09 May 2017

දිරන කසල හැකිතාක් කොම්පෝස්ට් කරන්න - CMC

 කොළඹ නගර සීමාවේ එකතු වන කසළවලින් දිරායන කසළ හැකි සෑම අවස්ථාවකදීම නිවෙස් තුළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කළ යුතු බවට ජනතාවට දැනුම්දීමක් කළ බව  කොළඹ මහනගර සභාවේ කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පැවසීය.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ වශයෙන්  වර්ග කොට නගර සභාවේ රථවලට බාරදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, කඩදාසි, කාඩ්බෝඩ්, පොලිතීන්, ප්ලාස්ටික්, ලෝහ ද්‍රව්‍ය හා පොල්කටු යන ද්‍රව්‍ය පිරිසුදු කර බාරදීම අනිවාර්යය බවද ඒ මහතා පවසා සිටියේය.

අපිරිසුදු පොලිතීන් හා කඩදාසි, සනීපාරක්ෂක පැලඳුම්, යෝගට් කොප්ප, කිරි පැකට් පිරිසුදු කිරීමකින් තොරව නගර සභාවේ කසළ එකතු කරන රථවලට ලබාදිය හැකි බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment