26 May 2017

උතුරේ පෙරපාසැල් නිල ඇදුමට හමුදා ලාංචන



ජායාරූපය: යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලාංචනය සහිත නිල ඇදුම.

උතුරු පළාතෙහි  ආරක්ෂක  අංශ විසින් පවතවා ගෙන යන  පෙරපාසැල් තුරුවර ගුරුවරියනට ලබා දෙන නිල ඇදුමට දැන් යුද හමුදා සිවිල් ආරක්ෂක බලකායේ ලාංචනයද ඇතුළත් කොට තිබේ.

මේබව පෙන්වන ජායාරූප ග්ලෝබල් ටැමිල් නෙට් නම් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එය කොලඹ සිට පවත්වා ගෙන යන වෙබ් අඩවියකි.

යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පෙරපාසල් 163 ක් කිලිනාච්චි දිස්ත්‍රික්කයේද 97 ක් මුලතිව් දිස්ත්‍රික්කයේද 6 ක් යාපනය දිස්ත්‍රික්කයේද පිහිටුවා ඇතැයි ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම පෙර පාසැල් පළාත් සභාව යටතට ගැනීමට නොහැකි වී ඇත්තේ මුල්‍යමය ප්‍රශ්ණ නිසා බව කියැවේ. එසේ නමුත් යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවට මෙම පෙර පාසැල් පවත්වා ගෙන යැමට අරමුදල් සපයන්නේ කොළඹ මධ්‍යම ආණ්ඩුවයි.

ලංකාවේ වෙනත් කිසිදු පළාතක යුද හමුදාව විසින් හෝ වෙනත් රජයේ ආයතනයක් විසින් හෝ  මෙළෙස පෙර පාසැල් පවත්වා ගෙන යන්නේ නැත.

මෙම වැඩ සටහන උතුරේ ජන ජිවිතය යුද කරණය කිරිමේ වැයමක් බවට දිගින් දිගටම චෝදනා එල්ල වුවද ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

Sri Lanka Brief

සක්විතිගෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ ඉංග්‍රීසි උගන්වන මීගමුව රෝහලේ දොස්තර



මීට වසර 10 කට පමණ පෙර මීගමුව රෝහලේදී රෝගී තරුණියක දූෂණය කර ජනේලයෙන් තල්ලු කර මරා දැමීමේ සිද්ධියකට වරද කරුවූ වෛද්‍ය සුදර්ශන බාලගේ මේ වනවිට වැලිකඩ සිරගෙදර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳියි.

ඔහු වැලිකඩ සිරකරුවන්ට ඉංග්‍රීසි ටියුෂන් පන්ති පවත්වන ප්‍රධාන ගුරුවරයා බවට පත්ව ඇතැ බවද වාර්තාවේ.

2007 වසරේ ලංකාවේ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ මෙම වෛද්‍යවරයාගේ දූෂණ සිද්ධිය හෙළිදරව් වූයේ රෝහලේ සාත්තු සේවිකාවක ලබාදුන් සාක්ෂියක් නිසාය.
2007 කාලයේ සීමාවාසික පුහුණුවේ යෙදුණ මෙම වෛද්‍යවරයා රෝහලේ රෝගියෙකු ලෙස ඇතුළත්ව සිටි රූමත් ඇඟළුම් සේවිකාවක කිසිවෙකු නොසිටි මීගමුව රෝහල් කාමරයක් ඇතුළේදී දූෂණය කර පසුව රහස එළිවේයැයි සිතා ඇයව ජනේලයෙන් තල්ලූ කර මරා දැමූ බවට චෝදනාවට ලක්වූ අතර ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවමද තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක්ද මීගමුව මහාධිකරණය පවරන ලද්දේ 2014 වසරේදීය.

තරුණිය සිහිනැති කොට ඝන කාඞ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක කියූවත් තමා එම සිද්ධියට සම්බන්ධ නැති බවට වෛද්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි.

