21 June 2017

රාජපක්ෂ යුගයේ කෝටි ගනන් ඉපැයුවන් කිහිපදෙනෙකු රනිල් වික්‍රමසිංහලාගේ ගෙදර විස්කි අල්ලයි

පසුගිය සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය 5 වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට යාබද අගමැතිවරයාගේ මහගෙදර උපන්දින සාදයක් පැවත්විනි. ඒ අගමැති සොහුයුරු චන්න වික්‍රමසිංහගේ උපන් දිනය වෙනුවෙනි.

මෙම උපන් දින උත්සවයට අගමැතිවරයාගේ මෙන්ම ඔහුගේ සොහොයුරුගේ ලගම හිත්වතුන් 50-60 දෙනෙකුට පමණ ආරාධනා කොට තිබු අතර වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සටනේ සුප්‍රසිද්ධ චරිතය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිත්වත් මිත්‍රයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ නොයෙකුත් ක‍්‍රම හරහා කෝටිපතියෙකු වූ මාධ්‍ය ආයතන ගනනාවක් හිමි ව්‍යාපාරිකයෙක් අගමැතිවරයාගේ සියලු පැරණි මිතුරන් පරදවා වීදුරවක් ඉවර වෙන්න වීදුරුවක් මධුවිත පිලිගන්වට යෑමෙන් පැමිණි සිටි බොහෝ දෙනෙකු දැඩි කලකිරීමට පත්ව සිටියේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉතා හිතවත්ව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සියලුම විදේශ සංචාරයන්ට සහභාගි වූ තවත් දෙදෙනකු එම උපන් දින සාදයට සහභාගි වී සිටි අතර එයින් එක් පුද්ගලයකු ප්‍රසිද්ධ වන්නේ ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගමක් ලංකාවට ගෙන එන බව පවසමින් කුලියාපිටියේ රජයේ මහාභාරකරු සතු ඉඩමක් ලබාගැනීම සම්බන්ධවයි.

lankacnews

විජේවීරට නිවෙසක් හදන්න කියා පින්තූර ගසා ජවිපෙ මුදල් කොල්ල කෑ අයුරු බිරිඳ හෙළි කරයි | VIDEO

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව චිත්‍රාංගණී විජේවීර මහත්මිය පවසයි. නිර්ධන පංතියේ විමුක්ති අරගලය මතින් ගොඩනැඟුණු ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයා ඉහළ ධනේශ්වර පංතිය සමඟ රජ මඟුල් කද්දී එම පක්ෂය නිර්මාණය කළ නිර්මාතෘවරයාගේ ජීවතුන් වෙනුවෙන් හිසට වහලක් වත් නොමැත. අනුරලා එවැනි ලෝකයක ජීවත්වෙද්දී ජවිපෙ සිහින කථාවන්ට රැවටුනු සමහරක් තවමත් කැට සොලවමින් සා දුකින් පෙළෙන උන් නැඟිටන දිනයක් ගැන සිහින දකිති.

-උපුටනය-

“වසරක් පාසා ලක්ෂ ගණන් පෝස්ටර් ගසමින් ආතල් මල්ලිලා නංගිලා පෙරටු කර ගනිමින් චේ සමරන ජවිපේ වර්මාතන නායකත්වය ප්‍රචාරක වාසියට පමණක් ඉල් මහා විරු සැමරුම් දේශනයක් තබා නොකර බැරි කමට විජේවීරයන් සැමරුව ද, ඇත්තටම විජේවීරයන්ගේ දරු පවුල ගැන ජවිපේ ආස්ථානය කෙබඳුදැයි මේ වීඩියෝව නරඹන කෙනෙකුට වටහා ගත හැක.

අනුරලාගේ පුතාලා, නිහාල් ගලප්පත්තිගේ දුවා දරුවන් වගේම අනෙකුත් නායකයන්ගේ දුවා දරුවන්ට අවශ්‍ය පහසුකම් සපයන ජවිපෙට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් අමතක වූයේ කෙසේද ?

