25 April 2017

පැණිමකුළුවෝ ‘අයිෂ් අතුකොරල’ගේ නිරුවත් වීඩියෝවක්.. බුකිය කැළඹේ | VIDEO



පැණිමකුලුවෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අයිෂ් අතුකෝරලගේ යයි පැවසෙන නිරුවත් වීඩියෝවක් සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් පවතී.

පෙනෙන අන්දමට ඇය චිත්‍රපටයක් සදහා සිදුකල දෙයක් ලෙස සැක කල හැකි අතර මෙම වීඩියෝවේ තවත් කොටසක් ඇති බවටත් වාර්තා වේ.

අයිෂ් අතුකෝරල වේදිකා හා සිනමාවේ දක්ෂතා පෙන්නුම් කල නිළියක් වන අතර ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම වේදිකා නාට්‍යයේ මෙන්ම /පොරිසාදයා /අයිස්ක්‍රීම් /දෙවැනි ගමන දෙක යන ප්‍රදර්ශනය වීමට නියමිත් චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇත.


යෝධ විදේශ ණය කන්දරාව ශ්‍රී ලංකාව ණය උගුලක සිර කරවයි - නිමල් සඳරත්න



ණය වාරික සහ පොලී වාරික ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත් කරන තරමට ශ්‍රී ලංකාවේ විදේශ ණය එකතුව ඔරොත්තු නොදෙන මට්ටමක පැමිණ තිබේ. විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ එක්කාසු වී, අතීතයේ සිට ගොඩගැසෙමින් පැවත විත්, අද වන විට ඩොලර් බිලියන 47 ක් පමණ වන යෝධ විදේශ ණය කන්දරාවේ වාරික සහ පොලිය ගෙවීම සඳහාමත් නැවත ණය ලබා ගැනීමට අපට සිදුව තිබේ. ණය වාරික සහ පොලී වාරික ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීමට සිදු වීම හැඳින්විය හැක්කේ ණය උගුලක් වශයෙන්ම ය.

ණය සහ පොලී ගෙවීම්

ණය සේවා වියදම වශයෙන් හැඳින්වෙන, වාර්ෂික ණය සහ පොලී වාරික ගෙවීමේ ප්‍රමාණය, 2015 දී ඩොලර් බිලියන 1.8 ක් විය. මෙය ගිය වසර වන විට ඩොලර් බිලියන 2.4 දක්වා වර්ධනය වුණි. මේ ප්‍රමාණය මේ වසරේදී තරමක අඩුවක් පෙන්නුම් කළත්, මෑත අනාගතයේදී නොදැරිය හැකි ආකාරයෙන් එම ප්‍රමාණයන් ඉහළ යාමට ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන් 2018-19 වන විට එම ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි දැනට ගණන් බලා තිබේ. ණය සහ පොලී වාරික මෙතරම් විශාල මට්ටමකට වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, ලබාගෙන ඇති ණයවලින් විශාල ප්‍රමාණයක්, අධික වියදම්කාරී සහ ඵලදායීතාවෙන් හීන, නිෂ්පාදනයක් වර්ධනය නොකෙරෙන යටිතල ව්‍යාපෘති සඳහා පාවිච්චි කොට තිබීමයි.

විදේශ ණය ප්‍රමාණයේ වර්ධනය


2000-2009 අතර කාලයේ විදේශ ණය ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි විය. 2000 දී ඩොලර් බිලියන 9 ක් වූ එම ප්‍රමාණය 2009 වන විට ඩොලර් බිලියන 18.6 ක් දක්වා වැඩි විය. ඉන් පසුව ගත වු පස් වසර තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වූ අතර, 2014 වන විට ඩොලර් බිලියන 42.9 ක් දක්වා වැඩි වී තිබුණි. එය, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 53.6 කි.

අලුත් ආණ්ඩුව යටතේ, ගත වු වසර දෙකේදීත් විදේශ ණය ප්‍රමාණය එක දිගටම වැඩි විය. 2015 අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් බිලියන 44.8 ක් හෙවත් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 54.4 ක් දක්වා වර්ධනය වී තිබුණු අතර, 2016 ජුලි මාසය වන විට ඩොලර් බිලියන 47.4 ක් දක්වා වැඩි වී තිබුණි. කෙසේ වෙතත්, 2016 ජනවාරි අවසානය වන විට මෙය ඩොලර් බිලියන 46.6 ක් දක්වා සුළු වශයෙන් පහළ ගියේය. අද වන විට විදේශ ණය ප්‍රමාණය, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 55 ක් පමණ වන්නේ යැයි ගණන් බලා තිබේ.

පසුගිය දෙවසරක කාලය තුළ අපේ ණය ප්‍රමාණය වැඩි වීමට මුලික හේතුවක් වුණේ, තිබුණු ණය සහ පොලී ගෙවා දැමීම සඳහා නැවත ණය ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වීම නිසා වුවත්, එසේ වැඩි වැඩියෙන් ණය ලබා ගැනීමට හේතු වූ තවත් කාරණයක් වුණේ, ජාතික ආණ්ඩුව ගෙන ගිය ආර්ථික පිළිවත් ය. රජයේ මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති නිසා විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වීමෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වුණි.

විදේශ ණය ගැනීමේ වාසි

විදේශ ණයවල ජන්ම වරදක් නැත. ඇත්ත වශයෙන්ම එසේ විදේශයන්ගෙන් ණය ලබා ගැනීම, රටක ආයෝජන සඳහා අවශ්‍ය දේශීය ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක එම අඩුව පිරිමසා ගැනීමට ප්‍රයෝජනවත් වන්නේය. එසේම දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනයකට රුකුලක් විය හැකි මහ පරිමාණ යටිතල ව්‍යාපෘති ගොඩනැගීම සඳහා ද එවැනි ණය ප්‍රයෝජනවත් වන්නේය. රටක සංවර්ධනය සඳහා අවශ්‍ය කරන විදේශ සම්පත් හිඟ අවස්ථාවක විදේශ ණය ලබා ගැනීම ඊට පිළියමකි. එසේම, ගෙවුම් ශේෂ හිඟයේ තාවකාලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහාත් විදේශ ණය ප්‍රයෝජනවත් වෙයි. කෙටියෙන් කිවහොත්, ආර්ථිකයක් ඉහළ තලයකට නංවාලන ආර්ථික වර්ධනයේ ඉහළ මට්ටමකට ළඟා වීම සඳහා තල්ලුවක් වීමට දේශීය ධනය සහ සම්පත් ප්‍රමාණවත් නොවන අවස්ථාවක විදේශ ණය රටකට ප්‍රයෝජනවත් වන්නේය.

කෙසේ වෙතත්, කොතරම් ප්‍රමාණයක් ණය ලබා ගන්නේ ද යන්න, ඒ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකයන් කොපමණ ද යන්න, ඒ ණය ලබා ගන්නේ කුමන කොන්දේසි යටතේ ද යන්න සහ ඒ සියල්ලටමත් වඩා, ලබා ගන්නා ණය යොදා ගන්නේ කුමන කාර්යයක් සඳහා ද යන්න මත, විදේශ ණය ලබා ගැනීම කෙරෙහි සීමාවන් පනවා ගත යුතුව පවතී. ආපසු එම ණය සහ පොලී ප්‍රමාණයන් ගෙවා ගත හැකි ආකාරයෙන් එම ණය ලබා ගත යුතුව ඇති බව එහි අදහසයි. 

ඒ අනුව, ලබා ගන්නා විදේශ ණය, රටේ දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය කෙරෙහි විටෙක යහපතක් සේම විටෙක අයහපතක් ද විය හැකිය. මේ නිසා රටක ආර්ථික ස්ථාවර භාවය සහ සංවර්ධනය සඳහා, ණය සහ පොලිය ආපසු ගෙවීමේ හැකියාව වඩවා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. විශේෂයෙන්, ආනයන-අපනයන වෙළඳාම මත රඳා පවතින ආර්ථිකයක් ණය උගුලකට හසු නොවී සිටීමට නම් ඒ කාරණා සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ තිබියදී, වර්තමානයේ අප පත්ව ඇති ණය ප්‍රශ්නයට, බලයේ සිටි දේශපාලනික නායකත්වයේ සේම, වර්තමාන නායකත්වයේ ද ආර්ථික අවකළමණාකරණය හේතු වී ඇති බව කිව යුතුය.

විදේශ අරමුදල් පාවිච්චියට ගැනීම

විදේශ ණය ප්‍රශ්නයේ අරටුවේ ස්වභාවය තීරණය වන්නේ, ලබා ගන්නා විදේශ ණය පාවිච්චි කරන්නේ කෙසේද යන්නත්, ලබා ගන්නා ණය ප්‍රමාණයේ පොලී අනුපාතිකයන් කවරේද යන්නත්, ආපසු ණය ගෙවීමේ කාල පරාසය කොපමණ වේද යන්නත් මත ය. ණය ආපසු ගෙවා දැමීම රටේ ආර්ථිකයට බරක් නොවීමට නම්, ඉහත කී කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුතුව තිබේ. මෑත කාලයක රටේ විදේශ ණය කන්දරාව ඉහළ යාම දරාගත නොහැකි මට්ටමක් බවට පත්ව ඇත්තේ, ලබා ගත් ණය ගෙවා දැමීමට තරම් ප්‍රතිපාදන නොනිපදවන මහ පරිමාණ යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ණය පාවිච්චි කොට තිබීම නිසා ය. එය තවත් උග්‍ර කෙරී ඇත්තේ, විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වන ආකාරයේ මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ය.

