13 April 2017

රූමත් තරුණියන් වලව්වට ගෙන්න ගෙන උඩරට රඳලයන් සැමරූ කාමභෝගී අවුරුද්ද ගැන විශේෂ හෙළිදරව්වක්



අද වන විට නවීන උත්සව අංගවලින් පිරෙමින් පවතින සිංහල අලුත් අවුරුද්ද කන්ද උඩරට රාජධානි සමයේ දී ආධ්‍යාත්මික සහ කාමභෝගී අංගවලින් පිරිපුන් උත්සවයක් බව සමකාලීන වාර්තා පරීක්ෂා කිරීමේ දී පෙනී යයි.

කන්ද උඩරට රජකළ නායක්කර් වංශික රජුන්ට බිසෝවරුන් රැසක් සිටි අතර එම බිසෝවරුන්ගේ ශ්‍රේණිගත කිරීමක්ද තිබූ බව සමකාලීන වාර්තා මගින් පැහැදිලි වෙයි. එහිදී රන් ආලේපිත දෝලාවේ ගමන් කළ රජුගේ අගබිසව ‘රන්දෝලිය’ ලෙසත් යකඩ දෝලාවන් හි ගමන් කළ සෙසු බිසෝවරුන් ‘යකඩදෝලි’ ලෙසත් හැදින්වූ බව නොරහසකි.

ඒකෙසේ හෝ කන්ද උඩරට රාජධානි සමයේ අධිකාරම්වරුන් මොහොට්ටාලවරුන් නිලමේවරුන් දිසාවේවරුන් ඇතුළු සෙසු ප්‍රභූන්ගේ නිවෙස්වල සේවය පිණිස සිංහල අලුත් අවුරුදු සමයේ දී අවට ප්‍රදේශවලින් රූමත් තරුණියන් තම වලව්වලට  කැඳවාගත් බවත් සිංහල අවුරුදු චාරිත්‍ර සැමරුමේ දී ඔවුන් වෙත විශේෂ වැඩකොටස් පැවරී තිබූ බවත් සමකාලීන මූලාශ්‍ර නිරීක්ෂණයේ දී තහවුරු වේ. එසේ ප්‍රභූන්ගේ නිවෙස්වලට පැමිණි කන්ද උඩරට රූමත් ලළනාවන්ට අවුරුදු සමය අවසානයේ එම ජන ප්‍රධානීන් විසින් නොයෙකුත් තෑගි බෝග ප්‍රදානය කළ බව පැවසේ.

කන්ද උඩරට රජු සම්බන්ධ මෙම තත්ත්වය පිළිබඳව විදේශීය ලේඛකයන්ගේ වාර්තා අතරින් තෝරාගත් වාර්තා දෙකකි මේ.

1815 වසරේ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් කරවීම පිණිස සුවිශේෂ බුද්ධිමය දායාදයක් ලබාදුන් බි‍්‍රතාන්‍ය ජාතික රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියකු වන ශ‍්‍රීමත් ඩොයිලි බාට් තම රාජකාරී දින පොතේ තබා ඇති මෙම සටහන් මගින් ශ‍්‍රී ලංකාව ඉංග‍්‍රීසීන්ට යටත් වන සමයේ මෙරට පැවැති සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ වැදගත් සාක්ෂියක් ලබාගත හැක.

 1815 අපේ‍්‍රල් 10 දින

පහට මඟුල් මඩුවේ දී අදිකාරම්වරුන් දෙදෙනා හමු වූයෙමි. හෙට රජ මාලිගයේ පැවැත්වීමට නියමිත සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරිමට අදාළ කටයුතු සූදානම් කළෙමි.

රාත‍්‍රී නවයට නාථ දේවාලයට ගොස් පැය භාගයක් එහි ගත කළෙමි. අදිකාරම්වරුන් ඇතුළු සෙසු ප‍්‍රභූහු එහි ඖෂධිය ශාක සාර (නානු) පිළියෙළ කළහ. ඒවා මැටි බඳුන්වල බහා හෙට දිනයේ පාවිච්චි කරනු පිණිස මහනුවර සහ සෙසු ප‍්‍රදේශවල විහාරාරාමවලට සහ අදිකාරම් වලව්වලට යවන ලදී.

