24 June 2017

ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය

ජායාරූපය: උද්ඝෝසණයේ යෙදෙන සිසුන් සහ පොලිස එස්ටීෆ් අතර  හුවමාරුවක!  Credit- Sudam Gunasinghe/DN.
සයිටම් විරෝධය පෙරටු කරගත් තවත් එක් උද්ඝෝෂණයක් බලහත්කාරී අත්පත් කරගැනීමක් දක්වා යොමුකර තිබේ. ඊයේ ඔවුන් විසින් ඒ ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරගෙන තිබූ විරෝධතා පාගමනක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අත්පත් කරගෙන පැය තුනකට අධික කාලයක් එහි ආධිපත්‍යය දරා තිබේ.

එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ රුපියල් කෝට් ගණනාවක රටේ පොදු දේපළ විනාශ වීම හා එකී දේපළ විනාශයට තුඩු දුන් විශ්වවිද්‍යාල සිසුන්ගේ බලහත්කාරී ග්‍රහණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදාගැනීම සඳහා පොලිසිය යෙදවීමට සිදුවීමය. එහි අනිවාර්ය ප්‍රථිඵලය වී ඇත්තේ සිසුන් ගණනාවක් මෙන්ම පොලිස් නිලධාරීන් ගණනාවක් ද තුවාල ලැබීමය. විද්‍යුත් මාධ්‍ය නාලිකා වල ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයන්හි මෙන්ම අද දවසේ පළවූ සියලුම මුද්‍රිත මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට මෙම සිදුවීම පත්වන්නේ ඒ අනුවය. එහිදී රටේ ජනමාධ්‍යයන් හි ආසන්න අවධානය යොමුවන්නේ අදාළ සිදුවීමේ ස්වභාවය හා එහි ආසන්න ප්‍රථිඵල වෙතටය. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ පාගමන බලහත්කාරී අත්පත් කරගැනීම, එම ආධිපත්‍යයයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මුදාගැනීම සඳහා සිදුකළ පොලිස් මෙහෙයුම මෙන්ම එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ දෙපාර්ශවයටම සිදුවූ තුවාල වැනි කරුණු පිළිබඳව පමණක් අවධානයක් යොමුවීම ස්වභාවිකය. එහිදී බොහෝවිට හේතුඵල සබඳතාවය පිළිබඳව දක්වන අවධානය අතිශයින්ම සීමිතය.

ඒ අනුව සිසුන්ගේ ආවේගකාරීත්වය, රාජ්‍ය ආයතනයක් බලහත්කාරී ලෙස අත්පත් කරගැනීම, පොලිසිය විසින් සිදුකළ බැටන් ප්‍රහාරය වැනි රූප රාමු හා ඡායාරූප වලින් අප රටේ ජනමාධ්‍ය පිරීයාම නොවැළැක්විය හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙවැනි සංකීර්ණ ආවේගාත්මක අවස්ථා ආවරණය කිරීමේදී ජනමාධ්‍යයන්ට පවා බොහෝවිට හේතුවේ මූලය මඟහැරී යාමය. එසේත් නැත්නම් සිදුවීමකට තුඩුදිය හැකි එහි මූල බීජයන් හා ඒ තුළ පවත්නා දේශපාලන අරමුණු යටපත් වී යාමය.

අනේ හාමුදුවනේ! Credit- Sanka Vidanagama.
ඉතා පැහැදිළිවම පෙනීයන පරිදි ඊයේ පැවති විරෝධයට එක්වූ සිසුන්ට බැටන් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන්නේ බලහත්කාරී ලෙස ඔවුන් විසින් අත්පත් කරගෙන සිටි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන් මුදාගැනීම සඳහාය. ඒ වනවිටත් සිසුන්ගේ අති ධාවනකාරී හා වගකීමකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ නවතා තිබූ රථවාහන බොහොමයකට හා අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මෙන්ම එහි වූ බඩුභාණ්ඩ වලට සිදුකර ඇති හානිය තුළ කෝටි ගණනක රාජ්‍ය දේපළ විනාශ වි තිබේ. එවැනි පසුබිමක පොලිසියේ මැදිහත්වීම නොවන්නට සිදුවන්නට හැකිව තිබූ අලාභය තවත් බොහෝ සේ වැඩිවීමට ඉඩකඩ නොතිබුණා ද නොවේ. එයට අමතරව රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට පැවරී ඇති වගකීමට අමතරව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම සළකා බැලීමේදී පොලිසිය එම අවස්ථාවේදී සිදුකළ මැදිහත්වීම අතිශයින්ම ස්වභාවිකය. ඒ සමගම එහිදී ඔවුන් මුදාහළ බලය ප්‍රතික්‍රියාවන්ට සාපේක්ෂව අවම වූ බවද පැහැදිළිය. එසේ නොවන්නට දෙපාර්ශවයටම කෙසේ වෙතත් සිද්ධියට මූලික වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඇතිවීමට ඉඩතිබූ ප්‍රථිඵලය ඊට බොහෝ සෙයින් වෙනස්වීමට ද ඉඩතිබුණි.

එය වෙනම තත්වයකි. ඒ සමගම රටක පුරවැසියන් ලෙස මෙහිදී අවධානය යොමුකළයුතුව ඇත්තේ ප්‍රශ්නයේ මූලය වෙතය. ඒ අනුව පැහැදිළි වන්නේ රටේ උසස් අධ්‍යාපනයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තියට මේ රටේ යම් සීමිත පිරිසක් එකඟත්වයක් නොදැක්වීම තුළ තවත් කණ්ඩායම් කිහිපයක් එම තත්වය ආණ්ඩු විරෝධි රැල්ලක් නිර්මාණය කරගැනීම සඳහා උපයෝගී කරගනිමින් සිටින බවය. ඒ අනුව මේ විරෝධය මෙහෙයවන එක් කොටසක් රටට හා නූතන ලෝකයට අදාළව සැලකීමේදී කිසිසේත්ම ප්‍රායෝගික නොවන මනෝරාජික දේශපාලන සංකල්ප හිස මත තබාගෙන කටයුතු කරන අතරතුර ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි අවස්ථාවාදී බලලෝභි දේශපාලන ව්‍යාපාරයන් හා සංවිධානයන් එම විරෝධය පෙරට දමා ආණ්ඩු විරෝධි බලවේග මුළු ගැන්වීම සඳහා මාන බලන බව පැහැදිළිය.


එය තවදුරටත් පැහැදිළි කළහැක්කේ මෙසේය. සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහි වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඒ පිළිබඳව වන අවබෝධය කෙසේවෙතත් ඔවුන් පසුපස සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ අරගලය මුවහත් කරන්නේ ඔවුන්ගේ මනෝරාජික දේශපාලන සිහිනය තුළ ඇත්ත වශයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉඩක් නැති නිසාය. නූතන දේශපාලන හා ආර්ථික ලෝක වටාපිටාව තුළ එය කොතරම් ප්‍රායෝගික නොවන ආතාර්කික දැක්මක් වියහැකි වුවත් එය ඔවුන් දකින ආකාරය බව අප පිළිගත යුතුය. එහෙත් ඔවුන්ගේ ඒ සිහින අරමුණ පෙරමුණට ගනිමින් ඊට මුවා වී මේ පෙරහැරට එක්වන තවත් කණ්ඩායම් දෙකක් දැකිය හැකිය. ඒ ඒකාබද්ධ විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් අද මතුපිටින් ප්‍රදර්ශනය කරන සටන්පාඨ කෙසේවෙතත් ඇතුළාන්තයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වී නැති පිරිසක් බව ඉතා පැහැදිළිය. මේ රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැඹුරින්ම ස්ථාපිත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා ඊට සහය දුන්නේ ඒ සඳහා ඔවුන්ගේ ද එකඟත්වයක් ඇති නිසාය.

එහෙත් අද මේ දෙපාර්ශවයේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන අන්තවාදීත්වයට හා සටන්පාඨයන්ට මුවා වී අද වනවිට රට කළඹන්නට උත්සාහ කරන්නේ පොල්පොට් පන්නයේ මිලේච්ඡ කොමියුනිස්ට් පාලනයක් තුළ පුද්ගලික දේපළ හා ව්‍යවසාය තහනම් කරන්නට නොවේ. එහෙත් එවැනි සටන්පාඨ තුළ රට අවුල් සහගත තත්වයකට ඇද දමා දේශපාලනික වශයෙන් අරාජික තත්වයක් ඇති කරන්නටය. ඒ මත මේ රටේ දේශපාලන බලය එක් පවුලකට අත්පත් කර දෙන්නට ඔවුන් දත මදිමින් සිටින බවනම් ඉතා පැහැදිළි වේ.

ඒ අනුව මේ සයිටම් විරෝධය පෙරට ගනිමින් අද වනවිට රට ඉදිරියේ සිටින්නේ ඔඑ දෙකේ බූරුවෙකි. විෂ ගොබ සහිත පෙන දෙකකින් යුත් දෙපත් නාගයෙකි.

| සුනිල් ජයසේකර











මිනිස් ප්‍රජාවට බලපාන මීළඟ වෛරසයේ තිඹිරිගෙය දකුණු ඇමෙරිකාව? | PHOTO

ලෝකයේ මීළඟ සෞඛ්‍ය තර්ජනයේ මහ ගෙදර බවට දකුණු ඇමෙරිකානු කලාපය හඳුනාගෙන ඇති බව අනතුරු ඇඟවීමේ සිතියම පෙන්වා දෙයි.

නිව්යෝක් කේන්ද්‍ර කරගත් ඉකෝ හෙල්ත් එලායන්ස් හි දත්තවලට අනුව මිනිස් ප්‍රජාවට බලපාන මීළඟ වෛසරයේ තිඹිරි ගෙය දකුණු ඇමෙරිකානු කලාපය විය හැකිය.

එහිදී, ඔවුන් ක්ෂීරපායී සතුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී, ක්ෂීරපායී සතුන් අතරින් වවුලා මෙවැනි වෛරසයක් මිනිසා වෙත ගෙනයා හැකි බවට ඔවුන් විශ්වාසය පළ කර ිතබේ.
එමෙන්ම, ඔවුන් මේ ඔස්සේ ලබාගත් දැනුම එච්.අයි.වී., එබෝලා හෝ විවිධ වෛරස් උණ සඳහා ප්‍රතිකාර කිරීමටද යොදාගත හැකි බවද ඔවුහු පවසති.

මන්දයත්, ලෝකයට දැඩි සෞඛ්‍ය තර්ජනයක් ඇති කළ එබෝලා වෛරසයද වවුලන්ගෙන් මිනිසුන් වෙත පැතිරුණු බව විශ්වාස කරන අතර, එච්.එයි.වී. චිම්පන්සියන්ගෙන් මිනිසාට ලැබුණු මාරාන්තික දායාදයක් ලෙස සැලකෙයි.

ඒ අනුව, මේ අන්ත්‍රාව දැක්වීමේ සිතියම් හරහා ඉදිරියේ මරාන්තික වෛරසයන් ඉස්මතු වන ප්‍රදේශ පිළිබඳ වඩාත් පහසුවෙන් අනාවැකි පළ කළ හැකි බවද එම විද්‍යාඥයෝ පවසති.

මෙම පර්යේෂණයේදී ක්ෂීරපායී සත්ව විශේෂ 754කට බලපාන විවිධ වෛරස වර්ග 586ක් පිළිබඳව මෙන්ම, මිනිසුන්ට මෙන්ම අනෙකුත් ක්ෂීරපායී සතුන්ට යන දෙගොල්ලන්ටම වැළඳෙන ආසාදන 188ක් පිළිබඳවද පර්යේණ සිදුකර තිබේ.


ඉදිරි කාලයේදී ඉක්මන් ගංවතුර තත්ත්ව ඇති වීමේ අවදානමක්

ඉදිරියේදී වෙනදාට වඩා කුඩා කාලයකදී ඇද හැලෙන වර්ෂාව වේගවත්ව හා වැඩි ධාරිතාවයකින් ඇද හැලෙන්නට. හැකි බවත් ඒ හරහා ඉක්මන් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇති බවත් ඊයේ උපායමාර්ගික ව්‍යවසාය කළමණානරණ ආයතනයේ පැවති ජාතික ආපදා සහ ආපදා කළමනාකරණය පිළිබඳ විද්වත් කතිකාවේදී සෙමා ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය සියයට පනහක් දක්වා වැඩි වී ඇති බවත් මුහුදේ ජල මට්ටම සෙන්ටි මීටර් විස්සක් පමණ ඉහළ ගොස් ඇති බවත් ඉදිරි කාලයේ පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් දක්වා ඉහළ යා හැකි බවට පවත්වන ලද පරීක්ෂණයන් හරහා සොයා ගෙන ඇති බවත් අශෝක මහතා ප්‍රකාශ කළේය. එම නිසා මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යන විට ඇති වන අධික වාෂ්පීකරණය නිසා ඉක්මනින් නියං තත්ත්වයන් ඇති වන බව මෙන්ම ඊට සාපේක්ෂවම ඇද හැලෙන කෙටි කාලීන වර්ෂාවන් ඇති වූවද වේගවත් හා විශාල ජල කඳන් පතිත වීමෙන් ක්ෂණිකව ගං වතුර තත්ත්වයන් ඇති විය හැති බවත් එහිදී අනාවරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම විනාශකාරී හේතු සඳහා වගකිව යුත්තේ මිනිසා බවයි. සංවර්ධනයේ මුවාවෙන් ඉහළ ජලාධාර ප්‍රදේශ තුළ සිදුවන්නා වූ විනාශකාරී වෙනස්කම් හා පහළ ජල පෝෂක ප්‍රදේශයන් විනාශ කරමින් සිදුකරන ඉදි තිරීම් මේ සඳහා මූලික වශයෙන් බලපෑම් ඇති කරන බවයි.තෙත් බිම් හා සංරක්ෂිත ප්‍රදේශ සංවර්ධනය යනුවෙන් කියා දක්වන ක්‍රියාකාරකම් නිසාද පරිසර සංවේදී ප්‍රදේශයන් විවිධ මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගැනීමෙන් විශාල පරිසර හානි සිදුවන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කියා සිටියේ ආපදා කළමනාකරණය පිළිබඳ කතා කිරීමේදී එය සිදු කළ යුත්තේ දැනුමට මුල්තැන දීමෙන් නොව මිනිස් ඉවට මුල් තැන දීමෙන් බවයි.

එම අවස්ථාවට සහභාගී වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටියේ නිවැරදි දැක්මක් නොබෙදුණු සියලු ජාතීන්ගේ එකතුවක් හා නිවැරදි නායකත්වයක් මඟින් ඉතා පහසුවෙන් ආපදා කළමනාකරණය කළ හැකි බවයි. එමෙන්ම එකතුවීම තළ යුත්තේ ආණ්ඩු පෙරළීම හෝ තවත් අයෙත් විවේචනය සඳහා නොව රටට බලපාන ජාතික ගැ‍ටලුවලට පිළියම් යෙදීමට වන බවට උන්වහන්සේ අනාවරණය කළ සේක.

එම අවස්ථාවට පාහියන්ගල ආනන්ද හිමි, මහාචාර්ය නිමල් ගුණතිලක, හේමන්ත විතාරණ ඇතුළු ගිහි පැවිදි විද්වත් මණ්ඩලයක් සහභාගී විය.

අරාබි රටවල ඉල්ලීමට කටාර් අල්-ජසීරා වසා දමන්නේ නෑලු

 අරාබි රටවල් ඉල්ලා සිටින ආකාරයෙන් තම මාධ්‍ය ආයතනය කිසිම ආකාරයකින් වසා දමන්නේ නැති බව දෝහා නුවර අල්-ජසීරා මාධ්‍ය ආයතනයේ ප්‍රකාශකයෙකු බී.බී.සී.ට පවසා තිබේ.

එම මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කළමනාකාර ඉහ්තිශාස් හිබතුල්ලා බී.බී.සී. සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මෙම පුවත අනාවරණය කළ බව ඔවුහු පවසති.

කෙසේ වෙතත්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් දැඩිව පවසා සිටියේ කටාරය විසින් ත්‍රස්ත සංවිධානවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීමට පියවර ගත යුතු බවය. මේ හා සමාන අතිශය දැඩි ඉල්ලීම් 13ක් කටාරය වෙත මෙම රාජ්‍යයන් විසින් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ අතර අල්-ජසීරා, අරාබියා 21 සහ මිඩ්ල් ඊස්ට් අයි යන මාධ්‍ය ආයතන වෙත ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කළ යුතු බවද අවධාරණය කර තිබුණි. මේ සඳහා ලබාදී තිබුණේ දින 10ක කාලයකි.

අල්-ජසීරා ප්‍රකාශකයාට අනුව මෙම ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක් යැයි බී.බී.සී.ය වාර්තා කර ඇත.

දෝහා හි අල්-ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි ප්‍රකාශයක් පළමු වරට පවසා සිටියේ තම මාධ්‍ය ආයතනයට බවද පවසා සිටි ඔවුන්, ප්‍රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව අල්-ජසීරා ප්‍රකාශකයා පැවසූ බවද වාර්තා කර තිබේ. එමෙන්ම, ත්‍රස්තවාදයට අනුබල දෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අල්-ජසීරා ප්‍රකාශකයා බී.සී.සී.ය වෙත පැවසූ බව වාර්තා කර ඇත.

එමෙන්ම, සී.එන්.එන්. සහ බී.බී.සී. වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන් අල්-ජසීරා හි පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම බවද ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසූ බව බී.බී.සී.ය නිවේදය කර තිබේ.

කෙසේ වෙතත්, කටාරය ඉස්ලාමීය ත්‍රස්තවාදය සඳහා සහාය හා මූල්‍යාධාර ලබාදෙන රාජ්‍යයක් බවත්, ඔවුන්ගේ තෙල් සල්ලි අන්තවාදය වැපිරවීමට පොම්ප කෙරෙන බවටත් බොහෝ අවස්ථාවල කටාරය වෙත චෝදනා එල්ල වූ විය. එමෙන්ම, මෙය කටාරය ඉරානය සමග පවතින සබඳතාවලට එරෙහි වීමේ පියවරක් බවද සඳහන් විය. කටාර්යේ මෑත කාලීන ආර්ථික දියුණුව වෙත සිදුකළ බලපෑමක් බවටද මත පළ විය. කෙසේ වෙතත්,

මේ කිසිදු තර්කයක් හෝ මතයක් කිසිසේත්ම එකහෙලා බැහැර කළ නොහැකි බවද ස්වාධීන මාධ්‍යවල මතය වී තිබේ. එමෙන්ම, මෙවැනි ඉහත නම් සඳහන් වූ ප්‍රධාන දහරාවේ මාධ්‍ය ආයතනවලටද ඔවුන්ගේම න්‍යාය පත්‍ර පවතින බැවින්, කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් මෙම කරුණු තේරුම් ගැනීමද වඩාත් යෝග්‍ය බව ස්වාධීන මාධ්‍ය ආයතනවල මතය වී තිබේ.

මහවැස්සෙ තෙමි තෙමී රණවිරුවන්ට උපහාර දැක්වූ ලොව හොල්ලන ලෝක බලවතා | VIDEO

පසුගිය දිනක  (22) රුසියාවේ පැවති රණවිරු උපහාර උළෙලක් අතර ධාරානිපාත වර්ෂාවක් මැද කුඩයක්ද නොමැතිව රණවිරුවන්ට ගෞරව කළ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය පැසසුම් සහගතව පුවත් වාර්තා කර තිබෙනවා.

මෙම උපහාර උළෙල අවස්ථාවට පුටින් සහභාගීවන විට එහි වළාකුළින් බර කාළගුණයක් පැවති අතර පසුව පුටින් විසින් රණවිරුවන්ට මල් වඩම් තබා උපහාර කරන අවස්ථාවේ ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුනා.

නමුත් ඔහු අසලට කිසිවෙකු කුඩයක් හෝ රැගෙන නොපැමිණි අතර වර්ෂාවේ තෙමෙමින්ම ඔහු විසින්  රණවිරුවන්ට උපහාර දක්වන ආකාරය කාගෙත් පැසසුමට ලක්වුණා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි..



බස්‌ ගාස්‌තු වැඩි වෙන හැටි

ලබන මස (ජුලි) 01 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී, අධිවේගී මාර්ග යන සියලුම බස්‌ ගාස්‌තු අවස්‌ථා 350 ක්‌ සියයට 6.28 කින් ඉහළ දමා තිබේ.

අවම රුපියල් 9 ගාස්‌තුව 10 දක්‌වාත්, 12 ගාස්‌තුව 13 වශයෙන්ද, ඉහළ යන අතර රුපියල් 16, 20, 24 යන ගාස්‌තු අවස්‌ථා රුපියලකින් ඉහළ නැංවේ.

රුපියල් 33, 36, 38, 40, 43 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දෙකකින් ඉහළ නැංවේ. දැනට පවතින රුපියල් 45, 47, 50, 52, 54, යන ගාස්‌තු රුපියල් තුනකින් ද රුපියල් 56, 58, 60, 63, 65, 67, 69, 72, 74 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් හතරකින් ද ඉහළ නංවා තිබේ.

රුපියල් 76, 78, 81, 83, 85 යන ගාස්‌තු රුපියල් පහකින්ද, රුපියල් 87, 89, 92, 94, 96, 98, 101, 103 යන ගාස්‌තු රුපියල් හයකින් ද ඉහළ නංවා ඇත.

රුපියල් 105, 107, 110, 112, 114, 116, 119, 121 යන ගාස්‌තු රුපියල් හතකින් ද රුපියල් 123, 125, 127, 130, 132 යන ගාස්‌තු රුපියල් අටකින් ද රුපියල් 134, 136, 139, 141, 143, 145, 148, 150, 151, 154 යන ගාස්‌තු රුපියල් නවයකින් ද රුපියල් 156, 158, 160, 163, 165, 167 යන ගාස්‌තු රුපියල් දහය බැගින් ද රුපියල් 169, 171, 174, 176, 178, 180, 182, 185, 187, 189 යන ගාස්‌තු රුපියල් එකොළහකින් ද ඉහළ නැංවේ.

ගාස්‌තු අවස්‌ථා රුපියල් 191, 193, 196, 198 රුපියල් දොළහකින්ද රුපියල් 200, 202, 204, 207, 209, 211 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දහතුනකින් ද රුපියල් 213, 215, 218, 220, 222, 224, 226, 229, 231 යන ගාස්‌තු අවස්‌ථා රුපියල් දාහතරකින් ද රුපියල් 233, 235, 237, 240, 242, 244, 246, 249 යන ගාස්‌තු රුපියල් පහළොවකින් ද ඉහළ දමා තිබේ.

මේ අතර අන්තර් පළාත් බස්‌ සේවා ගාස්‌තු ද ඉහළ දැමෙන අතර කොළඹ – මහනුවර රුපියල් 159 ක්‌, කොළඹ – කෑගල්ල 112 ක්‌, මීගමුව – කෑගල්ල 104 ක්‌, කොළඹ – මාතර 203 ක්‌, කොළඹ – හම්බන්තොට 278 ක්‌, කොළඹ – අනුරාධපුරය 252 ක්‌, කොළඹ – පුත්තලම 168 ක්‌, කොළඹ – කුරුණෑගල 128 ක්‌, මහනුවර – යාපනය 405 ක්‌, මහනුවර – ත්‍රිකුණාමලය 229 ක්‌, කොළඹ – මඩකලපුව 388 ක්‌, කොළඹ – යාපනය 501 ක්‌ දක්‌වා ආදී වශයෙන් ද ගාස්‌තු ඉහළ යනු ඇත.

මේ අතර අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්‌වා රුපියල් 410 ක්‌ද, මහරගම – මාතර 500 ක්‌ද, කඩුවෙල – මාතර 520 ක්‌ද, මාතර – මීගමුව 670 ක්‌ද, කොළඹ – මාතර 530 ක්‌ද, කඩවත – මාතර 540 ක්‌ද, කඩුවෙල – ගාල්ල 430 ක්‌ද වශයෙන් ඉහළ දමන බව ද ප්‍රකාශයට පත්කර ඇත.

නව ගාස්‌තු සම්බන්ධව යම් ගැටලුවක්‌ ඇති වුවහොත් 0112-554476 හෝ ක්‍ෂණික ඇමතුම් 1955 යන දුරකථන අංකවලට කතාකොට තොරතුරු විමසිය හැකි බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටී.

අලුත් පුටුවට යුද හමුදාපති අකමැතිලු

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය පුරප්පාඩු වී දින දහයක් ගත වුවත් එය පිරවීමට නොහැකි වී ඇත්තේ යුද. හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම තනතුර භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ත්‍රිවිද හමුදාපතිවරු අතරේ ප්‍රධානියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට මතෛක් පත්වී ඇත්තේ යුද, ගුවන්, නාවික හමුදාපතිවරුන් අතර සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨයාය. ඒ අනුව එම තනතුරට පත් කළයුත්තේ යුද හමුදාපතිවරයාය. එනමුත් ආරක්ෂක මාණ්ඩලික ධුරය වෙනුවට යුද හමුදාපතිවරයා තවත් සේවා දිගුවක් ඉල්ලා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට යුද හමුදාපතිවරයා සිටින්නේ සිය තෙවැනි සේවා දිගුවේය. මින් පෙර එවැනි වරප්‍රසාදයක් ලැබි තිබුණේ එකල යුද්ධයට අණ දීම හේතුකොට ජෙනරාල් සරත් ෆොන්සේකාට පමණි. කෙසේ නමුදු උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ පුරප්පාඩුව පිරවීමට නොහැකි වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝකයෙම ආදරය දිනාගත් ඩයනා කුමරිය ඝාතනය කලේ පිලිප් කුමරු | VIDEO

ලෝකයෙම ආදරය දිනාගත්ත ඩයනා කුමාරියයි 1997 වසරේ ප්‍රංශයේ උමං මාර්ගයක් අසලදි ඇය ජීවීතක්ෂ‍යට පත්වුනේ ඩයනා කුමරිය ගමන් ගත් මෝටර් රථය මාර්ග අනතුරකට පත්වීම නිසායී අනතුරුව එම අනතුර අභිරහස් මිනිමැරුමක් බවත් සැකයක් සහ රාවයක් පැතිර ගියද එය නිශ්විත වශයෙන් තහවුරු කිරිමට හැකිව තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරිය මියගිහින් වසර 20ක් සපිරෙනවාත් සමග ඇයගේ මරණය ඝාතනයක් බව ලොවටම එලිකිරිමට පුද්ගලයෙක් ශාක්ෂි දැරිමට ඉදිරිපත්ව සිටිනවා ඒ බ්‍රිතාන්‍යේ බුද්ධි අංශයේ නිලධාරියෙකු වන John Hopkins නැමැත්තායි.

මේ වන විට 80 වැනිවියේ පසුවන මෙම නැනැත්තා දැඩිලෙස අසද්‍යව රෝහල් ගත කර සිට රෝහලෙන් මුදාහරින අවස්ථාවේ අනවාරනය කර ඇත්තේ තමන් විසි වසරකට පසුව තමා ඩයනා කුමාරිය ඝාතනය කල බවයි බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ පාර්ශව මර්දනය සහ රජපවුලේ ආරක්ෂාව තහවුරු කිරිමේ නිලධාරියෙකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කල බව බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් අනවාරනය කොට තිබෙනවා.
https://bridalguide.com/sites/default/files/blog-images/bridal-buzz/queen-elizabeth-ii-prince-philip-anniversary/queen-elizabeth-ii-prince-philip-2011.jpg

වසර 38ක් පුරා බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කල john hopkins නැමැත්තා එලිකරන්නේ තමා විසින් කාන්තාවක් ඝාතනය කල පලමු අවස්ථාව ඩයනා කුමරියගේ ඝාතනය බවයි. ඩයනා කුමරියගේ ඝාතනය සදහා අණදෙනු ලැබුවේ බ්‍රිතාන්‍යේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියාවන පිලිප් කුමරු බවට මෙම පුද්ගලයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යේ රජ කුමරියක ලෙස ඩයනා කුමරිය සතුව රජ පවුලේ රහස් රැසක් පැවතිම මෙම ඝාතනයට මුල්වු බවයි ජේම්ස් හෝප්කින්ස් එලිකරන්නේ.