අද වනවිට ඔවුන් වසර 27ක් තිස්සේ අප්‍රමාණ දුක් කන්දරාවකට මැදිවී නාවික හමුදා බාරයේ දිවි ගෙවයි. නිවාස අඩස්සියේ මෙන් මේ ගෙවන ජීවිතයේ ප්‍රතිඵල ලෙස ඔවුන් ඉතාමත් මානසික අවුලකට ද ඇද වැටී ඇත. පසු ගිය දිනෙක තොරතුරු වාර්ථා වූ පරිදි ඔවුන්ට නාවික කඳවුරෙන් යන්නට ද සිදුවී ඇත. නමුත් ඔවුන්ට යාමට තැනක් නැත.

විජේවීර සහෝදරයාගේ දරු පවුල සඳහා නිවසක් ලබා දීමට කෝටියකට වැඩි මුදලක් එකතුව තිබූ බව සෝමවංශ අමරසිංහ සහෝදරයා මිය යන්නට පෙර පවසා තිබුණි.

එසේ නම් එම මුදල් දැන් ඇත්තේ කා ලඟද..?

එම මුදල් වර්තමාන නායකයන් විසින් තම සුඛ විහරණය සඳහා යොදා නොගන්නවා යැයි මේ සිදුවන දෑ අනුව කිසිදු විශ්වාසයක් තබා ගැනීමට නො හැකි ය.

ජවිපෙ නායකයාට ම මෙසේ සලකන ඊනියා විප්ලවවාදී ජවිපේ නායකයන් පසු පස යන අනුගාමිකයන් කල්පනා කළ යුතු යමක් ඇතැයි මට සිතේ. නායකයාටම මෙහෙම නම් ඔබට හෙට දවසේ කෙසේ විය හැකි ද?

දැන්වත් විජේවීරයන් නමින් එකතු කර ඇති අනුරලා විසින් කොල්ලකන ලද මුදලින් අසරණ තත්ත්වයට පත්වී සිටින ඔබ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ට සාධාරණය ඉටු කිරීමට ඔබගේ මැදිහත්වීම නොකරන්නේ නම් ඔබලා තරම් දුර්ජනයන් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.”

-උපුටනය අවසන්-

තමන්ට නිවසක් සදාදීම සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබුණු රුපියක් කෝටියක මුදල් තමන් වෙත ලබා නොදුන්බව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ආදරණීය බිරිද චිත්‍රාංගණී විජේවීර මහත්මිය අනාවරණය කරයි.



ලොතරැයි මණ්ඩල ගැසට් නිවේදනයේ නීතිමය දෝෂ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය හෙළිදරව් කරයි

නීතියට පටහැනිව ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිලිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කනස්සල්ලට පත් ව සිටියි. ජාතික ලොතරැයි මණ්ඩලය නීතියට අනුකුලව මුදල් අමාත්‍යංශය යටතට පත් කර නැවත එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්, මෙම ව්‍යාකුල තත්වය නිරවුල් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

1963 වර්ෂයේ සම්මත වූ මුදල් පනතින් ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපනය කෙරෙන අතර, එම පනත 1997 හා 1998 යන වර්ෂයන් හි සංශෝධනයට ලක් විය. මෙම පනත යටතේ අමාත්‍යවරයා ලෙස නිර්වචනය කර ඇත්තේ මුදල් විෂය භාර අමාත්‍යවරයායි.

අමාත්‍යවරුන් පත් කිරීමට හා විෂයන් වෙන් කිරීමට තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාමය බලය උපයෝගී කරගනිමින් අතිගරු ජනාධිපතිතුමා මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පිහිටුවා ඇති අතර, මුදල් හා මාධ්‍ය ඇමති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පත් කරන ලදී. මේ තුලින් ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ කර ඇත.

එබැවින් පවතින නිතිය යටතේ, එනම් මුදල් පනතේ නිර්වචනයන් පරිදි, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් හා මාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාගේ අධීක්ෂණය යටතට පත් කල යුතුයි. නමුත් නීතියේ ප්‍රතිපාදන උල්ලංගනය කරමින්, එම ආයතනය විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණය යටතට පත් කර ඇත.

මෙම ව්‍යාකුල තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, මුදල් අමාත්‍යවරයා හැර වෙන කිසිඳු අමාත්‍යවරයෙක්ට ලොතරැයි විෂය පැවරීමට නීතිමය පදනමක් නොමැති බවත්, එසේ පත්කිරීමක් සිදු වුවහොත්, මුදල් පනත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුවේ අරමුණු උල්ලංඝනය වන බවත්ය.

ජාතික ලොතරැයි මණ්ඩලය නැවතත් මුදල් අමත්‍යංශයේ අධීක්ෂණය යටතට පත් කරමින් මෙම තත්වය නිරවුල් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින අතර, එම පියවර ගැනීමෙන්, අමාත්‍යවරුන් රාජ්‍ය ආයතන තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ භුක්ති විඳන බවට ජනතාව අතර මතුවී තිබෙන මතය දුරු කළ හැකි වනු ඇත .

2015 වසරේ මුල් භාගයේදී මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා විසින් විධිමත් ජාතික ප්‍රතිපත්ති ව්‍යාපාරය යටතේ ආණ්ඩුව ස්ථාපිත කල යුතු අමාත්‍යංශ හා එම අමාත්‍යංශ යටතේ පැවැත්විය යුතු ආයතන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කල බව, මෙම අවස්ථාවේ සිහි කල යුතුයි. මෙම අනුශාසනය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෙවැනි දෝෂ නිවැරදි කිරීම ජනාධිපතිතුමාගේ වගකීමකි. අදාල පනතේ ප්‍රතිපාදන යටතේ, ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතට පත් කල ගැසට් නිවේදනය නැවත සංශෝධනය කිරීමෙන් මෙම ව්‍යාකුල තත්වය නිරවුල් කල හැකියි

ඉන්දීය ක්‍රිකට් දෙදරයි - අහංකාර පුහුණුකරුට කෝලිගෙන් දැඩි චෝදනා

ඉන්දීය කණ්ඩායම පකිස්ථානය හමුවේ චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයෙන් පරාජය වීමත් සමඟින් ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ අනිල් කුම්බ්ලේ ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ මෙම තීරණයට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය නායක විරාත් කෝලි වන අතර තරඟ පරාජයෙන් පසුව ඔහු විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අනිල් කුම්බ්ලේට විවිධ චෝදනා රැසක් එල්ලකර තිබෙනවා.

තමන් සමඟින් කණ්ඩායමේ කටයුතු කරන විට පුහුණුකරු වන අනිල් කුම්බ්ලේ ගන්නා හිතුවක්කාර හා අහංකාර තීරණ පිළිබඳව ක්‍රීඩකයින් ඔහුට පැමිණිලි කර ඇති බව කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව කුම්බ්ලේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර තමන් පිළිබඳව ක්‍රීඩකයින් තුල ඇති වැරදි මතය පිළිබඳව ඔහු කණගාටු වන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය නිවැරදි කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවත් කුම්බ්ලේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

Audi Q2 දැන් ශ‍්‍රී ලංකාවේ

ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි වේ.

ජවය, බලය හා කඩවසම් බව මනාව එක්තැන් කළ Audi Q2  ඕනෑම ආකාරයේ මාවතක් සිත් සේ තරණය කිරීමේ හැකියාවෙන් යුත් රථයකි. නාගරික තදබදය මැද දිනපතා ධාවනයට මෙන්ම විවේකයේ දුර ඈත මංමාවත් වල හා ගිරිදුර්ග වල ධාවනයටද Audi Q2 සූදනමින් සිටී. අද කාලයේ රුචිකත්වයන්ට ගැළපෙන අතිනවීන සැලසුම් රටාවන්ගෙන් හැඩවී ඇති Audi Q2 මේ අපූර්ව හැඩතල ඔස්සේ මන බඳින ක‍්‍රීඩාශීලී පෙනුමක් හිමිකරගෙන ඇත.

