06 June 2017

කටාර් සල්ලි මාරු කරයි – ලාංකියන්ට ගැටළුවක් නෑ


කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති තත්වය හේතුවෙන් එරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට කිසිදු ගැටළුවක් මතුව නොමැති බව අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

තානාපති කාර්යාල මට්ටමින් එම තත්වය පිළිබඳ අඛණ්ඩව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.

කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපලේ අද උදෑසන පැවති තත්වය විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍ය තලතා අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළා.

අද උදේ කටුනායක ගුවන්තොටුපළේ කටාර් රියාල් මාරු කරන්නේ නෑ කියලා සාවද්‍ය මතයක් ගෙනගොස් තිබෙනවා. යම් යම් පුද්ගලයන්ගේ වුවමනාවටයි බැංකු කටයුතු අඩාල වෙලා තියෙන්නේ. මහ බැංකුව කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධව තීරණයක් නොගත්ත බවයි ඇය පැවසුවේ. කුමක් හෝ ගැටලුවක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසත් ඇය දන්වා සිටියා.

——————————————————————

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ .

වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .

රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.

පෞද්ගලික විදේශ මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්‍

No comments:

Post a Comment