26 April 2017

රනිල්ව ඉන්දියා යැව්වේ අත් බැඳලා – ඛනිජ තෙල් වෘත්තීය සමිති


 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දියානු සංචාරය සඳහා යැව්වේ අත් ගැට ගසා බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අද (26) බොරැල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුවේ කැඳවුම්කරු ඩීජේ රාජකරුණා මහතා සඳහන් කර සිටියේ මෑතකදී වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ලබා ගත් විශාලතම ජයග්‍රණය පසුගිය 24 වැනිදා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ලබා ගත් බවයි.

ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ රටට අහිතකර වූ ගිවිසුම් 10 ක් වෘත්තීය සමිති මැදිහත්වීමෙන් වළක්වා ගත හැකිවූ බවත්, අගමැතිවරයා ඉන්දීය සංචාරයේදී කිසිදු ආකාරයක නීතිමය ගිවිසුමකට එකඟ නොවන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුව මගින් සමස්ථ ලාංකීය ජනතාවගේ අයිතියක් වූ රටේ දේපල ඉන්දියාවට විකිණීමේ තැත වැළෑක්වුන බව ඒ මහතා පවසයි.

එසේම යම් හෙයකින් අගමැතිවරයා පොරොන්දුව කඩකරමින් ගිවිසුම් ගතවූව හොත් වරාය, විදුලිබල මණ්ඩලය,දුම්රිය ඇතුළු සියළු පාර්ශව නියෝජනය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රාජකරුණා මහතා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment