22 March 2017

APPLE සමාගමෙන් පළමු වතාවට රතු පැහැයෙන් iPhone 7 එයි | PHOTO



ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ප්‍රධානතම ජංගම දුරකතනය ලෙස iPhone හඳුන්වා දෙන්න පුළුවන්. එහි ඇති අධික මිල නිසා සමහරු  iPhone එකක් මිලදී ගන්න සිහින මවනවා. නමුත් සමහරු කොහොමහරි iPhone එකක් මිලදී ගන්නවා. ඒකට හේතුව ඇපල් සමාගම නිෂ්පාදනය කරන මේ දුරකතනවල ඇති විශිෂ්ඨත්වය සහ නිමාවයි. ඒ වගේම iPhone වලට පමණක් සුවිශේෂී පහසුකම් තිබීමයි.

iPhone 7 වෙළඳපොලට ආවේ බොහොම මෑතකදී. ඒ වුණාට මේ වෙනකොට  iPhone 7 සියල්ලම විකිණී අවසාන බව වාර්තා වෙනවා. මේ තත්ත්වය යටතේ ඇපල් සමාගම ඊයේ නිවේදනය කළා මේ අවුරුද්දේ රතුපාට iPhone 7 ජංගම දුරකතනය ලොවට හඳුන්වාදීමට සුදානම් කියලා.

පලමුවතාවට තමා ඇපල් සමාගම රතු පාටින් ජංගම දුරකතනයක් නිර්මාණය කරන්නේ. iPhone 7 එකේ තියෙන සියලුම option මෙහි තිබෙන බව සඳහන්. මේ විදියට රතුපාටින් විශේෂිත දුරකතනයක් හඳුන්වාදීමට හේතුව වන්නේ ලෝක ඒඩ්ස් දිනයට ඇපල් සමාගම කරන AIDS fundraising campaign එක.
මෙහි මිල $749 ක් බව ඇපල් සමාගම සඳහන් කරන බවද වාර්තා වෙයි.

හනුමන්තා යළි උපදියි – ඉන්දියාව කැළඹෙයි | PHOTO


අමුතුම පෙනුමක් ඇති දරුවෙකු ඉන්දියාවේදි උපත ලබා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 35 හැවිරිදි කලීඩා බෙන්ගුම් නම් කාන්තාවක් පසුගිය සඳුදා රාත්‍රියේදී ඔහුට උපත ලබා දී ඇත.

කෙසේ වෙතත් දරුවාගේ පෙනුම දුටු මෙම මව මහත් කම්පනයට පත්ව ඇති අතර දරුවාට කිරි දී පෝෂණය කිරීමද ප්‍රතික්ෂේප කර ඇත. මෙය ජානමය විකෘතිවීමක් නිසා ඉතාමත් කලාතුරකින් ඇතිවන තත්වයක් බව වෛද්‍යවරු පවසයි.

කෙසේ වෙතත් ඇතැමුන් මෙම දරුවා හින්දු දහමේ එන හනුමාට සමාන කිරීමට පෙළඹී තිබේ. හනුමා වෙනත් ශරීරයකින් ලොව පහළවී ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

හනුමා වෙනත් ශරීරයකින් ලොව පහළවී ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

3E7B9EA000000578-0-image-a-4_1490101200772 (1) 3E7B9EBA00000578-0-image-a-6_1490101216823 3E7B9F8A00000578-0-image-a-1_1490101187079 3E7B9F8E00000578-0-image-a-2_1490101196021

හැත්තෑපන් ලක්ෂය බැගින් ළමයින් 13 දෙනෙකුට සයිටම් යන්න සල්ලි දුන්න ඇමතිවරයා කවුද ? | VIDEO



සයිටම් ගැටලුවේ වගකීම පසුගිය රජය භාරගතයුතු බව පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා සහ කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස මහතා පවසනවා.පසුගිය රජයේ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ළමයින් දහතුන් දෙනෙකුට රුපියල් හැත්තෑපන් ලක්ෂය බැගින් මුදල් ලබා දී ඇත්තේ සයිටම් ආයතනයට ගොස් අධ්‍යාපනය ලබාගන්නා ලෙස බවත් මෙහිදී ඔවුන් අනාවරණය කලා.

ලසන්තගේ ඝාතනය - ෆොන්සේකා ගැන සැකයක්


පසුගිය ආණ්ඩුව සමයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා පිළිබඳ ද තමාට සැකයක් පැවති බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ සුජීව සේරසිංහ මහතා පැවසීය.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙක් විසින් මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ යැයි පළ වෙන වාර්තා සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා මෙම ඝාතනයට තමා සම්බන්ධ නොවු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්  මෙම අපරාධ කල්ලිය හමුදාවේ ඕනෑම හමුදා නිලධාරියෙක් සම්බන්ධ විය හැකි නිසා එවකට හමුදාපතිවරයා වශයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් යම් වගකීමක් ගැනීමට සිදුවන බවත් ය.

කෙසේ වෙතත් මීනිමරු කල්ලියක් රාජපක්ෂවරුන් හරහා පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව පැහැදිලි බවත් ඊට අදාළ සියලු දෙනා නීතිය හමුවට නුදුරේදීම හසුවන ඇති බව ද අමාත්‍ය සුජීව සේරසිංහ මහතා කියා සිටියේ ය.

සයිටම් මුදල් රුසියාවට ?



සයිටම් ආයතනය විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයකර ගන්නා මුදල්වලින් කොටසක් රුසියානු සමූහාණ්ඩුව වෙත යවන බවට හෙළිව තිබෙන නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

2009 වසරේ සිට මේ දක්වා කාලය තුළදී ශිෂ්‍යයන් 900කගෙන් රුපියල් මිලියන 6 සිට 12 දක්වා මුදල් ලබාගෙන තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

ලංකාව ඉහල මානව සංවර්ධනයක් සහිත රටවල් අතරට

ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ඉහලම මානව සංවර්ධනයක් සහිත රටක් බවට නම් කර තිබෙනවා.ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් එළිදක්වනු ලැබූ 2016 මානව සංවර්ධන දර්ශකයට අනුවයි.



එහිදී ලෝකයේ මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාවට 73 වන ස්ථානය හිමිව තිබෙනවා.

මීට පෙර වසරේදීත් මෙරටට 73 වන ස්ථානය හිමිව තිබුණද මෙවර ලංකාවට හිමි ප්‍රසාද ලකුණු ප්‍රාණය වර්ධනය වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මෙවර මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආයු අපේක්ෂාව වසර 75 ක් ලෙස දක්වා තිබෙනවා. එසේම මෙරට පාසල් සිසුවකු වසර 14 කට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලබන බවත් එහි සදහන්. මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 10,789ක් වන අතර මෙරට ජනගහණයෙන් සියයට 49ක් ශ්‍රම බලකායට අයත් වන බවද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 30කට අන්තර්ජාල පහසුකම් පහසුකම් පවතින බවයි මානව සංවර්ධන දර්ශකයේ සදහන් වන්නේ.

2016 මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ ඉහලම මානව සංවර්ධනයක් සහිත රට ලෙස නෝර්වේ රාජ්‍ය නම් කර ඇති අතර ඔස්ටේ්‍රලියාව / ස්විස්ටර්ලන්තය/ජර්මනිය හා ඩෙන්මාර්කය යන රටවඞ් මෙවර් දර්ශකයේ ඉහලින් රැදී සිටිනවා.

එහි අවම රට ලෙස නම් කර ඇත්තේ මධ්‍යම අප්‍රිකාවයි.

දර්ශකයට අනුව දකුණු ආසියාතික රටවල් වල තත්ත්වය දැක්වෙන්නේ මේ ආකාරයටයි. මාලදිවයින (105), බංග්ලාදේශය (139), භූතානය (132), ඉන්දියාව (131), නේපාලය (144), පාකිස්තානය (147), ඇෆ්ගනිස්තානය (169) .

සියලු කොටස් මිල දර්ශකය හය දහසෙන් පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට අද දින ගනුදෙනු අතරවාරයේ දී පැමිණියේය.

අද පස්වරු 1.15 ට පමණ මෙලෙස ඒකක හයදහසේ සීමාවෙන් පහළට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණි අතර 2016 මාර්තු 15 දිනෙන් පසු අදාළ මට්ටමට කොටස් වෙළෙඳපොළ ඇද වැටුණු පළමු අවස්ථාව මෙයයි.

ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන වසරේ සිට



බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීමට අදාළව ක්‍රියාත්මක කළ  නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව  ප්‍රමුඛතා මංතීරු ක්‍රමය විධිමත්ව ඉදිරි වසර ඇතුළත ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (22දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මාර්තු 12 වන දා සිට 19 වනදා දක්වා රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්යබහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යයනයක් සිදුකළේය.

සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලය තුළදී 17 වනදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය විය.

එම කාලසීමාව තුළදී සිදුකළ අධ්‍යයනයේ වාර්තාවලට අනුව මාර්තු මස 14 වනදා නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇත.

එහෙත් 19,238ක් වන කාර්, වෑන්, ත්‍රිරෝද සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28,851 ක් පමණි. මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440ක් සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

අනෙක් ප්‍රවාහන කාණ්ඩයේ 21,927කින් මගී පහසුකම් සැලසී ඇත්තේ 32,891කට පමණි. මේ අනුව බස්රථ සඳහා මෙන්ම පාසල්, රැකියා කටයුතු සඳහා භාවිත කරන පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් ප්‍රමුඛතා මංතීරු විධිමත්ව හඳුන්වා දෙන්නේ නම් ඉන් කාලය මෙන්ම මාර්ග තදබදයද සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගත හැකි යැයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

අයාලේ ගියොත් දඩය 25,000 යි



1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව සඳහන්ය.

සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත.

ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කියැවෙයි.

ICC මුල් පුටුව තිලංග සුමතිපාලට?



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම පරිපාලකයා ලෙසද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝදුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ 'බිග් ත්‍රී' සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. 'බිග් ත්‍රී' සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය. 
අයි.සී.සී. සභාපති තනතුර ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා දකුණු ආසියානු රටවල (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය) සහාය ලබාගැනීමේ සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුරදී පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව අදාළ දකුණු ආසියානු රටවලට අමතරව සිම්බාබ්වේ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එම තනතුර ලබාගැනීම සඳහා සහාය දැක්වීමට එකඟතාව පළකර තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් තිලංග සුමතිපාල මහතා අයි.සී.සී. සභාපති ධුරයට පත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත්විය යුතු අතර, මේ වනවිට එම තනතුර ලබාගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබේ. වාර්තා වන පරිදි ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකු සභාපති ධුරයට ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින අතර, සුමතිපාල මහතාගේ සමීපතමයෙකුට සභාපති තනතුර ලබාදීමේ සැලසුමක්ද පවතින බවද හෙළිවේ.

මේ පිළිබඳව තොරතුරු විමසීමට අප ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාව කිහිප වතාවක්ම සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූවද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීමෙන් එම උත්සාහය ව්‍යාර්ථ විය.

අර්ජුන් මහේන්ද්‍රන්ගෙ මත්පැන් කර්මාන්ත ශාලාවට ඉඩ දිය නොහැකී



පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට යන බවත්, එයට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙය ආරම්භ කිරීමට ඉඩ දුනහොත් යාපනයේ තල් අරක්කු කර්මාන්තයේ නියුතු ජනතාවගේ ජීවනෝපායට ගැටලූ ඇතිවන බවත්, එම කර්මාන්තයේ නියුතු ජනතාව දැනටත් මුදල් අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා පීඩාවට පත්ව සිටින බවත් බණ්ඩාර මහතා කියයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එරෙහිව පරීක්‍ෂණ සිදුකෙරෙමින් තිබියදීත් ඔවුන්ට බදු සහන ඇතුළු සියල්ල ලබා දෙමින් යාපනයේ ජනතාවගේ කර්මාන්තයට පහර ගසන්නට මුදල් අමාත්‍යාංශය හා සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැටලූවක් බවද සභාපතිවරයා පවසයි.

යාපනයේ ජනතාව ඉල්ලන්නේ ෆෙඩරල්, ඉඩම් බලතල හෝ පොලිස් බලතල නොව තමන්ට පවතින මෙවන් ගැටලූවලට විසඳුම් බව කි ශාන්ත බණ්ඩාර මහතා ඒවා විසඳන්නේ නැතිව සංහිඳියාව ගැන කතා කළ නොහැකි බවද ප‍්‍රකාශ කරයි.

ලොව සරාගීතම කාළගුණ ප්‍රවෘත්ති නිවේදිකාව


ලෝකයේ සරාගීතම කාළගුණ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නිය ලෙස නම් දරා සිටින්නේ Yanet Garcia නම් 26 හැවිරිදි තරුණියයි.

