12 July 2017

ඩෙංගු තොරතුරු වසන් කරන නිසා පාලනයට බාධා

සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගය පාලනය කිරීම වෙනුවට රෝගීන් සම්බන්ධයෙන් තොරතුරු වසන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තොරතුරු සැඟවීම හේතුවෙන් රෝගය සම්බන්ධයෙන් පවතින තත්ත්වය තවදුරටත් බැරූරුම් විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

කීට විද්‍යා අංශයට අනුව මදුරු ඝනත්වය දිනෙන් ඉහළ යමින් පවතින අතර අවම වශයෙන් ඉදිරි මාස දෙකක කාල සීමාවක් දක්වා හෝ ඩෙංගු රෝග අධි වසංගත තත්ත්වය පවතිනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඩෙංගු රෝගයට සැබෑ විද්‍යාත්මක විසඳුම් ලබා දීම වෙනුවට විද්‍යාත්මක නොවන පැලැස්තර විසඳුම් ලබා දෙමින් බලධාරීන් රට ඛේදවාචකයක් කරා යොමු කරමින් සිටින බව ඔවුන් පවසයි.

ඩෙංගු පාලනය කිරීමට නායකත්වය ලබා දීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරයාද තම පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරට ගනිමින් වෛද්‍ය ආඥා පනත උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

No comments:

Post a Comment