26 April 2017

හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් – ෆොන්සේකා සුදානම්


 ආරක්ෂක අංශ සම්බන්ධ කරගනිමින් නව ඒකකයක් ස්ථාපිත කිරීමට ඇමති මණ්ඩලය එකඟතාවය පල කර ඇත. එහි ප්‍රධානියා වශයෙන් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට යෝජනා වී ඇති අතර, එහි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට සරත් ෆොන්සේකා මහතා එකඟතාවය පල කර ඇත.

ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා ඒ බව කීවේ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය.

ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ නිසි බලතල ඇතිව දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බවයි.

මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ අවදානමක් නෑ



මීතොටමුල්ල කසළ කන්ද පිපිරීමේ අවදානමක් නොමැති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය. පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මීතේන් හිර වීමෙන් පිපිරීම් සිදුවන බවටත්, කසළ කන්ද නාය යන බවටත් වැරදි දත්ත පදනම් කර ගනිමින් විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුද්ගලයින්ගේ අදහස් සමාජ ගත වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කසළ කන්ද පිපිරීමේ කිසිඳු අවදානමක් නොමැති බව අමාත්‍යවරයා වැරදි දත්ත පදනම් කර ගනිමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරයි.

මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් ක්‍රියාත්මක විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඊට අදාළව කමිටු 3ක් ආශ්‍රිතයෙන් අදියර 12 කින් කටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පතල් කැනීම් කාර්යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යංශය, මධ්‍යම ඉංජිනේරු ආයතනය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩපිළිවෙළට පූර්ණ වශයෙන් දායක වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

SAITM විරෝධය පා අදත් විරෝධතා



මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසට බල කරමින් අද(26) පස්වරුවේ විරෝධතා පා ගමනක නිරත වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා සඳහන් කළේ අද පස්වරු 6.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බවයි.

මොවුන් විරෝධතා පාගමනින් කොළඹ කොටුව දුම්රියපොළ දක්වා ගොස් සාමකාමී විරෝධතාවයක නිරත වන බව රයන් ජයලත් මහතා පැවසුවේය.

සයිටම් ගැටළුව විසඳා ඇති බවට රජය මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළද එම විසඳුම් පිළිගත නොහැකි බැවින් අඛණ්ඩ විරෝධතාවල නිරත වන බව ඔහු කියා සිටියේය.

රනිල්ව ඉන්දියා යැව්වේ අත් බැඳලා – ඛනිජ තෙල් වෘත්තීය සමිති


 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දියානු සංචාරය සඳහා යැව්වේ අත් ගැට ගසා බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අද (26) බොරැල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුවේ කැඳවුම්කරු ඩීජේ රාජකරුණා මහතා සඳහන් කර සිටියේ මෑතකදී වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ලබා ගත් විශාලතම ජයග්‍රණය පසුගිය 24 වැනිදා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ලබා ගත් බවයි.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ රටට අහිතකර වූ ගිවිසුම් 10 ක් වෘත්තීය සමිති මැදිහත්වීමෙන් වළක්වා ගත හැකිවූ බවත්, අගමැතිවරයා ඉන්දීය සංචාරයේදී කිසිදු ආකාරයක නීතිමය ගිවිසුමකට එකඟ නොවන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුව මගින් සමස්ථ ලාංකීය ජනතාවගේ අයිතියක් වූ රටේ දේපල ඉන්දියාවට විකිණීමේ තැත වැළෑක්වුන බව ඒ මහතා පවසයි.

එසේම යම් හෙයකින් අගමැතිවරයා පොරොන්දුව කඩකරමින් ගිවිසුම් ගතවූව හොත් වරාය, විදුලිබල මණ්ඩලය,දුම්රිය ඇතුළු සියළු පාර්ශව නියෝජනය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රාජකරුණා මහතා වැඩිදුරටත් පවසයි.

පිතිකරුන්ට අභියෝගයක් වෙමින් මාලිංග මෙවරත් ශූරයන්ගේ කුසලානයට යන බව ICCය ලෝකයටම කියපු හැටි | VIDEO



මේ දවස්වල ක්‍රිකට් පිටිය උණුසුම්. ඒකට එක හේතුවක් IPL තරඟාවලිය. අනෙක් හේතුව ශූරන්යන්ගේ කුසලානය පැවැත්වෙන්න නියමිතයි නිසායි. ඒ එළඹෙන ජුනි මාසයේදී එංගලන්තය හා වේල්සය දී.

