12 July 2017

සයිටම් ‘ජනසතු කල බවට’ ආණ්ඩුවෙන් ප්‍රචාරක මෙහෙයුමක්..!

දිනෙන් දින උඝ්‍ර වන සයිටම් ගැටළුව මත දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති ආණ්ඩුව තමන් කෙරෙහි ජනතාවගෙන් එල්ල වන අප්‍රසාදය අවම කර ගැනීම සදහා දැවැන්ත මුදලක් වියදම් කරමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් සූදානම් කර ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට සයිටම් ගැටළුව විසදූ බවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කල බවටත් වන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතී.

එහි පළමු පියවර ලෙස දිවයින පුරා ඇලවීම සදහා පෝස්ටර් විශාල ප්‍රමානයක් මේ වන විටත් මුද්‍රණය කිරීම සදහා ලබා දී තිබේ. ඊට සමගාමීව වෙනත් ආකාරයේ ප්‍රචාරක මාධ්‍ය්‍යන්ද භාවිතා කරමින් ජනතා විරෝධයක් වෛද්‍යවරුන් වෙත හා ශිෂ්‍ය ව්‍යාපාරය වෙත එල්ල කිරීමේ උත්සහයක් ලෙස මෙම ප්‍රචාරක වැඩපිළිවෙල සූදානම් කර තිබෙනබව දැනගන්නට ඇත.

lankatruth

No comments:

Post a Comment