20 June 2017

ගාල්ල මුහුදේ වැන් එකක් යට වසර 6ක් කෙලසුනු තරුණිය

‘‘මගේ නම පාරමී… දන්න කාලේ ඉඳලම ම​ගේ හිතේ තිබුණෙ අම්මයි, තාත්තවයි හොඳට බලාගෙන ලස්සන පුංචි ගෙයක් හද‌ාගෙන හොඳ විවාහයකුත් කරගෙන කාටවත් කරදරයක් නැතිව ජීවත්වන්න… පොඩි කාලේ ඉඳලම මුහුදට – වෙරළට මම ගොඩාක්ම ආස කළා… ආදරේ කළා.. එහෙම වෙන්න ඇත්​ෙත් අපි පිටිසර ගමක හැදුණු වැඩුණු නිසා වෙන්න ඇති…. ගමේ ඉස්කෝලෙන් අපි ට්‍රිප් එකක් ගියා කොළඹ බලන්න. ඒ යන අතරේදි තමයි මුහුද අයිනේ ටික වෙලාවකට බස් එක නතර කළේ.

එද‌ා දැකපු මුහුදට – වෙරළට හිතේ ලොකු ආදරයක්… ආසාවක් ඇතිවුණා. සුදුපාට වැල්ල… කොච්චර ලස්සනද… දෛවය කියන්නේ මගේ ලස්සන ජීවිතය විනාශ වුණේ බිලිගත්​ෙත්.. මම ආදරය කරපු වැල්ල, මම වගේ දඟකාර… හිතුවක්කාර මුහුද..’’
දිගු හුස්මක් ගෙන පිටකර දැමූ පාරමී යළි තෙරක් නොපෙනෙන සිතිජය දෙස බලමින් සමාධිගත වූවාය.

‘‘මට දැන් ජීවිතයක් නැහැ…. මට කරපු අපරාදෙට මේ වැල්ල සාක්කි…’’ පාරමී කීවේ කනස්සල්ලෙනි. ‘‘මම වගේ තව කී දෙනෙක් මෙහෙම අමාරුවෙ වැටිලා ඇත්ද… කොහොමද කටක් ඇරලා කියන්නේ… මෙහෙම දෙයක් වුණා කියලා..’’

ඇයි…. ඔයාට මොකද වුණේ… නිහඬතාවය බිඳිමින් මම පාරමිගෙන් ඇසුවෙමි.

ඒක දිග කථාවක්… ඒක කියලා ඉවර කරන්න පැය ගාණක් යාවි…. ඒත්…. මේ රෑනපඳුරු අස්සේ හැංගිලා… ගුලිවෙලා….. ඉන්න කෙල්ලොන්ට ඇහෙන්න කෑගහලා කියන්න හිතෙනවා උඹලා ඔය තුරුලු කරගෙන සිපගෙන වැළඳගෙන ඉන්න එවුන් කීදෙනෙක් ඇත්තටම හදවතින්ම උඹලාට ආදරය කරනවද කියලා…. ‘‘පාරමී කීවේ තරමක උස්හඬිනි.’’

පාරමී….. මේ ඇයගේ සැබෑ නම නොවේ.. ඒත් අපි අැයට පාරමී කියා කථාකරමු… විසිහය හැවිරිදි පාරමී දඟකාරය… හැඩකාරය.. එක්වරක් ඇය දෙස බලන ඕනෑම කෙනෙකුට දෙතුන් වරක් නොව කීපවරක් හැරී බලන්නට තරම් වශීවන රූ සපුවක් ඇයට තිබේ..
සංචාරක හෝටලයක සේවය කරන ඇය මට හමුවුණේ අකුරළ දීය.

ඇය පිළිබඳව සත්‍ය තොරතුරු කිසිවකුට හෙළි නොකරන බවට පොරොන්දුව පිට මා සමඟ කථාබහට එක් වූ පාරමී… යළිත් දැහැන්ගත වූවාය.