 1815 අප්‍රේල් 11 දින

අලූත් අවුරුද්ද වෙනුවෙන් සැකසූ නානු කුඩා මුට්ටි දෙක බැගින් සෑම විහාරස්ථානයකටම යවන ලදී. ඒ හේවිසි වාදන සහිත ගරු ගාම්භීර පෙරහරකිනි. නානු මුට්ටි හයක් මා වෙත ද එවන ලදී. ඒ මුට්ටි සමග කොඳගමක් සහ වෙලමක් ද තිබිණ.

ප.ව. 6.30ට ඇහැලේපොළ නිලමේ මඟුල් මඩුවට සැපත් විය. ඉන්පසුව අදිකාරම් දෙදෙනා සහ සෙසු ප‍්‍රභූහු ද එහි ආහ. නොනගතය පෑ තැටියෙන් බලා ප‍්‍රකාශ කරන ලද්දේ නක්ෂත‍්‍රඥයා විසිනි. නැකත් වේලාව ඇරඹිණි. නාථ දේවාලයේ හේවිසි නාද කෙරිණ. දිසාවකට දෙක ගණනේ කොඩි තුවක්කු වෙඩි මුර අටක් ද තබන ලදී.

නැකත උදාවත්ම ප‍්‍රභූ පවුල්වල රුවැති යුවතියෝ දල්වා ගත් පන්දම් සහ සහලින් සහ කහ දියරවලින් යුතු තැටිය බැගින් ගෙන රජතුමාට නොදුරින් සිටියහ. නැකත උදාවත්ම රජතුමා හිසෙහි නානු ගල්වා ගත් අතර එම යුවතියෝ අපේ රජ්ජුරුවන් වහන්සේට පස්වාන් දහසක්, ඉර හඳ පවතිනා කල් ආයුබෝ වේවායි තෙවරක් සුබ පැතූහ. ඉන්පසු නිලමේවරුන් සහ රාජ පුරුෂයෝ ද රජතුමාට එලෙස සුබ පැතූහ.

 1815 අපේ‍්‍රල් 12 දින

මෙදින අලූත් අවුරුද්ද එළැඹෙන වේලාවේ ආහාර ගැනීම සිදු කෙරිණ. මෙදින සහ අනිද්දා නිවාඩු දිනයක් බැවින් උඩරට වැසියෝ සියලූ වැඩ කටයුතු ගමන් බිමන්වලින් අත්මිදී සිටිති.

නැකතට අනුව රජ වාසල පිසෙන රසවත් ආහාරය ‘‘දින භෝජමී’’ යනුවෙන් හැඳින්වෙයි. නැකත් වේලාවට මින් කොටසක් අනුභව කරන රජතුමා අනතුරුව රජ වාසලට පැමිණ සිටින තම හිත මිත‍්‍රාදීන්ට මෙය පිරිනමයි. මෙදින රාත‍්‍රියේ ද රජවාසල විශේෂ භෝජන සංග‍්‍රහයකි. නැකතට අනුව ආහාර ගත් සියල්ලෝ මෙහි දී රජතුමා සමග එම භෝජනය භුක්ති විඳිති.

වර්ෂ 1821 දී ඉංග‍්‍රීසි ජාතික වෛද්‍ය ජෝන් ඬේවි කන්ද උඩරට රාජ්‍යයේ අවුරුදු මංගල්‍යය ගැන දීර්ඝ විස්තරයක් සපයයි. නමුත් ඩේවිගේ තොරතුරුවලට ඇතුළත් වන්නේ රජවාසල අලූත් අවුරුදු විස්තරයක් පමණි. රාජකීය වෛද්‍යවරුන් විසින් නාථ දේවාලයේ දී ඖෂධ පැළෑටි යුෂ භාජන දහසක් පිළියෙළ කරන බවත්, ඒවා රජ මාලිගයට ගෙනා පසු රජ මාලිගය තුළට යවන බවත් හෙතෙම වාර්තා කරයි. එසේම රාජකීය ජ්‍යොතීර්වේදීන් අවුරුද්ද ලබන වේලාව, නානු ගැල්විය යුතු වේලාව, ආහාර ගත යුතු වේලාව, වැඩ ඇල්ලිය යුතු වේලාව, ස්නානය කළ යුතු වේලාව, රජුට දැකුම් ඔප්පු කළ යුතු වේලාව ආදිය සකස් කර දෙන බව ද ඔහු සටහන් කොට ඇත.

ගිනිකොන දිග බලා නුග කොළ අතින් ගෙන, පයට ඉඹුල් කොළ තබා දැල්වෙන පහනක් ගත් යුවතියක අතින් රජුගේ හිසත්, ශරීරයත් කහ දියරින් නහවමින් එතුමාට දිගාසිරි පැතිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව රටවැසියන් ද රජු අනුගමනය කරමින්, තෑගි බෝග හුවමාරු කරගනිමින් හිසේ නානු ගා ස්නානය කරමින් අවුරුද්ද සමරන ලද බව ඬේවි පවසනුයේ සිංහල අලූත් අවුරුදු උත්සවයේ එකල පැවති අධ්‍යාත්මික සහ කාමභෝගී සුසංයෝගය පිළිබඳ වැදගත් ඉගියක් අපට ලබා දෙමිනි.

(lakbima)

ජනපතිගේ නිල රථය ගැන රවී තතු පහදයි



රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයාගේ නිල රථය සඳහා වෙන් කර ඇති බවට සිදු කරනු ලබන. ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

කවුරුන් හෝ පිරිසක් විසින් මෙම සංඛ්‍යා හිතා මතා ප‍්‍රකාශ කරන බවත් මෙවැනි දෙයක් සමාජය ඉදිරියේ ප‍්‍රකාශ කිරීම නැතිනම් අත්වැරුද්දක් විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටින විට ඔහු විසින් සිදු කරනු ලැබු වියදම්වලින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ සියයට 2 ක් හෝ 3 ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

ඉන්දීය සාගර සාමය සුරක්ෂිත කිරීමට පොදු එකගතාවක් නෑ



වෙරළාරක්ෂණ කාර්යයන් සහ ඉන්දීය සාගර සාමය සුරක්ෂිත කරලීමේ කාර්යයන් උදෙසා පොදු පදනමකින් යුතුව කටයුතු කළ යුතු බව ජපාන ආරක්ෂක අමාත්‍යවරිය පවසනවා.

ජපානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) උදෑසන ජපාන ආරක්ෂක අමාත්‍ය තොමාමි ඉනදා මහත්මිය හමුවූ අවස්ථාවේදී ඇය මේ බව පවසා ඇත්තේ.

ලබන ජුනි මාසයේදී මෙරට නාවික හමුදාපතිවරයාගේ ජපාන නිළ සංචාරයේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සුදුසු බවද එහිදී තීරණය වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දීය සාගර කලාපීය සාමය රටක් ලෙස මෙරටට අතිශයින් වැදගත් බවයි.

එමෙන්ම ඉන්දිය සාගර කලාපීය සාමය සහ සමුද්‍ර ආරක්ෂාව තහවුරු කිරීම දෙරටම පිළිගන්නා පොදු ප්‍රතිපත්තියක් හෙයින් එම ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ජපානය කැපවන බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය වී ඇති බව වාර්තා වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටයි පටියෙන් ලිංගික රහසක් හෙළිවෙයි | PHOTOS



කුමන හෝ හේතුවක් නිස ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු ටයි පටි භාවිතා කරන්න කැමැත්තක් දක්වනවා. බොහෝ අවස්ථාවලදී ට්‍රම්ප් මෙම විලාසිතාව භාවිතා කරනවා. 

ට්‍රම්ප් මෙලෙස දිගු ටයි පටි පළඳන්නේ ඔහුගේ ලිංගේන්ද්‍රියට වැඩි අවධානයක් යොමු කර ගැනීමට හෝ ඔහුගේ විශාල උදරයට අනෙකාගේ ඇස් යොමු වීම වැළැක්වීමට කියලා මනෝවිද්‍යාඥ සුසෑන් කෲස් අනුමාන කරනවා.

නමුත් නවතම ට්වීටර් ගිණුමක් වන @TrumpsTies පවසන්නේ එම විලාසිතාව හුදෙක්ම ඔහුගේ අරුම පුදුම ආකාරයේ ‍තෝරා ගැනීමක් පමණක්ම වන බවයි.