විදේශ ණය නඩත්තු කළ නොහැකි වීමේ ප්‍රශ්නය

ලංකාවට තිබෙන්නේ, නඩත්තු කළ හැකි විදේශ ණය ප්‍රමාණයක් ද? ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘නඩත්තු කළ හැකි විදේශ ණය’ යනු කුමක්ද යන්න, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්වචනය කරන්නේ, “රටක වර්තමාන සහ අනාගත විදේශ ණය ප්‍රමාණය, කල් දැමීමකින් හෝ වෙනත් ආකාරයකින් මගහැර නොයමින් ද, එක දිගට ගොඩ ගැසීමට ඉඩ නොදෙමින් ද, රටේ සංවර්ධනයට බාධාවක් කර නොගනිමින් ද, අදාළ ණය වාරික සහ පොලී වාරිකයන් මුළුමණින් ගෙවා දැමීමට ශක්තියක් තිබීම” යනුවෙනි. මේ නිර්වචනයට අනුව, ශ්‍රී ලංකාවේ ණය කන්දරාව දරා ගත හැකි එකක් නොවේ. පැහැදිළිවම අප සිටින්නේ ණය උගුලකයි.

නිගමනය

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 47 හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 ක් වන ණය කන්දරාව, අවුරුදු පතා කොටස් වශයෙන් සහ පොලිය වශයෙන් ගෙවා දැමීම සඳහා තව තවත් ණය ගැනීමට සිදුව තිබේ. මෙසේ ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා වසරක් පාසා තව තවත් ණය ගැනීමට සිදු වීමෙන් පෙනී යන්නේ අප ණය උගුලක හිර වී ඇති බවයි.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ විදේශ ණය ප්‍රමාණයේ ප්‍රතිශතය, වෙනත් රටවල එවැනි ප්‍රතිශතයන් සමග සැසඳීමේ තේරුමක් නැත. මන්ද යත්, එවැනි බොහෝ රටවල අපගේ මෙන් බරපතල ගෙවුම් ශේෂ අර්බුද නැති බැවිනි. අපේ ප්‍රශ්නය වන්නේ, ලබා ගත් ණය ගෙවා ගත නොහැකි ආකාරයෙන් පාවිච්චි කොට තිබීමයි. ණය ගෙවීමේ ප්‍රමාණය මේ වසරේ අඩු වී තිබීම, 2018-2019 වසරවල ණය ගෙවීම සඳහා වන ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාවක් කර ගත යුතුව තිබේ. හෙවත්, ණය නඩත්තු කිරීමේ හැකියාව අප ඇති කර ගත යුතුව තිබේ. විදේශ ආදායම් අර්බුදකාරී මට්ටමකට යාමට නොදී කළමණාකරනය කළ යුතුව තිබේ. ඒ සඳහා නිසි මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කරා යොමු විය යුතුව තිබේ. ණය බර අඩු කර ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සහ පුද්ගලීකරණය කිරීමයි. දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීන්දු එහිදී ගත යුතුව තිබේ.

විදේශ ණය ගෙවීමේ ප්‍රමාණයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වෙනස් පිළිවන. රටේ සැබෑ ණයගැති භාවයේ තරම ඉහත කී සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරනවාට වඩා බරපතල වීමට ඉඩ තිබේ. මන්ද යත්, ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන පදනම්ව ඇත්තේ, ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ප්‍රමාණයන් සහ ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රමාණයන් මත පමණක් වන බැවිනි. මේ අංශයන්ට පිටස්තරව ලබාගෙන ඇති වෙනත් ණය ප්‍රමාණයන් ද එක් කළ විට, රටේ සැබෑ ණය බර මීටත් වඩා වැඩි විය හැකිය.

2017 අප්‍රේල් 23 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ  Sri Lanka's Massive Foreign Debt Generates A Debt Trap නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

ප්‍රධාන පක්ෂ දෙකකට එරෙහිව මානව හිමිකම් කොමිසමට



 ප්‍රධාන පක්ෂ දෙක ලෝක කම්කරු දිනය තම තමන්ගේ දේශපාලන හයිය පෙන්වීමට යොදාගන්නා බැවින් මෙම ක්‍රියාව නවතා දමන ලෙසට ඉල්ලා අද (25දා) ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පක්ෂ දෙකම නිදහසින් පසු මාරුවෙන් මාරුවට රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී පක්ෂ දෙකම කම්කරු අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් අහිමිකර තිබෙන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

එසේ කටයුතු කළ පක්ෂ දෙක තම තමන්ගේ බලය පෙන්වීමට මැයි දිනය යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙය කම්කරුවන්ගේ මානව හිමිකම් කඩවීමක් බවද හෙතෙම පවසා සිටියේය.

මේ හේතුවෙන් මෙම ක්‍රියාව නවතා දමා වැඩකරන ජනතාවට මැයි දිනය සැමරීමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍ය අමතා ඒ මහතා සඳහන් කළේය. 

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හැකි ක්‍රම



මොළය යනු උපන්දා සිට මිය යන තෙක්ම එකදිගට ක්‍රියාත්මක වන අවයවයකි. ශරීරයේ ඉතාම වැදගත්ම අංගයක් වන නිසාම මොළය සම්බන්ධව විවිද ආකාරයේ අධ්‍යයනයන් සිදුකරනු ලබයි.අප අවට සිදුවන දේ පිළිබඳව තර්ක කරමින් සිතීම මගින් කුමන වහසක පසු වුවද මොළයේ ක්‍රියාකාරීත්වය හා බුද්ධි මට්ටම වර්ධනය කරගත හැකි බව මේ අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබේ.