පාරමීත් ඇයගේ යෙහෙළිය හා මම දැන් සිටින්නේ අකුරළ – කහව අතර මුහුදු තීරයේය. ගාල්ල – කොළඹ මහාමාර්ගය හා මහා සයුර අතර ගල්වැටි හා රූස්ස රෑන පදුරු සුනාමියෙන් පසු හුදෙකලා වී වසර ගණනකි. සුනාමිය ගොඩගැලූ පසු අකුරළ – කහව මහමග දෙපස බොහෝ දෙනකු දැන් පදිංචිව සිටිනුයේ පිට ප්‍රදේශවලය.. මෙහි ඇති පාළුව මැකීමට ඉතිරිව ඇත්තේ සංචාරක හෝටල් කීපයක් පමණි.

‘‘ඒත්.. හිරිගල් වැටියක් වට වී ඇති අකුරළ මුහුදේ… සොබාවික නාන තටාකය හිස්වන්නේ කලාතුරකිනි.

පෝය දින රජයේ නිවාඩු දින මෙන්ම සෑම සති අන්තයකම අකුරළ වෙරළ පිරී යන්නේ ජනගඟකිනි. දැන් අපේ කාලයේ බොහෝ දෙනෙකු පෝය දිනවල පන්සල් යන්නේ කලාතුරකින් යැයි මට සිතේ… පෝය දිනවලට බෙන්තර සිට උණවටුන වෙරළ තීරයේ දිගටම ගොස් බලන්න.. කයිකාවල – ඉඳුරුව වෙරළ සිට අකුරළ හික්කඩුව වෙරළ උදේ සිට හවස්වනතුරු සිව්දිගින් එන විශාල පිරිසකගෙන් පිරී තිබේ. ඇතැම් අය මත්පැන් බොමින් මුහුදේ නාමින් පැය ගාණක් විනෝද වෙමින් ගතකරති. වෙරළ ආසන්නයේ ඇතැම් ගම්වල පන්සල් පාළුවට යන්නේ මුහුදේ නාන තැන්වලට සෙනඟ ඇදෙන්නේ පින්කම් පොළකට එන්නාක් මෙනි.

පාරමි සමඟ කරන කථාබහට විරාමයක් දී ඔබව වෙනත් පැත්තකට කථාව ගෙනගිය ද පාරමීගේ කථාව ආරම්භ වන්නේ ද අකුරළ මුහුදේ නාන තටාකයෙනි.

‘‘ගෙදර තිබුණ අගහිඟකම් නිසා උසස්පෙළ කරන්න යන්න හයියක් දහිරියක් මට තිබුණේ නැහැ… අම්මා – තාත්තා තවත් දුක්විඳිනවා බලන් ඉන්න බැරි නිසයි මම මේ හිතුවක්කාර තීන්දුව අරගෙන ටවුමට ආවේ..

අපේ පවුලේ අක්කයි මායි මල්ලියි නංගියි.. අක්කත් ඉස්කෝලෙ යන කාලේ කොල්ලෙක් එක්ක පැනලා ගියා ඇඹිලිපිටියේ හරි සූරියවැව පැත්​ෙත්…. අක්කා එහෙම පැනලා යන්න ඇත්​ෙත් ඇතිතරම් දුක් විඳපු නිසා වෙන්නැති… ගෙදරින් හෙව්වෙත් නැහැ. අක්ක ආවෙත් නැහැ… එයා මොනව කරනවද.. ඉන්නවාද කියලා ආරංචියක් නැහැ…

මම කථාව කෙටියෙන්ම කියන්නම්..

ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරලා හොඳ තැනකට එන්න හිතේ ලොකු ආසාවක් තිබුණට වැඩක් ​වුණේ නැහැ. අගහිඟකම් දවසින් දවස එන් එන්නම වැඩිවුණා. මම දන්න අදුනන කෙනෙකුගේ මාර්ගයෙන් ගාල්ල පැත්තේ වැඩපළක රස්සාවට ආවා… නැවතුණේ කිට්ටුව තියන බෝඩිමක…. රස්සාවට යද්දී තමයි සමීර මුණ ගැහුනේ.. දැක්ක දවසේම සිතුනා කාලයක් තිස්සේ ආශ්‍රය කරා දන්න අඳුනන කෙනෙක් වගේ හැඟීමක්… සමීර හම්බවුණ මුල් දවසේම ආත්ම ගාණක් ඉඳගෙන පතාගෙන ආපු කෙනෙක් මුණගැහුණා කියලා ලොකු හැඟීමක්.. ආකර්ෂණයක් ඇති වුණා..

දන්නෙම නැතිව දවස් දෙක තුනකින් අපි පෙම්වතුන් වුණා..

දවසක්.. එද‌ා පෝය දවසක්… වැඩපොළේ නිවාඩු… බෝඩිමේ දවස ගත කරන්නත් පාළුයි.. රෙදි ටික හෝදලා නාලා ඇඳට වෙලා ඉන්න කොට සමීර කෝල් කළා.

මමත් ඉබ්බා වතුරට දැම්මා වගේ…. මම පුංචි මල් වැටුණු ගවුමක් ඇඳගෙන පාරට ගියා… විනාඩි කිහිපයකින් සමීර ආවා. ඒ ආවේ යාළුවෙක්ගේ බයික් එකකින්. ගාල්ලේ කොටුවට හරි පාක් එකට හරි නොගියේ සමීර ගාල්ල ටවුම කිට්ටුවම නිසා… බයික් එකට නැඟලා සමීරව ඉණවටෙන් අත්දෙක ද‌ාලා බද‌ාගෙන හයියෙන් අල්ලගත්තා. අපි නැවතුණේ අකුරළ මුහුදේ නාන තැන… එයා මට කෝල් කරපු නිසා මුහුදේ නානවා කියලා ඒකට සූදානම් වෙලා ආවේ. අපි දෙන්නා මූදේ නෑවා… නවත්වලා තිබුණ වාහනේකට මුවාවෙලා බියර් ටින් එකක් බිව්වා. මම එපාම කිව්වා.. මේවා ගෑනුත් බොනවා කියලා සමීර බලකළා මම කවද‌ාවත්ම බියර් බීලා නැහැ. සමීරගේ හිත රිද්දන්න බැරිම තැන මම බීගෙන ගියා… මට හිතාගන්න බැහැ.. වමනෙට ආවා… තිත්තයි මළජරාව..
‘‘ඉතිං… ඊට පස්සේ මොකද වුණේ.’’

‘‘මම සමීරගේ ඇඟේ එල්ලිලා ගිහින් ආපහු මුහුදේ නෑවා… මගේ ඇස්දෙක ගිනිරතු ​ෙවනකම්ම නෑවා…. වතුරින් ගොඩට එනකොට මගේ ගවුම ඇඟටම ඇලිලා.. අපි වතුර විතරක් නෙවී වැලිවලිනුත් ගහගත්තා. හරියට පොඩි එවුන් දෙන්නෙක් වගේ… ඒත් මම දෙලොවක් අතර හිටියේ… අසිහියෙන් වගේ… මත්වෙලා… කැරකිල්ල වගේ. මට හිතාගන්න බැහැ. අපි දෙන්නා අත්දෙක අල්ලගෙන වැල්ල අයින දිගේ ඉස්සරහටම ගියා… සමීර මගේ දිහා බැලුවෙ මාර ආදරෙන්….

‘‘එතනින් එහාට වෙච්චි දේ මට ඔයාට කියන්න බෑ…’’ ඇය කීවේ මුහුණ දෑතින්ම වසා ගනිමිනි.

අවුරුද්දක් දෙකක් නෙමේ අවුරුදු හයක්ම අපි කසාද බැඳලා වගේ හිටියා. ඒත් දැන් ඔක්කොම ඉවරයි.. සමීර අයින් වුණේ මට ජරා විදියට අපහාස කරලා… මට පිරිමි සංහතියම එපා වුණා… මම ජීවිත කාලේම මැරෙනකම්ම තනිවම ඉන්නවා…. ඒත් ගෙදර අය මේව දන්නේ නැහැ… කසාදයක් කරගන්න කියාල මට බලකරනවා. මම බෝඩිමෙන් අයින් වුණේ සමීර උගේ යාළු කොල්ලෝ මගේ පස්සෙන් එවපු නිසා…. පස්සේ තමයි හෝටලේ රස්සාවට ආවේ…. මම වෙන මොනව කරන්නද? මම වගේ ජීවිතේ වරද්ද ගත්ත කෙල්ලෝ කොච්චර මේ රටේ ඇද්ද…. කියාගන්න බැරිව. ගොඩබිම අහසේ කළු වළාකුළු ටිකින් ටික මුදුන්වනු පෙනේ… ඒත් තව ටික වේලාවක් මා මේ මුහුදේ වෙරළේ සිටිය යුතුයි. මම පාරමීට සමුදුන්නෙමි.

කහව හංදිය පසුකොට මීටර් කීපයක් ඇතුළෙ පැත්තට ගියවිට මීටර් ගණනාවක් දුරට ඇති රෑන පඳුරු පේළියකි…. මේ බිම් තීරුවේ පාළුව මකන්නේ ගාලු පාරේ එහා මෙහා යන රථවාහන හා මුහුදේ රළ බිඳෙන හඩ පමණකි. මේ තීරුව තනිකරම පාළු පිටියක් මෙනි. උදේ සිට හවස් වනතුරු නොව ඇතැම්විට මැදියම් රැය දක්වා ත්‍රීරෝද රථවලින් මෙහි එන නන්නාඳුනන කාන්තාවන් හා පිරිමි හොර රහසේම රෑන පඳුරු අස්සට රිංගති… ඇතැම් විට යතුරුපැදිවල නග්ගාගෙන එන පාසල් වයසේ බාලවයස්කාර දරුවෝ… යුවතියන්.. සිය පෙම්වතුන් සමඟ රිසිසේ ගත කරති.

කහව රෑන පඳුරු අතරේ දිගහැරෙන ප්‍රේම ජවනිකා දකිමින් වින්දනය ලබන බැල්මට් කාරයකු ද දක්නට පුළුවන. උපක්‍රමයක් යොද‌ා මම එවන් පුද්ගලයකු සමඟ කතාවට එකඟ කරවා ගතිමි.

‘මගෙන් කාටවත් කරදරයක් නැහැ මහත්තයෝ.. දෙයියන් පල්ලා මම ඒ කපල්වලට දශමයක හිරිහැරයක් කරලා නැහැ.. අවුරුදු ගාණක්ම පුරුද්දට වගේ මෙතනට එනවා. ජෝඩුවක් රෑන පඳුර අස්සට ගියාම මම ඒ අයට නොදැනෙන්න මුවාවෙලා බලා ඉන්නවා… කියලා වැඩක් නැහැ.. මම බැල්මට්කාරයා කියල ගොඩක් අය දන්නවා ඇති.’’

ඒ අසල බස් නැවතුමක සිටි ළාබාල තරුණ ජෝඩුවක් සමඟ මම කථාබහට එක්වුණෙමි. ‘‘ක්ලාස් එනවා කියලා අම්බලන්ගොඩට ආවේ…. මම නම් අැල්පිටිය පැත්​තේ… මෙයාත් ඒ කිට්ටුවම.. අපි දෙන්නට නිදහසේ කතා කරන්න වෙන තැනක් නැහැ.. ඇත්තටම අපි දෙන්න ආදරේ කරනවා. මේ වගේ තැනකට ආපු එක වැරද්දක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් අපි දෙන්න නම් වැරදි විදියට හැසිරෙන්නේ නැහැ…’’ කියූ සිසුවා බස් නැවතුම් නතර කළ බස්රථයකට ගොඩවූයේ සිය ප්‍රේමවන්තිය ද පෙරටු කර ගනිමිනි.

සමහර දවස්වලට තැනින් තැන පුංචි බාර් ද‌ාලා.. වගේ පැය ගාණක් කාලා බීලා ඉඳපු සමහරු යන්නේ රණ්ඩුකරගෙන ගහගෙන… අවුරුදු දහසය වයසේ ඉන්න පොඩි කෙල්ලෝ ත්‍රීවිල්වල නැඟලා සල්ලි දීලා අරගෙන යනවා.. ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලො විතරක් නෙවී.. බැඳපු ගෑනු මිනිස්සු.. හොර මිනිහා එක්ක එනවා… දරුවා පංතියට හරි​ මොන්ටිසෝරි ද‌ාලා එන අම්මලා කීදෙනෙක් ඉන්නවද? හවස ගෙවල්වලට යන්නේ පත්තිනි අම්මල ගාණට…

එක දවසක් කොල්ලට හොඳටම ගහලා කොල්ල ඉදිරිපිට කෙල්ලට කරදර කරලා තියනවා.. පොලිසියට කිව්වොත් මරනවා කියලා. බයකරලා.. ගෙදර දැනගනීවි කියලා ලජ්ජාවට බයට පොලිසිවලට යන්නේ නැහැ. ඊට පස්ෙස් පොලිසි උසාවි ගානේ කථාව කියන්න ගියාම තව කීපාරක් දූෂණය වනවාද..

කලින් නම් පිටින් ආපු කුඩුකාරයෝ සෙල්ලම් දැම්මා.. කපල් බයකරලා කප්පම් ගත්තා.. චේන්…. ඔරලෝසු කැඩුව… පොකට් සුද්දකරා.. දැන්නම් අඩුයි. ප්‍රදේශවාසීන් කීපදෙනෙකු මා සමඟ එසේ කීවේ කනගාටුවෙනි. අපිට කරන්න දෙයක් නැහැ. අහක යන නයි ද‌ාගන්න අපිට බැහැ.. ඒත් අශෝභන විදිහට හැසිරෙන මත්පැන් – මත්ද්‍රව්‍ය බීලා පිස්සු නටන අය අල්ලනවා නම් ලොකු දෙයක්..
මේ පිළිබඳව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද විල්ලෝරා ආරච්චි මහතා කීවේ අකුරළ කහව වෙරළ තීරයේ විටින්විට පොලිස් ජංගම සංචාර යොද‌ා අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණ ජෝඩු පොලිසියට ගෙනැවිත් අවවාදකොට මාපියන්ට බාර දුන් බවයි.

‘‘අපිත් අපිට පුළුවන් හැමවෙලාවකම ​ෙහායා බලනවා..’’ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

අම්බලන්ගොඩ
හේමන්ත ද සිල්වා

‍ෆොටෝ ගැලවිල්ල

ගිය ආණ්ඩුවත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු රතු රටක තානාපති කන්තෝරුවෙ බිත්තියෙ හිටපු ලොකු තැනගෙ පින්තූරයක් ලොකුවට ගහලා තිබුණා...

වරක් ඔය කන්තෝරුවට ගිය ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් ඒ ගැන තානාපති අංශෙන් ප්‍රශ්න කළාම තානාපති අංසෙ ලොක්කො කිව්වෙ ආණ්ඩු වෙනස් වුණාට අපේ මිත්‍රයො අමතක වෙන්නෙත් නැහැ වෙනස් වෙන්නෙත් නැහැ කියලයි.
ඒත් මේ ඊයෙ පෙරේදා හිටපු ගමන් ඒ රතු තානාපති කන්තෝරුවෙ තිබුණ හිටපු ලොකු තැනගෙ පින්තූරෙ අයින් කරන්න කියලා නියෝග ලැබිලා කියලා ආරංචියි.