වෛද්‍යවරයාගේ නේවාසික කාමරයට දකුණු පසින් මියගිය කාන්තාවගේ කෙස් රොදක් බිම වැටී තිබීමත් කාඩ්බෝඩ් අත්බෑග් හා ලේපැල්ලම් හමුවීමත් මත සාත්තු සේවිකාවගේ සාක්ෂිය ප්‍රබල විය.

‘මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006 සිට මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා. මම හෙදියක සමග විවාහ වී සිටියේ. මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා.සිද්ධිය දවසේ වෛද්‍ය ශිෂ්‍යයෙක් චමිලා සිතාරා කියන හයිපතයිරොයිඞ් රෝගයෙන් පෙළෙන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා.

විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් ඇය එතන සිටියේ නැහැ. මම නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගිය විට තමයි ඇය ජනේලෙකින් පැන මියගොස් ඇති බව දැනගත්තේ. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍යවරයෙක් අනේ  මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා..‘
ඔහු එදා පවසා තිබුණි.

චූදිත සීමාවාසික වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඞ්බෝඞ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත්‍රතා අංශයේ බියට්‍රිස් මහත්මිය ලබාදුන් සාක්ෂිය අවසානයේ අධිකරණයේදී ඔප්පුවී තිබුණි.

නඩුව දිගින් දිගටම 2007 සිට 2014 තෙක් වසර 7 ක් තිස්සේ ඇදී ගිය අතර ඔහුගේ විවාහයද ඒ අතර කෙළවර වී තිබුණි.
මේ වනවිට වැලිකඩ සිරගෙදර චැපල් වාට්ටුවේ කල්ගත කරන 45 හැවිරිදි වෛද්‍යවරයා සිය කාලයෙන් වැඩක් ගන්නා අදහසින් වැලිකඩ සිරගෙදර 30 දෙනෙකුට දිනපතා සවස ඉංග්‍රීසි ටියුෂන් ලබාදෙන බව පැවසේ.

ඔහුගෙන් ටියුෂන් ලබාගන්නට පැමිණෙන්නේ මරණ දඬුවම් චෝදනාවන්ට ලක්ව අභියාචනාවේ ඇප අයදුම් කර සිටින පිරිසකි.
මෙම ටියුෂන් පන්තියට තවත් සිරකරුවන් දෙදෙනෙකුද ගුරුවරු ලෙස එක්ව සිටින බව කියැවේ.

මින් ඉහත වැලිකඩ සිරගෙදර ඉංග්‍රීසි පන්ති පැවැත්වූ සක්විති රණසිංහ මේ වනවිට නිදහස ලබා පිටව ගොස් ඇති අතර ඒ වෙනුවට වෛද්‍ය සුදර්ශන ප්‍රධාන ගුරුවරයා ලෙස කටයුතු කරන බව වාර්තාවේ.

ලංකාවේ ජනප්‍රිය පිරිමි රූමතියට ආපු ලිංගික යෝජනා ගැන හෙළිදරව්වක් | PHOTOS



ශ්‍රී ලංකාවේ ද ලිංගික සංක්‍රාන්තියට පත් වූ බෝගො දෙනෙක් සිටිනවා. ඔවුන්ට සමාජයෙන් ඇතිවන ගැටලු ගැන ප්‍රසිද්ධියේ කතා කළ කෙනෙක් තමයි භූමි හරේන්ද්‍ර‍ කියන්නේ. ඇය ඒ නිසාම නිළියක්, ගායිකාවක් තරමටම ජනප්‍රිය වුණා. 

ඇය පසුගිය දිනක විවාහය ගැන සහ පෙම්වතුන් ගැන පවසා තිබෙනවා. මේ ඇය ඒ ගැන කියපු කතාව.