Audi Q2 රථයේ ඇතුළත 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස මනා සුවපහසුවකින් හා ඉඩපහසුවකින් යුක්ත ය. රථයේ බාහිර සැලැස්මේ අලංකාර ආනතීන්ට ගැළපෙන ලෙස මෙහි ඇතුළතද නිමවා තිබේ. රියදුරු අසුනේ පිහිටීම Sports කාණ්ඩයේ රථයකට සමාන වන අතරම SUV කාණ්ඩයේ රථවලට ආවේණික වන පරිදි හාත්පස ඉතා පැහැදිලිව දිස්වන ආකාරයට ස්ථානගත වී තිබේ. බඩු රැගෙන යාම සඳහා ලීටර 405 ක ඉඩකඩක් මෙන්ම ආසන එකින් එක වෙනවෙනම පහත්කර වැඩි ඉඩකඩක් නිර්මාණය කරගැනීමේ හැකියාවද මෙහි පවතී.

Turbocharged එන්ජිමකින් සමන්විත Audi Q2 SUV රථය බර හැකිතාක් අවම වන තාක්ෂණයක් භාවිතයෙන් නිමවා ඇති නිසා වැඩි වේගයක් ලබාගැනීමේ හැකියාව ඊට ඇත. එහි එන්ජිම නිපදවා ඇත්තේ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලැබෙන පරිද්දෙනි. එමෙන්ම එහි වේග 7 ස්වයංක‍්‍රීය ද්විත්ව-ක්ලච් ගියර පද්ධතියට ඇසිපිය හෙළන සැණින් ගියර මාරු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම එහි ‘Progressive Steering’ විශේෂාංගයද අඩංගු වී ඇත.

‘‘Audi Q2 රථය ඉතාමත් සුවිශේෂී රථයක්. අලංකාර ඇතුළත සහ පිටත නිමාව, බලවත් එහෙත් කාර්යක්ෂම එන්ජිම, බඩු ගෙනයාම සඳහා ඇති විශාල ඉඩකඩ සහ ඇතුළත ඉඩපහසුව වැනි සාධක නිසා මෙය එදිනෙදා පාවිච්චියට වගේම රළු මාවතේ විනෝද වීමටත් ඉතාමත් සුදුසු රථයක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම එය අද දවසේ වෘත්තිකයන්ගේ සහ පවුල්වල ජීවන විලාසිතාවන් මනාව පිළිබිඹු කරන සංකේතයක් ලෙසත් සලකන්නට පුළුවන්. ජර්මානු තාක්ෂණය සමග නවීනතම විශේෂාංග රැුසක් අඩංගු රථයක් මිලදීගැනීමට සිහින දකින පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හඳුන්වා දීමේ මිලකට Audi Q2 රථය ලබාදෙන්නට අප දැනට කටයුතු යොදා තිබෙනවා.” Audi Sri Lanka සමාගමේ අධ්‍යක්ෂ රජීව් ෆර්නෑන්ඩු  මහතා පැවසී ය.

0112555557 සහ 0777539000 දුරකථන අංකවලින් හෝ අංක 03, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 05 යන ස්ථානයේ පිහිටි Audi ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණීමෙන් පාරිභෝගිකයන්ට Audi Q2 රථය ගැන වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.

Audi, Ducati සහ Lamborghini සන්නාම හිමි Audi සමූහය ලොව ඉහළ තලයේ මෝටර් රථවාහන සහ මෝටර් සයිකල් නිපදවන ප‍්‍රමුඛ පෙළේ සමාගමකි. එම සමාගමේ නිෂ්පාදන මේ වනවිට රටවල් 100 කට අධික සංඛ්‍යාවක් වෙත ව්‍යාප්ත වී තිබේ. 2015 වසරේදී එම සමාගම ආසන්න වශයෙන් Audi රථවාහන මිලියන 1.8 ක්, Lamborghini මෝටර් රථ 3,245 ක් සහ Ducati මෝටර් සයිකල් 54,800 ක් අලෙවි කර තිබේ. මෝටර් රථ නිෂ්පාදනයේ අනාගතය වෙනුවෙන් නව නිෂ්පාදන හා තිරසාර තාක්ෂණයන් බිහිකිරීම සඳහා Audi සමාගම ඇපකැප වී සිටී.