ඒ නියෝගය ආවෙ එයාලගෙ කන්තෝරුවෙ ඉහළින්මලු. ඒකට හේතුව හරියට දන්නෙ නැතත් ඒකාබද්දෙ සමහරු අපේ අල්ලපු රට එක්ක දැඩි පයිරුපාසනමක් ගොඩනගාගෙනය කියලා සමහරැ ගතු කියපු නිසා මේ තීන්දුව ගත්ත බවත් කියනවා..

deshaya

අලුත් පුහුණුකරු මහේල

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද වාර්තා වුණා.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

ඈතින් වැටෙන ඉදිකටුවක හඩ පවා ඇසෙන, ලොව ජීවත්වන අවසන් “නින්ජා” මෙන්න | VIDEO

නින්ජා සටන් කලාව සහ නින්ජාවරුන් යනු ලෝකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත් ජපන් සාම්ප්‍රදායික ශිල්පයක්!

එම නින්ජා සටන් කලාව නිසි ලෙස ප්‍රගුණ කල අවසන් සටන්කරු හෙවත් ජිනිචි කවචාමි පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තියෙනවා.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්.

එහා කාමරයේ ලී පොලවක් මතට වැටෙන ඉඳිකටුවක හඬ පවා ඇසිය හැකි මට්ටමේ අධි සංවේධී ශ්‍රවණ ශක්තියක් හිමි මෙම පුද්ගලයා වයස අවුරුදු 06 සිට බෞද්ධ ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ නින්ජා වරයෙකු වීම සඳහා පුහුණුව ලබා ඇත්තේ.

අවි ආ‍යුධ 20කට වඩා ඉතා දක්ෂ ලෙස හැසිරිය හැකි කවචාමිට පුද්ගලයෙකු ඝාතනය කර සිරුර කොටස් වලට වෙන් කිරීමට ගතවන්නේ ඉතා සුළු කාලයක්.

නමුත් ඔහු තමුන්ගෙන් පසුව මෙම ශිල්පය කිසිවෙකුටවත් උගැන්වීමට කටයුතු නොකරන බවයි වාර්තා වන්නේ. එයට හේතුව වී ඇත්තේ වර්ථමාන ලෝකයට එය නොගැලෙපෙන බවට ඔහු තුළ වූ මතයයි.



මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් අද රහස් පොලිසියට පැමිණිල්ලක්

ඉකුත් රජය සමයේ තමන් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය පිළිබද නිසි පරීක්ෂණයක් සිදුකිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

ඒ පෙරවරු 9 ටයි.

පසුගිය රජය සමයේ (2009 වසරේ ජුනි පලමුවනදා) සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් බරපතළ ලෙස පහර දී මාර්ගයක් අයිනේ දමා ගොස් තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය ඔහු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවා ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය නුගේගොඩ මිරිහාන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලබාදී තිබුණා.

ඉන්පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පෝද්දල ජයන්ත මහතාට ඊ මේල් මඟින් දන්වා යවා ඇත්තේ තමන් පැහැරගත් වාහනයේ අංකය සහ අනෙකුත් දන්නා තොරතුරු වහාම යොමුකරන ලෙසයි.

ඊට පිළිතුරු ලෙස පෝද්දල ජයන්ත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දන්වා එවා ඇත්තේ පැහැරගත් වාහනයේ අංකය දන්නේ නම් මීට පෙර තම මාධ්‍ය සගයන් ඊට අදාළ සැකකරුවන් සොයා ගනු ඇති බවයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ එම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මේ සිද්ධියට ද සම්බන්ධදැයි සැකයක් මතුවීම හේතුවෙන් පෝද්දල ජයන්ත මහතා මෙම ලිපිය යොමුකර තිබුණා.

ඒ අනුවයි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ.

මේ සදහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක්ද අද එක්වනවා.

උතුරු කොරියාවේ සිරවූ ඇමෙරිකානු තරුණයා මරුට

 උතුරු කොරියාව තුළ මාස 15කට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ ඇමෙරිකානු සිසුවා යළි සිය නිවෙසට පැමිණ සතියකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔට්ටෝ වෝම්බියර් නමැති 22 හැවිරිදි තරුණයාට උතුරු කොරියානු හෝටලයකින් ප්‍රචාරක සලකුණක් සොරාගත්තේ යැයි පවසා බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඬුවමකට යටත් කර තිබේ.