මේ ලිපිය මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගත හැකි විවිධ ක්‍රම කිහිපයක් දක්වනු ලබයි.

01. ව්‍යායාම

දිනපතා ව්‍යායාම කිරීම මොළයට එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට ස්නායු සෛල ගුණණය වර්ධනය කරමින් උපකාරී වේ. තවද මෙමඟින් එම ස්නායු සෛල අතර සම්බන්ධතාවයන් වැඩි කරමින් හා හානි වීම් වලින් ආරක්ෂා කිරීමද සිදු කරයි. ව්‍යායාම් මඟින් මොළයට රුධිරය සැපයීම ක්‍රමවත් කරන අතර ඉගෙනීමටද උපකාරී වේ.

1

02. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය අගයක පවත්වාගැනීම

ඉනිසියුලීන් මට්ටම ඉහළ අගයක පැවතීම මොළයේ ප්‍රතිචාර දැක්වීමට බරපතල හානි සිදුකරයි. මෙම මට්ටම අඩු වීමද අපගේ මතකයට හානිකර වේ. එනිසා ඉනිසියුලීන් මට්ටම සාමාන්‍ය අගයක පවත්වාගත යුතුය.

2

03. ගුණදායී ආහාර වෙලක් ලබා ගන්න

අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ වැඩි වශයෙන් ස්වාභාවික එළවළු, පළතුරු හා මස් මාළු වර්ග ආහාරයට එක්කර ගන්නා අයගේ  IQ මට්ටම ක්ෂණික සැකසූ ආහාර ලබා ගන්නා අයට වඩා වැඩි මට්ටමක පවතින බවය.

3

04.  omega-3 මේද අම්ල බහුල ආහාර භාවිතය

සැමන් වැනි  omega-3 මේද අම්ලය බහුල ආහාර වැඩි වශයෙන් දෛනික ආහාර වේලට එක්කර ගැනීම මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරී වේ. ඔබ නිර්මාංශ පුද්ගලයෙකු නම්  omega-3 මේද අම්ල අඩංගු වෙනත් ආහාර වලට යොමු විය හැක. තවද මේවා මඟින් මොළයේ රුධිර සැපයීමද ක්‍රමවත් කරවයි.

4

05. දුම්බීම අත්හැරීම

දුම්පානය මඟින් ලැබෙන tobacco මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කර පුද්ගලයෙකුගේ චින්තන ශක්තියද නැතිකර දමයි.

5

සයිටම් අධ්‍යක්‍ෂක මණ්ඩලයට එක්විය යුතු ඇමතිවරු ගැන GMOA කියයි

නීති විරෝධී සයිටම් ආයතනය රැකගැනීමට කටයුතු කරන සෞඛ්‍ය ඇමැතිවරයාත් උසස් අධ්‍යාපන. අමාත්‍යවරයාත් සයිටම් අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම දෙදෙනාම කටයුතු කළ යුත්තේ රාජ්‍ය අධ්‍යාපනය රාජ්‍ය සෞඛ්‍ය රැකගැනීමට වුවත් ඔවුන් සෑම විටම කටයුතු කරන්නේ සයිටම් ආයතනය රැකගැනීමට බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කරන මෙම ඇමැතිවරුන් දෙදෙනාට අමතරව ජනතාව ප්‍රතික්ෂේප කළ එහෙත් පක්ෂයේ අනුකම්පාවක් මත ඇමැතිවරයෙකු වූ පුද්ගලයෙකුත් සයිටම් රැකගැනීමට කටයුතු කරමින් සිටින බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

දරුවන්ට වතුරේ නටන්න දෙන්න



මේ දිනවල පවතින අධික උෂ්ණත්වය පුද්ගලයන් තුළ “තාප කම්පන “තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.මෙම අවදානම් තත්ත්වය මගහරවා ගැනීමට හැකි පමණ ජලය පානය කරන ලෙසත් සිරුර සිසිල්ව තබා ගැනීමට කටයුතු කරන ලෙසත් හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම කුඩා දරුවන්ව හැකි පමණ වතුරේ සෙල්ලම් කිරීමට, දිනකට දෙවරක් නෑවීමට හා දියර වර්ගයන් පානය සඳහා ලබා දීමට වගබලා ගන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියි.

කුඩා දරුවන් අධික හිරු රශ්මියේ කරන සෙල්ලම් හැකි පමණ සීමා කරන ලෙසද දහඩිය පිට නොවන ලෙස සිටීමට සැලැස් වීම උචිතයැයි හෙතෙම සඳහන් කරයි.

හැකි පමණ දියර වර්ගයන් පානය කිරීමෙන් විජලනය වැනි තත්තවයන් මග හරවා ගත හැකි වනු ඇතැයිද පවසන වෛද්‍ය දීපාල් ද සිල්වා මහතා සමේ රෝගයන් ඇතිවීමද මේ දිනවල බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් බවද පවසා සිටියි.

