14 June 2017

සුසන්තිකා නැවත දේශපාලනයට - සබරගමුවෙන් ඡන්දෙ ඉල්ලන කටකතා

මේ දිනවල ආර්ථික ප්‍රශ්න නිසා පදක්කම වෙන්දේසි කරන බවට ගෝරනාඩු කරන මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ දිගින් දිගටම විපක්ෂයට අයත් දේශපාලන නාලිකා වල පෙරළිකාර කතාපවත්වමින් සිටින්නේ ඇගේ
අනාගත දේශපාලන ඉලක්කයකන් වෙනුවෙන් බවට කතාපැතිර පවතී.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවසන් වරට ප්‍රකාශකර සිටියේ ඇයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් 60000ක මුදලකුත්,ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් 75000ක මුදලකුත් එකතුව රුපියල් 135000ක මුදලක් ලබාදෙන බව වන නමුත් ඇය එවැන්නක් ලැබෙන බව හෝ නොලැබෙන බව පැහැදිලිව නොකියා පදක්කම වෙන්දේසි කරන බව කියා සිටී.

එසේම ඇයට ලැබුණ ලන්සුව යයි වරෙක මිලියන 25ක් ද තවත් වරෙක කෝටි 25 ක්ද ලෙස ඇය කතා කරන්නේ කිසියම් දේශපාලන අවශ්‍යතාවයක් මගින් මෙහෙයවන කරුනු ඔස්සේ බවට ආරංචි පැතිර තිබේ.
ඇයව දේශපාලන පක්ෂයක් විසින් දේශපාලනය රැගෙන ඒමේ උත්සහයක් වෙනුවෙන් ඇයගේ මෙම කැපී පෙනෙන ප්‍රචාරය අවියක් ලෙස භාවිත කරන බවද වාර්තාවෙයි.

මීළඟ පළාත්සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්ෂිකාව ලෙස ගෙනඒමට උත්සාහයක් පවතින බවට දේශපාලන වෙබ් අඩවියකින් හෙළි කර තිබුණි.

කොළඹ කැත කරන අය අල්ලන්න වෙනම හමුදාවක්

කොළඹ නගර බල සීමාව තුල හෙට (15) රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර කියා සිටිනවා.

කොළඹ මහා නගර සභාව, යුද හමුදාව සහ පොලිසිය සමඟ ඒකාබද්ධ වී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ පරිසරය අපවිත්‍ර කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට බවයි ඔහු කියා සිටියේ.

කොළඹ නගර සීමාව තුළ ඇති මාර්ග වලට කැලි කසල ගෙනත් දැමූ කිහිප දෙනෙකු ඊයේ (13) රාත්‍රියේ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට කොළඹ නගරය තුල දිනකට කසළ මෙට්‍රික් ටොන් 800ක් පමණ බැහැර කරන බවයි වාර්තා වන්නේ.

2016දී ශ්‍රී ලංකන් පාඩුව මිලියන 2200

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේදී රුපියල් මිලියන 2200ක පාඩුවක් ලබා තිබෙන නිසා සහ එහි සිදුවන අනවශ්‍ය  බඳවාගැනීම්, නිරන්තර පාඩු ලැබීම පිළිබඳ ප්‍රශ්න කිරීමට සමාගමේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

වසර ගණනක් තිස්සේ පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යහපාලන රජය පත්වීමෙන් පසුව පසුගිය මාස 30 ක කාලය තුළදී සේවකයන් 1200ක් පමණ බඳවාගෙන තිබෙන බව මෙහිදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව විෂය භාර අමාත්‍යවරයා ලබාදෙන නියෝග හා උපදෙස් පිළිනොපදිමින් සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවටද චෝදනා එල්ල වනවා.

මෙම තොරතුරුවලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය කණ්ඩායම් දෙකක් ලෙස කටයුතු කරන බවටද කැබිනට් මණ්ඩලයට වාර්තා වී තිබෙන අතර, මේ නිසා තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් සමාගම අර්බුදයට ලක්වීමට පෙර ඒ පිළිබඳ වහාම කරුණු සොයාබැලීමටද එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමටද ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍ය ඊයේ එළියට දාපු අමුතු උපදෙස් මාලාව - ත්‍රස්තවාදී තර්ජන ගැනත් සඳහන් කරලා

ශ්‍රී ලංකා තුළ ත්‍රස්තවාදි තර්ජනය ඉවත දැමිය නොහැකි බව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ඔවුන් නිතිපතා ලබාදෙන උපදෙස් මාලාවේ මේ බව සඳහන් වනවා.

එහි නවතම යාවත්කාලීන කිරීම ඊයේ (13) සිදුකර තිබෙනවා. ත්‍රස්තවාදය, ආරක්ෂාව, දේශීය නීතිය, රටට ඇතුළුවීමේ නීතිය, සෞඛ්‍ය, ස්වාභාවික ආපදා, මුදල් හා සංචාරක උපදෙස් යටතේ මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ.

2009 වසරේදී ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළත් ඇතැම් ප්‍රදේශවලට තවමත් ඉහළ ආරක්ෂාවක් සපයා ඇති බවත් එවැනි ප්‍රදේශවලට මෙන්ම අධි ආරක්ෂිත කලාප වලට ඇතුළු නොවන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය උපදෙස් දෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ බොහෝ විට එංගලන්ත සංචාරකයන්ට ගැටලුවකින් තොරව සංචාරය කළ හැකි නමුත් ලිංගික හිංසනය, මාර්ග අනතුරු, ජලයේ ගිලීම් හා ණය කාඩ්පත් වංචා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු රෝගයේ අවධානමක් තිබෙන බවත් මෝසම් වැසි ඇති විය හැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඔවුන් එංගලන්ත සංචාරකයන් ඉල්ලා සිටි.

එසේම එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ලෝකය පුරාම ත්‍රස්තවාදී අවධානමක් පවතින බවත් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් මහ කොමසාරිස් කාර්යල පවසනවා.

ලන්ඩන් ගින්නෙන් ශ්‍රී ලංකිකයන්ට හානියක් නැහැ - LIVE COVERAGE

බටහිර ලන්ඩනයේ මහල් 27ක ගොඩනැගිල්ලක හට ගත් ගින්නට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හානියක් සිදුව නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගු සදහන් කළේ ගින්නට හසුවූ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකිකයින් සිටින බවට මේ වනතෙක් වාර්තා වී නොමැති බවයි.

ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම හට ගත් මෙම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, එහි නිවාස 120 ක් පමණ පිහිටා තිබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

Watch : LIVE COVERAGE

රාමදාන් මාසයේදී රටවල් අටකට පහර දෙන්නැයි ඉල්ලයි

ඉස්ලාමීය බැතිමතුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා ඇත.

මෙම පණිවිඩය දත්ත බවට හරවමින් අයි.එස් සංවිධානයේ නාලිකාවක් ඔස්සේ බෙදාහැර තිබෙන අතර හඬ පටය ඔස්සේ මෙම පණිවිඩය ලබා දී ඇත්තේ අයි.එස් සංවිධානයේ නිල ප්‍රකාශක අබි අල් හසන් අල් මුජහීර් යැයි ද පැවසේ.

කෙසේ නමුත් හඬ පටය කාගේද යන්න හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය. එහෙත් එම හඬ මීට පෙර අබි අල් හසන් අල් මුජහීර්ගේ හඬින් නිකුත් කළ හඬ පටයක් හා සමාන බව වාර්තා වෙයි.

“මම ගැබ් ගත්ත වෙලාවේ, මාව උස්සල පොළවේ ගැහුව.” – ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව | VIDEO


ෂෆා (ඇගේ සැබෑ නම නොවේ) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කරනු ලැබූ ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

“මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

“ඒක දැනගත්ත අම්මල මාව මගේ මාමාගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ නිවසට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය. අධ්‍යාපනය හමාරයේ සිය ප්‍රේමවන්තයා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය.

ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති.

එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහවිය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

“ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

දරු ගැබ අහිමිවෙයි

අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

“කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

කළ හැකි කිසිවක් නොවූයෙන් ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව
එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

“බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

“එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

 “මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”
ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

‘ගණිකාවක්’

“පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

ෂෆා එය ප්‍රතික්ෂේප කළාය. එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

“‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

“ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

“දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි.

සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.
සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

“දුවගේ එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

සෑම වසරකම, ෂෆා වැනි ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙති.

මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහලගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මිසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා ට 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. එහෙත් තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

“ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්
රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

ජමියතුල් උලමා සහ තව්හීද් ජමාආත් සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස යෝජනා ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

තව්හීද් ජමාආත් ප්‍රතිචාරය

මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීද් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

“ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

“ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

“මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”
“විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

“සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

ක්‍රියාධාරිනියන්ට තර්ජන

එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද මේ ආයතනය සරණ වෙයි.

“ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්
“මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

“මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

‘ස්ත්‍රී දූෂණයක්’

මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

“ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි
“ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

“කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

සැමියාගේ වද බන්ධන සහ ගමේ වැඩිහිටි සමාජයෙන්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

“ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මට වැටහිණ.

විඩීයෝව මෙතනින් බලන්න..









ඔබ නිල් චිත්‍රපට බැලුවට ඒවා හදන හැති දැකලා තිබුනද? | VIDEO


ඔබ නිල් චිත්‍රපට බැලුවට ඒවා හදන හැති දැකලා තිබුනද වැඩිහිටියන් විතරක් නරබන්න. මෙන්න බලන්නකො චිත්‍රපට නිපදවන හැටි නිලිය කොච්චරනම් දුක් විදිනවාද කියලා. සල්ලි වලට මිනිස්සු කරන වැඩ දැක්කම ඔබට මොනද හිතෙන්නෙ බලන්නකො.






ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කරපු හරිම ගාන මෙන්න

පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව වාර්තා වනවා.

ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.

රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක් වන එම මුදල අදාළ අරමුදලට බැරකළ බවට වන ලිපියක්ද කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කළේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විජේසේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව හිමිවන්නේ නැහැ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද සිය මන්ත්‍රී වැටුප ආපදා සහන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔවුන් රතු තරුව වැඩසටහන ක්‍රියාත්මක කරමින් ආපදා ඇති වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට ඉකුත් දිනවලදී කටයුතු යොදා තිබුණා.

අයි. එස් තොප්පිය ඉරානයෙන් ඇමරිකාවට දමයි

අයි.එස්. සංවිධානය ඇමරිකාවේ නිර්මාණයක් බවත්, එය පෝෂණය කිරීමට ඇමරිකාව මෙන්ම සෞදි අරාබිය ද දායක වන බවත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි පවසනවා.

මැදපෙරදිග අස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ඇමරිකාව අයි.එස්. සංවිධානය යොදා ගන්නා බවට ද ඔහු චෝදනා කළා.

මේ නිසා ඇමරිකාව අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් කිරීම හුදෙක් ප්‍රලාපයක් බවයි ඉරාන නායකයා වැඩිදුරටත් සඳහන් කළේ.

1979 ඉරාන විප්ලවයෙන් පසු ඇමරිකාව සහ ඉරානය අතර සබඳතා බිද වැටුණු අතර, මධ්‍යස්ථ මතධාරීන් එම සබඳතා යළි ගොඩ නැගීමේ උත්සාහයක නිරත වුණා.

එහෙත් ආධ්‍යාත්මික නායක අයතුල්ලා ඛමේනිගේ අනුගාමිකයන් දරන්නේ දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක්.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පිළිකාවට පිළියමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලයිකන අන්තර්ගතයේ වර්ධනය වන එන්ඩොලයිකන දිලීරවල පිළිකා නාශක ගුණයක් පවතින බව සොයාගෙන තිබේ.

2006 වර්ෂයේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමග සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඖෂධීය ගුණ සහිත ජෛව සක්‍රීය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථම වරට සොයාගනු ලැබුවේද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසිනි.

ලයිකන විශේෂ වෙන වෙනම එකතු කර ඒවා නැවත කෘත්‍රිම මාධ්‍යවල වර්ධනය කර එමගින් එන්ඩොලයිකන දිලීර වෙන්කර පර්යේෂණ සිදුකෙරේ. ඇල්ගියක් සහ දිලීරයක් එකතු වී සාදන සහජීවනය තුළින් ලයිකනයක් සෑදෙන අතර, එහි පටක තුළ නිදහසේ ජීවත් වන දිලීරය එන්ඩොලයිකන දිලීර ලෙස හඳුන්වයි. ලයිකන යනු ශාක කඳක්, ගල් පර්වත ආදී ස්ථානවල හටගන්නා ජීවී කොට්ඨාසයකි.