ශ්‍රී ලංකාව මේ පාර ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙන්. අපිත් එක්ක අසල්වාසීන් වෙන ඉන්දියාව පකිස්ථානය වගේම පහුගිය ජනවාරියේ අපිව එක්දින තරඟාවලියෙන්ම පරාද කරපු ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඉන්නවා.

ශූරයන්ගේ කුසලානයේ A කාණ්ඩයෙන් ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව බංගලාදේශය නවසීලන්තය හා එංගලන්තයයි.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ ශූරයන්ගේ කුසලානයට යන ක්‍රීඩක ලැයිස්තුවේද ලසිත් මාලිංගගේ නම ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත් මාලිංග නැවත ශූරයන්ගේ කුසලාන තරඟාවලියට එක්වීම පිළිබඳව ICC  නිල වෙබ් අඩවියේ වාර්තා කරමින් පෙන්වා දෙන්නේ ඔහුගේ නැවත පැමිණීම පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් විය හැකි බවයි.

මේ අතර ICC ය සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක්ද එක්කර තිබෙනවා.  එහි දැක්වෙන්නේ පසුගිය ශූරයන්ගේ කුසලාන තරඟාවලියකදී නවසීලන්තයට මාලිංග අභියෝගයක් වෙමින් කඩුලු 4 ක් දවාගත් අවස්ථාවයි.


උද්ඝෝෂණවලට මුහුණදීමට SF යටතේ සුවිශේෂී බළකායක්

 රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාවද ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ.

කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් රටේ කටයුතු අඩපණ කිරීමට ඉඩදිය නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී රට තුළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට සුවිශේෂී බළකායක් පිහිටුවා තිබීම වැදගත් බවත් අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් පවසා ඇත.

ඒ අනුව එම බළකාය ත්‍රිවිධ හමුදාව ඇතුළු විශේෂ පිරිසකගෙන් සමන්විත වන පරිදි සැකසීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර, එහි නායකත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

සලාවේ විපතට පත්වූවන් නඩු මගට



සාලාව අවි ගබඩාව පිපිsරීමෙන් හානියට පත් දේපළවලට රජය මෙතෙක්‌ වන්දි ගෙවා නැති බවත් විපතට පත් සියලු දෙනාට සාධාරණ වන්දියක්‌ ගෙවන ලෙසත් ඉල්ලා අධිකරණයේ නඩු. පැවැරීමට තීරණය කළ බව කොස්‌ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසයි.

නඩු පැවැරීම සඳහා දැනටමත් නීතිඥයන් සමඟ සාකච්ඡා කර පියවර ගෙන තිබෙන බව පවසන ඒ මහතා සති දෙකක්‌ තුළ නඩු පැවැරීම සිදු කරන බව පැවැසීය.

මේ සම්බන්ධව තවදුරටත් අදහස්‌ දැක්‌වූ චන්දන සූරියආරච්චි මහතා මෙසේද කීය.

”සාලාව අවි ගබඩාව පිපිරී මාස 10 කට අධික කාලයක්‌ ගෙවිලා ගිහින්. අපි කියන්නේ ව්‍යාපාර අහිමි වෙච්ච අපිට වන්දියක්‌ ඕන කියලයි. මුදල් අමාත්‍යවරයා පසුගිය සැප්තැම්බර් 22 වැනි දා පැවැති සාකච්ඡාවේදී පොරොන්දු වුණාට තාම හානි වෙච්ච රථ වාහන වලට වන්දි ලබාදීම සම්බන්ධයෙන් කතා බහක්‌ නැහැ. ව්‍යාපාරික ස්‌ථානවල සේවය කරපු සේවකයන් ඉන්නවා. ඔවුන් සඳහාත් ඒ රුපියල් දහදාහක පළවැනි මාසයේ දීමනාව කොටසකට ලැබිලා නැහැ. පිපිරීමේදී ආබාධිත තත්ත්වයට පත්වුණු දෙදෙනකුට පමණයි වන්දි ලබා දුන්නේ.