මේ වසරේදී උදා ගම්මාන 500ක්



මේ වසරේදී උදාගම්මාන 500ක වැඩ ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(25දා) පැවසීය. මේ වනවිට උදාගම්මාන 380ක වැඩ කරගෙන යන බවත්,උදාගම්මාන 25ක් ජනතා අයිතියට පත්කර තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

දැනට රට තුළ නිවාස නොමැති පවුල් ලක්ෂ 25ක්  සිටින බවත්,2025 වනවිට එම සියලුදෙනාට නිවාස ලබාදීම සඳහා උදාගම්මාන වැඩසටහන සැලසුම් කර ඇති බවත් එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී  සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

රසිකයින් කැළඹු ජෝන් සීනා, සුරූපී පෙම්වතිය සමඟ නිරුවතින් පිස්සු නටපු වීඩියෝව මෙන්න | VIDEO



රෙස්ලින් ලෝකයේ අතිශය ජනප්‍රිය තරුවක් වන ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය කළ අමුතු තාලයේ වැඩක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා. ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩිකාවක් ද වනවා. ඇය Nikki Bella යි.

ජෝන් සීනා සහ ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ youtube රසිකයින් වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා, ඔවුන් දෙදෙනාගේ එම නිරුවතින් රංගනයක මේ වනවිට මිලියන 4කට ආසන්න පිරිසක් නරඹා තිබෙනවා.

එම අවස්ථාව පහතින්.



උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්

ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සිය  ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරවාරයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස කාල් වින්සන් නෞකාව කොරියානු අර්ධද්වීපය සමීපයට යැවීමට අමෙරිකාව මීට පෙර තීරණය කර තිබුණා.

අමෙරිකන් නැව එක පහරින් වනසනවා 

උතුරු කොරියාව ‘නෝඩෝන්ග් ෂින්මුන්’ පුවත්පත ඔස්සේ අනතුරු හඟවා ඇත්තේ USS කාල් වින්සන් නෞකාව “එක් ප්‍රහාරයකින්” මුහුදුබත් කළ හැකි බවය. කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂාව වනවා. ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු “මූලෝපායික ඉවසීම” අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතිනවා.

 

ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී මළල ක‍්‍රීඩා තරගාවලියේ දී ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්



චීනයේ පැවති ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ පළමු අදියරේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ඉන්දුනිල් හේරත් ඊයේ (24) සමත් වුණා.

එ් මීටර් 800 පිරිමි ධාවන ඉසව්ව ජය ගනිමින්. ඔහු දැක්වූ දක්ෂතාව විනාඩියයි තත්පර 50 යි දශම 6 යි 9ක්.

මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට එක් වූ හිමාෂ හේෂාන් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට  සමත් වුණා. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 10 යි දශම 4 යි 3ක්.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ගයන්තිකා අබේරත්න විනාඩි දෙකයි තත්පර 03 යි දශම 7 යි 8ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වට එක් වූ රුමේෂිකා රත්නායකට මෙවර ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියේ පළමු අදියරේදී හිමි වූයේ 5 වැනි  ස්ථානයයි. ඇගේ තරග නිමි කාලය තත්පර 11 යි දශම 8 යි 2 ක් ලෙස දැක්වුණා.

Indunil Herath (800m) 1st 1:50. 69 sec
Himasha Eashan (100m) 2nd 10.43 sec
Gayanthika Abeyrathne (800m) 3rd 02.03.78 sec
Nimali Liynarachchi (800m) 5th 2:08.47 sec
Sumedha Ranasinghe (Javelin) 7th 71.12m
Waruna Lakshan (Javelin) 8th 70.40m
Rumeshika Rathnayake (100m) 5th 11.82 sec(SB)
Ajith Premakumara (400m) 4th 48.71 sec
Sanjaya jayasinghe(triple) 7th 15.15m
Tharika Fernando (Shot) 5th -13.99m

තෙල් සේවකයින්ට අගමැති දුන් ලිඛිත පොරොන්දුව මෙන්න



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වර්ජනය ඊයේ (24) රාත‍්‍රීයේ අවසන් කෙරුණා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.

ප‍්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ පෙරේදා මධ්‍යම රාත‍්‍රියේයි. මේ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල පෙරේදා පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඊයේ පස්වරුව වන විට ඇතැම් ඉන්ධනහල් වසා දැමුණේ තම ඉන්ධන සංචිත අවසන් වීම හේතුවෙන්.

ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පෙරවරු 9.30 ට වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට අමාත්‍ය චන්දිම වීරක්කොඩි තීරණය කර තිබුණා. එහෙත් එම සාකච්ඡාව පස්වරු 02.00 දක්වා කල් දැමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් කළ ඉල්ලීමකට අනූවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව නිමා වූණා. ඉන් අනතුරුවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව ආරම්භ කෙරුණේ.

ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට විකිණීමේ කිසිඳු තීරණයක් ගෙන නැතැයි මෙහි දී අග‍්‍රාමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මාධ්‍ය වෙත කියා සිටියා.

