09 May 2017

ප්‍රංශ ජනපතිවරණය: යුරෝපයෙහි අන්ත දක්ෂිනාංශය ලද තෙවන පරාජය



1948 වසරෙහිදී නැපෝලියන් බොනපාට්ගේ බෑනා වූ 39 හැවිරිදි ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ලාබාලම ජනාධිපතිවරයා මැයි 07වන දින පැවැති ජනාපතිවරණයෙන් තේරී පත්විය. ඔහු 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන් ය. මැක්‍රෝන් ලද ජය යුරෝපායෙහි හිස එසවිමට තැත් දරන මානව විරෝධී අන්ත දක්ශිනාංශය මෙම වසර තුල ලද තෙවන පරාජය වේ.

ප්‍රථමයෙන් ඔස්ට්‍රියාවද දෙවනුව නෙදර්ලන්තයද දැන් ප්‍රංශය ද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වැලැඩිමිර් පූටින්ගේ ආශිර්වාද ලද නව පැසිස්ට්වාදී දේශපාලන බලවේග පරාජය කර තිබේ.

ප්‍රංශයෙහි ජනපතිවරණයෙහි තරඟ වැදුණු අනෙක් අපේක්ෂිකාව වූ මරින් ල-පෙන් ප්‍රංශයේ යටත් විජිත ඉතිහාසය අලුතෙන් ලියා හිට්ලර් අනුගමනය කල පැසිස්ට්වාදයේ නව අනුවර්තනයක් පිහිටුවීම සිය දේශපාලනය කර ගෙන තිබුණි.

ඇය යුරෝපා සංගමයෙන් වෙන් වීමටත් සරණාගතයින් පිටුවාහල් කිරීමටත් රුසියාවෙහි පූටින් ගෙන යන අන්දමේ මානව හිමිකම් විරෝධි පාලනයක් ඇති කිරීමටත් අපේක්ෂා කළාය. ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල අනුගාමිකාවකි. සිත් බැද ගන්නා ආක්‍රමණශීලී කථිකත්වයක් ඇති ඇය සිය පියා විසින් 1970 ගණන් හිදී ආරම්භ කරන ලද ජාතිකවාදී පෙරමුණ නම් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ල-පෙන් නම් සිය පියා පක්ෂයෙන් පළවා හරිමිනි.

අන්ත දක්ශිනාංශක අපේක්ෂිකා මරින් ල-පෙන් ජන්ද සියයට 35 තරම් ලබා ගනිත්දී මැක්රොන් සියයට 65ක් ලබා ගත්තේය. ජන්ද දායකයින්ගෙන් තුනෙන් එකක් එක්කෝ ජන්දය නොදුන් අතර නැත්නම් සිය ජන්ද පත්‍රිකාව අවලංගු කොට තිබුණි.

ප්‍රංශයෙහි ජනාධිපතිවරණවය දෙකකින් යුතුය. ප්‍රථම වටයෙන් වැඩිම ජන්ද ලබා ගන්නා අපේක්ෂකයින් දෙදෙනා දෙවන වටයට සුදුසුකම් ලබති. මෙම ජනාධිපතිවරණයෙහිදී මේ තාක් කල් ප්‍රංශය පාලනය කළ රිපබ්ලිකන් සහ සමාජවාදී යන පක්ෂ දෙකම දෙවන වටයට සුදුසුකම් ලැබූයේ නැත.

ජයගත් එමානුවෙල් මැක්‍රෝන් දෙවසරක් සමාජවාදී පක්ෂයේ ජනාධිපති වූ හොලන්දේගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිව සිටියේ ය. 2016 අගොස්තු මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ඔහු ‘ ඉදිරියට යමු’ නම් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. දැන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලබා ඇත්තේ එක් වියැති එම ව්‍යාපාරයයි.

එසේ නමුත් ඔහුගේ ජය හුදෙක් එම ව්‍යාපාරයේ ජයක් නොවේ. ඔහුට ජන්දය දුන් සියයට 60ක් ම එසේ කළේ නව පැසිස්ට්වාදී මරින් ල-පෙන් පරාජය කරනු පිනිසය.

ප්‍රංශයෙහි නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ මහා මැතිවරණය මෙම වසරේ ජූනි මාසයේ දී පැවැත්වෙයි. එහි දී මරීන් ල-පෙන් එතරම් ආසන ගණනාවක් ලබා ගනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

මැක්‍රෝන් හදුන්වනු ලබන්නේ මධ්‍යස්ත වාමාංශික දේශපාලනඥයකු ලෙසය. ඔහු යුරෝපා සංගමය ශක්තිමක් කිරීමටත් වෙළද පොළ ආර්ථිකය ශක්තිමත් කැරෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙනුත් පෙනී සිටී.

ඔහුගේ ප්‍රථම දේශපාලන කටයුත්ත වනු ඇත්තේ ප්‍රංශය වෙනුවෙන් දිවිපිදූ නොදන්නා සොල්ලාදුවාගේ සොහොනට ගරුබුහුමන් දැක්වීම වන අතර දෙවන කාරිය වනු ඇත්තේ නිදහස් ලෝකයේ නව නායිකාව ලෙ හැදින්වෙන ජර්මානු වාන්ස්ලර් අන්ජේලා මර්කල් හමුවීමයි.

ඔහු ඉදිරියෙහි ඇති ප්‍රධාන අභියෝග වනු ඇත්තේ නගරය සහ ගම අතර ඇති ආර්ථික පරතරය අඩු කිරීම, විරුකියාව අඩු කිරීම, ප්‍රංශයට එල්ල වන ත්‍රස්තවාදී තර්ජනයන් පරාජය කිරීම සහ දේශපාලන වශයෙන් බෙදී ගොස් ඇති ප්‍රංශය එක් කිරීම බව දේශපාලන විචාරකයෝ පවසති.

ප්‍රංශයේ අගනුවර වන පැරීසියෙහි මරීන් ලා පෙන් ලබා ගත්තේ සියයට 05ක තරම් අඩු ජන්ද ප්‍රතිශතයකි. එසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ඇයද ගම්බද ජන්ද කෙරෙහි වැඩි බලපෑමක් කිරීමට සමත් විය.

ජර්මනියෙහි අන්ත දක්ෂිනාංශය ඉතා දුර්වලය. යුරෝපා සංගමයෙහි අනෙක් ප්‍රධාන රටවල් ලෙස සැළකෙන ස්පාඥයේ හෝ ඉතාලියෙහි හෝ ප්‍රබල නව නාසිවාදී ව්‍යාපාරයන් නැත.

එබැවින් මරීන් ල-පෙන්ගේ පරාජය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ප්‍රවණතාවයේ අවසානය ලෙස සැළකීමේ වරදක් නැත.

| සුනන්ද දේශප්‍රිය

ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත: ‘අන්තිම භයානකයි, කියෙව්වහම බඩ දඟලන්න ගත්තා’



ජායාරූපය: මෙම පනත පොලිස් වධහිංසාවන්ට උඩගෙඩි දීමකි.

අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ඇතැයි කියන  නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත  අන්තිම භයානක පනතක් බවත් එය කියැවිමෙන් පසු තමාගේ  මගේ බඩ දැඟළීමට පටන් ගත් බවත්  මහාචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කරයි. හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයකු වන ඔහු දැන් හොංකොං විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

ආණ්ඩුව මෙම පනත ගෙන ඒමට යන්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත විස්ථාපනය කරනු පිනිසය. එය මෙම ආණ්ඩුව මෙරට ජනයාට සහ අන්තර් ජාතික ප්‍රජාවට දෙන ලද ප්‍රධාන පොරොන්දුවකි. ඒ අනුව කළ යුතු වූයේ අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල පනත් ගෙන එම වුවද දැන් ඉදිරිපත්ව ඇත්තේ තවත් මර්දනකාරී පනතකි. මෙම පනතෙහි ඇති භයානක ස්වභාවය පිළිබඳව මෙරට සිංහල කතා කරන සිවිල් සමාජයෙහි  මේතාක් කිසිදු සාකච්ජාවක් ඇතිවී නැත.

‘‘මෙය කෙටුම්පත් කළේ කෙසේදැයි කියා හිතා ගන්නටවත් මට බැහැ. එය ලංකාවේ කරපු එකක් වෙන්න බැහැ. එහි තිබෙන භාෂාව අපේ නොවෙයි” යැයි ඔහු වැඩි  දුරටත් කියා තිබේ.

ඔහුට අනුව එහි ඇති ප්‍රධානතම නපුර වන්නේ ඊට අදාළ වරදවල් පිළිබඳව ඇති අපැහැදිළි බවය.

කිහිප වරක් කියැවීමෙන් පසු පවා මෙම පනත මගින් අර්ථ දැක්වා ඇති අපරාධ තේරුම් ගැනීමට තමාට නොහැකිව සිටින බව කියන මහාචාර්ය ජයවික්‍රම මෙම පනත යටතේ එන අපරාධ තේරුම් ගැනීමට පොලිස් නිලධාරින් අසමත්වනු ඇතැයි ද ප්‍රකාශ කරයි.

ආණ්ඩුව ගෙනඒමට උත්සාහ දරන මෙම පනතද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම අනිසි ලෙස භාවිත කර මෙරට ජනයාගේ මානව හිමිකම් මර්දනයට යොදා ගත හැකි එකකි.මහාචාර්ය ජයවික්‍රම කියන්නේ මෙම කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ අන්තර් ජාතික ප්‍රඥාප්තියට සහමුලින්ම වාගේ විරුද්ධව යන එකක් බවය.

මෙම පනත දෙස බලන විට එක්කෝ අප තවමත් යුද්ධයකට වෙනත් ප්‍රහාරයකට මුහුණ දී සිටින බවක් සිතෙන්නේ යැයි ඔහු තව දුරටත් පවසයි.

මෙම කෙටුම්පත් පනත පුද්ගලයින් අත් අඩංඟුවට ගැනීමේදී සහ රඳවා තැබීමේදී පොලීසියට, සන්නද්ද හමුදාවන්ට සහ වෙරල ආරක්ෂක නිලධාරීන්ට පුලුල් බලතල පවරා දෙයි.

පනත් කෙටුම්පතෙහි 4(4)  කොටස මෙසේ සඳහන් කරයි.“ ඕනෑම පොලිස් නිලධාරියකුට, සන්නද්ධ හමුදා සාමාජිකයකුට හෝ වෙරළ ආරක්ෂක නිලධාරියකුට පනත යටතේ එන වරදක් කරන හෝ කර ඇති හෝ කිරීමට කල්පනා කරමින් සිටින්නේ යැයි විශ්වාස කරන අයකු වරෙන්තුවක් නැතිව අත් අඩංඟුවට ගත හැකිය.’’

අත් අඩංඟුවට ගැනීම සඳහා අධිකරණ නිලධාරියකුගේ මැදිහත්වීම සහ වරෙන්තුවක් ලබා ගැනීම අහෝසි කළ විට එම බලය පොලිස් නිලධාරීන්, සන්නද්ධ හමුදා සාමාජිකයන් හෝ වෙරළ ආරක්ෂක නිලධාරීන් අතට පත්වේ.