කෙසේ වෙතත්, මානුෂීය හේතූන් මත යැයි පවසමින් ඔහු පසුගියදා යළි ඇමෙරිකාවට එවීමට කටයුතු කළ අතර, ඒ වනවිට වසරක පමණ කාලයක සිට මෙම තරුණයා කෝමා තත්ත්වයකින් පසුවී ඇත.

ඔහු දරුණු වද බන්ධනයකට ලක්කළ බව උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළද, මෙම තරුණයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ බන්ධනාගාර ගතව සිටියදී මොහුට අතිශය දරුණු වද බන්ධනයන්ට මෙන්ම සැලසුම්වලට යටත්වීමට සිදුව ඇති බවයි.

යළි ඇමෙරිකාවට පැමිණෙන අවස්ථවේදී ඔහුගේ හිසට බරපතල හානියක් සිදුව තිබී ඇති අතර, එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලිතාවක් නොතිබුණි.

සඳුදා සවස 2.20 ට පමණ තම පවුලේ ඥාතීන් ඉදිරියේදී ඔට්ටෝ තරුණයා සිය දෙනෙත් පියාගෙන ඇති අතර, යළි නිවසට පැමිණියද ඔහු කතා කිරීමට නොහැකි තත්ත්වයක පසුවී තිබේ. එමෙන්ම, ඔහුගේ පෙනීමද නොතිබූ බවත්, හඬ සංඥාවලට ප්‍රතිචාර දැක්වීමටද නොහැකිව සිටි බවත් පවුලේ ඥාතීහු පවසති.

2015 දෙසැම්බර් 30 වැනිදා ඔහු සංචාරයක් සඳහා බීජිං සිට ප්යොන්ග්යැන් වෙත පියාසර කර තිබූ අතර, 2016 ජනවාරි 02 වැනිදා ප්යොන්ග්යැන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබුණි.

2016 මාර්තු 16 වැනිදා ඔහුට එරෙහිව පැවති නඩු විභාගයෙන් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක්වූ මෙම තරුණයා ඒ අතරතුර කෝමා තත්ත්වයට පත්ව තිබුණි.

2017 ජූනි මුලදී ඔහුගේ තත්ත්වය පිළිබඳ ඇමෙරිකානු බලධාරීන්ට මෙන්ම ඔහුගේ ඥාතීන්ට උතුරු කොරියාව දන්වා ඇති අතර, පසුගිය 13 වැනිදා මානුෂීය හේතු මත යැයි පවසමින් මෙම තරුණයාට යළි ඇමෙරිකාවට පැමිණීමට අවසරය ලබාදී තිබුණි.

ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් හිමිකර ගනියි

දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි 20ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය ඉන්දියාවේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් විසින් හිමිකරගෙන තිබේ.

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරිත්වය ශාරුක් ඛාන් ලබාගෙන තිබේ. ශාරුක් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයද දරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ කණ්ඩායම්, හිමිකරුවන් හා ප්‍රධාන ක්‍රීඩකයන් ලන්ඩනයේදී එළි දැක්වීය.

ශාරුක්ට අමතරව දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ජී.එම්.ආර්. සමාගමද දකුණු අප්‍රිකානු විස්සයි20 ලීග තරගාවලියේ කණ්ඩායමක හිමිකාරිත්වය ලබාගෙන තිබේ. කාගිසෝ රබාඩා ප්‍රධාන ක්‍රීඩකයා වශයෙන් පත්ව ඇති ජොහැන්නස්බර්ග් කණ්ඩායමේ හිමිකාරිත්වය මෙසේ ජී.එම්.ආර්. සමාගම ලබාගෙන තිබේ.

ඊට අමතරව පාකිස්තාන සුපර් ලීගයේ කණ්ඩායම්හි හිමිකරුවන් වන ෆාවඩ් රානා (ඩර්බන්), ජාවෙඩ් අෆ්රිඩී (බෙනෝනි) යන කණ්ඩායම් හිමිකරගෙන තිබේ.