මම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ගියේ. මට කවදාවත් පෙම්වතියක් ඉදලා නැහැ. දන්න දවසේ ඉදලා මගේ හිතගියේ පිරිමි ළමයින්ට. පාසලේ හිටියා දක්ෂ ළමයෙක්. මුලින්ම හිත ගියේ එයාට. ඒක ආදරේකට වඩා ආකර්ෂණයක් කිවුවොත් හරි. මම එයාට කිවුවා මම ආදරේ කරනවා කියලා. ඒ යෝජනාව එයා ප්‍ර‍තික්ෂේප කළා. ඒවගේම ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.

මට දැන් පෙම්වතෙක් ඉනන්වා. අපි ආදරේ කරන්න අරන් මාස 08 ක් විතර ඇති. අපි හොද අවබෝධයක ඉන්නවා. එයා මට ආරේ කරන්නේ මගේ පෞරුෂයට කියලයි කිවුවේ. මේ මගේ තුන්වැනි පෙම්වතා. ප්‍ර‍ථම ප්‍රේමය අහිමි වෙද්දී නම් දුකක් දැණුනා. මමත් ආසයි විවාහ ජීවිතයක් ගත කරන්න. නමුත් ඒකට කාලයක් එයි. මොනා වෙයිද කියන්න දන්නේ නැහැ.

ආදරයට වඩා රාගයට ඇරයුම් ලැබෙනවා. ආදරයට වඩා රාගය දෙන්න, ඕන තරම් අය මගේ ළගට එනවා. කෙළින්ම වගේම ව්‍යංගයෙන් රාගයට ඇරයුම් ලැබෙනවා.

අශෝබන විදියට යෝජනා ගේන අයත් ඉන්නවා. යෝජනා කරන ස්වරූපය අනුව තමයි මමත් කතා කරන්නේ. සමහර අයට මම බනිනවා. සමහර අයට මම යෝජනා ප්‍ර‍තික්ෂේප කරන්නේ කරුණාවෙන්.









හදිසි තත්ත්වයක් යයි සලකා රාජ්‍ය සේවක නිවාඩු අවලංගු කරයි



අධික වර්ෂාව නිසා ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට. තීරණය කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (26) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ආපදා තත්ත්ව ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ද ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බවද අමාත්‍යවරයා එහිදි කීවේය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබූ රැස්වීමකින් අනතුරුව අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම කරුණු කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආපදා තත්ත්වය හේතුවෙන් සියලු චක්‍රලේඛ අවලංගු වූ බව සලකා කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ද ඕනෑම රාජ්‍ය නිලධාරියකුට සාමාන්‍ය නීති රීතිවලින් බැහැරව ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බව ද අමාත්‍යවරයා එහිදි කීවේය.

ආපදා තත්ත්වයක් හේතුවෙන් යම් නිලධාරියකුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව ද අමාත්‍යවරයා එහිදි කීය. ආපදා තත්ත්වලට මුහුණ දී සිටින ප්‍රදේශවල නිලධාරීන්ගේ යම් හිඟයක් ඇති නම් රජයේ ඕනෑම විශ්‍රාමික නිලධාරියකු සේවයේ යොදවා රාජකාරි කටයුතු ඉටු කිරීමට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම ආපදා තත්ත්වය හදිසි ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස සලකා ජනතාවට සහන සැලැසීම සඳහා සක්‍රීයව දායක වන ලෙස සියලු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද නිවාඩු අනුමත කිරීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන්ට හිමිවන බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.

ඉදිරි පැය 48දී මහා ගංවතුර අවධානමක්

ඉදිරි පැය 48 තුළදී දිවයිනේ සියලුම ගංඟා අවට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 ඒ අනුව ගංඟා ආශ්‍රිතව පදිංචි සියලුම පවුල්වලට තම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස රජය දැනුම් දෙයි.

ගංවතුර තර්ජනය ඇති සෑම ප්‍ර දේශයකම පාසල් වසා දමා එම ස්ථානයන්හි අවතැන් ජනතාවට ඉඩ ලබා දී ඇත.

තම්ල්නාඩුව කළඹමින් රැජිනිකාන්ත් මහ ඇමති සටනට



දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් එළඹෙන මැතිවරණයේදී නව පක්ෂයකින් තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟ කරන බවට වාර්තා වීමත් සමඟ දකුණු ඉන්දීය දේශපාලන වේදිකාව උණුසුම් වී ඇතැයි වාර්තා වේ.

රැජිනිකාන්ත් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වීමත් සමඟ එරට TMP පක්ෂයේ ක්‍රියාකාරීන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. TMP පක්ෂයේ සාමාජිකයින් විසින් රැජිනිකාන්ත්ගේ පඹයකු පුළුස්සා ඔහු දේශපාලනයට පිවිසීම ගැන දැඩි විරෝධයක් පල කර තිබේ. ඉන් ඇතැමෙක් රැජිනිකාන්ත්ගේ නිවෙසට ඇතුළුවීමටද තැත් කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 200 දෙනෙකු යෙදවීමට පියවර ගෙන තිබේ.

රැජිනිකාන්ත් කර්ණාටක ප්‍රාන්තයේ සිට තමිල්නාඩුවට පැමිණි පුද්ගලයෙකු බැවින් තමිල්නාඩු දේශපාලනයට එවැන්නකු අවශ්‍ය නොවන බව විරෝධතාකරුවෝ සඳහන් කරති.

කෙසේ වෙතත් දකුණු ඉන්දීය සිනමාවේත් රැජිනිකාන්ත් ලබා ඇති අධික ජනප්‍රියත්වයත් තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධුරය පිලිබඳ ඇති වී තිබෙන අර්බුධයත් හේතුවෙන් ඔහුට ඊළග මහඇමති වීමේ අවස්ථාවක් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi ට මාස 21 ක සිරදඬුවමක්



ක්‍රීඩා ලෝකයේ ඉතා ඉහළම කීර්තියක් සහිත පාපන්දු ක්‍රීඩකයන් කීප දෙනා අතරට ඇතුළත් වෙන ලියනොල් මෙසීට (Lionel Messi) එරෙහිව පහළ උසාවියක් දී තිබුණ මාස විසි එකක සිර දඬුවමක් ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආර්ජන්ටිනා ජාතික ලියොනල් මෙසී එවැනි සිර දඬුවමකට යටත් කරන ලද්දේ බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට ඇතුළත් නොවන වරදක් සම්බන්ධයෙන් පළමු වරට වරදකරුවන් කෙරෙන පුද්ගලයන්ට පිරිනැමෙන අධිකරණ සහනයක් යටතේ ලියොනල් මෙසීට එරෙහි සිර දඬුවම වසර දෙකක කාලයකට අත්හිටුවීමට ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

ඩොලර් හතළිස් ලක්ෂයක් පමණ බදු මුදල් ගෙවනු ලැබීම පැහැර හැර ඇතැයි පවසමින් ලියොනල් මෙසී සහ ඔහුගේ පියා ජෝර්ජ් ට එරෙහිව ඉදිරිපත් කොට තිබුණ පළමු චෝදනා ‘බාසිලෝනා’ නගරයේ උසාවියක් මගින් විභාග කරන ලද අතර ඔවුන් දෙදෙනා එම චෝදනාවට වැරදිකරුවන් වන බව එම අධිකරණයේ තීන්දුව විය.

ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලද්දේ එම පළමු අධිකරණ තීන්දුවයි.

ජනතාව බේරා ගැනීමට බෝට්ටු අවශ්‍ය නම් මේ අංක වලට කතා කරන්න



හදිසි ආපදා තත්ත්වය නිසා ගංවතුරට කොටු වී සිටින ජනතාව මුදාගැනීම සදහා අවශ්‍ය යාත්‍රා සැපයීමට  ධීවර අමාත්‍යාංශය විසින් මෙහෙයුම් කමිටුවක් පත් තිබේ.

ඒ අනුව ගංවතුරට කොටු වී සිටින ජනතාව ඉන් මුදා ගැනීමට අවශ්‍ය බෝට්ටු හා වෙනත් යාත්‍රා ලබාදීමට හා ඒවා සම්බන්ධීකරණය කිරීමට මෙම කමිටුව පත් කර තිබේ

බෝට්ටු හා යාත්‍රා අවශ්‍ය නම් ඒ පිළිබඳව,
එච්. එම්. පාලිත මහතා – අධ්‍යක්ෂ – දුරකථන අංක – 0716453402
එම්. මාර්කස් මහතා – අධ්‍යක්ෂ – දුරකතන අංක – 0774652278
අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතු සදහා කපිල ජනක බණ්ඩාර මහතා – ජ්‍යෙ. සහකාර ලේකම් – 0773410575

දකුණු පිලිපීනයේ ත්‍රස්තයන් මැඬලීමට හෙලිකොප්ටර්



දකුණුදිග පිලිපීනයේ මරාවි නගරයේ කොටසක බලය අත්පත් කරගෙන සිටින ඉස්ලාම් රාජ්‍යයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් මැඬලීම සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල සහායද ලබාගෙන තිබේ.

එරට හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ නගරයේ සිටින 30 - 40ත් අතර ත්‍රස්තයන් පිළිබඳ විමසිලිමත් වීම සඳහා මෙසේ හෙලිකොප්ටර් යානාවලද සහාය ලබාගන්නා බවයි.

එම පළාතේදී ප්‍රධාන තස්ත නායකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පිලිපීන හමුදා ඇරඹූ මෙහෙයුමක් සමග මෙම සටන දුරදිග ගිය අතර, මෙම සටන්කාමීන් බොහෝ පිරිසක් ප්‍රාණ ඇපයටද ගෙන තිබේ. එමෙන්ම, බන්ධනාගාරගතව සිටින පිරිස් නිදහස් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.

මේ සමගම මෙම පළාත අත්හැර දහස් ගණන් සාමාන්‍ය ජනතාව නගරයෙන් පිටතට යන බවද විදෙස් වාරතා පෙන්වා දෙයි. මෙම මරාවි නගරය බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන නගරයක් ලෙසද සැලකෙයි.

අබු සියේෆ් ත්‍රස්ත කණ්ඩායම් නායක ස්නිලොන් හැපිලොන් අත්අඩංගුවට ගැනීමට පසුගිය අඟහරුවාදා සිදුකළ මෙහෙයුකම සමග මෙම ගැටුම් උත්සන්න වූ අතර, ඔහු ඇමෙරිකාවටද වඩාත් අතශවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔහු වෙනුවෙන් විශාල ලංසුවක්ද ඉදිරිපත් කර තිබුණි.

ජල ගැටළුවක් නම් අමතන්න



පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ජල නළ මාර්ග බිඳ වැටීම් හා පානීය ජල ප්‍රශ්න පිළිබඳ දැනුම්දීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට මාතර, තංගල්ල සහ ඉංගිරිය - රත්නපුර මාර්ගයේ ඇතැම් ස්ථානවල ජල නළ පද්ධතිය බිඳවැටී ඇති බවට වාර්තා වී ඇති අතර එසේ ජල ගැටලු පවතින ප්‍රදේශවල ජනතාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරසිංහ  077 7 724 360, සහකාර ලේකම් එෆ්.එෆ්. දේවරාජ 077 7 891 332 හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රදීප් ලක්ෂාන්  071 4 532 222 මහත්වරුන්ට දුරකථන ඇමතුම් ලබාදීමෙන් ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ආපදා මරණ ගණන 70 ව ඉක්මවයි


ඇතිව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 37 දෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මිය ගිය සංඛ්‍යාව 28ක්.

ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයින් 70ක් පමණ අතුරුදන්න ඇතැයිද, 50000ක් පමණ අවතැන්ව ඇතැයි වාර්තා වනවා.