13 July 2017

සංඝ භේදය නොහොත් රාජපක්ෂලාගේ ආනන්තරීය පාපකර්ම

පසුගිය රෙජීමය බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන ලද ප්‍රධානතම හා අධිපතිවාදී න්‍යාය වනුයේ ආගම සහ සිංහල ජාතිකත්වයයි. එය දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේදී රාජපක්ෂලා තරම් දක්ෂයන් මහවංශයේ කිසිදු යුගයක දැකිය නොහැක. සිංහල ජාතිකත්වය හා බුද්ධාගම දේශපාලනයට යොදා ගැනීමේදී ලංකාවේ කිසිදු රජවරයෙකුට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. අපේ යුගයේ සිංහල ජාතිකත්ව දේශපාලනයේ න්‍යායාචාර්යවරුන් වන දොස්තර ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින්ද සිල්වා පවා මවිත කරවීමට රාජපක්ෂවරුන්ට හැකිවිය. මහාචාර්ය නලින්ද සිල්වා ඔහුගේ ජීවිතයේ කිසිදු දිනක ජාතික චින්තක මතවාදය බලයට පත් වෙතැයි අපේක්ෂා නොකළේය​.

නමුත් එම ආණ්ඩුවේ ප්‍රධානතම තාක්ෂණික දුර්වලතාවය වන්නේ තමන් රටට කියු ජාතිකවාදී ආගම්වාදී මතවාදය රාජපක්ෂවරුන්ද විශ්වාස නොකිරීමයි. එසේම එම මතවාදය පිළිබද රාජපක්ෂ පවුලේ (ආණ්ඩුවේ නොවේ) දැනුම ඉතාම දුර්වල මට්ටමක තිබුණි. එම නිසාම ඔවුන්ට බුද්ධ දර්ශනය හා ජාතිකත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලන උපකරණයක් විය. එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත් ප්‍රධානතම බලවේගය වන්නේ මෙරට භික්ෂු සමාජය නොහොත් ගරුතර මහා සංඝරත්නයයි. එම නිසා රජයේ මුදල් රටපුරා තිබූ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ පන්සල් වලට බෙදා හැරිණි. විහාර හා දේවාලගම් පනත වෙනස් කරමින් පවුලේ හා ආධාරකරුවන්ට හිතුමනාපෙට දේවාල හා පන්සල් පිංකැට මංකොල්ල කෑමට ඉඩ සැලසීය. එසේම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අකර්මණ්‍ය කළ අතර ප්‍රධාන විහාරස්ථානවල ආදායම් විගණන කටයුතු අවිධිමත් කළේය. එම විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලාට දායක මුදල් රිසිසේ පරිහරණය කරන්නට ඉඩ ලබාදුන් අතර, එම සාංඝික මුදල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා රාජපක්ෂලාගේ මැතිවරණ කටයුතුවලට යොදා ගැනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම යුගයේදී අස්ගිරි – මල්වතු පාර්ශවයේ නායක ස්වාමීන්වහන්සේලාට වඩා බලවත් පාර්ශවයන් ශ්‍රී ලාංකික සංඝ සමාජය තුළ බිහිවිය.

මහනුවර නගරයේ දළදා මාළිගාව ඉදිරිපිට කාර් රේස් පැදීම, රුසියානු ගණිකාවන් නැටවීම, අරක්කු බාර් දැමීම රාජපක්ෂවරුන් විසින් අස්ගිරි මල්වතු පාර්ශවයන්ට හිතාමතාම සිදුකරන ලද තර්ජනයන්ය. එසේම අස්ගිරි මල්වතු නාහිමියන්ගේ මූණටම එම පාර්ශවය දෙකඩ කොට ධනවත් බලවත් නව පාර්ශවයක් ගොඩනගන බවට තර්ජනය කරන ලද බව අග්‍රාමාත්‍යවරයා විසින් ජූලි 08 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිටදී හෙළි කරන ලදි. එසේනම් රාජපක්ෂවරුන් සිංහල ජාතිකත්වය හා බුද්ධාගම ප්‍රධානතම දේශපාලන උපකරණය ලෙස භාවිතා කරමින් සංඝ භේදය ඇතිකරමින් ආනන්තරීය පාපකර්මයක යෙදී ඇත. ඒ සදහා පසුගිය රෙජීමයට විශාල වශයෙන් පිංකැට මුදල් ලැබුණු බවටද වාර්තා පළවෙමින් තිබේ. රාජපක්ෂවරුන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ අපූර්වත්වය වන්නේ ඔවුන් කිසිවෙකුටවත් අවංක නොවීමයි. ඔවුහු මුස්ලිම්වරුන්ට පහර දුන්හ. මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර ගිනි තැබූහ. ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළහ. ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරාගත්හ. වතුර ඉල්ලු සියනෑ කෝරළයේ සිංහල ජනතාව මරා දැමූහ. අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර සංඝ භේදය ඇතිකර ආනන්තරීය පාපකර්මයක් සිදුකළහ. එම පාපකර්මය පදනම් කොටගෙන බලයෙන් එළියට විසිවූ රාජපක්ෂලා තවමත් මේ රටත්, ජාතියත්, ආර්තිකයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරමින් රට ගිනි තැබීමට උත්සහ කරති.