එවැනි බලයක් ලැබුණ වි එකී නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කිරීමේ අවස්ථාව ඉහළ යයි.

එමෙන්ම මෙම කෙටුම්පත අනුව එවැනි අත් අඩංඟුවට ගැනීමකදී සැකකරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුත්තේ පැය 24ක් ඉක්මයාමට පෙර නොව පැය 48ක් ඉක්මයෑමට පෙරය.

මතකයේ තබා ගත යුතු දෙය නම් පනත යටතට ගැනෙන වරදවල් ඉතා ලිහිල්ව සහ අපැහැදිළිව දක්වා තිබීම නිසා මෙම බලතල අනිසි ලෙස භාවිත වීමේ හැකියාව ඉතා ඉහළ බවයි.

එමෙන්ම මෙම කෙටුම්පතට අනුව සැකකරුවකු සති දෙකක් පුරා රඳවා ගැනීමේ නියෝගයක් ලබා දීමේ බලතල නියෝජ්‍ය පොලිස්පත්වවරුන් වෙත ලබා දෙනු ලැබේ. එමෙන්ම මෙම රඳවා ගැනීමේ නියෝගය සති අටක් දක්වා දිගු කිරීමට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයකුට හැකිය. එමෙන්ම රඳවා තබන ස්ථානය තීරණය කිරීමේ අයිතියද ඔහු සතුය. ඒ අනුව සති අටක්ම සැකකුරුවකු පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීමට වුව මෙම පනත් කෙටුම්පත අවසර දෙයි.

මෙරට පොලීසිය විසින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම පුරුද්දක් වශයෙන් කරගෙන යන තත්වය තුළ මෙවැනි බලතල ලද හොත් කුමන තත්වයක් ඇතිවේදැයි සිතා ගැනීම දුෂ්කර නැත.

නව ව්‍යවස්වථාක් ගෙන ඒමට පෙර මෙවැනි මර්දන නීති අකුලා ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටිය යුතු නැත්ද?

( මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ අදහස් උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ඔබ්සෝවර් පුවත්පතිනි.)

පසුගිය රජයෙන් ගත් ණයක් බැරවු ගිණුමක් ගැන ඇමති මංගල හෙළිකරයි | VIDEO



පසුගිය ආණ්ඩුව සමයේ ලිබියාවෙන් ලබාගත් ණය මුදලක් රාජපක්ෂ පවුලේ පෞද්ගලික ගිණුමකට බැරකරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ලෝකයේ විශාලම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවේ

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකදී සොයා ගෙන තිබේ. එමෙන්ම ලෝකයේද මෙවැනි විශාල සජීවී ඉබ්බෙකු හමුවූ බවට වාර්තාවී නොමැති බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.

එම ජාතික වනෝද්‍යානයේ වනජීවී නියාමකවරයෙකු වූ රංග විජේරත්න මහතා  වනෝද්‍යානයේ නිරීක්ෂණයේ යෙදී සිටි අවස්ථාවේදී මෙම තාරකා ඉබ්බා හමුවී තිබේ .

පශු වෛද්‍ය විජිත පෙරේරා ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විසින් මෙම ඉබ්බා නිරීක්ෂණය කිරීමෙන් පසුව ඉබ්බාගේ බර කිලෝ ග්‍රෑම් 14 ක් පමණ වන බවත්, යටකොටසේ (carapace ) දිග 45cm වන අතර, ඉබි කටුවේ(carapace ) උස 22 CM හා දිග 42cm (Paltron) බව සොයාගෙන තිබේ.

අයි.පී.එල්. මිල අධික ක්‍රීඩකයෝ තරගාවලියේදී අනාථ වෙති

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග 45ක් අවසන් වන විට තරග 11කට සහභාගි වී තරග 9ක් ජය ලබා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙවර තරගාවලියේදී බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසාර්ථක
වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ තරග 7කදී කඩුලු 8ක් දවා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය සෙනසුරාදා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තම 150 වැනි අයි.පී.එල්. කඩුල්ල දවා ගැනීමට සමත් වූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වෙමින් එම තරගයේදී ලකුණු 5කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුවත් සමස්ත තරගාවලිය දෙස බැලූ කල ඔහු එක් පන්දුවාරයකට ලකුණු 9.38ක දළ වේගයකින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දී තිබේ. එය මෙවර අයි.පී.එල්. තරගාවලියේ ලකුණු ලබා දීම අතින් තුන්වන වැඩිම වේගයයි.

පන්දු යැවීම අතින් ගත් කල ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් වන ශේන් වොට්සන්, ජෙම්ස් ෆොක්නර්, කගිසො රබාඩා, සහීර් ඛාන් සහ සුනිල් නරීන් වැනි ක්‍රීඩකයන් රැසක් මේ දක්වා අපේක්‍ෂිත දක්ෂතා අතර නොසිටින සේම පිතිකරුවන් අතුරින් ක්‍රිස් ගේල්, ග්ලේන් මැක්ස්වෙල්, ඒ.බී. ඩිවිලියර්ස් සහ විරාත් කෝලි වැනි පිතිකරුවෝ තම කණ්ඩායම්වලට අවශ්‍ය සේවය ලබා දීමට මේ දක්වා අපොහොසත් වී සිටිති.

