයකින් නොව සිදුවූ සිදුවීම් පිළිබඳ සත්‍යය හෙළිකර නීති විරෝධීව හා තම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඝාතන, අතුරුදහන් කරවීම් සිදුකළ අතලොස්ස හෙළිදරව්කර නැවත මෙවැනි දේ සිදුවීමට ඇති ඉඩ ඇහිරීමෙනි.

කුමන අඩුපාඩු හෝ විවේචන මෙම පනතට විරුද්ධව එල්ල වුවත්, 88 – 89 භීෂණයට ගොදුරුවූවන් වේවා, යුද සමයේදී සහ යුද්ධය අවසන් වූ පසු විවිධාකාරයෙන් අතුරුදහන් කළ අය වේවා, රජයේ ඉල්ලීම පරිදි යටත්වූවන්, තවමත් අවශ්‍ය අවධානය යොමු නොවන උතුරු – නැගෙනහිර මාධ්‍යවේදීන් වැනි අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සත්‍යය ( යුක්තිය නොවේ ) දැනගැනීමට දැනට යෝජිත එකම යාන්ත්‍රණය මෙය වේ. එයද සම්මත වී ක්‍රියාත්මක වීම මෙසේ ප්‍රමාද කරන්නේ නම්, රජයේ සංහිඳියා වැඩ පිළිවෙල පිළිබඳ කුමන කථාද? සන්නද්ධ හමුදාවල අතුරුදහන්වීම් සෙවීමට ඇති එකම කාර්යංශයත් මෙය පමණක් බව, ජනපති අමතක නොකළ යුතුය.

ජනාධිපති මහතාට අනූව පණත ක්‍රියාත්මක කිරිමට අත්‍යාවශ්‍යයයි ප්‍රකාශ කළ සංශෝධනය ජූනි මස 07 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත බව දැන ගැනීමට ලැබී තිබේ. එම සංශෝධනය සම්මත වූ පසුව එම බලතල අමාත්‍යවරයෙකුට පවරා පනත ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකිය. ඒ සඳහා ජනාධිපති මහතා කොපමණ කල් ගන්නේදැයි අපි බලා සිටින්නෙමු.

ජනපතිට නැසෙන උතුරේ හඩ. ජයාරෑපය @shalin

ජනාධිපති මහතාණෙනි,

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ යතුර දැන් ඔබ අතේය. ප්‍රමාදය සදහා ඇඟිල්ල දිගු වන්නේ ඔබට මිස වෙන කිසිවකුට නොවේ.

මහින්ද රාජපක්ෂ පරදවා මහත් බලාපොරොත්තු සහිතව ජනවාරි 08 අප පත්කල ජනාධිපති ලෙස සහ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ඔබ අභීතව ක්‍රියාත්ම කල බොහෝ දේ පිලිබඳව අපගේ අවංක ස්තූතිය පුදකරන අතර මෙම කාරණයේදීද, තවමත් ඔබ බහුතරයේ බලාපොරොත්තුව වන මෛත්‍රී බව ඔප්පු කරන්න.
“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත” කල් නොයවා ක්‍රියාත්මක කරන්න.



ලක්ෂ 28 ක වියදමින් ගංවතුර සහනාධාර බෙදන නිලධාරීන්ට ටීෂර්ට් අන්දවයි

රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින් “ස්වදේශ සේවා“ යනුවෙන් ටීෂර්ට් සහ බෑග් මුද්‍රණය කර ගංවතුර සහනාධාර බොදැහැරීමේ නිලධාරින්ට ඇන්දවීම වහාම නවත්වන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව එම ගිපියේ දැක්වෙයි. මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇති බව මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

උපුල් තරංගට ICC ය පැනවූ තරග තහනමට හේතු වූ වගකිව යුත්තා ගැන හෙළි වෙයි

ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ උපුල් තරංගට තරග දෙකක තහනමක් පැනවීම සම්බන්ධයෙන් කි‍්‍රකට් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් වගකිවයුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

ඉකුත්දා දකුණු අපි‍්‍රකාව සමග පැවති තරගයේදි පන්දු යැවීම සඳහා ශී‍්‍ර ලංකා පිල වැඩි කාලයක් ලබාගෙන තිබුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ උපුල් තරංගට තරග දෙකක තහනමක් සහ සෙසු කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 60 ක දඩයක් නියම කිරීමට අයි සී සී ය පියවර ගත්තා.

පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් එම අවස්ථාවේ කි‍්‍රයාකළ ආකාරය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි තිලංග සුමතිපාල කියා සිටියේ.

ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරග දෙක පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය සමගයි.

ඊට උපුල් තරංගගේ දායකත්වය නොලැබීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට දැඩි පාඩුවක් බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල පෙන්වා දෙන්නේ.



කටාර් සල්ලි මාරු කරයි – ලාංකියන්ට ගැටළුවක් නෑ


කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති තත්වය හේතුවෙන් එරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට කිසිදු ගැටළුවක් මතුව නොමැති බව අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

තානාපති කාර්යාල මට්ටමින් එම තත්වය පිළිබඳ අඛණ්ඩව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.

කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපලේ අද උදෑසන පැවති තත්වය විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍ය තලතා අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළා.

අද උදේ කටුනායක ගුවන්තොටුපළේ කටාර් රියාල් මාරු කරන්නේ නෑ කියලා සාවද්‍ය මතයක් ගෙනගොස් තිබෙනවා. යම් යම් පුද්ගලයන්ගේ වුවමනාවටයි බැංකු කටයුතු අඩාල වෙලා තියෙන්නේ. මහ බැංකුව කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධව තීරණයක් නොගත්ත බවයි ඇය පැවසුවේ. කුමක් හෝ ගැටලුවක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසත් ඇය දන්වා සිටියා.

——————————————————————

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ .

වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .

රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.

පෞද්ගලික විදේශ මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්‍

කටාර් අර්බුදයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි


කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන අර්බුදයෙන් මෙරටට ඍජු බලපෑමක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

දැනට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් 6ක් කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තීරණය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සබදතා අත්හැරීම පිළිබදව කණගාටුව පළ කරන බවයි. 

එමෙන්ම තම පුරවැසියන් ඇතුළු රටේ සියලු පුද්ගලයන්ගේ සාමාන්‍ය ජන ජීවිතය වෙනසකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි කටාර් විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

කටාර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් රැකියාවල නිරත වනවා.

කෙසේ වෙතත්, මෙමගින් රටට හෝ ශ්‍රී ලාංකිකයෙකුට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.

විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට z score අද අන්තර්ජාලයට

2016/ 2017 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා වන අවම ඉසෙඞ් ලකුණු අද අන්තර්ජාලයට මුදා හැරුණා.

ඒ අනව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk පිවිසීමෙන් එම තොරතුරු ලබාගත හැකියි.

නම ගහල කෙසෙල් බෙදුවෙ නෑ – ගයන්ත CID යයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඡායාරූපය සහිතව ආපදා සහන වැකි යොදා ඇති ලේබලයක් සහිත කෙසෙල් ගෙඩි හතරකින් යුතු පාර්සලයක ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම පිළිබඳව රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රහස් පොලීසිය මගින් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (05දා) රහස් පොලීසියට සිදුකරන ලද ලිඛිත පැමිණිල්ලකින් පසුවය.

සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ කෙසෙල්ගෙඩි බෙදීමේ කටයුත්තක් තමා සිදු නොකළ බවත්, එය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් බවත් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් තමා රහස් පොලීසියට ලිඛිතව පැමිණිල්ලක් කළ බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 'අද' ට පැවසීය.

මෙම ව්‍යාජ ලේබලය හා පාර්සලය නිසා තමාගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව ඇති බවත් මේ නිසා මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ පවත්වා වරදකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍යවරයා රහස් පොලීසියට ලිඛිතව පැමිණිලි කර තිබේ. එමෙන්ම මේ පිළිබඳව සොයා බලන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම තමා මේ දිනවල ගාල්ලේ  ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ආධාර බෙදීමට කටයුතු කළ අතර, රුපියල් 1500 වඩා වැඩි සහනාධාර පාර්සලයක් ලබාදීමට කටයුතු කළ බවද කෙසෙල් ගෙඩි පෙන්නා ගාල්ලේ ජනතාවගෙන් ඡන්දය ලබාගත නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පවුලේ ප්‍රශ්නයට රට වෙනුවෙන් ලද පදක්කම වෙන්දේසි කිරීම සාධාරණද..?

ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ආර්ථික ගැටලු හේතුවෙන් තම ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක්‌ කලක්‌ ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය පවසයි.

සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“එදා මම ක්‍රීඩා කරන කාලයේත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විවිධ බලපෑම් ආවා. ඒත් මම ඒවාට නොසැලී කටයුතු කළා. අදත් මට ඒ අමාත්‍යාංශයෙන් බලපෑම් එනවා. උපදේශිකාවක්‌ හැටියට මම මගේ යුතුකම් හරියට ඉටු කළා. දැන් මගේ වැටුපත් කපා දාලා. මේවා අසාධාරණයි. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ඒ අයවත් මම ජීවත් කරවන්න ඕනෑ. ඒ නිසා මම තීරණයක්‌ ගත්තා. මගේ ඔලිම්පික්‌ පදක්‌කම විකුණලා හරි සල්ලි හොයාගන්න”

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන දෙමින් 2000 වසරේදී ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි ඔලිම්පික්‌ තරගාවලියේදී සුසන්තිකා ලෝකඩ පදක්‌කමක්‌ දිනාගත් අතර එහිදී රන් පදක්‌කම දිනූ මේරියන්ස්‌ ජෝන්ස්‌ ක්‍රීඩිකාවට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව සනාථ වූ නිසා සුසන්තිකා හට රිදී පදක්‌කම පිරිනමනු ලැබුවාය.

රටේ ජනතාව අප ඇසීමට ඇත්තේ, රජයෙන් මසකට රුපියල් 60,000 ක වැටුපක් පවා ගෙවද්දී, සුසන්තිකා පවුලේ ප්‍රශ්නයට රට වෙනුවෙන් ලද පදක්කම වෙන්දේසි කිරීම සාධාරණද..? යන්නයි.

Google Street View ලොව පුරා ගමන් කිරීමේදී කැමරාවට හසු වූ අමුතු ඡායාරූප | PHOTO

Google Street View කියන්නේ අපි කවුරුත් දන්න දෙයක්නේ. පසුගිය මාස කිහිපයේදී Google Street View ලංකාව තුලත් ක්‍රියාත්මක වුනා. මේ තාක්ෂණය දැන් ලොවපුරා විහිදි ගොස් අවසන්.

Google ආයතනය Street View තාක්ෂණයෙන් දැනට වසර 10 ක සිට ලොව පුරා ඡායාරූප මිලියන ගණනක් ගෙන ඇත. මේ විදියට ඔවුන් ඡායාරූප ගනිමින් ලොව පුරා ඇති මාර්ගවල ගමන් කිරිමේදී ඔවුන්ගේ කැමරාවට හසුවු විවිධ ආකාරයේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට එකතුවී තිබෙනවා.

එම ඡායාරූප පහතින්….

A forest fire


A BBQ gone wrong

A flooded pier

A frozen landscape

Identical twins taking a walk along a river

A car in a ditch

A monkey chilling out on a wall

An escaped convict on the run?

Someone giving birth!

A naked man in the boot of a car?

A bird drops a present on the StreetView camera

A bus teetering on the edge of a bridge

A house that’s been decorated with loo rolls

A penny farthing with a penguin trailor

People in Halloween fancy dress

A stag out for a run

A tiger roaming free across a car park

Baboons chilling in a natural spa

A weird laser experiment

A man takes a shot at the StreetView car in Columbia

A seagull with a snack comes in to land

A kid crashing into a wall on his bike

The road to hell

The Butterfly Effect

A kid holds a gun to a man’s head

The moment a kid falls off her skateboard

The cast of Wayne’s World?

A man chasing a bear with a club

A man stuck in a bin

An alien taking in some rays

A masked man lurking in the bushes


ඡන්ද දායකයින් ලියාපදිංචිය වාර්ෂිකව අඩුවීමක්

දිවයින පුරා ඡන්ද දායකයන්ගේ ලියාපදිංචිවීම වසරින් වසර අඩුවෙමින් පවතින බව මැතිවරණ දෙපාර්තමේන්තුව  පවසයි. මෙම වසරේද එහි පසුගාමී තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේද මේ තත්ත්වය කැපී පෙනෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි. මෙයට පිළියමක් වශයෙන් ජනතාව ඡන්ද ලියාංපදිංචිය සඳහා උනන්දු කරවීමේ අරමුණින් ආරම්භ කළ වැඩසටහන් මාලාවක්  (05) උදෑසන  බදුල්ලෙන් ආරම්භ කෙරුණි.

“ඡන්දය ඔබේ අයිතියකි . එයටත් වඩා ඔබේ වගකීමකි” මැයෙන් නම් කර ඇති මෙම වැඩසටහනේදී ජනතාව දැනුවත් කිරීම සඳහා මහජන අත්සත් ලබාගැනීමේ හා අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.‍

එළිපිටම ලිංගිකත්වය ගැන කතා කරන ‘28′ ගැන ප්‍රසන්න ජයකොඩි කියන කතාව | VIDEO


ප්‍රතිභාපූර්ණ තරුණ සිනමාකරුවකු වන ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි සිනමා අත්දැකීම 28 මේ වනවිට ලාංකීය ප්‍රේක්‌ෂක වින්දනයට මුදාහැර තිබෙනවා. 28 හරහා ප්‍රසන්න ලාංකීය සමාජ වපසරියෙහි විවෘත කතාබහකට නොඑළැඹෙන ලිංගිකත්වය තුළ පවතින අව්‍යාජත්වය හිංසනය හා කාන්තාවගේ පීඩනයන් පිළිබඳ විවෘත කතාබහකට එළැඹෙනවා. මියගිය ගැහැනියක ප්‍රධාන චරිතය ලෙස ගැනෙන මෙම චිත්‍රපටය අකෘතිකමය සිනමා අත්හදා බැලීමක්‌ වන අතරම ලාංකීය සමාජය අනිවාර්යෙන් දැකගත යුතු සිනමාපටයක්‌ ලෙස 28 හඳුන්වාදිය හැකියි. මෙම නිර්මාණය පිළිබඳ එහි නිර්මාණාත්මක හිමිකරු වන ප්‍රසන්න ජයකොඩි සමග මීවිත පැවැත්වූ කතාබහයි මේ.

ප්‍රසන්න ඔබගේ 28 හරහා කරන සිනමාත්මක වෙනස්‌කම් මොනවද ?

මම කරපු අනිත් චිත්‍රපටවලට වඩා 28 වෙනස්‌ අත්දැකීමක්‌ කරා ගිය නිර්මාණයක්‌. මෙය ලංකාවේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්විය යුතුම කතාවක්‌ විදිහටයි මම දකින්නේ. ලාංකීය සමාජය තුළ තවමත් විවෘතව කතා නොකරන ප්‍රශ්නයක්‌ වන ලිංගිකත්වය කෙරෙහි පවතින විචිකිච්ඡාව බය හා පවතින අර්බුද කාන්තා හිංසනය හා ව්‍යාජත්වය අනාවරණය කරනවා. ලිංගිකත්වය පිළිබඳ අප විසින්ම හදාගත්ත සීමා මායිම් හේතුවෙන් අපි අතරම තියෙන අපිම කතා නොකරන ප්‍රශ්න ටික අපේම චරිත ඇසුරෙන් කතා කරන්න පුළුවන් තැනක ඉඳන් හැම කෙනෙක්‌ එක්‌කම ගනුදෙනුවක යෙදෙන්නයි මම මේ නිර්මාණය තුළින් වෑයම් කරන්නේ.

පොදුවේ සියලුම තලයන්වල හිඳිsන සිනමාව රස විඳින ප්‍රේක්‌ෂකයාටද ඔබ පිළිගන්වන්නේ ?

පැහැදිලිවම. මෙම නිර්මාණය තල තුනක්‌ තුළ දිගහැරෙනවා. නමුත් චිත්‍රපටයේ සමස්‌තයම කැටි කරගන්න බැරි කෙනාටත් ගොනුකරගන්න දෙයක්‌ මෙහි තියෙනවා. අපි කතා කරන ප්‍රශ්නය හැමෝටම දැනෙන දෙයක්‌. හැමෝගෙම බුද්ධි මට්‌ටම තුළ ගනුදෙනුවක්‌ කරන්න පුළුවන් තැනකයි මේ නිර්මාණය තියෙන්නේ. මොකද එහෙම විඳගන්න බැරි වුණොත් මෙම වෑයමෙහි ප්‍රතිඵලයක්‌ නොවන නිසා. ලිංගිකත්වය කියන්නෙ කුණුහරුපයක්‌ හෝ විකෘතියක්‌ නෙවෙයි. මෙය ලෝකයේ පැවැත්ම වෙනුවෙන් සකස්‌ වීවී ඇති ක්‍රියාදාමය කියන යථාර්ථයේ ප්‍රේක්‌ෂකයාට පසිඳවීමයි මෙහිදී කෙරෙන්නේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සුද්දි මළමිනියක්‌ විදිහටයි නිර්මාණයේ අප දකින්නේ ?