අස්ගිරි මල්වතු පාර්ශවයන් දෙකඩ කිරීමට උත්සහ කිරීමෙන් නොනැවතුණු රාජපක්ෂවරු අනුරාධපුර අටමස්ථානයටද අත තැබූහ. අටමස්ථානයේ විශාලතම ස්තූපය වන රුවන්වැලි සෑයට වඩා උසින් හා විශාලත්වයෙන් යුත් සෑයක් අනුරාධපුර පූජා නගරය තුළ ඉදිකොට අස්ගිරි මල්වතු පාර්ශවය දෙකඩ කර ගොඩනගන ලද නව පාර්ශවයකට බාරදීමට සැලසුම් කළේය. මේ සියලු කටයුතු සිදුකරනු ලැබුවේ අටමස්ථානාධිපති හිමිවරුන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ රණවිරුන්ගේ නාමයෙනි. මේ සියලු කටයුතුවල මූලික පදනම වූයේ ඔවුන්ගේ පරම්පරා ගණනකට මුදල් ඉපයීමය. මර්වින් සිල්වා කැළණියේ වගුරු බිමක් පුදබිමක් කරමින් දැවැන්ත කෝවිලක් ඉදිකරන ලද්දේද එම අභිලාෂයෙනි. බුදු දහම දේශපාලන උපකරණයක් කරගත් පසුගිය රෙජීමය අත්හැරීම වෙනුවට බදාගැනීම ප්‍රගුණ කළේ එසේය. මේ පිළිබද අවධානය යොමු කරන විට මට සිහියට නැගෙන්නේ අපේ ගමේ බුද්ධදාසය. ඔහු රස්සාවට කළේ ගගේ මාළු ඇල්ලීමය.

මෙම නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියනවාක් මෙන් මෙම ආනන්තරීය පාපකර්මයෙන් යම් ආකාරයක හෝ සහනයක් ලැබීමට අවශ්‍ය නම් රාජපක්ෂවරුන් කළ යුත්තේ අස්ගිරි මල්වතු පාර්ශවයේ පන්සලකට ගොස් දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන අස්ගිරි පන්සලේ හතර කොණ ඇමදීමය. එසේම නැවත අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති මහානායක ස්වාමීන්වහන්සේ අබියස දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් ඉදලක් ගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හතර කොණ ඇමදිය යුතුය. එසේම තවත් මාසයක කාලයක් අපේ රුවන්වැලි සෑයේ මහනායක ස්වාමීන්වහන්සේ අබියස ඉහත කී ආකාරයටම දිග ඇදී වැද වැටී සමාව අයැද මාසයක කාලයක් තිස්සේ ඉදලක් ගෙන රුවන්වැලි සෑ මළුව හතර කොණ ඇමදිය යුතුය. මෙම වතාවත් සිදුකළ පසු වෙනත් පාප නැතිනම්, එළොව කෙසේ වෙතත් මෙලොව ජීවිතයේදී රාජපක්ෂවරුන්ට සැනසීමක් ලැබෙනු ඇත.

කෙසේ වුවද විහාර හා දේවාලගම් පනතින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබී ඇති බලතල අනුව ආගමික ස්ථාන ආදායම් විගණනය පවත්වාගෙන යා යුතු අතර, එය බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වගකීමකි. එසේම අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා යෝජනා කරන පරිදි පුරාණ ආගමික ස්ථානවලට විදේශ සංචාරකයින්ගෙන් ලැබෙන අතිවිශාල ධනයෙන් කොටසක් එම එම පුරාවිද්‍යා වටිනාකමකින් යත් ස්ථාන සංරක්ෂණය කිරීම සදහා යෙදවිය යුතුය.

| තුෂාර වන්නිආරච්චි

හැමෝම කතාවන ''Disce AUT Discede" ඇත්තම තේරුම .!

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් නිසා මුලු රටෙහිම අවදානයට ලක්වූ වැකියක් 'Disce AUT Discede'.

එහි සැබෑ අර්ථය හා ඉතිහාසය පිළිබදව නෙත් ගොසිප් අප සොයා බැලුවා.

Disce AUT Discede යනු ලතින් භාෂාවේ පාඨයක් . එහි අර්ථය වන්නේ 'උගනිව් නැත්නම් පිටවෙනු' යන්නයි

Disce AUT Discede යන්න ලොව පුරා පාසල්වල වල ආදර්ශ පාඨය ලෙස භාවිතා කරනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේත් ආදර්ශ පාඨය වන්නේ Disce AUT Discede පාඨයමයි.

 දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම පාඨය උච්ඡාරණය කල අයුරු : VIDEO

ඒකාබද්දෙට ඇමතිලා ගන්න බැසිල් සල්ලි බෙදන හැටි මෙන්න

පසුගිය සති කිහිපයේදී දේශපාලන භුමියේ අසන්නට ලැබුණු විශේෂ දෙයක් වුයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට සිටින බවය.මෙම ඇමතිවරුන් ඉකුත් සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් කිහිපදෙනෙකුද හමුවී සකාච්ජා පවත්වා ඇත.

තවද හිටපු ඇමතිවරයෙකු වු බැසිල් රාජපක්ෂ මහතාව පසුගිය ඉරුදිනයේදි (2017/07/02)මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකදි යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව හමුවි ඇත.මේ අවස්ථාව සදහා තවත් ව්‍යාපාරිකයෙකුද සිට ඇතැයි වාර්ථා විය.

මෙලෙස ඇමතිධුර හැර දමා විපක්ෂය සමග එක්වීමට හදන්නේ කුමක් සදහාද?සාමාන්‍යයෙන් ප්‍රධාන පෙලේ ජන්ද විමසීමකදී මෙලෙස මාරුවීම් දැකගත හැක.නමුත් ජනතාවට වැඩක් කිරීමට අවශ්‍යයනම් සිටිය යුත්තේ පවතින රජය සමගය.

මේ පිලිබදව සොයා බැලීමේදී අපට මෙහි සත්‍යය කුමක්දැයි දැනගන්නට හැකිවිය.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කල මැයි රැලිය පිලිබදව හැරී බැලීමේදී එතරම් ජනතාවක් ස්වෙච්ජාවෙන් එම ස්ථානයට පැමිණෙන්නේ නැති බව ඔබ අප සියලු දෙනා පිළිගන්නා කාරණයකි.කෑම බිම , ගමන් පහසුකම්,ඇදුම් ,තොප්පි මේවා ඒ තරම් විශාල ජනතාවකට දෙන්නට ඒකාබද්ධ විපක්ෂයට මුදල් කොහෙන්දැයි ඔබ සිතුවාද?ව්‍යාපාරිකයන් වුවද සහයෝගය ලබා දෙන්නේ පවතින රජයේ පක්ෂ වලටය.එසේනම් එතරම් මුදලක් ඒකාබද්ධ විපක්ෂය කොහෙන්ද?ඒ පිලිබදව මැයි රැලියේදී ඔබට නොපෙනුනත් ආණ්ඩුව හැරදමා ඒකාබද්ධ විපක්ෂයට යන ඇමතිවරුන්ගෙන් ඔබට ඒකාබද්ධ විපක්ෂයේ මුදල් ගෝනි කිහිපයක් දැකබලා ගැනීමට වනු ඇත.

විශ්වාසදායි ආරංචි මාර්ග වලින් අපට දැන ගැනීමට හැකිවුයේ මෙලෙස ආණ්ඩුව හැරදමා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට සැරසෙන එක ඇමතිවරයෙකුට බැසිල් රාජපක්ෂ විසින් රුපියල් කෝටි 10ක් ලබා දීමටත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට රුපියල් කෝටි 5 ක් ලබා දීමටත් බැසිල් එකගවී ඇත.

පවතින ආණ්ඩුවෙන් හොරකම් කිරීමටවත් නොහැකිව වැලේ වැල් නොමැතිව සිටිනා ඇමතිවරු කිහිප දෙනෙකු මෙම යෝජනාවට එකගවී ඇති අතර තවත් පිරිසක් එම මුදලට වඩා වැඩි ලංසුවක් අවශ්‍යය බව පවසා ඇත.

මෙවැනි ඇමතිවරුන් පිලිබදව ජනතාව වෙනදාටත් වඩා සැලකිල්ලෙන් බලා සිටියි.මේ අප සිටින්නේ තාක්ෂණය අතින් දියුණු ලෝකයකයි.ඕනෑම දෙයක් ඉතා ක්ෂණිකව දැන ගැනීමට දැන් ජනතාවට ඉඩ ලැබී ඇත.එම නිසා ඇමතිවරුනි තවත් හෙළිදරව් වීම් වන්නට මත්තෙන් ඔබගේ ගෞරවය රැක ගැනීම ඔබගේ රාජකාරියක් බව අමතක නොකරන්න.

සියලුම උත්සවවලදී පොලිතීන් තහනම්

 ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු සියලු උත්සව සැරසිලි කටයුතු වලදී පොලිතීන් භාවිතය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ පොලිතින් මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතීන් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමත් සමගිනි.

පොලිතීන් හා ප්ලාස්ටික් මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට පරිසර ඇමති වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

කෙටි කාලීන යෝජනා

මයික්‍රෝන 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතීන් භාවිතය, විකිණීම හා නිෂ්පාදනය තහනම් කරමින් දැනට නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිය එලෙසම ක්‍රියාත්මක කිරීම.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා මයික්‍රෝන 20 ට අඩ පොලිතීන් භාවිතය මධ්‍ය පරිසර අධිකාරියේ අනුමැතිය මත පමණක් සිදු කිරීමට අවසර දීම.

ආහාර එතීම සඳහා භාවිතා කරන දවටන (Lunch Sheets) දේශීය භාවිතය සඳහා ආනයනය, නිෂ්පාදනය හා විකිණීම තහනම් කිරීම.

පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි, ප්ලාස්ටික් පිඟන් කෝප්ප සහ හැඳි ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය තහනම් කිරීම.

පොලිතින් වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කිරීම.