කෙසේ වෙතත් හෂීම් අම්ලා, සන්ජු සැම්සන්, බෙන් ස්ටොක්ස් සහ ඩේවිඩ් වෝනර් යන පිතිකරුවන් සිවුදෙනා මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ශතක 4ක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර මේ දක්වා වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් ලකුණු 529කුත් සහ වැඩිම කඩුලු බිඳ හෙළා ඇති පන්දු යවන්නා ලෙස බුවනේශ්වර් කුමාර් කඩුලු 21කුත් බිඳ හෙළමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ශක්තිමත් කර ඇත.
සටහන - කෝසල ගමගේ

ළමුන් අපයෝජනයට වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගලයාට සිදුවූ දේ



කුඩා දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගලයෙකුට වසර 30ක සිරදඬුවමක් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්ටීව් චේස් නමැති පුද්ගලයෙකුට සිරදඬුවමක් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.අදාල පුද්ගලයා විසින් එම වෙබ් අඩවිය 2014 දී නිර්මාණය කර ඇති අතර එය මෙය ළමා අපචාර සඳහා ක්‍රියාත්මක වූ ලොව විශාලතම වෙබ් අඩවිය බව සදහන්.ස්ටීව් චේස් විසින් වීඩියෝ පට සහ ඡායාරූප 50,000කට අධික ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය වසරක කාලයක් තුල තහනමට ලක් වුණා.

150,000කට අධික පිරිසක් ඒ වන විටත් එම වෙබ් අඩවිය භාවිත කරමින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.Playpen නම් අදාල වෙබ් අඩවිය නවතා දැමීමත් සමඟ අපචාරයට ලක්වෙමින් සිටි ළමුන් 300 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවූ බව ඇමරිකානු බුද්ධි පෙන්වා දෙන්නේ.

මෙම වෙබ් අඩවිය යොදා ගනිමින් ළමා අපචාරයන් දැක්වෙන ඡායාරූප බෙදාහැරීම සිදුකළ සහ ළමුන් අපචාරය කළ පුද්ගලයන් 800කට අධික පිරිසක් විවිධ රටවල් වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීතොටමුලලේ ජිවිතයකට ලක්ෂයක් දෙන්න බැරි ආණ්ඩුව වාහන ගන්න කෝටි 33ක් වෙන්කරලා

 මීතොටමුල්ලේදී මියගිය පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීමට අදිමදි කරන ආණ්ඩුව තම රථගාය සුවකර ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 33ක් වෙන්කර ගැනීමට යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුවේ වාහන අභාවිතය ගැන කතා කළ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුලින් රුපියල් කෝටි 119ක්ද, පසුව රුපියල් කෝටි 57ක්ද වෙන්කර ගත් බවද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

මීට අමතරව ජනාධිපතිවරයාට වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 60ක්ද, අගමැතිවරයාට වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 60ක්ද මේ වනවිට වියදම් කර තිබෙන බවද  (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම පවසා සිටියේය. 

දිරන කසල හැකිතාක් කොම්පෝස්ට් කරන්න - CMC

 කොළඹ නගර සීමාවේ එකතු වන කසළවලින් දිරායන කසළ හැකි සෑම අවස්ථාවකදීම නිවෙස් තුළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කළ යුතු බවට ජනතාවට දැනුම්දීමක් කළ බව  කොළඹ මහනගර සභාවේ කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පැවසීය.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ වශයෙන්  වර්ග කොට නගර සභාවේ රථවලට බාරදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, කඩදාසි, කාඩ්බෝඩ්, පොලිතීන්, ප්ලාස්ටික්, ලෝහ ද්‍රව්‍ය හා පොල්කටු යන ද්‍රව්‍ය පිරිසුදු කර බාරදීම අනිවාර්යය බවද ඒ මහතා පවසා සිටියේය.

අපිරිසුදු පොලිතීන් හා කඩදාසි, සනීපාරක්ෂක පැලඳුම්, යෝගට් කොප්ප, කිරි පැකට් පිරිසුදු කිරීමකින් තොරව නගර සභාවේ කසළ එකතු කරන රථවලට ලබාදිය හැකි බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් සැකසූ ස්ථාන මාරු ලේඛනය දුටු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මවිත වෙලා…



මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් 2015 ජනවාරී මාසයේදී මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරු කර ඇති ලේඛන බලා තමා පුදුමයට පත්වූ බවත් රාජ්‍ය ණය අධිකාරීවරයා ලෙස තිබිය යුතු දැනුම නොමැති දීපා සෙනෙවිරත්න මහත්මිය රාජ්‍ය ණය අධිකාරීවරයා ලෙස පත් කර තිබු බවත් සමහර මාරුකිරීම් නුසුදුසු ආකාරයට කර තිබූ බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් පැවසූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දීපා සෙනෙවිත්න මහත්මිය රාජ්‍ය ණය අධිකාරී ලෙස පත් කිරීම පිළිබඳව තමාට හිතාගැනීමට නොහැකි බවත් පැවසීය.

ප්‍රාථමික ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ගනුදෙනු නිසි කාලයට අහවර කිරීමට පහසුකම් සැලසීම සඳහා පොලී අයකිරීමකින් තොරව එක්දින ණය පහසුකම යටතේ ලබාදුන් රුපියල් බිලියන 11ක මුදලක් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම විසින් නොගෙවා පැහැර හැර ඇති බව දේශීය අලෙවි මෙහෙයුම් අධ්‍යක්‍ෂ නිහාල් රුදි්‍රගු මහතා තමාට දැනුම් දුන් බවත් නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුකෙරේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කර ඇත.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දුන් මහ බැංකුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය.

ප්‍රශ්නය:- අලෙවි මෙහෙයුම් කමිටුවට මහ බැංකු අධිපතිවරයා පැමිණෙන බව ඔබ මීට පෙර අහලා තියෙනවාද?

පිළිතුර:- නැහැ.

ප්‍රශ්නය:- අලෙවි මෙහෙයුම් කමිටුවට මහ බැංකු අධිපතිවරයා පැමිණි බව හෝ ඔබ මීට පෙර අහලා තියෙනවාද?

පිළිතුර:- නැහැ. එහෙම සිදුවු බවක් මා දන්නේ නැහ.

ප්‍රශ්නය:- ඔබ වැඩබලන මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරලා  තියෙනවාද?

පිළිතුර:- ඔව් 2013 සැප්තැම්බර් මාසයේදී මා වැඩබලන මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරලා  තියෙනවා.

ප්‍රශ්නය:- 2015 පෙබරවාරී මාසයේදී මූල්‍ය මණ්ඩලයේ පැවැති රැස්වීමේදී පොලී අනුපාත වෙනස් කිරීම හැර වෙනත් දේ කතා කළාද?

පිළිතුර:- ඔව්. වසර 30ක බැඳුම්කර නිකුත් කිරීමේ හැකියාව ගවේෂණය කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කළා.

ප්‍රශ්නය:- මේ සඳහා ඉදිරිපත් කළ මිල පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර:- රුපියල් බිලියන එකක මුදලක් ප්‍රදානය කිරීම නිවැරැදියි. විශාල මුදලක් ඉදිරිපත් කළා නම් විශාල පිරිවැයක් යනවා.

ප්‍රශ්නය:- මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ බැඳුම්කර වෙන්දේසිය සිදුවූ අවස්ථාවේදී ඔබත් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියාද?

පිළිතුර:- ඔව්. මාත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියා. අපි එහි යන විට රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී දීපා සෙනෙවිරත්න මහත්මිය, අචාර්ය ආර්ෂින් මහතා, මුතුගල මහත්මිය සහ නම් නොදන්නා තවත් කිහිප දෙනකු හිටියා. අපි යන විට මුතුගල මහත්මිය අප ඉදිරියට පැමිණියා.

ප්‍රශ්නය:- ඒ වේලාවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුතුගල මහත්මියගෙන් යමක් විමසුවාද?

පිළිතුර:- කොහොමද වෙන්දේසිය කියලා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇසුවා. ඒ වේලාවේ ආචාර්ය ආර්ෂින් මහතා තත්වය පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංසු ලැයිස්තුව ගෙන බිලියන 10 දක්වා ලංසු ගන්න යැයි පැවැසුවා. එවිට ආචාර්ය ආර්ෂින් මහතා ඊට විරුද්ධව අදහස් පළකළා. මේ අවස්ථාවේදී විනිමය අනුපාත ඉහළ අගයක පවතින බවත් මෙම ලංසු අතර ව්‍යාජ ලංසු අඩංගු විය හැකි බවත් ආචාර්ය ආර්ෂින් මහතා විරුද්ධව අදහස් පළ කරමින් කීවා.

ප්‍රශ්නය:- ආචාර්ය ආර්ෂින් මහතා ඔහුගේ නිගමනයන් එහිදී කීවාද?

පිළිතුර:- ඔව්. ආචාර්ය ආර්ෂින් මහතාගේ නිගමනය වූයේ රුපියල් බිලියන 2.6 දක්වා වූ ලංසු ලබා ගන්නා ලෙයසි.

ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහතා රුපියල් බිලියන 10 දක්වා ලංසු ගන්න යැයි පැවැසූ විට ඔබත් යමක් කීවාද?

පිළිතුර:- ඔව්. රුපියල් බිලියන 05ක ලංසු ගනිමු කියා මා කීවා.

ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊට කැමැති වුණාද?

පිළිතුර:- නැහැ. ඔහු කීවා රුපියල් බිලියන 10 දක්වා ලංසු ගන්න කියලා.

ප්‍රශ්නය:- ආර්ථික විද්‍යාඥයකු වූ ඔබ අර්ජුන් මහේන්ද්‍රන් මහතා රුපියල් බිලියන 10 දක්වා ලංසු ගන්න යැයි පැවැසු විට ඊට එරෙහි වූයේ නැද්ද?

පිළිතුර:- ඒ අවස්ථාවේදී ආචාර්ය ආර්ෂින් මහතා පැවසූ දේ පිළිබඳව හෝ මා අලෙවි පර්යේෂණ කමිටුවේදී ඉදිරිපත් කළ විරෝධයන් පිළිබඳව අර්ජුන් මහේන්ද්‍රන් මහතා තැකුවේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී කිසිදු විරෝධයක් ඉදිරිපත් කළේ නැහැ.

ප්‍රශ්නය:- එතකොට අනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් කිසිවක් කීවේ නැද්ද?

පිළිතුර:- නැහැ.

ප්‍රශ්නය:- සෘජු ස්ථාන ගත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කිසිවක් කීවේ නැද්ද?

පිළිතුර:- සෘජු ස්ථාන ගත කිරීමේ ක්‍රමවේදය නතර කර ඇති බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කීවා.

ප්‍රශ්නය:- 2015 පෙබරවාරී 27 වැනි දිනයෙන් පසු වසර 30ක නිකුතුවක් කළේ නැද්ද?

පිළිතුර:- නැහැ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය ණය දෙපාර්තමේන්තුව ඇත්තේ ඔබගේ පාලනය යටතේද?

පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය ණය දෙපාර්තමේන්තුවෙන් ප්‍රාථමික ගැනුම්කරුවන්ට එක්දින ණය පහසුකම ලබාගැනීමට හැකියාව තියෙනවා නේද?

පිළිතුර:- පුළුවන්.

ප්‍රශ්නය:- ප්‍රාථමික ගැනුම්කරුවන්ට එක්දින ණය පහසුකම ලබාදීමේ පරමාර්ථය කුමක්ද?

පිළිතුර:- එහි මූලික පරමාර්ථය වන්නේ ප්‍රාථමික ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ගනුදෙනු නිසි කාලයට අහවර කිරීමට පහසුකම් සැලසීමයි.

ප්‍රශ්නය:- එක්දින ණය පහසුකම යටතේ ලබාදුන් මුදල් සඳහා පොලී මුදල් අයකරනවාද?

පිළිතුර:- නැහැ.

ප්‍රශ්නය:- 2016 අප්‍රේල් 02 වැනිදා ප්‍රාථමික ගැනුම්කරුවකු එක්දින ණය පහසුකම යටතේ ලබාගත් මුදල් නොගෙවා පැහැර ඇති බව ඔබට යම් නිලධාරීයෙක් දැනුම් දුන්නාද?

පිළිතුර:- ඔව්. ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය අලෙවි මෙහෙයුම් අධ්‍යක්‍ෂ නිහාල් රුද්‍රිගු මහතා ඒ බව මට දැනුම් දුන්නා.

ප්‍රශ්නය:- එක්දින ණය පහසුකම යටතේ ප්‍රාථමික ගැනුම්කරුවකු විසින් ලබාගෙන නොගෙවා පැහැර තිබූ මුදල් ප්‍රමාණය කොපමණද?

පිළිතුර:- රුපියල් බිලියන 11ක්.

ප්‍රශ්නය:- එක්දින ණය පහසුකම යටතේ රුපියල් බිලියන 11ක මුදලක් ලබාගෙන නොගෙවා පැහැර හැරි ප්‍රාථමික ගැනුම්කරුවා කවුද?

පිළිතුර:- පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම.

ප්‍රශ්නය:- එම ආයතනය ඔබට කතා කළාද?

පිළිතුර:- නැහැ. දේශීය අලෙවි මෙහෙයුම් අධ්‍යක්‍ෂ නිහාල් රුදි්‍රගු මහතාට එම ආයතනය කතාකර තිබුණා. ඒ බව පසු අවස්ථාවකදී මට දැනගැනීමට ලැබුණා.

ප්‍රශ්නය:- මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් 2015 ජනවාරී මාසයේදී මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරුකිරීම් පිළිබඳව කල්‍යාණී ගුණතිලක මහත්මිය ඔබට දැනුම් දුන්නාද?

පිළිතුර:- ඔව්. කල්‍යාණී ගුණතිලක මහත්මිය ඇවිත් මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරුකිරීම් පිළිබඳ ලේඛනයක් මට පෙන්නුවා. එම ලේඛන බැලූ විට මා පුදුමයට පත්වුණා.

ප්‍රශ්නය:- මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරුකර තිබුණේ නිවැරැදි පිළිවෙළටද?

පිළිතුර:- නැහැ. සමහර මාරුකිරීම් නුසුදුසු ආකාරයට කර තිබුණා. දීපා සෙනෙවිරත්න මහත්මිය රාජ්‍ය ණය අධිකාරීවරයා ලෙස පත්කර තිබුණා. ඇයට ඒ පිළිබඳව අවශ්‍ය දැනුමක් තිබුණේ නැහැ. ආර්ෂින් මහතා සන්නිවේදන අංශයට මාරුකර තිබුණා.

ප්‍රශ්නය:- ඔබ කල්‍යාණී ගුණතිලක මහත්මියට මේ සම්බන්ධයෙන් යම් උපදේශයක් දුන්නාද?

පිළිතුර:- මා කල්‍යාණී ගුණතිලක මහත්මියට කතාකර මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හමුවී කතා කරන්න කියලා කීවා.

ප්‍රශ්නය:- දීපා සෙනෙවිත්න මහත්මිය රාජ්‍ය ණය අධීකාරී ලෙස පත්කිරීමට යම් විශේෂ හේතුවක් තිබුණාද?

පිළිතුර:- ඒ ගැන මට හිතාගන්න බැහැ.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහාය ලබා දෙයි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරුල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාද, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතාද, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

ලංකාදීප

ලොවක් වසඟ කළ සින්ඩ්‍රරෙල්ලාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට | PHOTO



ලොවක් රසවත් කළ Lily James නම් සුරූපී රංගන ශිල්පිණිය ටෙලිනාට්‍ය චරිතයක් සඳහා නිරුවත් වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ඇය මීට පෙර රංගනයෙන් දායක වූ Cinderella නම් චරිතය ලොව පුරා ජනප්‍රිය විය.  Lily මෙලෙස නිරුවතින් රංගනයට එක්වීම ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව ඇත්තේ ඇය මීට පෙර බොහෝ අවස්ථාවල විනීත චරිත සඳහා රංගනයෙන් එක්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඇය නිරුවතින් රංගනයෙන් එක්වී ඇත්තේ The Exception නාට්‍ය සඳහායි. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් මෙලෙස අන්තර්ජාලයට එක්වී තිබෙනවා.






කොළඹ අහසේ වෙසක් දින රාත්‍රියේ මැවෙන ලොව ප්‍රථම ලේසර් තොරණ | PHOTOS



වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධාන කරණු ලබන කොළොම්තොට වෙසක් කලාපය සිව්වන වරට මෙවරත් පැවැත්වෙනවා. ඒ කොළඹ ගාලු මුවදොරපිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින්.

එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණය. එහි උස අඩි 60 ක් සහ පළල අඩි 40ක් වේ.

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුව වනවා.

ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ වන්නේ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය.

පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරනවා. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ උක්වත්ත මහතා පැවසුවේ,
"ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුද කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ.

මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා." යනුවෙන්.





ලෝක යුද්ධය, ජපාන වීරයෝ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි



ටැංකියක උස අඩි 45කි, විෂ්කම්භය අඩි 365 කි. ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට සැරසෙන බවට විරුද්ධ පක්ෂ මෙන්ම ආණ්ඩුවට සහාය දෙන වෘත්තීය සමිතිද ආණ්ඩුවට චෝදනා කරති.

එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ එම තෙල් ටැංකිවලින් බොහොමයක් ඉන්දියාව සහශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යාමේ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බවය.

මේ සතිය අගභාගයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරවාරයේ අදාළ ගිවිසුමට අත්සන් තැබීමට සැරසෙන බවට මුලින් වාර්තා පළවුවත්, එවැනි කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

එම තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස් ගොස් බීබීසී සිංහල සේවය කළ විශේෂ විමසුමක සටහනයි, මේ.

ලෝක යුද්ධය

පසුගියදා ත්‍රිකුණාමලය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති කෙනචි සුගනුමා චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට අයත් අංක 91 ටැංකිය වෙත ගොස් මල් කළඹක් තබා හිස නමා ආචාර කළේය.
Image caption බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුණි

"මෙතන නිදන්නේ අපේ ජාතික වීරයන් තුන්දෙනෙක්. ඒ අතරේ මගේ සීයා කෙනෙකුත් ඉන්නවා," මල් කළඹ තබමින් තානාපතිවරයා පැවසූ බව බීබීසී සිංහල සේවයට දැනගන්නට ලැබිණ.

දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් වැදුන ජපානය 1942 අප්‍රේල් 09 වෙනි දින උදෑසන 08:04ට චීන වරායේ තෙල් ටැංකි පර්යන්තයේ අංක 38 ටැංකියට ගුවනින් බෝම්බ හෙලීය.

ෂිගනෝරි වටනබේ, ටොක්යා ගොටෝ සහ සුටෝමු ටොෂීරා එම ප්‍රහාරක යානයේ නියමුවෝ වූහ.

බ්‍රිතාන්‍ය හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ජපන් ගුවන් යානය අංක 91 ටැංකිය මතට කඩා වැටුනි.
සබැඳි යොමු:

ප්‍රහාරයෙන් හටගත් ගින්න සතියක් මුළුල්ලේ පැවති බව ජපන් ප්‍රහාරය අළලා මයිකල් ටොම්ලින්සන් විසින් ලියා තිබෙන "The Most Dangerous Moment" ග්‍රන්ථයේ සඳහන් වේ. අඟුරු වී ගිය තිරුවානා ගල් ටැංකිය ඒ අවට තවමත් දකින්නට තිබේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්නේ නෑ - චන්දිම

"මෙහිදී ශේෂ වූ ගුවන් යානයේ ඇන්ජිමේ කොටසක් දැනට ගුවන් හමුදා මූලස්ථාන කෞතුකාගාරයේ තබා ඇත," අසල ඇති දැන්වීම් පුවරුවක එසේ සඳහන් වේ.

විනාශ වූ තෙල් ටැංකි දෙකට අමතරව තවත් ටැංකි 99 ක් භුමියේ දකින්නට ලැබේ.

නිමැවුම

සියළුම ටැංකි එක හා සමානය. එක් ටැංකියක උස අඩි 45කි, විෂ්කම්භය අඩි 365 කි. ඉන්ධන ධාරිතාවය ලීටර් එක්කෝටි හතලිස් හතර ලක්ෂ හතලිස් දහසකි.
Image caption ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ

සෑම ටැංකියක් වටාම පස් බැම්මක් ඉදිකර තිබේ. බැම්ම හා ටැංකිය අතර පරතරය අඩි තිහක් පමණ වෙයි. ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවකදී ටැංකියේ ඇති ඉන්ධන අනෙකුත් ටැංකි වලට පැතිරී නොයෑමට මෙම පස් බැම්ම තනා ඇති බව විශ්වාස කෙරේ.

ටැංකි උඩට ගොඩ වී ඇතුලට බැසීමට තරප්පු පෙළක් ද ඉදිකර තිබේ. අඟලක ඝණකමින් යුතු ලෝහ තහඩු එකිනෙකට පුරුද්දා ඇත්තේ රිවට් (rivet) කිරීමෙනි.

පිරිද්දුම් අතරට ඊයම් පටියක් මැදිකර තිබේ. සංකෝචනයට සහ ප්‍රසාරණයට ඔරොත්තු දීමත් කාන්දු වැළක්වීමත් මෙමගින් සිදුවේ.

වරාය ආසන්නයේ ඇති ටැංකි කීපයට පමණක් කොන්ක්‍රීට් ආවරණයක් යොදා ඇත. මුහුදු ජලයෙන් හා මුහුදේ සිට එල්ල කරන ප්‍රහාර වලින් ආරක්ෂාවීමට එසේ අතිරේක රැකවරණයක් සළසා ඇති බව බීබීසී යට දැනගැනීමට ලැබිණ.

අඩියක විශ්කම්භයකින් යුතු චීනට්චට්ටි ලෝහයෙන් නිම වූ භූ ගත නළමාර්ගයක් ඔස්සේ වරායේ සිට ටැංකිවලට ඉන්ධන පොම්ප කර ඇත. එම නළ හා සම්බන්ධ පරීක්ෂණ කවුළු තැනින් තැන දකින්නට ලැබේ. පොම්පාගාර දෙකක් හා තෙල් බෙදුම් ස්ථාන දෙකක්ද රට අභන්තරයට තෙල් ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය අංගනයක්ද මෙම තෙල් ටැංකි සමූහය සතුය.