අපි අහනවා ඇයි මෙහෙම ආණ්‌ඩුව අපිව රවට්‌ටන්නේ කියලා? අපි ආණ්‌ඩුවට දෙන්නේ තව දින 14 ක කාලයක්‌ පමණයි. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ව්‍යාපාරිකයන්ටත්, ප්‍රජාවටත් අවශ්‍ය සහන සහ වන්දි ලබා ගැනීමට”

වසරකට ඒඩ්ස් රෝගීන් මිලියන ගණනක් හදන මරණයේ දේවදූතියන්ගේ ගණිකා නිවස්නය මෙන්න | PHOTO



මේ තවත් රතු දිස්ත්‍රික්කයක් පිළිබඳ කතාවක්.මෙය පිහිටා තිබෙන්නේ නයිජීරියාවේය .මෙම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ අවධානම පවතිනවා.

මෙම කාන්තාවන් හමුවීමට වසරකට  මිලියන ගණනක සේවාදායකයන් පිරිසක් පැමිණෙන අතර.එම පිරිසෙන් මිලියන 10ක් පමණ වසරකට  ඒඩ්ස් රෝගයට ගොඳුරු වන බව වාර්තා වෙනවා.එම නිසා මෙම කාන්තාවන් සඳහා “මරනයේ සුරදූතියන්” යන විරුධාවලි නාමයද පට බැඳී ඇත.

රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය



ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකුව සක්‍රියව දායක වෙමින් මහජන බැංකුව සිය 730 කට අධික ශාඛා ජාලය මගින් ණය මුදල් නිකුත් කරයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරිම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා නුවරඑළිය ශාඛාවේදි සිදුකෙරිණි.

ස්වශක්ති ණය යෝජනා ක්‍රමයේ අරමුණු වන්නේ ග්‍රාමීය මට්ටමින් ඇති කෘෂිකාර්මික හා පශ= සම්පත්, කර්මාන්ත හා සේවා අංශයන් යටතේ දැනටමත් එම ව්‍යාපාරවල නියැලෙමින් ආදායම් උත්පාදන කි්‍රයාවලියේ යෙදී සිටින සහ අලූතින් එම ව්‍යාපාර යටතේ ආදායම් උත්පාදන කි්‍රයාවලීන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන නව ව්‍යවසායකයින් ස`දහා මූල්‍ය සහය ලබාදීමයි.

එමෙන්ම දිවයින පුරා ක්ෂ්‍රද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති පිහිටුවීම ම`ගින් රැකියා දශ ලක්ෂයක් ඇති කිරිමේ රජයේ අරමුණට දායක වීම, නව තාක්ෂණික ක්‍රම සැපයීම ම`ගින් ග්‍රාමීය ආර්ථීකයේ කාර්යක්ෂමතාවය වැඩිකිරිම, ග්‍රාමීය තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ ග්‍රමීය සම්පත් ප්‍රයෝජනයට ගැනිම ස`දහා අවස්ථා ඇති කිරිම මෙහි අනෙකුත් අරමුණු වේ.

තම ව්‍යාපාරය පු`ඵල් කිරිමට උනන්දු වන ක්ෂ්‍රද්‍ර මුල්‍ය ව්‍යාපාර වල නිරතවෙන ව්‍යවසායකයින්, ග්‍රාමීය බල ප්‍රදේශයන්හි ඇති සම්පත් ආර්ථීක කි්‍රයාකරකම් සහ නව ව්‍යාපාරික අදහස් ඇති ව්‍යවසායකයින් සහ තරුණ උපාධිධාරින්, කාන්තාවන් සහ ආබාධිත තරුණ කොටස් මෙම ණය යෝජනා ක්‍රමය තුළින් බලගැන්වීමට අපේක්ෂා කෙරේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ණය සහ පවත්නා ව්‍යාපාර ස`දහා උපරිමය රු 250,000 දක්වා වූ ව්‍යාපාර ණය ඉතාම සහනදායි 5.5 % ක සහනදායි පොලී අනුපාතයක් යටතේ පිරිනැමේ. එමෙන්ම නව ව්‍යාපාර ණය ස`දහා රු 50,000ක උපරිමයට යටත් ප්‍රදානයක් පිරිනැමේ. මෙම ණය මුදල පියවීම ස`දහා උපරිම වසර 5 ක ආපසු ගෙවීමේ කාලසීමාවක් හිමිවන අතර අවශ්‍යතාවය මත මාස 12 ක උපරිමයකට යටත් සහන කාලයක් හිමිවේ.

ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති



ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේ නියෝජිතයින් ප‍්‍රකාශ කළේ අවතැන්වූවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස හා උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්වල ඇති හමුදා කදවුරු ඉවත් කර ගන්නැයි බල කරමින් මෙම හර්තාලය පවත්වන බවයි.

ඊට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය, අමාත්‍ය රාවුෆ් හකීම්ගේ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යන පක්‍ෂ සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත්තේ ඉල්ලීම් පිළිබද තම පක්‍ෂයට එකග විය හැකි බැවින් හර්තාලයට සහාය පළ කරන බවයි.

කෙසේවෙතත් හෙට දිනයේ පැවැත්වීමට නියමිත හර්තාලයට සහාය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වව්නියාව වෙළද සංගමය ප‍්‍රකාශ කර තිබෙනවා.
දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව පවසනවා.

1997දී කරු ජයසූරිය ගෙන ආ කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය පටු දේශපාලනයට බිලි වූ හැටි



කරු ජයසූරිය (ජායරූපය බිස්නස් ටුඩේ අනුග්‍රහයෙනි)

ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය සමරවීර වීරවන්නි විසිනි.

සිංහල අළුත් අවුරුදු දා රටම කම්පනයට පත් කරමින් මිනිසුන් විසින්ම ගොඩගසන ලද කොළඹ කුණු කන්ද මිනිස් හිස් මතට පුපුරා ගියේය.  ලොව සුප්‍රසිද්ධ නගර අතර අද්විතීය තැනක වැජඹෙන කොළඹ නගරයට සුවිශේෂී ඓතිහාසික වැදගත්කමක් හිමිවේ.  ලොව සමහර රටක ශ්‍රී ලංකාව හඳුනා ගන්නේ කොළඹ නමින්ය.  කෙසේ වුවද ලෝකයේ උතුම් රටෙහි අගනගරයේ කුණු කන්දේ අමිහිරි සහ විශ්මය උපදවන කථාව දැන් ලෝකය පුරා ප්‍රචලිතය.

කොළඹ කුණු මුළුමහත් ජාතියේම හිස මත පැටවුනු මහා කසළ ගොඩක් බවට පත්විය හැකි බව මින් පෙර කිසිවෙකු නොදුටුවේ දැයි මේ ගැන අසන දකින ලෝකය අපෙන් විමසනු ඇත.

ඇත්ත වශයෙන්ම මෙම අර්බුදය නිවැරදිව දුටු පුද්ගලයෙකු එය කළමනාකරණය කිරීමේ දූරදර්ශී සැලසුමක් මින් දශක දෙකකට පෙර 1997 දී ඉදිරිපත් කළේය. ඒ එවක කොළඹ පුරපතිවරයා වූ වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ය.  පුද්ගලික අංශය ද සම්බන්ධ කර ගනිමින් කොළඹ පවිත්‍ර කිරීමේ කඩිනම් වැඩසටහනක් ඇරඹූ හෙතෙම කසළ ප්‍රශ්නයේ අනාගත අභියෝගය නිවැරදිව ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කළ විසඳුම රටට බරක් නොවූ අතිශය ප්‍රායෝගික එකකි.

ඔහු එදා ඉදිරිපත් කළ විසඳුමට පූර්ණ වශයෙන් ආධාර දීමට ලෝක බැංකුව ඉදිරිපත් වූ බව අපි දනිමු.  අද පොළොවට උසුලා ගෙන සිටින්නට බැරි තරම් වූ මේ මහා කුණු කන්දේ බරට කර ගැසීමට එදා ලෝක බැංකුව ඉදිරිපත් වුණේ කරු ජයසූරිය මහතා නගරාධිපති නමැති තනතුරට පමණක් සීමා වූ භූමිකාවේ සිට ඇති කළ සබඳතාවය නිසාය.