භාණ්ඩ මිලදී ගන්නාඅවස්ථාවලදී පාරිභෝගිකයින් වෙත ලබා දෙන ලද පොලිතීන් ඇසුරුම් වලට විකල්ප වශයෙන් කඩදාසි, පන්, රෙදි වැනි පරිසර හිතකාමී ඇසුරුම් මලු ලබා දීම හා එවැනි ඇසුරුම් නිෂ්පාදනයේදී ජෛව හායනයට ලක් වීම මගින් දිරාපත් වන ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.

විවෘත භූමි වල පොලිතීන් හා ප්ලාස්ටික් පිළිස්සීම තහනම් කිරීම.

ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම.

මධ්‍යකාලීන ක්‍රියාකාරකම්

ජෛව හායනයට ලක් වන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදන කටයුතු සිද කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමේදී බදු සහන හා බදු සහන ලබාදීමටත්,
ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා ප්ලාස්ටික් භාණ්ඩ ආනයනයේදී 15% ක සෙස් බද්ධක් අය කිරීම.

දීර්ඝ කාලීන ක්‍රියාකාරකම්

 
ප්‍රතිචක්‍රීකරනය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.

ජර්මනියම විශ්මයට පත්කළ ශ්‍රී ලාංකිකයන් - 'මචන්' චිත්‍රපටය සෑදීමට පසුබිම් වූ සිදුවීමේ පුද්ගලයන්ගේ ඇත්ත කතාව | VIDEO

මේ සිදුවීම සිදුවන්නෙ 2004 වසරේ. කලක් ලොවෙහිම ආන්දෝළනයට ලක් වූ සිදුවීමක්.සම්මානලාභී චිත්‍රපට සැදීමට පවා හේතු වූ කතා පුවතක්. ශ්‍රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට ජර්මනියට ආරාධනා කර ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමය අන්තර්ජාලයේ දැන්වීමක් දමනවා.

යම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙය දකිනවා.

හෑන්ඩ්බෝල් ක්‍රීඩාව කිසිම දිනෙක සිදු නොකල ඔහුන් හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදනවා. ඔහුන්ගේ අරමුන වෙනත් එකක්.අවසානයේ ඔහුන් ජර්මනියට යනවා. ජර්මානු ජාතික කණ්ඩායම සමග හෑන්ඩ්බෝල් තරගයකද නිරත වනවා.

අවසානයේ ඔහුන් තමන්ගේ අරමුණ වෙත යනවා.

ලොව මහත් ආන්දෝළනයකට ලක් වූ , මචන් චිත්‍රපටයට හේතු වූ සත්‍ය කතා පුවතයි .

ඔහුන් කළ දේ හරි හෝ වැරදි හෝ සිය පවුලේඅයට හා ආදරණීයන්ට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට ඔහුන් කිසිවෙකුට සිතාගත නොහැකි සැළසුමක් සකස් කර එය සාර්ථක කර ගත්හ. ඔහුන් ජර්මනීයේ ක්‍රීඩා කරන අයුරු සහ එම ව්‍යාජ හෑන්ඩ්බෝල් කණ්ඩායම බොහො දෙනෙකු දැක නැත.

ඔහුන් පිළිබද සකස් කළ විඩීයෝව පහතින්,

නෙත් ගොසිප්



කරුංකා ජාවාරම පිටුපස බලවත් දේශපාලන කාන්තාවක්

කළක පටන් මෙරට සිදුවෙමින් යන කරුංකා ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලන කාන්තාවක් සිටින බව වාර්තාවේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම් අනුව මෙරටදී ඉන්දියාවට යවනු ලබන යම් භාණ්ඩ ප්‍රමාණයක් සඳහා බදු අය නොකරන අතර කරුංකාද ඒ අතර වේ.

වෙනත් රටකින් මෙරටට ගෙනඑනු ලබන බොහෝ භාණ්ඩ සඳහා 35%ක VAT හෙවත් එකතුකළ අගය මත බද්ධ අයකරනු ලැබේ.

කෙසේ නමුත් ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වන ලද කරුංකා මෙරට වරායෙන්ම නැවත වංචනික ලෙස ඉන්දියාවට අපනයනය කරනු ලබයි.

මෙලෙස ප්‍රති අපනයනය කිරීමේදී අදාළ ප්‍රබල දේශපාලන කාන්තාව සිය කරුංකා සඳහා මෙරටදී අයකරුනු ලබන එකතුකළ අගයමත බද්ධ නිදහස් කරගැනීමට ප්‍රබල ඇමතිවරු සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ගොස් තිබේ. එම ප්‍රබල ඇමතිවරයාගේ ඇමති ධුරය, පසුගියදා සිදු වූ ඇමති සංශෝධනයේදී වෙනස් වීමටද බඳන් විය.

මෙම ඡාවාරම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාවද නොසතුටින් පසුවන අතර නොදුරේදීම ඉන්දියාව ශ්‍රී ලංකා ආණ්ඩුවට මේ ගනුදෙනු ක්‍රමය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට නියමිත බවද ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

LT

පුද්ගලයෙක් වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝ 5.5ක් මුදාහරිනවා

 පොදුවේ එක් පුද්ගලයෙකු වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 5.5ක් පරිසරයට මුදාහරින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. පළාතක් වශයෙන් බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයෙකු වර්ෂයකට පොලිතීන් හා ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 7.5ක් මුදාහරින බවද එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සඳහන් කළේය.

දිනකට ලන්ච් ෂීට් මිලියන 20ක් රට තුළ භාවිත කරන බවත්, ගෙවී ගිය වසරේදී පොලිතීන් අමුද්‍රව්‍ය ගෙන්වීමට රුපියල් මිලියන 20,000කට අධික ප්‍රමාණයක් වියදම් වී තිබෙන බවද ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය. සැප්තැම්බර් පළමු වැනිදා සිට ලන්ච් ෂීට්, සිලි බෑග්, කසළ බහාලන ඇසුරුම්, පොලිස්ටරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නිෂ්පාදනය කරන ඇසුරුම් භාවිත කිරීම හා ගෙන් වීම සපුරා තහනම් බවද සභාපතිවරයා පවසා සිටියේය.

මේ හේතුවෙන් එම ද්‍රව්‍යවලට විකල්ප ලෙස කඩදාසි බෑග්, පන් රෙදි හා ජෛව හානියට ලක් වන ප්ලාස්ටික් පොලිතීන් වර්ග හඳුන්වා දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය. ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි.

කොලඹ කොටස් වෙළදපලේ දැවැන්ත ආයෝජන වර්ධනයක්

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි විශාලතම ශුද්ධ ආයෝජනය ඉකුත් 10 වැනිදා සිදුවූ බව කොලඹ කොටස් වෙළදපල අනාවරණ කරනවා. මේ ඒ සම්බන්ධයෙන් කොටස් වෙළදපල නිකුත් කළ නිවේදනයයි.

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ දෙවන ‍ඉහළම ශුද්ධ ‍විදේශීය ආයෝජනය වාර්තා ‍කරයි.

ජූලි මස 10 වෙනිදා වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මේ වසරට වාර්තා වූ ශුද්ධ විදේශීය ආයෝජන අගය රුපියල් බිලියන 22.8ක් ලෙස වාර්තා වෙමින් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දැනට වාර්තා වී ඇති දෙවන ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වාර්තා කර ඇත. ජූලි 10 වන සඳුදා වන විට බිඳ දමනු ලැබූයේ වසර 2013 දී රුපියල් බිලියන 22.7ක් ලෙස වාර්තා වී තිබූ තෙවන ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගයයි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගය වන්නේ වසර 2012දී වාර්තා වූ රුපියල් බිලියන 38.6ක ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණයයි.

මේ වසරේ දැනට විදේශීය ආයෝජකයින් විසින් රුපියල් බිලියන 65.5ක කොටස් මිලට ගෙන ඇති අතර කොටස් විකුණුම්වල වටිනාකම රුපියල් බිලියන 41.7කි. වසර තුළ විදේශීය ගැනුම් ප්‍රමාණය විදේශීය විකුණුම් ප්‍රමාණය ඉක්මවා තිබේ. ඒ අනුව මේ වසර තුළ දැනට වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 22.8කි. මෙම වසරේ මාස 7ක් ගෙවීයාමටත් ප්‍රථමව මෙම වාර්තාගත අගය වාර්තා වී ඇති අතර වසර අවසන් වීමට තවත් මාස 5කට අධික කාලයක් පවතින බැවින් ඉතිහාසයේ වාර්තාවී ඇති ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වන රුපියල් බිලියන 38.6ක අගය වසර අවසන් වනවිට බිඳවැටෙනු ඇතැයි අනුමාන කළ හැක. කෙසේ වෙතත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ යම් හෙයකින් ඉදිරි මාස කිහිපය තුළදී විදේශීය ආයෝජකයින්ගේ විකුණුම් අගය ඉහළ නැඟුණහොත් ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය පහළ යා හැකි බවය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ අප්‍රේල් මාසයේ මුල සිට මේ දක්වා මේ වසර තුළ රුපියල් බිලියන 17ක් ඉක්මවා ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. එමෙන්ම කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා 12%කට අධික ප්‍රමාණයකින් ඉහළ යමින් අප්‍රේල් මාසයේ සිට මෙ දක්වා ලොව ඉහළ යෑම අතින් ප්‍රධාන කොටස් වෙළෙඳ පොළවල් අතරට එක්ව තිබේ.

දළ ගන්න මාන බලන් ඉන්න තිරිසන්නුන්ගේ වෙඩි උණ්ඩයට ළය දෙන මින්නේරි අඩවියේ මහසෙන් | PHOTO

මහසෙන් නම අපට කණ වැකෙණ විටම මතක් වන්නේ මින්නේරි වැව කරවූ මහසෙන් රජු ය.

නමුත් වර්තමානය වනවිට හෙළ දීපයට මැණිකක් බඳු අභිමානයක් මින්නේරි වැව් තාවුල්ලේ දකින්නට හැකිය.ඒ තමා මේ මින්නේරි වැව් තාවුල්ල ආශ්‍රිත වනරොඳ තමන්ගේ ජන්ම භූමිය කරගත් සද්ධන්ත මහසෙන් හස්තියා.