පෘථිවියට සමාන ග්‍රහලෝක 10ක් සොයාගැනේ

සෞරග්‍රහ මණ්ඩයෙන් වෙන් වූ නව ග්‍රහලෝකයන් 219ක් සොයාගැනීමට නාසා ආයතනය සමත් වී ඇති බව ඔවුන් (19) නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම ග්‍රහලෝකයන්ගෙන් 10ක්ම ප්‍රථිවියට සමාන ලක්ෂණ වලින් දිස්වන බවත් එවා බොහෝ දුරට මනුෂ්‍ය වාසයට සුදසු ඒවා බවත් නාසා ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙප්ලර් දුරෙක්ෂය මඟින් මෙම සොයාගැනීම සිදුකර ඇති අතර නාසා ආයතනය විසින් මෙම නව ග්‍රහලෝකයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

ආලෝක වර්ෂ දසදහස් ගණනකට ඈතීන් සූර්යාට සමාන තවත් තාරකාවන් සොයායන නාසා ආයතන විසින් කළ මෙම සොයාගැනීම ඉදිරියේදී විශ්වයේ අප තනිව නොසිටින බවට ප්‍රබල සාක්ෂි සපයනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.

‘කොලෙස්ටරෝල්’ පාලනයට නව එන්නතක් නිපදවේ

හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින ‘කොලෙස්ටරෝල්’ ප්‍රමාණය පාලනයකර තබාගත හැකි නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ සමත්ව තිබෙන බව වාර්තා වේ.

මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී අතර එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතී. ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ.

රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලන මෙම නව එන්නත නිපදවනු ලැබ ඇත්තේ හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් විසිනි. හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබා දීමෙන් දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගත හැකිය. නව එන්නත කෙතරම් කාර්යක්‍ෂම ද යන වග සහ එමගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි පසු බලපෑම් නිශ්චිතව ම දැන ගැනීම සඳහා තව වසර කිහිපයක් ගතවිය හැකි බව විද්‍යාඥයෝ පවසති.

මෙම එන්නත මගින් සිදු කෙරෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීනය විනාශ කිරීම සඳහා සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කිරීමය. ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් වර්ගය නිපදවෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීන වර්ගයෙනි.

නව එන්නත මීයන්ට ලබා දීමෙන් මාස 12ක් ඇතුළත LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 50%කින් අඩු වී ඇති අතර රුධිර නාල තුළ මේදය තැන්පත්වීම ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් පෙන්නුම් කර ඇත.

කෙසේ නමුත් මෙම නව එන්නත රෝහල්වලට සහ වෙළඳ පළට නිකුත්වීම සඳහා තව වසර හයක්වත් ගතවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

කැබිනට් රැස්වීමට දුරකථන ගෙන ඒම ජනපති තහනම් කරයි

කැබිනට් මණ්ඩල රැස්වීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ජංගම දුරකතන රැගෙනඒම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමු කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ (20) පැවති කැබිනට් රැස්විම අවසානයේ ජනාධිපතිවරයා විසින් ඊට සහභාගි වු සියළු දෙනාගෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබ තිබෙනවා.

මේ අතර තොරතුරු පනත යටතේ ඇතැම් පිරිස් කැබිනට් මණ්ඩල රැස්වීමේ තොරතුරු අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා.

එහිදි අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එවැනි තොරතුරු අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය ගන්නා තීරණ අදාළ අමාත්‍යාංශයට දැනුම්දීමෙන් පසු එහි ලේකම්වරයා හරහා ඒවා ලබාගත හැකි බවයි.

ආපදාවට ලක්වූ උසස් පෙළ සිසුන්ට සරසවි යෑමට අවස්ථා 04 ක්

පසුගිය දිනවල දිවයිනේ ඇතිවූ ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4 ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම සිසුන්ට උසස් පෙළ විභාගයට අවස්ථා 4 කදී වුවද පෙනී සිට සුදුසුකම් ලබා විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය හැකි බව සඳහන් වේ. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ගැනීමට උසස් පෙළ විභාගය අවස්ථා තුනකට නොවැඩි වාර ගණනකට පමණක් පෙනී සිටීම අනිවාර්ය වේ.

අන්තරේ අද කොළඹ වටලයි

අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවයක් අද(21) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කලද රජය නිහඩ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් අද කොළඹට රැස්වී විරෝධතාවය දැක්වීමට නියමිතව ඇත.

සරසවි සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගනිමින් ක්‍රියාත්මක ණය ජාවාරමක්

සරසවි සිසුන් ඉලක්ක කර ගනිමින් ගෙන යමින් පවතින ණය ජාවාරමක් නතර කරන ලෙස චීන ආණ්ඩුව අන්තර්ජාල ණය දෙන්නන්ට නියෝග කර ඇකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීන ආණ්ඩුවේ නියෝගය නිකුත් කෙරුණේ එම ණයදීමේ ව්‍යාපාරය තුළ අනුමත කළ නොහැකි අප්‍රසන්න පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුවෙන බවට චෝදනා එල්ල වීමෙන් පසුවයි. චීනයේ මුල්පෙළේ ණයදෙන බැංකු පුද්ගල ණය සැපයුම් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ පටන් අන්තර්ජාලය ඔස්සේ ණය සැපයුම මෑත අවුරුදුවල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

ඇතැම් අන්තර්ජාල ණය දෙන්නන් සිසුන්ට ණයමුදල් සැපයීමේ දී ඉතා අධික පොලී අනුපාතයන් සඳහා එකඟව ණය ගිවිසුම් අත්සන් තබන මෙන් ශිෂ්‍යයන්ට බලපෑම් කරන අතරම තර්ජනය කිරීම් පවා වාර්තා වී ඇත. ණය ඉල්ලා ඉදිරිපත් වූ සිය ගණනක් තරුණ ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාව සහතික කෙරෙන හැඳුනුම්පත් සඳහා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සපයන ලෙස බළකොට ඇති අතර ලබාගත් ණය ආපසු ගෙවීමට එම ශිෂ්‍යාවන් අසමත් වුනොත් එම පින්තූර ඔවුන්ගේ දෙමව්පියන්ට යවන බවට අනතුරු අඟවා ඇත.

එසේ ලබාගත් සීයකට අධික තරුණ ශිෂ්‍යාවන්ගේ නිරුවත් ඡායාරූප සහ ඔවුන්ගේ තොරතුරු පසුගිය දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට කාන්දු වී තිබුණි. චීන භාෂාවෙන් වෑන් ඩායි (wang dai) යන වචනයෙන් හඳුන්වනු ලබන මේ ණය ව්‍යාපාරය යටතේ අන්තර්ජාලය හෝ ජංගම දුරකතන ‘ඇප්ස්’ (phone apps) මගින් කුඩා ප්‍රමාණයේ ණය දෙන ආගන්තුක ව්‍යාපාරිකයන් කණ්ඩායමක් කරළියට පැමිණ සිටිති.

චීනයේ බැංකු, අධ්‍යාපන සහ සමාජ සුරක්ෂිතභාවය භාර බලධාරීන් නියෝගයක් නිකුත් කරමින්, අධි පොලී සහිත ණය සැපයුම සරසවි සිසුන්ගේ ආරක්ෂාවට බරපතළ හානි සිදු කරන බව පවසමින් එකී අන්තර්ජාල ණය දෙන්නන්ට එරෙහිව පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙයි.

එවැනි ණය දෙන්නන් කොපමණ සංඛ්‍යාවක් චීනයේ සිටින්නේද යන්න නිවැරදිව කිව නොහැකි නමුත් එවැනි ව්‍යාපෘතීන් 500 ක් පමණ ලැයිස්තුගත කරනු ලැබ ඇත. මෑත අවුරුදුවල ඇතැම් ණය දෙන්නන් සහ “ණය මෝරුන්” සරසවි සිසුන් ඔවුන්ගේ ඉලක්ක බවට පත්කර ගත් අතර එහි ප්‍රතිවිපාකය වුණේ සිසුන් ගෙවාගත නොහැකි ණය චක්‍රයක සිරවීමයි.

කසළ ගැටළුව පසුගිය ආණ්ඩුවේ සිට එන්නක්

කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි විසඳුම් ලබාදුන්නේ නම් වර්තමානයේ තත්ත්වය මෙතරම් බරපතළ නොවනු ඇති බවයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.