ඉතිරි කණ්ඩායම් ඩුබායි, (පෝරට් එළිසබෙත්) හොංකොං (බ්ලොම්ෆොන්ටීන්) හා දකුණු අප්‍රිකනු  ව්‍යාපාරිකයන් (ප්‍රෙටෝරියා හා ස්ටෙල්ලෙන්බෝෂ්) හිමිකරගෙන තිබේ.

ක්‍රීඩකයන් 400ක් පමණ තරගාවලියට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහි ක්‍රීඩකයන් තෝරා ගැනීම අගෝස්තු මාසයේදි පැවැත්වීමට නියමිතය.

බැදුම්කර නිකුතුව ගැන විගණකාධිපතිගෙන් අලුත් හෙළිදරව්වක්

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඍජු තැන්පත් ක්‍රමය තාවකාලිකව නැවැත්වීම නිසා රජයට පාඩුවක් සිදුවී ඇති බව විගනකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් ඊයේ (19) සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ එම පාඩුවට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකුවේ නිලධාරීන් වගකිව යුතු බවයි.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර දේශීය ණය කළමනාකරණ කමිටුව රැස්වී නොතිබූ නිසා වෙන්දේසියේදී ලබා ගන්නා මුදල රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තීරණය කර තිබූ බවයි විගනකාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම ලේඛන විවිධ බලපෑම් නිසා තම වාර්තාවට ඇතුළත් නොකළ බව ද ඔහු කියා සිටියා.

අලුත් මුදල් ඇමති වාහනවලට බදු සහනයක් දෙයි

2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබෙනවා.

නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර ඇත.

මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

ජලජ ජීවීන් ගැන නාරා ආයතනය පරීක්ෂණයක

වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී මුහුදෙන් වැලි ලබා ගන්නා නිසා එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා පර්යේෂණ. සිදු කිරීමේ කාර්යභාරය නාරා ආයතනය විසින් සිදු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 63ක මුදලක් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

විශේෂයෙන් වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් උතුරට හා කිලෝමීටර් 10ක් දකුණටත් වු මුහුදු කලාපය තුළ මෙම පර්යේෂණ කටයුතු නාරා ආයතනයේ විශේෂඥයින් විසින් සිදු කරන අතර, එම කටයුතු සිදු කිරීමට වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 63ක මුදලක් ලබා දී ඇත.

වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී ධීවර ප්‍රජාවට කිසියම් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.

බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය විසින් ධීවර අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඉන් රුපියල් මිලියන 150ක් ධීවර සංවිධාන 54කට බෙදා දීමට කටයුතු කර ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 350 ධිවර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කිරීමට සැලසුම් කර තිබේ.

නාරා ආයතනය මගින් සාගර සම්පත් පිළිබඳ සමීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරිමටත්, නාරා ආයතනය විසින් ලබා දෙන වාර්තාවන් සැළකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරිය විසින් සෙසු සාමාජිකයින්හට දැනුම් දෙනු ලැබී තිබිණ.

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි - මහල් නිවාසවලටත් අළුත් නීති

කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ තැන් තැන්වල කැළි කසළ එක් රැස් වීමට ජනතාව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

කොළඹ නගරයේ ඇති මහල් නිවාස සංකීර්නවල කැලි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද මෙහිදී ප්‍රකාහ කෙරුණා.

මේ අතර, කොළඹ නගරයේ තැන් තැන්වල කැළි කසළ එක් රැස් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට තරයේ අවවාද කර ඇතැයි ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

දින 03ක් ඇතුළත් කොළඹ නගරයේ ගොඩ ගැසී ඇති කැළි කසළ ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට නියෝග කළ බවයි එහි දැක්වුණේ.

ජැක්සන් ඇන්තනීගේ පුද්ගලික ආයතනය මුදල් අමාත්‍යංශය යටතට?


මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.