මහ රැජින සහ රජ පවුල වෙනුවෙන් තමන්ට මෙම අණට එකගවීමට සිදුවු බව මෙම නැමැත්තා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශකොට තිබෙනවා මීට පෙර සැක මතුව තිබුනේ මුස්ලිම් භක්තිකයෙකුවු අල් ෆයට් සමග විවාහාවීමට යාම හේතුවෙන් ඩයනා කුමරිය ඝාතනයට ලක්වන්නට ඇති බවයි ඒත් එයට කිසිදු සාධකයක් තිබුනේ නැහැ නමුත් ඩයනා කුමරියගේ මරණය සිදුවු රිය අනතුර සිතාමතාම සැලසුම් සහගතව සිදුකල ලද්දක් බවයි john hopkins විසින් එලිකරන්නේ.

යම් හෙයිකින් ඩයනා කුමරිය ජීවත්ව සිටියේනම් බ්‍රිතාන්‍යේ රජ පවුලේ රහස් රැසක්ම ලෝකයටම එලිවීමේ අවදානමක් පැවති බවද ප්‍රකාශ වනවා එසේම මාර්ග අනතුරකට ඇය ලක්කිරිමෙන් පසුව රෝහල් ගතකිරිම සිතාමතාම ප්‍රමාධ කිරිමෙන් ඩයනා කුමරියගේ මරණය ඉක්මන් කල බවයි අපරාධකරු පවසන්නේ මෙම අනවාරනය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කැලබිමක් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ. ඒත් කිසිවෙකු මේ සම්බන්දයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.


ඇලෝසියස්ගේ අරක්කුවලට සුරාබදු දෙපාර්තමේන්තුවත් යටවෙයි

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකරුවෙකු වන පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකාරිත්වය යටතේ පවත්වාගෙන යන මෙන්ඩිස් අරක්කු සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවියයුතු කෝටි ගණනක බදු මුදල් මාස ගණනකින් ගෙවා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධනාය පවසයි.

මැයි මාසයට අදාළව කෝටි 32ක් සුරාබදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතුව තිබුණද එය මෙතෙක් ගෙවා නැතැයිද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

අරක්කු නිෂ්පාදනය කරන සමාගම් දින 15කට වරක් සුරා බදු දෙපාර්තමේන්තුවට බදු ගෙවියයුතු වුවද අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගම මැයි මාසයේ පමණක් නොව ජුනි මාසයට අදාළව ගෙවිය යුතු බදු මුදලද මෙතෙක් ගෙවා නැති බවද ඒ මහතා සඳහන් කරයි.

නිසි ලෙස සුරා බදු නොගෙවන්නේනම් එම සමාගමේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව තහනම් කර එම සමාගම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කළ යුතුව තිබියදී සුරා බදු දෙපාර්තමේන්තුව එසේ නොකර මෙන්ඩිස් සමාගමට ජූනි මාසය සඳහාද නිෂ්පාදන කටයුතුවලට අවසර ලබා දී ඇති බවද වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

තරුණ ගුරුවරියක් අවුරුදු 17ක සිසුවෙක් එක්ක මාස 10ක් කරපු කැත වැඩේ

පාසලක ගුරුවරියක් කියන්නේ දරුවන්ට හරි පාර පෙන්වන්න ඉන්න විශේෂිත පුද්ගලයෙක්.

ඒත් ගුරුවරියම දරුවෙක්ව වැරැද්දට පොළඹවා ගන්නවා කියන එක ලොකු වැරැද්දක්. ඔව්, ඒ විදිහේ සිදුවීමක් එංගලන්තයේ වෙලා තියෙනවා.

මේ වැරැද්ද කරපු ගුරුවරිය වයස අවුරුදු 35ක් වූ Amena Nazam Khan.

ඇය විවාහක කාන්තාවක්.

මේ තරුණ ගුරුවරිය තමන් ඉගැන්වීම් කටයුතු සිදුකරන Tong High School පන්තියේ වයස අවුරුදු 17ක සිසුවෙක් එක්ක ලිංගික සම්බන්ධයක් පටන්ගෙන තියෙනවා.

ඇය තමන්ගේ කාමුක ආශාවන් ඉෂ්ඨ කරගන්න ඉතාමත් නින්දිත විදිහට මේ තරුණ ශිෂ්‍යයාව පාවිච්චි කරලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවන්හල් වලට, මෙන්ම හෝටල් කාමර වලට මේ ගුරුවරිය එම ශිෂ්‍යයාව එක්කරගෙන ගොස් ඇති බවත් වාර්තා වෙනවා.

කොහොමවුනත් අවසානයේ මේ සිදුවීම ගැන තොරතුරු ලැබීමත් සමගම ක්‍රියාත්මක වුන පාසලේ කාර්යමණ්ඩලය මේ පිළිබදව විමර්ශනයක් සිදුකර ඇයට රට තුළ කිසිදු පාසලකට යෑමට නොහැකි වන පරිදි දඩුවමක් ලබාදීලා කියලයි තොරතුරු වාර්තා වන්නේ.

මහා සංඝරත්නය සංඝ කතිකාවතකට සැරැසෙයි

බුද්ධ ශාසනයටත්, භික්ෂුන් වහන්සේටත් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීමේ සංඝ කතිකාවතක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය කටයුතු කිරීමට සුදානම් වනවා.

මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහ නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ධර්මපාලාරාමයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ පුද්ගලයන් මෙන්ම සංවිධාන විසින්ද භික්ෂුන් වහන්සේට සිදු කරන තර්ජන හා ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කරමින් එම සංඝ කතිකාවත ඉදිරිපත් කිරීමේ යෝජනාව එහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ.

ඒ අනුව දැනටමත් ඊට සියම් නිකාය, අස්ගිරි හා මල්වතු පාර්ශ්වය, රෝහණ පාර්ශ්වය, අමරපුර සංඝ සභාව ද අනුමැතිය පළකොට ඇතැයි ද සඳහන් වනවා.

ඉදිරි කාලයේදී පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් එම සංඝ කතිකාවත සකස් කිරීමට නියමිතයි.

රුපියල් බිලියන 1043ක ලේඛන භාණ්ඩාගාරයෙන් අතුරුදහන්

2015 ජනවාරි මාසයේදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ගත් ණය අතරින් රුපියල් බිලියන 1043ක ගනුදෙනු භාණ්ඩාගාරයේ සටහන්ව නොමැති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වී ඇත.

ආණ්ඩුව භාණ්ඩාගාරය හරහා ගන්නා සියලුම ණය, ‍ලේඛනගත කරන බවත් ඊට පරිබාහිරව අනෙකුත් ආයතන ගන්නා ණය ඒ ඒ ආයතනවල ශේෂපත්‍රවල සඳහන් වන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී තිබේ.

එසේම රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන තමන්ගේ ප්‍රතිපාදන ඉක්මවා දේශීය හෝ විදේශීය බැඳීම් ඇති කර ගන්නා බවද ඒ අනුව 2015 වසරේ ලබාගත් තොරතුරු අනුව මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1043ක් බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවේ දැක්වේ.

මෙවැනි ගනුදෙනු භාණ්ඩාගාරයේ සටහන්ව නොමැති වුවද ආණ්ඩුව වෙනුවෙන් භාණ්ඩාගාරයට එම මුදල් ගෙවීමට සිදුවන බැවින් අවිනිශ්චිත බැරකමක් ඇති වන බව භාණ්ඩාගාරයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කමිටුව හමුවේ දක්වා ඇත.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ඇරඹේ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය අද (24දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතය.

තරගාවලිය ආරම්භකරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසලීන්ත කාන්තා කණ්ඩායම පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

කාන්තා ලෝක කුසලානය තරගාවලියේ  ආරම්භය හේතුවෙන් ගුගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ වෙනුවෙන් වෙන්ක තිබූණෙ ගූගල් යන්න ක්‍රිකට් ක්‍රීඩාවට සමාන ලෙස වෙනස් කරමිනි.

Capture







මහජන දේපලට හානි කරන සරසවි සිසුන්ට රජයේ රැකියා අහිමියි

රජයේ දේපොළහානි කරන සහ එම චෝදනාවට ලක්වූ බවට පොලිස් ‍වාර්තාවල ලියැවී ඇති කිසිදු පුද්ගලයකු මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට රජයේ අවධානය යොමුකර තිඛෙනවා.

මේ අනුව අදාළ චෝදනා ලැබූවන්ට ඉංජිනේරු/වෛද්‍ය/ පරිපාලන සේවයේ ඉහළ තනතුරු මෙන්ම රාජ්‍ය සේවයට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග එම පුද්ගලයන් ඉතා ඉහළින් සමත් වුවද ඔවුන් රජයේ දේපොළවලට හානි කර ඇති බවට පොලිස් වාර්තා සටහන් ඇත්නම් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් කිරීමයි සැලසුම වන්නේ.

සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය දිනවල උද්ඝෝෂණ හා විරෝධතාවලට එක්වී රජයේ දේපොළවලට දැඩි හානි කිරීම හා කෝටි ගණන් වටිනා මහජන දේපළ විනාශ කිරීම රජය විසින් දැඩිව සැලකිල්ලට ගෙන තිඛෙනවා.

පරිපාලන සේවය සමත් වූවන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඔවුන්ගේ අතීත ක්‍රියා පිළිබඳව පොලිස් වාර්තා කැඳවීමක් මෙයට පෙර ක්‍රියාත්මක වී තිබුණා.

එහෙත් පසුගිය දස වසරක පමණ කාලය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මකවී නැහැ.

මේ නීති යළිත් ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවයට එක්වන්නන්ගෙන් ගෞරවාන්විත සේවාවක් ලබාගැනීමයි රජයේ අපේක්ෂාව වන්නේ.