22 March 2017

ලංකාව ඉහල මානව සංවර්ධනයක් සහිත රටවල් අතරට

ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ඉහලම මානව සංවර්ධනයක් සහිත රටක් බවට නම් කර තිබෙනවා.ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් එළිදක්වනු ලැබූ 2016 මානව සංවර්ධන දර්ශකයට අනුවයි.



එහිදී ලෝකයේ මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාවට 73 වන ස්ථානය හිමිව තිබෙනවා.

මීට පෙර වසරේදීත් මෙරටට 73 වන ස්ථානය හිමිව තිබුණද මෙවර ලංකාවට හිමි ප්‍රසාද ලකුණු ප්‍රාණය වර්ධනය වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

මෙවර මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආයු අපේක්ෂාව වසර 75 ක් ලෙස දක්වා තිබෙනවා. එසේම මෙරට පාසල් සිසුවකු වසර 14 කට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලබන බවත් එහි සදහන්. මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 10,789ක් වන අතර මෙරට ජනගහණයෙන් සියයට 49ක් ශ්‍රම බලකායට අයත් වන බවද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 30කට අන්තර්ජාල පහසුකම් පහසුකම් පවතින බවයි මානව සංවර්ධන දර්ශකයේ සදහන් වන්නේ.

2016 මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ ඉහලම මානව සංවර්ධනයක් සහිත රට ලෙස නෝර්වේ රාජ්‍ය නම් කර ඇති අතර ඔස්ටේ්‍රලියාව / ස්විස්ටර්ලන්තය/ජර්මනිය හා ඩෙන්මාර්කය යන රටවඞ් මෙවර් දර්ශකයේ ඉහලින් රැදී සිටිනවා.

එහි අවම රට ලෙස නම් කර ඇත්තේ මධ්‍යම අප්‍රිකාවයි.

දර්ශකයට අනුව දකුණු ආසියාතික රටවල් වල තත්ත්වය දැක්වෙන්නේ මේ ආකාරයටයි. මාලදිවයින (105), බංග්ලාදේශය (139), භූතානය (132), ඉන්දියාව (131), නේපාලය (144), පාකිස්තානය (147), ඇෆ්ගනිස්තානය (169) .

No comments:

Post a Comment