ප්‍රශ්නය කල් නොයවා විසඳා ගත යුත්තක් බව තේරුම් ගත් ඔහු එය ලෝක බැංකුවේ බලධාරීන්ට අවබෝධ කර දීමේ ප්‍රතිඵලයක් ලෙස විසදුමට අදාළ මූලික ලියකියවිලි කිහිපයක් ද හුවමාරු විය.

මේ අනුව 100% සනීපාරක්ෂාව තහවුරු කළ විද්‍යාත්මක කසළ රඳවනයක් මීපේ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කෙරුණු අතර,  එහිදී මතුපිට ජල මූලාශ්‍ර, භූගත ජලය, වායුගෝලය මෙන්ම පසෙහි සංයුතියට හානි නොවන ලෙස ලෝකයේ නවීන විද්‍යාත්මක ක්‍රමවේද මෙම කසළ රඳවනය සඳහා යොදා ගැනීමට නියමිත විය.

චීනයේ බීජිං, ෂැන්හයි, ඉන්දියාවේ බොම්බායි, බංගලාදේ‍ශයේ ඩකා වැනි කොළඹ මෙන් දස දහස් ගුණයකින් කැලි කසළ එක් රැස්වන ආසියානු කලාපයේ අතිශය ජනාකීර්ණ නගර මධ්‍යන්හි මෙම විද්‍යාත්මක කසළ රඳවනයන් ඉදි කර ඇත.   පුළුල් ධාරිතාවකින් යුතු වූ බැවින් අති විශාල කසළ ප්‍රමාණයක් පරිසර හිතකර ලෙස අවශෝෂණය කිරීමට එයට හැකි බව එදා පෙනී ගියේය.

නමුත් මේ පිලිබඳ නිසි අවබෝධයකින් තොර වූ පිරිස් ඇතැම් පාර්ශවයන් විසින් පටු දේශපාලන න්‍යාය පත්‍ර ඔස්සේ මෙහෙයවනු ලැබීම අද මෙන්ම එදා ද සිදු විය.   ‘කොළඹ කුනු අපට එපා‘ යන ගෝත්‍රික අදහසට දේශපාලන උත්තේජනයක් ද ලැබුනේ 1998 බස්නාහිර පළාත් සභා මැතිවරණය එළඹීමත් සමගය.  හෝමාගම, අවිස්සාවේල්ල, මීපේ, පාදුක්ක ප්‍ර‍දේශවල මැතිවරණ වේදිකාවන්හි ප්‍රධාන මාතෘකාව වූයේ මීපේ කසල රඳවනයෙන් ගම් බිම් බේරා ගැනීමය. කසළ රඳවනයට විරුද්ධවූ‍වන්ගේ තියුණු සටන් පාඨවලට උණුසුම් ජනතා ප්‍රතිචාර ලැබිණි.   අගක් මුලක් නොදත් හිස් මිනිසුන් වේදිකා  දෙදරවමින් ජනතා සිත්වල කොළඹ කුණු වලටත් වඩා කුණු කන්දල් පිරවූහ.

අවසානයේ දී මීපේ කසළ රඳවනය ඉදි නොකරන බවට ප්‍රධාන ඇමති අපේක්ෂකයන් ලවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරවා ගැනීමට විරෝධතාකරුවෝ යුහුසුළු වූ අතර, ප්‍රධාන ඇමති අපේක්ෂකයන් ගණනාවක්ම එලෙස පොරොන්දු වෙමින් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කළහ. විසඳුමේ නිර්මාතෘවරයා වූ කරු ජයසුරිය මහතා ද එජාපයේ ප්‍රධාන ඇමති අපේක්ෂකයා වූයෙන්  ඔහුට ද එම ඉල්ලිම ඉදිරිපත් විය.  නමුත්, මනාප උදෙසා කසළ ප්‍රශ්නයට දුන් දිගු කාලීන විසඳුම හකුලා ගැනීමට තරම්  බලලෝභියෙකු නොවූ කරු ජයසූරිය මහතා කීවේ මීපේ ප්‍රදේශයේ කසළ රඳවනය ඉදි කිරීමේ යෝජනාව ඉවත් කර ගැනීමට එකඟ විය නොහැකි නමුත්, ඉන් කිසිදු පරිසර හානියක් ඇති වීමට ඉඩ නොතබන බවට එකඟ විය හැකි බවය.

කරු මහ ඇමති වුවහොත් හෝමාගම අවිස්සාවේල්ල පාදුක්ක මීපේ ප්‍රදේශයේ මිහිපිට අපායක් වනු ඇති බවට එම ප්‍රදේශවල පුළුල් ලෙස ප්‍රචාරය විය.

එදා කරු ජයසූරිය මහතාට බස්නාහිර මහ ඇමති ධූරය අහිමි වූයේ  ඡන්ද තුන්දහසකිනි.  ඒ අනුව කරු ජයසූරිය මහතා සමගම කොළඹ කසල අර්බුදයට ගෙන ආ නවීන විද්‍යාත්මක දිගු කාලීන විසඳුම ද ඡන්ද තුන්දහසකින් පරාජයට පත් විය. එදා සිට  ගෙවී ගිය දශක දෙක පුරාම  ඔරුගොඩවත්තේ ගොඩ ගැසුනු මහා  කසළ කන්ද සමග පොර බැදූ අසරණ මිනිසුන් අද එයටම බිලිවීම මුළුමහත් ජාතියේම අභාග්‍යයකි. අවාසනාවකට මෙන් අපේ මිනිසුන්ට සත්‍යය ඒත්තු ගැන්වීමට බොහෝ කල් ගත වේ.

“අල්ලපු ගමේ කුණු අපේ ගමට එපා. කොළඹ කුණු අපට එපා.” වැනි වර්ගවාදී පටු අදහස් දේශපාලනඥයන්ට රස මසවුළු වන්නේ එවැනි පසුබිමක් තුලය. කුණු කඳුවලින්ම හරි හම්බ කර ගනිමින් මෙවැනි අදහස් වපුරවන දේශපාලකයන් සහ එම අදහස්වලට හුරේ දමන ජනතාව ද තමන්ගේ සිත් තුල පුරවා ගත් දුගඳ හමන කුණු කඳු පුපුරවා හරින තුරු කොළඹ පමණක් නොව රටේ සෑම නගරයකම කුණු ගඳ ලෝකයටම දැනෙනු ඇත.
———-

එදා මෙම ව්‍යාපෘතියට විරෝධය පෑවේ දිනේශ් ගුණවර්ධන සහ ඉන්දික ගුණවර්ධන බව ලංකා ඊ නිව්ස් වාර්තා කරයි.

කොරියානු උණුසුම : මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් ළඟාවේ



උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා විය.

කලාපය වෙත යාත්‍රා කරමින් පවතින යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එම සබ්මරීනයද එක්වීමට නියමිතය.

උතුරු කොරියානු යුද හමුදාවේ 85 වෙනි සංවත්සරය අද (අප්‍රේල් 25) සැමරෙන අතර මීට පෙර මෙවැනි අවස්ථාවලදී එරට මිසයිල අත්හදාබැලීම්වල යෙදී තිබීම නිසා යළි එවැන්නක් සිදුවිය හැකි බවට සක පලවී තිබිණි.
උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර පළවූ උණුසුම් ප්‍රතිචාර හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ යළි නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.

 යුඑස්එස් මිචිගන් (USS MICHIGAN)

දකුණු කොරියානු චෝසුන් ඉබෝ පුවත් පත වාර්තා කරන පරිදි එහි ළඟාවූ න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) සබ්මැරීනය ටොමහෝක් මිසයිල 154කින් සන්නද්ධය. විශේෂ කාර්ය භට කණ්ඩායම් 60ක් මෙන්ම කුඩා සබ්මැරීන ද එහි වේ.

එය, කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණිය සමග යුද අභ්‍යාසවල යෙදීමටද අපේක්ෂිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ මිසයිල අත්හදාබැලීම් හමුවේ ඇමෙරිකාව චීනයට දන්වා සිටියේ ඔවුන් සිය අසල්වැසියා හසුරුවා නොගන්නේනම්, ඊට තමන් තනිව මැදිහත්වන බවය.
කාල් වින්සන්ට තර්ජනයක්

ඒ අනුව, මීට දින කිහිපයකට පෙර ඇමෙරිකානු නාවික හමුදාවට අයත්, ප්‍රහාරක ගුවන් යානා ගෙනයන යූඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණියක් කොරියානු අර්ධද්වීපය වෙත යැවිණි.

ඊට ප්‍රතිචාර දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ තමන් "කාල් වින්සන් මුහුදුබත් කිරීමට සුදානම්" බවය.

මේ අතර, පසුගිය බදාදා ඇමෙරිකාවේ සමස්ත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයම අසාමාන්‍ය ලෙස ධවල මන්දිරය වෙත කැඳවා උතුරු කොරියාව සමග ඇති අර්බුදය පැහැදිලි කෙරුණු බව වාර්තා විය.

තත්වය එසේ තිබියදී, මීට පෙර ප්‍රකාශ වී තිබු පරිදි කාල් වින්සන් ප්‍රමුඛ නෞකා බලඇණිය කොරියානු අරධ්ද්වීපය වෙත නොයාම මත යම් කුකුසක් මතුවී තිබුනද, ඊට දී තිබු අණ පරිදි දැන් එම නෞකා සමුහය කොරියානු කලාපය වෙත යාත්‍රා කරමින් පවතින බව ඇමෙරිකානු නාවික බලධාරීහු පවසති.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් දුන් චීන ජනාධිපති සී ජින් පින් "ඉවසීමෙන් ක්‍රියාකරන්න, තත්වය තවත් උණුසුම් කරන ක්‍රියාවල නොදෙන්න" යැයි ඉල්ලා සිටියේය.

BBC

ට්‍රම්ප්ගේ ආධාර ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවත් හැළෙයිද?



2018 වසර සඳහා වන ඇමෙරිකා අයවැය යෝජනාවලියේදී සංවර්ධනය වෙන රටවල් සඳහා  ඇමෙරිකාව ලබාදෙන ආධාර (USAID) සැළකිය යුතු ප්‍රමාණයකින් කපා දැමීමට තීරණය කඅර ඇතැයි foreignpolicy.com පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ. එසේම ඇමෙරිකාවට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අරමුණින් ට්‍රම්ප්ගේ පාලනය මෙම තීන්දුව ගෙන ඇති බවද සඳහන් වෙයි. ඇමෙරිකාව ලබාදෙන ආධාර වලින් 1/3ක පමණ කප්පාදුවක් කිරීමට ඉදිරියේදී තීරණය කර ඇතැයිද සඳහන් වෙයි.ඇමෙරිකාවේ රාජ්‍ය ආධාර යටතේ 2001 වසරේ සිට ඔවුන් ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙයි. 

සූරූපිණිය නිරුවතින් මේසය උඩ- ලොව කැළඹූ ඡායාරූප මෙන්න | PHOTO



ඉතාලි ජාතික අති දක්ෂ මූර්ති ශිල්පියෙකු වන Cícero D’Avila ගේ නිර්මාණයක් වන මෙය කලාකාමී සියලුදෙනාම අගය කරන නිර්මාණයකි.

නිරුවත් ස්ත්‍රී සිරුරක ලක්ෂණයන්ට බොහෝ සෙයින්ම සමාන වන අයුරින් මෙම මූර්තිය නිර්මාණය කර තිබෙනවා.








රාජිතගේ ප්‍රකාශයට සන්ධානයේ විරෝධය


මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරණයක් පවත්වන බවට යම් යම් පිරිස් සඳහන් කළද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊට ඉඩලබා නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන මැතිවරණය ඉතාමත් ඉක්මනින් පැවැත්විය යුතු බවත්, එය නව මැතිවරණ ක්‍රමය අනුව පැවැත්විය යුතු බවත් ඊයේ(26දා) පැවැති මාධ්‍ය සාකච්චාවකදී හෙතෙම සඳහන් කළේය. එසේ නොමැතිව කිසිවෙකුට අභිමත ආකාරයට හෝ වෙනත් මැතිවරණ පැවැත්විය නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.

රාජිත සේනාරත්න මහතා (25දා) ප්‍රකාශ කළේ මේ වසරේදී පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනමත විචාරණයක් බවයි.