නව ගුවන් පථය ප්‍රමිතියෙන් තොරයි ගුවන් තොටුපලේ ඉංජිනේරුවන්ගෙන් චෝදනා



පසුගියදා ප්‍රතිසංස්කරණය කළ කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය නිසි ප්‍රමිතියක් නොමැති බැවින් A 380 විශාල ප්‍රමාණයේ ගුවන් යානා ගොදබස්සවිම අනතුරුදායක බව ගුවන් තොටුපලේ ඉංජිනේරුවන් චෝදනා කර සිටිනවා.

මිටර් 60 ක්ව පැවති ධාවන පථය මිටර් 75 දක්වා පළල් කිරීමේදී මිටර් 15ක කොටස අලුතෙන් කාපට් කළද වසර 30ක පැරණි පැවති ධාවන පථය යථා තත්වයට පත්ව නොමැති වීම මෙම අවදානම් තත්වයට හේතුව බවයි ඔවුන් කියා සිටින්නේ.

2002 වසරේ දී ප්‍රතිසංස්කරණය කළ යුතු වුවද එසේ නොකිරීම හේතුවෙන් ඊට ජාත්‍යන්තර තත්ත්ව සහතිකය නොලැබීමේ හැකියාවක් පවතින බවයි ගුවන් තොටුපලේ ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

ඔළුව නැතුව සෙල්ෆි ගන්න ආපු තරුණයින් දෙන්නෙක්ට සචින් ටෙන්ඩුල්කාර්ගෙන් අවවාදයක් | VIDEO



සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඒ නිසාම ඔහුට මඟ තොටේදී ලැබෙන ප්‍රතිචාර නම් බොහොම ඉහලයි.

ටෙන්ඩුල්කාර් පසුගිය දා ආරම්භ වූ IPL තරඟාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට යන අවස්ථාවේදී අපූරු සිදුවීමක් වෙලා තියෙනවා.

ඒ අතරතුර ඔහු යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකුට ලබාදුන් අවවාදයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සචින් තම මෝටර් රථය තුල සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු  සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට සචින් හට ආරාධනාකර තිබෙනවා.

එම අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි අදාල තරුණයින් දෙදෙනා ආරක්‍ෂිත හිස් වැසුම් පැළද නොසිටි නිසා එම අවස්ථාවේදී අදාල තරුණයින් දෙදෙනාට පවසා ඇත්තේ යතුරුපැදි ධාවනයේදී ආරක්‍ෂිත හිස් වැසුම් පැළද ධාවනයේ යෙදෙන ලෙසයි.

එම උපදෙසත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් තරුණයින් දෙදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයටද පෙනී සිටි ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව පහතින්.


කුලී ගමනක් යන ගමන් රියැදුරාව දූෂණය කළ තරුණියට වෙච්ච දේ | PHOTOS

කුලී රථ නොමැති නගරයක් ලෝකයේ නොමැති තරම්. මොකද ඒ තරමට ඒවා ජන ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවා.

කුලී රථ ධාවනය බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජිවන මාර්ගයක් ද වනවා. ඒ හා සම්බන්ධ විවිධාකාර වූ දේවල්ද වරින් වර අසන්නට ලැබෙනවා.

කුලී රථ තුලදී තරුණියන් සහ කාන්තාවන් දූෂණයට ලක්වූ පුවත් ද නිරන්තරයෙන් වගේ වාර්තා වනවා. නමුත් මෙය ඊට වඩා ගොඩක් වෙනස් පුවතක්.

ඇමරිකාවේ ඔහියෝ ප්‍රදේශයේදී ජනවාරි මස 28 වැනිදා අලුයම් කාලයේදී බ්‍රිට්නි කාර්ටන් නමැති 23 හැවිරිදි තරුණිය කුලී රථයකට නැග ඇත්තේ කුලී ගමනක් යන මුවාවෙන්.

මද දුරක් ගිය පසු රථයේ රියදුරාගේ බෙල්ලට පිහියක් තබා ඇය ඔහුව රථය තුළම දූෂණය කර තිබෙනවා.

පසුව රියදුරා සතුව තිබූ මුදල්ද සොරාගෙන ඔවුන් පලා ගොස් තිබුණා.

කුලී රථයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි 29 හැවිරිදි රියදුරෙකු දූෂණය කිරීමේ වරදට බ්‍රිටිනි කාර්ටන් නැමැති තරුණියකට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකානු පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම දූෂණය සඳහා ඇය තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ උපකාර ලබාගෙන ඇති අතර ඔවුන් දරුණු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.




අන්තරේ නව අවුරුදු උදාවත් සමග කොළඹට එනවලු



මෙවර අලුත් අවුරුදු උදාවේ ප‍්‍රධාන චාරිත‍්‍ර යෙදී ඇති ලබන 14 වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

කොළඹ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ අදහස් දැක්වමින් එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව සඳහන් කළා.

මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදු කරන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

විශ්ව විද්‍යාල සිසුන් මේ වනවිටත් ස්ථාන හයකදී අට්ටාල ඉදිකර ගෙන සත්‍යග‍්‍රහයන්හි යෙදී සිටින බවයි ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.

එම සත්‍යග‍්‍රහයන්ද 14 වැනිදාත් අඛණ්ඩව සිදු කෙරන බව ද ඔහු කියා සිටියා.

වැලිකඩ රැඳවියන්ට අවුරුදු අරන් එන්න ඥාතීන්ට ඉඩ



සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ‍අද (13) සහ හෙට(14)රැඳවියන්ට තම පවුල්වල සාමාජිකයන් හමුවීමේ විශේෂ අවස්ථාවක් ලබා දී ඇත.

අද(13) සහ හෙට (14) උදේ 6.00 සිට සවස 5.30 දක්වා පවුලේ සාමාජිකයන්ට රැඳවියන් හමුවිය හැකි අතර රැදවියන් සඳහා ඔවුන්ට කැවිලි පෙවිලි හා අත්‍යවශ්‍ය දුව්‍ය රැගෙන ආ හැකි බව වැලිකඩ බන්ධනාගාර අධිකාරිය කියයි.

නව අවුරුද්ද නිමිත්තෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රයද මේ 15 දා 11.04 ට යෙදෙන සුබ මොහොතින් රැදවියන් වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කෙරේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මෙවරද සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලංකාවේ ලොකුම කිරිබත පිළියෙල කිරීමට සූදානම් වන අතර මෙම දැවැන්ත කිරිබත සඳහා හාල් කිලෝ 450 ක් ,ගාන ලද පොල් කිලෝග්‍රැම් 750ක්ද‍ යොදා ගැනෙන අතර එයට සැකසෙන ලුණු මිරිස හා රතුලූනු කිලෝග්‍රෑම් 75ක් සහ මිරිස් කිලෝග්‍රෑම් 30කින් සමන්විත වෙයි.

බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන රැඳවියන් 150 දෙනකු මෙම කිරිබත පිසීමට යොදවා ඇති අතර එම කිරිබත් පිළියෙල කිරීමේ මූලික කටයුතු අද (13) රාත්‍රි 10.00 සිට ඇරැඹෙන බව මේ කටයුතු සංවිධානය කරන වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා කියයි.

දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලද අලුත් අවුරුදු සැමැරීමේ උත්සව පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ගුරුසිංහගේ බලය තවත් වැඩි වෙයි



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස අසංක ගුරුසිංහ පත්කර තිබෙනවා.

ඒ දැනට ඔහු හොඹවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයට අමරතවයි.

අසංක ගුරුසිංහ 1996 දී එක්දින ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වනවා.

අමෙරිකාවේ හමුදාවයි රුසියාවේ හමුදාවයි අවිශ්වාසයෙන්



ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අමෙරිකාව සමග පවතින සබඳතා බිදවැටී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට දෙරටේ හමුදාමය සබදතාවල විශ්වාසය පිරිහී ඇති බවයි.

රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

අමෙරිකාව ඉකුත්දා සිරියාවට එල්ල කළ මිසයිල ප‍්‍රහාරය සම්බන්ධයෙන් නේටෝ සංවිධානය දක්වන ප‍්‍රතිචාරය සම්බන්ධයෙන්ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළා.

එම ප‍්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීමක් ලෙසයි රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

රට පුරා අද සහ හෙට හෙද වැඩ වර්ජනයක්



සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය අද (13) සහ හෙට (14) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ රෝහල් රැසක අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු අඩාල වී ඇති බවයි එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ කියා සිටියේ.