පිළිකාකාරක සෛල විනාශ කිරීමට හැකියාවක් ඇති සංයෝග මෙම එන්ඩොලයිකන දිලීරවල ඇති බව හඳුනාගෙන ඇති අතර, ඒවා වැඩිදියුණු කර ඒවායෙහි යාන්ත්‍රණය සෙවීමටද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය බලාපොරොත්තුවෙන් සිටියි.

වසර 02ක් පුරා මෙම පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර, දිලීර 300කට අධික ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත්, ඉදිරියේදී ඖෂධයක් මට්ටමට වැඩිදියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදුකරන බවත් මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය පවසා සිටියාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ ආචාර්ය සමීර සමරකෝන්, ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේණුකා අත්තනායක යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණ කටයුතු සඳහා දායකත්වය ලබාදී තිබේ.

ජනපති ඇතුළු නායකයන්ට සොහොනක හූනියමක් කරලා

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි  හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත‍්‍රයා වන තුසිත ගුණරත්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක නීතිඥ, අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත‍්‍රිකාවේ දක්නට ලැබුණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයෙකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත‍්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබුණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප‍්‍රසිද්ධියට පත් වූ ඉන්දීය අගමැති නරෙන්ද්‍ර සිං මෝදි මහතා පැළඳි ජැකට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇද ඇති ආකාරය දකින්නට ලැබේ.




lakbima

කෝටි 13ක රජයේ දේපල කොල්ල කෑ මහින්දගේ කුප්‍රකට කපිතාන් බන්ධනාගාරයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජය‍ට‍ රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍යාමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (13) නියෝග කළාය.

මෙම සැකකරු මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කර එම කාලය තුළ රජයේ විවිධ කටයුතුවලට සම්බන්ධ වී අයථා මුදල් ගනුදෙනුවලටද සම්බන්ධව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

පෙරේදා (12) මෙම සැකකරු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්නකර පසුව ඊයේ (13) දිනයේද කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහි දී සැකකරුව ලබන 27වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ.

බංගලාදේශයේ නායයෑමෙන් 107 ක් මියයති


පසුගිය දින කිහිපය තුළ ඇදවැටුණු අධික වැසි හේතුවෙන් බංගලාදේශයේ ගිණිකොණදිග ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නාය ගොස් 107ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර යුද භටයන් පස්දෙනකු සිටින බව බලධාරීහු පවසති.

රඟමති දිස්ත්‍රික්කයේ පමණක් 60දෙනකු නායයෑම් වලින් මියගොස් ඇති අතර නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇත. විදුලිය බිඳවැටී සන්නිවේදන සම්බන්ධතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවැරදි තොරතුරු වාර්තා නොවන බවත් අධික වර්ෂාව මැද වුවද බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බවත් බංගලාදේශ රාජ්‍ය මාධ්‍ය පවසයි.

බී බී සී පුවත් ඇසුරිණි

මැති ඇමති පවුලේ සාමාජිකයින්ගේ වත්කම් හෙලිකිරීමට නියමයක්

සෑම මන්ත්‍රීවරයකු මෙන්ම ඔහුගේ හෝ ඇයගේ ළඟම ඥාතීන්ගේද වත්කම් සහ මූල්‍ය තොරතුරු පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා වෙත ලබාදිය යුතු බවට වන රීතියක් නව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට ඇතුළත් කර තිඛෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පියා, මව, කාලාත්‍රයා සහ දරුවන් ඇතුළු පවු‍ලේ සාමාජිකයන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සබඳතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරුද මේ අනුව අනාවරණය කළ යුතුයි.
මන්ත්‍රීවරුන්ගේ මෙම තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා විසින් මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය නමින් ‍ලේඛනයක් පවත්වාගෙන යා යුතුවේ.

එකී ‍ලේඛනයේ යම් තොරතුරක් දැනගැනීමේ පනත යටතේ පිටස්තර පාර්ශ්වයකට ලබා ගැනීමටද හැකියාව පවතින බවද යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් කෙටුම්පතේ සඳහන්.

එම කෙටුම්පතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ‍ලේඛනය පවත්වාගෙන යාමේ රීතිය ගෙන එන අතර සෑම මන්ත්‍රීවරයකුම මෙම ‍ලේඛනය සම්පූර්ණ කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන මෙම චර්යා ධර්ම ඇතුළත් යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත ඉකුත් සතියේ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ අතර ඉදිරියේදී මෙය සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

– LAKBIMA

2016දී ලක්ෂ 6ක් HIV පරීක්ෂා කරලා

 මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පුද්ගලයන් ලක්ෂ 06ක් එච්.අයි.වී. රෝග පරීක්ෂාවන් සිදුකරගෙන ඇතැයි ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

මෙම පරීක්ෂාවන්තුළින් පරීක්ෂණ ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ රසායනාගාර තුළින් සිදුකර ගෙන ඇතැයිද එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ මෙම කාලය තුළදී එච්.අයි.වී. රෝගපරීක්ෂාව සිදුකර ගෙන තිබුණේ පුද්ගලයන් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් බවත්, මේ අනුව සිදුකරන දැනුවත් කිරීම්වලට අනුව රෝග පරීක්ෂාවන් සිදුකරගැනීමට ජනතාව පෙළඹී සිටින බවත් ඔහු පවසා සිටියේය.

වෛරසය මුල් අවස්ථාවේදී හඳුනාගතහොත් රෝගය පාලනය කරගැනීමට හැකියාව තිබෙන බවත්, මේ නිසා යම් හෝ සැකයක් පවතීනම් ළගම පිහිටි ප්‍රධාන රෝහලට ගොස් හෝ පෞද්ගලික අංශයේ පර්යේෂණාගාරයකට ගොස් අදාළ පරීක්ෂාව සිදුකරගන්නා ලෙසද වෛද්‍ය සිසිර ලියනගේ මහතා ඉල්ලා සිටියි.

මෙම කාලය තුළ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එච්.අයි.වී. වෛරසය වැලඳුණු 120ක් හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.

විදේශගතව සිට පැමිණෙන අය මෙම රෝග පරීක්ෂාව සිදුකර ගැනීමට උනන්දු විය යුතු බවත්, එවැනි උනන්දුවක් දක්නට නොමැති බවද පවසා සිටියේය.

මුහුදු කොල්ලකරුවන්ගේ කතා ගැන ඔබ නොදත් සියල්ල මෙන්න


සාමාන්‍යයෙන් ඉතින් මුහුදු කොල්ලකාරයෙක්ය කිව්ව ගමන් ඔළුවට එන්නේ අර පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පිචර් එකේ ජැක් ස්පැරෝ ලොක්කවනේ. හැබැයි ඉතින් ඊට වඩා පොඩ්ඩක් අතීත මුහුදු කොල්ලකාරයෝ ගැන විස්තර හොයන්න ඇම්මක් තියෙන ඈයෝ දන්නවා ඉස්සර හිටපු බ්ලැක් බියර්ඩ් හෙවත් කළු ‍රැවුලා හෙවත් එඩ්වඩ් ටීච්, විලියම් කිඩ්, බ්ලැක් බාට් හෙවත් බර්තොලමියු රොබට්ස්, ඇනා බොනී, සර් හෙන්රි මෝගන් වගේ ලෝක ප්‍රකට භයානක මුහුදු කොල්ලකාරයෝ ගැන. ඇත්තටම කැරිබියානු මුහුදු කොල්ලකාරයින්ගේ ස්වර්ණමය යුගය සෑහෙන්න පොත් පත් වලට, ‍ෆිල්ම් වලට එහෙම පාදක වෙලාත් තියෙනවා. මතකයිනේ ජෝන් සිල්වර් හිටපු ට්‍රෙෂර් අයිලන්ඩ්? එතකොට රොබින්සන් කෘසෝ?

හැබැයි ඔය අපි ආස කරපු විදියේ මුහුදු කොල්ලකාරයෝ අභාවයට ගියත්, අද වෙනකොටත් ලෝකේ ප්‍රධාන අප්‍රධාන මුහුදු මාර්ග වල ඉඳලා නැව් වලට පහර දෙන මුහුදු කොල්ලකාරයෝ ඉන්නවා කියන එක නං කියන්නම වෙනවා. මේ කතා කරන්න යන්නේ වර්තමාන මුහුදු කොල්ලකාරයෝ ගැන කතා කීපයක්. හරියටම කියනවා නං ලෝකේ ප්‍රධාන මාතෘකාවක් වුණු සෝමාලි මුහුදු කොල්ලකාරයෝ ගැන.

1. නිතරම ලංකාවේත් අහන්න ලැබුණා

අපිට ඊයේ පෙරේදා සෑහෙන්න මුහුදු කොල්ලකරුවෝ ගැන අහන්න ලැබුණා. ඒ පහුගිය මාසේ 14 වෙනිදා ‘ඒරීස් 13’ කියන නැව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෝ 8 දෙනෙකුන් එක්ක සෝමාලියානු මුහුදු කොල්ලකාරයෝ පැහැර ගැනීමත් එක්ක. මේ සාමාජිකයින්ව පණ පිටින් බේරලා එවන්න නං ඩොලර් ලක්ෂ 50ක කප්පමකුත් ඉල්ලලා තිබුණා. දැන් හිතාගන්න පුලුවන්නේ කොහොමද මේ වර්තමාන ලෝකේ මුහුදු කොල්ලකෑම් ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි ගැලවීමේ හමුදා සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවකුත් වෙලා, ප්‍රාණ ඇපකාරයෙක් ලංකාවේ ඉන්න නෑදෑයන්ට කතා කරලා වෙඩි තියන එක නවත්තන්න ලංකාවේ රජයට මැදිහත් වෙන්න කියලත් කිව්වා. හැබැයි දින දෙකකට පස්සේ හදිසියේම කාටවත් අනතුරක් කරන්නෙත් නැතුව, සල්ලි ඉල්ලන්නෙත් නැතුව ප්‍රාණ ඇපකාරයින්ව නිදහස් කරන්න සෝමාලි මුහුදු කොල්ලකරුවෝ කටයුතු කරනවා.

2. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ආරම්භය

සෝමාලියාව කියන්නේ දශක ගණනාවක් තිස්සේ සිවිල් යුද්ධ සහ තවත් බොහෝමයක් අර්බුද එක්ක දැඩි ලෙසින් පීඩා විඳින රටක්. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක සෝමාලියාවේ මධ්‍යම රජය බිඳ වැ‍ටුනට පස්සේ සෝමාලි නාවික හමුදාවත් විසුරුවා හැරෙනවා. ඒ කියන්නේ සෝමාලියානු මුහුදු තීරයට කිසිම ආරක්ෂාවක් නැතුව යනවා. දැන් මේ ප්‍රශ්නෙන් සෑහෙන්න පීඩා විඳින්නේ සෝමාලි ජාතික ධීවරයෝ තමයි. ඇයි ඉතින් පේනවනේ හැම රටකම මුහුදු ධීවර කර්මාන්තයට තියෙන ගේම්. පොඩ්ඩක් ඇත්තං ජාත්‍යන්තර සීමා පැනලා අනුන්ගේ ඒරියල් එකක මාළු ටික අල්ලගෙන යන්න තමයි කොයි රටේ ධීවර සෙට් එකත් ට්‍රයි එක දෙන්නේ. ඉතින් සෝමාලි නාවික හමුදාව නැති වුනහම මෙහෙම නීති විරෝධීව මාළු අල්ලන විදේශික ධීවර ගැන්සි වලට සෝමාලි මුහුදු තීරය රජ මගුල් සක්වලක් වුනා. ඒ විතරක් නෙවෙයි. කිසිම ආරක්ෂාවක් නැති සෝමාලි මුහුදු තීරය කසල කලාපයක් විදියටත් පාවිච්චි කරන්න පටන් ගැනුනා. ඒ කියන්නේ ඔය ලොකු නැව් සමාගම් වල නැව් වලින් පවා විෂ අපද්‍රව්‍ය මුදාහරින්න මේ සෝමාලි මුහුදු තීරය යොදාගත්තේ නාවික හමුදාවකින් ආරක්ෂාවක් නැති නිසා තමා. අන්තිමට මේ ප්‍රශ්නේ විසඳාගන්න දුප්පත් සෝමාලි ධීවරයින්ට වෙන ක්‍රමයක් තිබුණෙ නෑ, ආයුධ අතට ගන්නවා ඇරෙන්න. ඒ වගේම ගැන්සි හදාගන්නත් වුනා මේ ධීවරයින්ට.

හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ ආයුධ සන්නද්ධ ධීවර ගැන්සි තේරුම් ගන්නවා හොරෙන් මාළු අල්ලන්න එන ජාවාරම්කාරයෝ එක්ක හැප්පිලා මාලු අල්ලනවට වඩා මුහුදු කොල්ල කන එක මාරම ප්‍රො‍ෆිට් තියෙන වැඩක් කියලා. ආන්න එතනින් තමයි වැඩේ පටන් ගන්නේ. පස්සෙ පස්සෙ ඔය හිටපු හමුදාකාරයෝ විතරක් නෙවෙයි සමාගම් එහෙමත් සෝමාලි මුහුදු කොල්ලකාරයින්ට අරමුදල් ලබාදීලා, කොල්ල කෑම් වල ලාබේ බෙදාගන්න පටන් ගත්තා.

3. සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගේ වැඩ කිඩ


ඇත්තටම දුප්පත් සෝමාලි ධීවරයින්ගේ අතට ආයුධ දීලා සන්නද්ධ කරන්න කටයුතු කරන්නේත් හිටපු රජයේ සෝමාලි යුධ හමුදා නිලධාරියෝ තමයි. හැබැයි එහෙම කරන්නේ නරකක් හිතලා නෙවෙයි, සෝමාලි ධීවරයින්ව ‍රැක ගන්න. හැබැයි ටික කාලයක් යනකොට වැඩේ වෙනම පැත්තකට හැරෙනවා.

මුලින් මුලින් හොරාට සෝමාලි මුහුදු තීරයට ඇතුලු වෙන ධීවර යාත්‍රා අල්ලගෙන, ඒවල අල්ලලා තියෙන මාලු ඔක්කොම තමන්ගේ අයිතියට අරගෙන අනවසර ධීවරයින්ව පලවා හරින එක තමයි කරන්න ගත්තේ. පස්සේ සෝමාලි මුහුදු කොල්ලකාරයෝ තේරුම් ගන්නවා වැඩේ තවත් ලාබයි කියලා මේ හොරෙන් එන ධීවර යාත්‍රා වල ධීවරයින්ව අල්ලගෙන කප්පම් ඉල්ලන ගේමට බැස්සනං. හැබැයි තව අවුරුදු ගාණක් යනකොට සෝමාලි මුහුදු කොල්ලකාරයින්ගේ ශක්තිය වැඩිවෙනවා විතරක් නෙවෙයි, සෝමාලියානු මුහුදු තීරය හරහා යන වාණිජ නැව් වලින් වගේම මගී නැව් වලිනුත් කප්පම් ගන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට වෙන්නේ නැවකට ගහලා අල්ලගෙන අරන් යනවා රහසිගත සෝමාලි වරායකට. ඉන් පස්සේ ඒ සමාගම් වලින් හරි රටවල් වලින් හරි කප්පම් ඉල්ලනවා නැව නිදහස් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ නැව් සඟවන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වීම නිසා විකල්පය වෙන්නේ කප්පම දීලා බේරෙන එක තමයි. මේ අවුරුදු ගණනාව ඇතුළතදී මෙහෙම සෝමාලි කොල්ලකරුවෝ පහර දුන්නු නැව් ප්‍රමාණය සෑහෙන්න විශාලයි.







දිස්ත්‍රික්ක පහක චන්ද්‍රිකා ඡායාරූපගත කිරීම් අවසන්

 2021 වසරේ පැවැත්වීමට නියමිත ජන හා නිවාස සංගණනය මූලික කරගෙන ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක පහක චන්ද්‍රිකා ඡායාරූපගතකිරීම් අවසන් කර තිබේ.

ගම්පහ, කුරුණෑගල, මොනරාගල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මේ ආකාරයට චන්ද්‍රිකා ඡායාරූපගතකිරීම් අවසන් වී තිබෙන අතර,රත්නපුර දිස්ත්‍රික්කයේ 17%ක්ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ 25%ක්ද වශයෙන් එම කටයුතු සිදුකර තිබේ.

කළුතර,ගම්පහ,කුරුණෑගල,බදුල්ල යන දිස්ත්‍රික්කවල සිතියම් භූ විද්‍යාත්මක සැසඳීම් (Geo referencing)කටයුතු අවසන් කර තිබෙන බවත්,මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස04ක සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස05ක සිතියම් භූ විද්‍යාත්මක සැසඳීම් (Geo referencing)කටයුතු අවසන් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලයට හා ග්‍රාම නිලධාරීන්ගේ භාවිතයට අවශ්‍ය උපදෙස් අත්පොත් සකස් කර  තිබෙන බවත්, සංගණන සිතියම් සකස්කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල කේෂ්ත්‍ර පරීක්ෂාව සිදුකර තිබෙන බවත්ය.

කෙහෙළිය ලක්ෂ 2ක දුරකතන බිලක් රාජ්‍ය මුදලින් ගෙවලා

 හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවැරීය.

ඒ ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී ඔහුට රුපියල් 40000ක දුරකතන දීමනාවක් පවතින අවස්ථාවකදී  රුපියල් ලක්ෂ 2කට අධික දුරකතන බිලක් රජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව හරහා පියවා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි.

එම බිල ගෙවිම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ කළමණාකරුට බල කර ඇතැයිද අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාති ජයම්පති බණ්ඩාර මහතාට එරෙහිවද අල්ලස් කොමිස නඩු පැවැරීය. එඒ ඔහුගේ නවාතැන් දීමනාව ලෙස රුපියල් හත් කෝටි තිස් හතර ලක්ෂක් ගෙවීමට මුද්‍රණ සංස්ථාවේ මුදල් කළමනාකාරවරය පෙළඹවීම යන චෝදනාවටය.

සිංහල බෞද්ධයකු ලෙස ඉපදීම ගැන ධර්මසිරි බණ්ඩාරනායක කම්පා වෙයි| VIDEO

මේ වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එල්ල වෙමින් පවතින ප්‍රහාර හේතුවෙන් රට දශක හතරකට පෙර පැවැති භීෂණකාරී තත්වයකට යළිත් වරක් අදවැටීමේ පසුබිමක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක අනතුරු අඟවයි.

රට යළි වරක් එවැනි තත්වයකට පත් වුවහොත් සමාජය මහා විනාශයකින් කෙළවර වන බවයි ඔහු පවසන්නේ.

වර්තමානයේ ඇමැතිවරුන් වශයෙන් කටයුතු කරන ඇතැම් අය පවා රටේ පෙර පැවැති තත්වයක් ඇති කිරීම සදහා යටින් කටයුතු කරන බව ඔහු පවසා සිටියේ ගගන හා සංවාදයකට එක්වෙමිනි.

වසර 30 ක් තිස්සේ පැවැති යුද්ධය ආරම්භ වීමට පෙර එවැනි තත්වයක් ඇතිවීමට යන බව කල්තියා හදුනාගෙන එය නැවැත්වීමට උත්සාහ ගත් පිරිස් ජාතිද්‍රෝහීන් හා කොටි හිතවාදීන් ලෙස හංවඩු ගැසුන බව ධර්මසිරි බණ්ඩාරනායක වැඩි දුරටත් පෙන්වා දෙයි.

බුදුන් වහන්සේගේ දර්ශනය පදනම් කරගත් ආගමක් පවතින රටක් මේ ආකාරයෙන් හැසිරෙන්නේදැයි ප්‍රශ්න කරන ඔහු අවධාරණය කර සිටින්නේ රටේ සෙසු ආගමිකයන් හිංසාවට පත් කරමින් රට බෞද්ධ සිංහල සාමාජයක් ලෙස හදුන්වන්නේ කුමන පදනමකින්ද යන්නයි.

වසර 30 ක යුද්ධයකින් බැට කා තමන්ගේ සමීපතමයන් අහිමි වී සිටියදී ඔවුන් සැමරීමට ඇති අයිතිය නීතියට නැති කළ හැකිද යන්න ඔහු නගන තවත් ප්‍රශ්නයකි.

රට මේ වන විට පත්ව සිටින තත්වය අනුව එවන් ජාතියක ඉපදීම සම්බන්ධයෙන් කණගාටු වන බව‍ පවසන ඔහු අවධාරණය කරන්නේ අනෙකාගේ ජාතිය කුමක්ද යන්න තමන්ට වැදගත් නොවන බවයි. 


රේඩීයෝ ගගන