මළමිනියක්‌ වුණාට එය චරිතයක්‌ ලෙසයි නිර්මාණය තුළ විකාශනය වෙන්නේ. සමාජ සංස්‌කෘතික වටපිටාව විසින් වසා තියෙන කාන්තාවගේ කට සුද්දි නමැති චරිතය විසින් විවර කරනවා. ඇය කියන්නේ අපේ රටේ ඇත්ත කතා කරන්න නම් පණ තියෙන ගැහැනියකට බැහැ කියන එකයි. මෙම කාන්තා චරිතය එක්‌තරා ගැහැනියක්‌ නෙවෙයි අපේ රටේ ජීවත්වන සමස්‌ත කාන්තාවගේ ඇතුළාන්තයයි නියෝජනය කරනු ලබන්නේ.

මෙම චිත්‍රපටයේ ආකෘතිය පවතින සම්ප්‍රදායෙන් එහාට රැගෙන යන්න උත්සාහ කරන අවස්‌ථාවක්‌ නේද ?

ආකෘතියේ වෙනසක්‌ තියෙනවා. ගමනක්‌ යන අතරෙයි සමස්‌ත කතාවම දිගහැරෙන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටයේ තියෙන්නේ චරිත තුනයි. එයින් ප්‍රධාන කාන්තා චරිතය මියගිය ගැහැණියක්‌.

ප්‍රදර්ශනය වන බවට පූර්ව ප්‍රකාශ නිකුත් වී වසරකට පසුවයි අප මෙය දකින්නේ. මේ තත්ත්වයට බලපෑ හේතු මොනවාද ?

චිත්‍රපට කරනවාට වඩා එම නිර්මාණය ප්‍රේක්‌ෂකයන් අතරට ගෙනයනවා කියන එක අසීරු දෙයක්‌ බවට පත්වෙලා. මේ දවස්‌වල චිත්‍රපට හැදෙන ප්‍රමාණයට අනුව මේ පවතින ප්‍රදර්ශන ආකෘතිය ඇතුළේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්නන්නේ කොහොමද කියන එක විශාල ගැටලුවක්‌. මම මේ චිත්‍රපටය හදල අවුරුදු හතරක්‌ වෙනවා ප්‍රදර්ශන මණ්‌ඩල අනුමැතිය ලැබිලා. ප්‍රදර්ශනයට නියමිත වෙලා තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්‌ථාව ලැබෙන්නේ ඊටත් වසරකට පස්‌සේ. අවුරුදු හතරක්‌ චිත්‍රපටය පරණ වෙනවා කියන්නේ ප්‍රේක්‌ෂකයාට මෙන්ම නිර්මාණකරුවාටත් සිදුවන අසාධාරණයක්‌. ඕනෑම දෙයක්‌ කාලීනයි. නිර්මාණකරුවාගේ ගමනේදී ඔහුට එම ප්‍රකාශනය කරන්න ඕනෑ අවස්‌ථාවයි එය ප්‍රේක්‌ෂකයා දකින අවස්‌ථාවයි අතර ලොකු කාල පරතරයක්‌ නිර්මාණය වෙලා. මෙය යහපත් තත්ත්වයක්‌ නෙවෙයි.

ලංකාවේ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය විම කෙරෙහි සකස්‌ වී තිබෙන යාන්ත්‍රණය හා නීතිරීතිවල ගැටලූ ඇති බවද ඔබ පවසන්නේ ?

දැනට ඇත්තටම හරි ක්‍රමවේදයක්‌ අපි දකින්නේ නැහැ. ලංකාවේ කොතරම් ක්‍රමවේද හා නීති රීති තිබුණත් ඒවා අභිබවා වෙනස්‌කම් සිදු වෙනවා.

මෙම සිනමා පටය ජාත්‍යන්තරයේදී ඇගයීමට ලක්‌වුණා නේද ?

මෙය ජාත්‍යන්තර සම්මාන බලාපොරොත්තුවෙන් කළ නිර්මාණයක්‌ නෙවෙයි. විශේෂයෙන්ම මගේ අරමුණ වුණේ ලාංකීය ප්‍රේක්‌ෂකයන්. නමුත් අපි ජාත්‍යන්තර සිනමා උළෙලවල්වලටත් ගියා.