අද දහවල් වන විට ඛණිජ තෙල් සැපයුම යථාවත් කිරීමට කටයුතු කරන බවට වෘත්තීය සමිති නියෝජිතයින් පොරොන්දුවක් ද ලබා දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

වැඩවර්ජනය අවසන් කිරීමෙන් පසු ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කරමින් සඳහන් කළේ ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරයා සෑහීමකට පත්විය හැකි ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බවයි.

මේ අතර වැඩවර්ජනය අවසන් කෙරුණ ද පැය විසි හතර පුරා විවෘතව තබන දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් තවමත් වසා දමා තිබෙනවා. ඒ ඔවුන්ගේ ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන්. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල අද අලූයම සිටම දිගු පෝලිම් දක්නට ලැබුණා. විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

(අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව පහතින් දැක්වෙයි)

මේ ඡායාරූප වල සැඟවී සිටින පුද්ගලයින් වෙන්කොට හඳුනාගත හැකිද?



මේ ඡායාරූප වල සිටින පුද්ගලයින් වෙන්කර හඳුනාගැනීමට හැකිදැයි බලන්න.

01. මෙහි සිටින තරුණ කාන්තාව හා මහළු කාන්තාව වෙන්කර හඳුනාගැනීමට හැකිද?
1
02. මෙහි සිටින තරුණ කාන්තාව හා මහළු කාන්තාව වෙන්කර හඳුනාගැනීමට හැකිද?
2
03. මෙහි සිටින පියා හා පුතා වෙන්කර හඳුනාගැනීමට හැකිද?
3
04. මෙහි සිටින තාත්තා, අම්මා හා දුව වෙන්කර හඳුනාගැනීමට හැකිද?
4
05. මෙම ගොවි මහතාගේ බිරිඳ සොයන්න. ඡායාරූපයේ වම් කකුළ දෙස අවධානය යොමු කරමින් රූපය උඩු යටිකුරු කරන්න.
6
06. වාදකයා හා කාන්තාව
7

Mr. Bean හොල්මන් චිත්‍රපට බලපු හැටි



Mr. Bean කතා මාළාව නොබැලූ කෙනෙක් නොමැති තරම්, මේ වීඩියොවෙන් ගෙන එන්නේ හොල්මන් චිත්‍රපටයක් නැරඹීමට ගිය Mr. Bean පිළිබඳවයි..

මෙලොව හැරගිය ප්ලාස්ටික සැත්කම් රැජිණ | PHOTO



Kristyna Martlli කියන්නේ ප්ලාස්ටික් සැත්කම් ලෝකේ රැජිණයි.

ඇයගේ වයස 23ක් වන අතර ප්ලාස්ටික් බෝනික්කියෙක් වීමේ උමතුවෙන් පෙළුණු ඇය පසුගිය දිනක නොසිතු මොහොතක මිය ගියාය.

ඒ ඇයගේ 400වැනි සැත්කම අතරතුරදීය. ශරීරය අසමාන්‍ය තත්වයට පත්කිරීම එකම සතුට කරගත් මේ තරුණිය වැඩිහිටියන්ට පමණක් සීමා වූ සඟරාවලවල නිරූපනණය නිසාත් ප්‍රකට විය.

විෂ රසායන නිසා හදවත අකර්මන්‍ය වී මෙම මරණය සිදු ව ඇත.

1 2 3 4 5 6 7

අයි.සී.සී ශුරයින්ගේ කුසලාන තරඟයේ නායකත්වය මැතිව්ස්ට හිමිවෙයි

අයි.සී.සී ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි තවත් සුළු වේලාවකින් ආරම්භවේ.

(23) රැස්වූ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සංචිතය නම් කිරීම සිදු කෙරුණි.

ඒ අනුව එම තරඟාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර උප නායකත්වය උපුල් තරංගට හිමිව ඇති බව වාරතා වේ.

ශ්‍රී ලංකා සංචිතය සඳහා මැයි මාසයේදී විශේෂ පුහුණූ සැසිවාර කිහිපයක් සංවිධානය කර තිබේ.

මැයි 09 වනදා සිට මහනුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් දින 06ක විශේෂ මානසික පුහුණු වැඩසටහනක් සැළසුම් කර තිබේ.

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 18 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර තරඟාවලියට පෙර පුහුණූ තරඟ 04කට මුහුණදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ජුනි මස 03 වනදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වේ.

ඇමතිවරුන්ගේ රතු එළියට ආණ්ඩුවෙන් රතු එළියක්



මාර්ගවල ප්‍රමුඛතාව ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ මෝටර් රථවල වහලයෙහි සවිකර ඇති රතු ලාම්පු (red beacons) මැයි 01 දින සිට තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මින් ඉදිරියට කිසිදු මෝටර් රථයකට red beacons ලාම්පු සවිකිරීම තහනම් වන බවයි.

නව නීති යටතේ ගිලන් රථ, ගිනි නිවීමේ රථ හා පොලිස් රථවලට නිල් පැහැති ලාම්පු (flashing blue lights) භාවිත කළ හැකි අතර red beacons ලාම්පු තහනම් වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට සිය ප්‍රසාදය පළකර ඇති බවත් මහා මාර්ගයේ දී සාමාන්‍ය ජනතාව සහ VIP පුද්ගලයින් අතර පරතරය නැති කිරීමට මෙය දිගු කලකට පෙර ගත යුතුව තිබූ පියවරක් ලෙසත් ඔවුන් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.