අවුරුද්දේ එක් කාල සීමාවකදී පමණක් දැකිය හැකි මේ සද්ධන්තයා වසරේ අනිත් කාල වලදී සෝමාවතිය දක්වා සංක්‍රමණය වේ.

නමුත් මා කියන්නට යන්නේ ⁣ඔහුගේ සුන්දරත්වය පිටුපස ඇති අප දකින ඔබ නොදකින කදුළු කතාවයි.
මීට කලකට පෙර ගල්ගමුව වන පෙත සැරසූ සියඹලන්ගමුවේ හස්තියා මෙන්ම අද වන විට අපගේ මින්නේරි වන පෙත සරසන මහසෙන්ට අද අත්ව ඇත්තේ බොහොම ඛේදනීය ඉරණමකි.එනම් රුඳුරු වෙඩික්කරුවන්ගේ වෙඩි පහරවල් දහසක් මැඳ අසරණව සිය ජීවිතය ගත කිරීමටයි.

මෙම හස්තියා පිළිබදව දෙස් විදෙස් බොහෝ දෙනා අද වනවිට දැනගෙන අවසන්ය.බොහෝ දෙනෙකු සද්දන්ත මහසෙන්ව සලකන්නෙ මින්නේරි වැව කරවූ මහසෙන් රජුගේ ආත්මයක් ලෙසයි.
නමුත් මහසෙන්ගේ සද්දන්ත දළ යුගලට කෑදරකමෙන් ඔහුගේ ජීවිතයට වින කටින්නට මාන බලාගෙන සිටින තිරිසන් වෙඩික්කරුවන් නිසා අද වනවිට මෙම වටිනා සද්දන්තයා අපට අහිමිවීමේ දැඩි අවදානමක් මතුවී ඇත.
එමෙන්ම ඔහුගේ ශරීරයේ ඇති සිය ගණනක් මූනිස්සම් සහ පතොරම් පහරවල් නිසා ඇතිවූ තුවාල හේතුවෙන් ඔහුගේ ජීවිතයටද අවදානමක් ඇතිවීමට ඉඩ ඇත. එබැවින් පරිසරයට අලි-ඇතුන්ට පෙම් බැඳි අපි ඉල්ලා සිටින්නේ මේ පිලිබදව රජයේ සහ වගකිවයුතු සියලු පාර්ශවයන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

ජනාධිපති තුමා,අගමැති තුමා, වනජීවි ඇමතිතුමා,වනජීවි අධ්‍යක්ෂතුමා,යුද්ධ හමුදාපතිතුමා

මෙම වගකිවයුතු ප්‍රධාන නිළධාරීන්ගේ සහ අනෙකුත් සෙසු නිළධාරින්ගෙන් අප ඉල්ලන්ගේ මෙම වටිනා සම්පත රැක ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසයි.ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළධාරීන් යොදවා මෙම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.එමෙන්ම ඔහුට රේඩියෝ කොළර් එකක් යොදන්න.මෙම සද්ධන්තයාට විශේෂ අවධානයක් යොමු කරන්න.

නැතිනම් හෙළයට පෞඩත්වයක් වන මෙම සත්ත්වයාද අවසන් ගමන් යන දිනය නුදුරු දිනෙක නොවන බවට අලි-ඇතුන්ට ආදරය කරන අපි අනතුරු අගවා සිටින්නෙමු.

බළධාරීන්ගේ ඇස් ඇරෙන්නට කියවා ශෙයා කරන්න.

Manjula Priyanga Bandara
චායාරූප අයිතිය : ජනප්‍රිය ගාල්ලගේ මහත්මා


කැඳවලට ගන්නා කොළ ගුණ දැනගන්න

නිරෝගිමත් දිවියක්‌ ගත කිරීමේදී පොෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම ඉතාම වැදගත් නමුත් කාලයත් සමඟ අපේ පැරණි ආහාර රටාවන්ගෙන් ඈත් වෙමින් වැරදි ආහාර රටාවන්ට හුරුවීමේ ප්‍රවණතාවක්‌ හඳුනාගන්න පුළුවන්. ශරීරයට බෙහෙවින් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ ඔබ දැනුවත් ද ? කිරි පිටි වෙනුවට සෑම උදැසනකම කොළ කැඳ වීදුරුවක්‌ පානය කිරීමෙන් ලෙඩ රෝග අවදානමෙන් මිදෙන්නට හැකි බව ඔබ දන්නවාද?

සමබර පානයක්‌ වන කොළ කැඳවල අඩංගු ඖෂධීය කොළ යුෂ මඟින් ශරීරයට ඛනිජ ලවණ, ඇමැයිනෝ අම්ල, විටමින් ලබාදෙනවා. සහල් මඟින් පිෂ්ඨයත්, පොල්කිරි වලින් මේදයත් ලබා දෙනවා. ඉඟුරු, සුදු ලුනු, ගම්මිරිස්‌ වලින් ලබාදෙන අමතර පෝෂණයත් ඉතාම වැදගත්. කොළ කැඳ පානය කිරීමෙන් නිරෝගි බව රැකීම මෙන්ම ආයු බල ශක්‌තිය වර්ධනය වීම ද සිදු වෙනවා.

කොළ කැඳවල අඩංගු කොළවලින් ශරීරයට ලැබෙන පෝෂණ ගුණයයි මේ.

ගොටුකොළ

ධාරණ ශක්‌තිය ඇති කිරීම

බුද්ධිය වර්ධනය කිරීම

කිරිදෙන මවුවරුන්ට ගුණදායකය

සිරුරට සිසිලස ලබාදීම

ඇස්‌ පෙනීමේ දුර්වලතා මඟ හැරීම

හිසකෙස්‌ වර්ධනය කිරීම

රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීම

මුකුණුවැන්න

විටමින් බහුලව ඇත.

සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ ශරීරයට

අවශෝෂණය කරයි.

ප්‍රතිශක්‌තිය වැඩි කරයි.

පටකවල ගෙවී යාම අඩු කරයි.

මළ පිටවීම හොඳින් සිදු කරයි.

අක්‌මා රෝග, පීනසට ගුණයි.

හිසකෙස්‌ පැලීම නවතාලයි.

සම පැහැපත් කරයි.

හාතවාරිය

සිරුරේ සිසිලස රඳවා තබයි

මුත්‍රා හොඳින් පිට වේ.

වාතය නසයි.

සන්ධි රෝගවලට ගුණ දායකය.

සිරුරේ ඉදිමුම නැති කරයි.

ආමාශයේ රෝගවලට ගුණයි

සිරුරේ දාහය නසයි

වැල් පෙනෙල

පුරුෂයන්ගේ ධාතු ශක්‌තිය වැඩි කරයි.

සරුභාවය ඇති කරයි.

අධික රුධිර පීඩනය නැති කරයි.

ලේ පිරිසිදු කරයි.

ස්‌නායු පද්ධති මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනී.

ඉදිමුම නැති කරයි.

අරුචිය නැති කරයි.

ඉරමුසු

කුෂ්ට, දද නැති කරයි.

සිරුරේ දහඩිය දුඟද නැති කරයි

බඩගින්න ඇති කරයි.

බරවා රෝගයට සුදුසුයි

ස්‌ත්‍රී රෝගවලට ගුණයි

මුත්‍රා දැවිල්ල නසයි.

අක්‌ෂි රෝගවලට සුදුසුයි

මී විසට හිතකරයි.

කරපිංචා

කොලෙස්‌ට්‍රොල් අවශෝෂණය බාල කරයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස්‌ පාලනය කරයි.

හෘද රෝගීන්ට ඉතාම හිතකරයි.

පිළිකා සෛල නසයි.

ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.

විෂ නසයි

ලන්ඩන් සමරිසි අභිමාන

සිය අයිතිය කියා පාමින් පසුගිය 8 දා මධ්‍යාහ්නයේ ගමන් ගත් 'ලන්ඩන් අභිමානය' (Pride in London) 'සමරිසියන්ගේ' යෝධ පාගමනට දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ.

මෙය ලන්ඩන් සමරිසි පාගමනේ 45 වැනි වැනි සංවත්සරයයි.මෙවර සංවත්සරය උදාවූයේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බව වේල්සය සහ එංගලන්තය විසින් නීතිගත කරනු ලැබීමට වසර පනහක් පිරීමත් සමඟයි

ලන්ඩන් නගරය මධ්‍යයේ පිහිටි 'පෝට්ලන්ඩ්' පෙදෙසින් (Portland Place) ආරම්භ වූ සමරිසි පාගමන ඔක්ස්ෆර්ඩ් සහ රීජන්ට් වීදි ඔස්සේ ට්‍රෆල්ගාර් චතුරශ්‍රය කරා පෙරට ඇදුණි.මෙවර සමරිසි පාගමන නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය අලංකාර විදුලි බුබුළු යොදා ගනිමින් පසුගිය සිකුරාදා (ජූලි 07) රාත්‍රියේ පටන් දේදුනු හැඩයෙන් වර්ණවත් කර තිබුණි.

සමරිසියන් වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය දේදුනු පැහැයෙන් වර්ණවත් කරන ලද පළමු වතාව මෙයයිවෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය පමණක් නොව ලන්ඩන් නගරයේ උමං දුම්රිය පොළවල් සහ වෙළෙඳ මධ්‍යස්ථාන ආදියත් අද දිනය තුළ සමරිසි දේදුනු ධජ පතාක ,විවිධ අලංකාර පෝස්ටර් සහ වෙනත් සංකේත මගින් අලංකාර කර තිබෙනු දක්නට ලැබෙයි.

සමරිසි අභිමානය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රැස් වූ අතර එහි අවසානය තෙක්ම සංගීතයෙන් ,විවිධ වර්ණයෙන් මෙන්ම අලංකාර දර්ශන මගින් පාගමන අලංකාර විය.

1972 වසරේ ආරම්භ කෙරුණ පළමු 'ලන්ඩන් අභිමානය' (Pride in London) පාගමනට සහභාගී වී ඇත්තේ දෙදාහක් තරම් සුළු සංඛ්‍යාවක් පමණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.

මුල් මාස හයට සංචාරකයෝ දස ලක්ෂයක්

මේ වසරේ මුල්  මාස හය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ  සංචාරකයින් දස ලක්ෂ දහ දහස් හාරසිය හතළිස් හතර (1 010 444) දෙනෙකු පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ  නවතම දත්ත වල සඳහන් වේ.

පසුගිය වසරේ මුල් මාස හය හා සැසඳීමේදී මෙය 4.8 %ක වර්ධනයක් යැයිද එම අධිකාරිය සඳහන් කරයි.ඉකුත් වසරේ පළමු මාස හය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ හැටහතර දහස් දෙසිය හැටහතකි (964 267).

ජනවාරි හා ජූනි මාස දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 172,894 කි. චීනයෙන් සංචාරකයින්  134,744 ක් මෙරටට පැමිණ ඇත.

මේ වන විට රට තුළ ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගත රෝග තත්ත්වය නිසා හා මුල් මාස කිහිපය තුළ මෙරට ප්‍රධානතම ගුවන්තොට වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාකිරීම නිසා පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් පෙබරවාරි, මාර්තු මාසවල දී වාර්තා වී තිබිණි.

මේ හේතුවෙන් ලක්ෂ 25 ක විදෙස් සංචාරක ඉලක්කය සපුරා ගැනීම අභියෝගයක් වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ක්‍රිකට් නගා සිටුවන්න සභාපති වෙන්නම ඕන නෑ : සංගා

දේශපාලනයට පැමිණීමට තමාට බොහෝ ආරාධනා පැමිණියත්, තමන් ඊට කිසි ලෙසකින්වත් කැමැත්තක් හෝ අදහසක් නැතැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසීය.එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වීමට හෝ තමාගේ කිසිම කැමැත්තක් නොමැති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සහාය ලබාදීමට තනතුරු ලබාගැනීම අවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කර සිටියේය.

සංගක්කාර මේ බව සඳහන් කර සිටියේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ඊයේ (12දා) සම්බන්ධවෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර, “ක්‍රිකට්වලට උදවු කරන්න ඕන නම් කවදාක්වත් ක්‍රිකට් පාලකයා වෙන්න ඕනේ නැහැ. ක්‍රිකට් සභාපති වෙන්න ඕනෙත් නැහැ. කිසිම අන්දමකට ක්‍රිකට්වලට බැඳෙන්නේ නැතිව ඕනම කණ්ඩායමකට උදවු කරන්න පුළුවන්.

යම්කිසි ළාබාල ක්‍රීඩකයෙක් ඇවිත් තමන්ගෙන් අදහස් අහනවා නම් අවවාද ඉල්ලනවා නම් ඒ අවස්ථාවේ විශාල ලෙස උදවු කරන්න පුළුවන්. මගේ නම් ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න කිසිම කැමැත්තක් නැහැ. මොකද සිදත් වෙත්තමුණි මහතාගේ කාලයෙත් මට ආරාධනාවක් ආවා. මේ කාලෙත් යම් යම් අය කියනවා ඇයි ඇවිල්ලා බැඳෙන්න බැරි කියලා. මම හැමවෙලාවෙම කියන්නෙ මම අවශ්‍ය තැනදී පොඩි විදිහකින් හරි උදවු කරන්න බැඳිලා ඉන්නවා. මම ඒ දේ කරලත් තිබෙනවා.

දේශපාලනය ගැන අහද්දී මට විවිධ වූ ආරාධනා ලැබිලත් තියෙනවා. ඒ වගේම බොහෝ අය කියලා තිබුණා මම ඉස්සර කලාවැව, අනුරාධපුර යන ප්‍ර‘දේශවලින් දේශපාලනයට එනවා කියලා. එහෙත් දේශපාලනයට පැමිණීමට මගේ කිසිම කැමැත්තක් හෝ අදහසක් නැහැ" යැයි ප්‍රකාශ කළේය.

කාන්තාවන්ට මුවා වෙලා ඡන්දෙ කල් දාන්න එපා : කැෆේ

පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සඳුදා(10) ප‍්‍රකාශයට පත් කරනු ලැබු ගැසට් නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුවක් කර නොගන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.

1988 අංක 2 දරන පළාත් සභා ඡුන්ද විමසීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් රජය ඉකුත් 10 දා ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කළේය.

එම ගැසට් පත‍්‍රය අනුව පළාත් සභාවන්හි කාන්තා නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් පියවර අගය කරන බවත් එය කැෆේ සංවිධානය දිගු කලක සිට කළ ඉල්ලීමක් බවත් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවන්හි නිල කාලය මේ වසරේ අවසන් වන බැවින් ඔක්තෝබර් 2 වැනිදා ඊට අදාල ගැසට් පත‍්‍රය නිකුත් කරමින් පළාත් සභා ඡන්ද විමසීම ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇතැයි තෙන්නකෝන් මහතා කීය.

එහෙත් කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හේතුවක් කරගෙන මැතිවරණය කල් දැමිමේ ගැසට් පත‍්‍රය හේතුකර නොගන්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.