13 April 2017

වැලිකඩ රැඳවියන්ට අවුරුදු අරන් එන්න ඥාතීන්ට ඉඩ



සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ‍අද (13) සහ හෙට(14)රැඳවියන්ට තම පවුල්වල සාමාජිකයන් හමුවීමේ විශේෂ අවස්ථාවක් ලබා දී ඇත.

අද(13) සහ හෙට (14) උදේ 6.00 සිට සවස 5.30 දක්වා පවුලේ සාමාජිකයන්ට රැඳවියන් හමුවිය හැකි අතර රැදවියන් සඳහා ඔවුන්ට කැවිලි පෙවිලි හා අත්‍යවශ්‍ය දුව්‍ය රැගෙන ආ හැකි බව වැලිකඩ බන්ධනාගාර අධිකාරිය කියයි.

නව අවුරුද්ද නිමිත්තෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රයද මේ 15 දා 11.04 ට යෙදෙන සුබ මොහොතින් රැදවියන් වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී සිදු කෙරේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මෙවරද සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලංකාවේ ලොකුම කිරිබත පිළියෙල කිරීමට සූදානම් වන අතර මෙම දැවැන්ත කිරිබත සඳහා හාල් කිලෝ 450 ක් ,ගාන ලද පොල් කිලෝග්‍රැම් 750ක්ද‍ යොදා ගැනෙන අතර එයට සැකසෙන ලුණු මිරිස හා රතුලූනු කිලෝග්‍රෑම් 75ක් සහ මිරිස් කිලෝග්‍රෑම් 30කින් සමන්විත වෙයි.

බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන රැඳවියන් 150 දෙනකු මෙම කිරිබත පිසීමට යොදවා ඇති අතර එම කිරිබත් පිළියෙල කිරීමේ මූලික කටයුතු අද (13) රාත්‍රි 10.00 සිට ඇරැඹෙන බව මේ කටයුතු සංවිධානය කරන වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා කියයි.

දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලද අලුත් අවුරුදු සැමැරීමේ උත්සව පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

1 comment:

  1. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි ..... හැමදාම කරන දෙයක් හැම හිර ගෙදරම

    ReplyDelete