ඝණ වනාන්තරයක්


තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි.
Image caption තෙල් ටැංකි ඉදිකර ඇති මුළු භූමියම ඝණ වනාන්තරයකි

එයින් අක්කර 780 කින් සමන්විත ටැංකි 86ක් සහිත ප්‍රදේශය CV යනුවෙන්ද අක්කර 45 කින් සමන්විත ටැංකි 15 සහිත ප්‍රදේශය AFC යනුවෙන්ද හැඳින්වේ.

මෙහි CV පෙදෙසේ විනාශ වෙමින් පවතින ගොඩ නැගිලි එකසිය පණහක් පමණ ඇති අතර තවත් විසි පහක පමණ ඉන්දියන් තෙල් සමාගමේ සේවකයෝ නවාතැන් ගෙන සිටිති. මෙම ගොඩනැගිලිද තෙල් ටැංකි තරමටම පැරණිය.

ආසියාවේ ඇති විශාලතම තෙල් පර්යන්තය මෙය බව විශ්වාස කෙරේ.

පළමු ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකරන ලද එම ටැංකි සහ අවට භූමිය ලබාගැනීම පිණිස එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ පාලන සමයේ විශාල මුදලක් ගෙවීමට සිදු වූ බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.








බීබීසී

හැරී පොටර් හි හර්මයිනි, Beauty & the Beast නිසා හොඳම නිළිය වෙලා



මේ අවුරුද්දේ MTV TV & Movie Award සම්මාන උළෙලේ best big-screen actor සම්මානය  ඇය දිනාගත්තා.

ඇය මේ සම්මානය දිනාගන්නේ Beauty & the Beast කියන සිනමාපටයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් වෙන Belle  කියන චරිතය වෙනුවෙන්.

හැරී පොටර් ෆිල්ම් එකේ ලස්සන, පණ්ඩිත, හුරුබුහුටි කෙල්ල මතකද? හර්මයිනි..  

ඇය තමයි මේ සම්මානය දිනාගන්නේ... ඈ හැබෑ ජිවිතයේ එමා වොට්සන් ( Emma Watson).
මේ සම්මානයේ විශේෂත්වය තමයි මේ සම්මානය කාන්තා ,පුරුෂ ලෙස වර්ග කිරීමක් නොමැතිව හොදම රඟපෑම කරන නිලියට හෝ නළුවට ලබාදෙන්නක් වීම.

ඇය මෙහිදී නළුවන් දෙදෙනෙක් පරදවනවා. ඔවුන් James McAvoy සහ Hugh Jackman. ඔවුන් දෙදෙනාත් ඉතාම දක්ෂ රංගන ශිල්පීන්.

මෙම සිනමා පටයේ සාර්ථකත්වය කොයිතරම් ද කියනවනම් මේ අවුරුද්දේ පැය 24 ක් ඇතුළත මිලියන 130ක් මෙය නරඹලා තියනවා.

MTV පිරිස genderless award එකක්, එහෙමත් නැත්නම් ලිංගබේදය නොසලකන සම්මානයක් හඳුන්වා දීමෙන්  මුළු ලෝකෙටම පෙන්නලා තියනවා රඟපෑම කියන්නේ මොනතරම් වෙනස් දෙයක් ද කියල...
" තමන්ගේ දක්ෂතාවය පිලිබඳ තමන්ට satis නම්, වෙන කෙනෙක්ගේ දෙපයින් නෙවෙයි නම් තමන් හිටගන්නේ, gender එක රඟපෑමට බාදාවක් නැහැ , ඒ වගේම මගේ මුළු ජීවිතේටම මේ ලැබුණු දේ පුදුම හයියක්" කියලා තමයි එමා මාධ්‍යයට පැවසුවේ.

මේ සම්මාන උළෙල නොවේ මෙවැනි සම්මානයක් හඳුනා දුන් පළමුවෙනි සම්මාන උළෙල..  2001 දි පවත්වපු  Grammy Awards නම් සම්මාන උළෙල  male, female catogary එක  ඉවත් කළා.

අපි හැමදාම ආදරේ කල හර්මයිනිට සම්මානයක් ලැබුන එකටනම් ඒ කාලේ පිස්සුවෙන් වගේ හැරී පොටර් සිනමා මාලාව බලපු හැමෝම කැමති ඇති.

Thank you for your beautiful Best Actor in a Movie acceptance speech at the #MTVAwards, @EmmaWatson ? pic.twitter.com/iGN3nQQylL
— MTV (@MTV) May 8, 2017

මහින්ද රාජපක්ෂට වැහි නැති හෙණ වදිනවා | VIDEO




මහින්ද රාජපක්ෂට වැහි නැති හෙණ වැදිය යුතු බව , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. බදුල්ලේදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ගෝල්ෆේස් පිටියේ  පැවති මැයි දින රැලියෙන් තමන් කලබලයකට පත් නොවුණ බවත් , තමා ඒ පිළිබදව හදවතින්ම සතුටුවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද දවස තීරණාත්මකයි - රජයේ වෛද්‍යවරුන් කියයි



අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටට බලපාන තීන්දු, තීරණ රැසක් ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් මීළඟට සිදුකිරීමට නියමිත වෛද්‍ය වර්ජනය පිළිබඳ අද දිනයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹෙන බවයි.

මේ අතර, මහනුවර ඊයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියේ වෛද්‍යවරුන් සිදුකරන වැඩ වර්ජනවලට ජනතාව දක්වන විරෝධතා මුහුණු පොතින් දැක ගත හැකි බවයි.