කිසිදු වරායක් කිසිදු රටකට දීලා නැහැ


ලංකාව තුළ කිසිදු වරායක් කිසිදු රටකට ලබා දීමට සුදානමක් නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කබීර් හෂීම් මහතා පවසයි.

පසුගිය දා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ඉන්දියාව සමඟ තෙල් ටැංකි සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණි බවත් එම ටැංකි යුද සමයේ සිට පැවති ඒවා වන අතර ඉන්දියාවට ද එහි කොටසක් බාර දී තිබු නමුත් ඒවා පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ඇති වු වැරදි සහගත අවබෝධය නිසා වෘත්තිය සමිති විසින් වැඩ වර්ජනයකට පැමිණ ඇති බවත් කිසි විටකත් අයි.ඕ.සි සමාගමට මෙම තෙල් ටැංකි සියල්ල ලබා දීමේ අරමුණක් නොමැති බව ද කබීර් හෂිම් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

අයි.ඕ.සී සමාගමට තෙල් ටැංකි 14 ක් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ටැංකි 10 ක් ද ඉතිරි ටැංකි 74 ශ්‍රී ලංකා රජය හා ඉන්දියා රජය සමඟ ගිවිසුමක් මඟින් බෙදා ගත හැකි ක්‍රමවේදයක් සකසන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

ජාතික වෙසක් උත්සවයේ නිළ උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත් වීමට කටයුතු යොදා ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ  (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.



මැලේරියා තර්ජනයක් : සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

 2016 දී මැලේරියා රෝගය රටින් තුරන් කිරීමේ සහතිකය හිමිකරගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවේ නැවතත් මැලේරියා රෝගය ඇතිවීමේ තර්ජනයකට මුහුණ දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  සංචාරක ව්‍යාපාරය, ව්‍යාපාරික සහ මැණික් ව්‍යාපාරිකයන් හේතුවෙන් නැවතත් මැලේරියා රෝගය ඇතිවීමේ තර්ජනයක් ඇතැයි ඔහු පැවැසීය.

අද (24දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. නමුත් එම තර්ජනය මැඬලීම සඳහා රජය සියලු පියවර ගෙන ඇතැයිද, මැලේරියාව මෙන්ම වෛරස් රෝග, ඩෙංගු රෝගයද මර්දනය සඳහා රජය විසින් සියලු විධිවිධාන යොදා ඇතැයිද හෙතෙම පැවසීය.

ලාංකේය සිනමාවේ වාම ලකුණ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ චිත්‍රපට හතක්




01) අහස් ගව්ව

පතිරාජයන්ගේ පළමු සිනමා නිර්මාණය වන අහස් ගව්ව තිරගත වූයේ 1974 වසරේදීය. 

වික්‍රම බෝගොඩ, විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූ මෙය ආදායම් අතරින් එතරම් සාර්ථක නොවූවවද, සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට 10 අතරින් එකක් ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් අමරසිරි කලංසූරියට එම වසරේ හොඳම රංගන ශිල්පියාට හිමි විචාරක සම්මානයද හිමි විය.

02) එයා දැන් ලොකු ළමයෙක්

1977 දී තිරගත වූ එයා දැන් ළොකු ළමයෙක් චිත්‍රපටයද සම්මානිත චිත්‍රපටයකි. මාලනී ෆොන්සේකා ඉහළ රසික ආකර්ෂණයක් හිමි කරගත් සුසිලා චරිතය රඟපාන්නේ මෙම චිත්‍රපටයේය.

ඇය එම චිත්‍රපයේ රංගනය වෙනුවෙන් 1977 සිග්නිස් සම්මාන උලෙළෙහිදී නිර්මාණශීලී රංග කුසලතා සම්මානයටද හිමිකම් කීවාය.

මාලනී සමග එම චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, දයා තෙන්නකෝන්, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

03) පොන්මණී

මෙතෙක් බිහි වූ ලාංකේය දෙමළ භාෂිත චිත්‍රපට අතරින් වඩාත්ම විචාරක අවධානයට ලක්වූ චිත්‍රපටය ලෙස පොන්මණි’ හැඳින්විය හැකිය.

1977 වසරේ තිරගත වන මෙය සිංහල අධ්‍යක්ෂවරයෙකු දෙමළ භාෂා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. වික්‍රම බෝගොඩ, අමරසිරි කලංසූරිය ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ.

04) බඹරු ඇවිත්

1978 අගෝස්තු 11 වැනිදා තිරගත වූ බඹරු ඇවිත් චිත්‍රපටය ලාංකේය සිනමාවේ මෙන්ම පතිරාජයන්ගේද විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් වෙයි.

1979 වසරේ දී පවත්වන ලද සිග්නිස් උත්තමාචාර උලෙළේදී අධ්‍යක්‍ෂණය කුසලතා සහතිකය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී රංග කුසලතා ඇතුළු සම්මාන රැසක් දිනාගත් එය, එම වසරේ පැවැති ප්‍රථම ජනාධිපති සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්‍ෂණය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමටද සමත් විය.

සෙන්රිටෝ, බර්ගමෝ, මොස්කව්, ලන්ඩන්, මදුරාසි ලොස් ඇන්ජලීස් ආදී විදේශ චිත්‍රපට උලෙළ රැසක් නියෝජනය කරන්නටද බඹරු ඇවිත් චිත්‍රපටය සමත් විය.

05) පාර දිගේ

1980 ඔක්තෝබර් මස 24 වැනිදා තිරගත වූ පාර දිගේ චිත්‍රපටය සරසි චිත්‍රපට වෙනුවෙන් ඇල්බට් ගොඩමාන්නගේ නිෂ්පාදනයකි.

මේ චිත්‍රපටයේ එන චන්දරේ චරිතය වාණිජ චිත්‍රපටවලට කොටු වී සිටි විජය කුමාරතුංග අතිදක්ෂ චරිතාංග නළුවෙකු බව ඔප්පු කළේය. විනාඩ් 123 ක් පුරා දිවෙන මේ ච්ත්‍රපටය විශිෂ්ට නිර්මාණයක් වුවද එය බොහෝ ඉක්මනින්ම සිනමාහල්වලින් ගැලවී ගියේය.

06) සොල්දාදු උන්නැහේ

1981 වසරේ අප්‍රේල් 10 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, හෙන්රි ජයසේන ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

08 වැනි ඉන්දීය සිනමා උලෙළද නියෝජනය කළ මෙම චිත්‍රපටය එම වසරේම හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිරරචනය සඳහා වන ජනාධිපති සම්මානද දිනාගත්තේය. එමෙන්ම සිග්නිස් සම්මාන උලෙළෙහිදී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මානවලින්ද පිදුම් ලැබීය.

එමෙන්ම 1990 වසරේ සිග්නිස් සම්මාන උලෙළ තුළදී 80-90 දශකයේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානයද මේ සඳහා හිමි විය.

07) මතු යම් දවස
2001 වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය පතිරාජයන්ගේම නිෂ්පාදනයකි. 80 දශකයේ පැවැති භීෂණ සමයේ කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක් වූ අතර, සෞම්‍ය ලියනගේ, රාධා ද මැල්, ඩී.බී. ගංගොඩතැන්න ආදීහු එහි රංගනයෙන් දායක වූහ.

කෙසේ වෙතත් මෙහි ජාත්‍යන්තර එළිදැක්ම 2002 වසරේදී සිංගප්පූරුවේදී සිදු කෙරුණු අතර, එම වසරේම නවදිල්ලියේ පැවැති සිනෙෆෑන් සිනමා උලෙළද නියෝජනය කළේය.

සමිත් බෝධිපක්ෂ

උණුසුම වැඩි වීමට හේතුව අධික වාහන භාවිතය හා පරිසර විනාශයයි



උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල උෂ්ණත්වය සමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 5– 6ත් අතර ප්‍රමාණයකුත්, අනෙකුත් ප්‍ර‘දේශවල සෙල්සියස් අංශක දෙකත්, තුනක් අතර අගයකිනුත් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේවනවිට ත්‍රිකුණාමල ප්‍ර‘දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් බවට පත්වී තිබෙන බවත්, යම් ලෙසකින් මෙම අගය සෙල්සියස් අංශක 40ක් වුවහොත් එය දරාගැනීමට නොහැකි තත්ත්වයක් විය හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා සඳහන් කළේය.

මේවනවිට ක්‍රියාත්මකවන්නේ අන්තර් මෝසම් සුළං බවත්, මේ නිසා සුළඟේ වේගය අඩුවී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය ඉහළගොස් තිබෙන බවත්, මෙම තත්ත්වය නිසා ශරීරයෙන් පිටවන ජල වාෂ්ප පිට කිරීමට අපහසු වී තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

වර්ෂාව ඇති වුවද ශරීරයට අධික උෂ්ණත්වයක් ඇති වී තිබෙන්නේ මේ නිසා බවත්, එහෙත් මැයි මස 20 වැනිදායින් පසු ඇතිවන නිරිතදිග මෝසම් සුළං සමග මෙම තත්ත්වය අඩුවී යන බවත් ඔහු සඳහන් කළේය.

පොදුවේ පසුගිය වසරවලට වඩා උෂ්ණත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අධික වාහන භාවිතය හා පරිසරය විනාශ කරදැමීම බවත් අධ්‍යක්ෂවරයා පවසා සිටියේය.

පවතින අධික උෂ්ණත්වයෙන් යම් තරමක් හෝ සහනයක් ලැබීමට තද වර්ණ ඇඳුම් භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසත්, සෑම විටම සැහැල්ලු ආකාරයට ඇඳුම් පැලඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (24දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් වාර්තා වූ අතර, එම ප්‍රමාණය සෙල්සියස් අංශක 37කි.

මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34කි. මඩකලපුව, මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් වූ අතර, මහනුවර, කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32කි.

මීට අමතරව නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ක් ලෙස සටහන් විය.