මේ වනවිට අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් පැතිරයන ඇයගේ නවතම සරාගී ඡායරූප කිහිපයක් මේ දිනවල ඇයට ආකර්ෂණය වී සිටින ප්‍රේක්ෂකයින්ගේ අවධානයට යොමු වී ඇත.

එම ඡායාරූප පහතින්

තමන්ගේ අම්මා බව නොදැන ෆේස්බුක් ගිණුමෙන් හමුවූ කතකට ආදරය කළ තරුණයා | PHOTO




ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු 37ක කාන්තාවක්.

ඇයට දරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි කැලිබ් කියන්නේ. මොනිකා ඇයව කුඩා කාලයේදීම හදාගන්න කියලා වෙනත් පිරිසකට භාරදෙනවා. ඔහුට මව් සෙනෙහස අහිමිවුණත් හැඩිදැඩි පුරුෂයෙක් විදියට ලෝකයට මුහුණ දෙන්න කැලිබ්ට පුලුවන් වෙනවා.

නමුත් ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ වයස අවුරුදු 18දී, ඒ ෆේස්බුක් ගිණුම නිසා. ඔහුට එහිදී කාන්තාවක් මුණ ගැහෙනවා. දෙදෙනා මුළින්ම මිතුරන් වෙලා හිටියත් පස්සේ කාලයකදී ආදරයෙන් බැඳිලා ආදරවන්තයින් වෙන්නේ ඔවුන්ටත් නොදැනිම. කොහොම වුනත් මේ දෙන්නා කාගේ කවුද කියලා දෙදෙනා දන්නේ නැහැ, හැබැයි පස්සේ හොයලා බලද්දි තමයි තේරුම් අරන් තියෙන්නේ මේ ඉන්නේ තමන්ව හදාගත්ත අම්මා වගේම තමන්ගේ කුසින් බිහිවුණු පුතා කියලා.

ඒත් ඔවුන්ගේ ආදර කතාව නතරවෙලා නැහැ. දෙදෙනා එකට ජීවත්වෙන්න තීරණය කරලා තියෙනවා. මව, පුතු සම්බන්ධයෙන් එහාට ගියපු මේ ඇසුර ගැන අවට හිටපු අයත් දැනගෙන තිබිලා. දවසක් ඒ දිහා බලාගෙන ඉන්න බැරිම තැන එක අසල්වාසියෙන් ඔවුන් ගැන පොලිසියට පැමිණිල්ලක් දානවා. මේ හේතුවෙන් මේ දෙන්නවා අත්අඩංගුවට පත් වෙනවා වගේම උසාවියෙන් ඔවුන්ට තීන්දුවක් විදියට ලබාදෙන්නේ එකට ජීවත් වෙන්න එපා කියලා.

මොනිකාගේ ඉතිරි ළමුන් 7 දෙනොගෙන් කිහිපදෙනෙක්ම තමන්ගේ අයියා වුණු කැලිබ්ට කතාකරලා තියෙන්නේ තාත්තා කියලත් පස්සේ දැනගන්න ලැබුණා. කොහොම වුනත් උසාවියෙන් ලැබුනු තීන්දුවෙන් වසර එක හමාරක් විතර යනකම් ඔවුන් වෙනම ජීවත් වුණත් ආයෙත් ආදරේ නිසාම එකට එකතුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

අපේ රටට නම් මේ වගේ දේවල් වෙන්න එපා කියලා කීවත් ඇමරිකාවේ වගේ රටක මේ වගේ දේවල් දැන් දැන් සාමාන්‍ය දේවල් වෙලා තියෙනවා කියලත් ඒ රටේ මිනිස්සු කියලා තියෙනවා.

ජපානය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි



උතුරු කොරියාවේ හමුදා සූදානම පිළිබදව ඔත්තු බැලීම සඳහා ජපානය ඊයේ නව චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවා තිබෙනවා.

ජපානයේ නිෂ්පාදිත එච්. දෙක ඒ, වර්ගයේ රොකට්ටුවක් ඒ සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

උතුරු කොරියාවේ යුද රහස් සෙවීම සඳහා ජපානය 2003 වසරේ සිට මෙලෙස චන්ද්‍රිකා යොදා ගනු ලබනවා.

දැනට ක්‍රියාත්මක චන්ද්‍රිකාව වෙනුවටයි ඒ සඳහා නව චන්ද්‍රිකාව උඩු ගුවනට යවා ඇත්තේ.

විශේෂයෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල තම රටට තර්ජනයක් ලෙස ජපානය සලකනවා.