13 July 2017

කාන්තාවන්ට මුවා වෙලා ඡන්දෙ කල් දාන්න එපා : කැෆේ

පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සඳුදා(10) ප‍්‍රකාශයට පත් කරනු ලැබු ගැසට් නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුවක් කර නොගන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.

1988 අංක 2 දරන පළාත් සභා ඡුන්ද විමසීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් රජය ඉකුත් 10 දා ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කළේය.

එම ගැසට් පත‍්‍රය අනුව පළාත් සභාවන්හි කාන්තා නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් පියවර අගය කරන බවත් එය කැෆේ සංවිධානය දිගු කලක සිට කළ ඉල්ලීමක් බවත් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවන්හි නිල කාලය මේ වසරේ අවසන් වන බැවින් ඔක්තෝබර් 2 වැනිදා ඊට අදාල ගැසට් පත‍්‍රය නිකුත් කරමින් පළාත් සභා ඡන්ද විමසීම ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇතැයි තෙන්නකෝන් මහතා කීය.

එහෙත් කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හේතුවක් කරගෙන මැතිවරණය කල් දැමිමේ ගැසට් පත‍්‍රය හේතුකර නොගන්නැයි ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment