05 May 2017

රාජපක්ෂ පරපුරේ මනුෂ්‍ය ඝාතන ,කොල්ලකෑම් …පරීක්ෂණ ඇරඹූවා …දැන් ඔවුන් ඉන්නේ ජිවිත බේරා ගැනීමේ අරගලයක

නව යෝජිත ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වන්නේ නම් ව්‍යවස්ථා කමිටුවේ සිටින ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධත්වය පළ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් ද, යන තේමාව යටතේ දෙහිවල පැවැති ජන හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මේ බව සදහන් කළා.

“වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති ලොකුම ප්‍රශ්ණය ව්‍යවස්ථා සම්පාදනය ද කියලා සමහරු හිතන්න පුලුවන්. ජනවාරි 08 දා මෙම රජය බිහි කළේ ක්‍රමය වෙනස් කිරීමටයි. පසුගිය රජය සමයේ උතුරු පළාතට කළ සංවර්ධනයෙන් එම ප්‍රදේශයේ ජනතාවට වාසියක් අත් වූයේ නැහැ. පැවැති සෑම රජයක්ම ව්‍යවස්ථාව වෙනස් කිරිමට කථා කළත්, සිදූ වුයේ බලය ආරක්ෂා කර ගැනිම පමණයි.

පවතින මැතිවරණ ක්‍රමයෙන් ගමක සිටින වැදගත් පුද්ගලයෙකුට පාර්ලිමේන්තු යාමට නොහැකි වුනා. මැතිවරණ ක්‍රමය බල අරගලයක්. විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා මැතිවරණ ක්‍රමය කාලකණ්ණි තත්ත්වයට පත් වුනා. 1958 වසරේ සිට ජාතිය ආරක්ෂා කර ගැනීමට අපි සටන් කරනවා. වර්තමානයේ ජාතිය ආරක්ෂා කර ගැනීමටත් වඩා ආගම ආරක්ෂා කර ගැනීමේ සටන ඉදිරියට පැමිණ තිබෙනවා.

ආගම, ජාතිය සහ කුලය ආරක්ෂා කර ගැනීමට දේශපාලන පක්ෂත් නිර්මාණය වුනා. මෙය අර්බුදයක්. යහපාලන රජය විසින් වැටුප් වැඩි කිරීමෙන් සෞඛ්‍ය සේවාවට පමණක් අතිකාල දීමනා ගෙවීමට රුපියල් මිලියන 1000 ක අමතර මුදලක් අවශ්‍ය බව ඇස්තමේන්තු ගත කර තිබෙනවා. විගණන පනත කඩිනමින් ගෙන එනවා. යහපාලන රජය ලබාදූන් පොරොන්දූ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා.

මාධ්‍යෙවිදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ බී වාර්තාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ නම ද ඇතුලත්ව ඇති බව අධිකරණයේ දී හෙළි වුනා. රාජපක්ෂලාගේ විදේශීය ගිණුම් වල ඇති මුදල්, මනුෂ්‍ය ඝාතන පරික්ෂණ ක්‍රියාත්මකයි. එම නිසා රාජපක්ෂ පරපුර ඉන්නේ ජිවිත බේරා ගැනීමේ අරගලයකයි.

විධායක ජනාධිපති බලතල කප්පාදූ කිරීමට ජනාධිපතිවරයා කැප වී සිටිනවා. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා කමිටු 06 ක් පත්කර තිබෙනවා. එම කමිටු වල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සිටිනවා. එම මන්ත්‍රීවරුන් සිටිය දීත් හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා කියලා.

මම කියන්න කැමැතියි කමිටුවල සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කරන්න පුලුවන් රට බෙදන වගන්ති වලට එකග නොවන බවට. දිර්ඝ කාලයකට වෙනස් නොවන ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යහපාලන රජයේ බලාපොරොත්තුවයි.

හොර රහසේ ව්‍යවස්ථා හදන්නේ නැහැ. ජනතාව සමග සාකච්ඡා කර ව්‍යවස්ථාව සකස් කරනවා. තවම ව්‍යවස්ථාව සකස් කර අවසන් නැහැ. වගන්ති සංශෝධනය කිරිමට සිදූවුවහොත් ජනමත විචාරණයකට යා යුතුයි. එයට අපි බය නැහැ.”

ලොව වටිනාම කෙෘතුකාගාරයේ රහසිගත ඡායාරූප පිට වෙයි | PHOTO

 
 
කෙෘතුකාගාරයක් යන නම ඇසුන සැණින් අපට සිහිවන්නේ ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කර ඇති ගෞරවනීය ස්ථානයක්. 
 
නමුත් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති ජාතික ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය (The National Museum of Natural History) යනු හුදෙක් ඉපැරණි භාණ්ඩ එක් රැස් කර ඇති ස්ථානයක් පමණක්ම නොවේ. 
 
එය පෘතුවියේ සතර කොනේ සැම ස්ථානයකින්ම හමුවන  සතුන් වර්ග ශාක වර්ග ෆොසිල වර්ග ඛණිජ වර්ග පාෂාණ වර්ග මානව නෂ්ඨාවශේෂ සහ සංස්කෘතික භාණ්ඩ මිලියන 126ක එකතුවකින් සමන්විත වන මහේශාක්‍ය කෙෘතුකාගාරයකි.
 
වොෂින්ටන් ස්භාවික විද්‍යා  කෙෘතුකාගාරයක ලොව පුරා ඇති ස්භාවික විද්‍යා කෙෘතුකාගාරය ලෙස අවිවාදයෙන් පිළිගැනේ.
 
1910 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම කෙෘතුකාගාරය ඕනෑම අයෙකුට නොමිලයේම නැරඹිය හැකිය. එය වසරේ දින 365න් දින 364ක්ම විවෘත පවතින අතර වසා දැමෙන්නේව නත්තල් දිනට පමණි.  
 
වෘත්තීය ස්භාවික ඉතිහාස පරික්ෂකයින් 185 කගේ පමණ සේවය ලබන මෙහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1000කට අධිකයි.
 
ලොව පුරා විසිරි සිටින ස්භාවික සංස්කෘතික  සහ ඉතිහාසය පිළිබඳ කැප වී  සිටින පරික්ෂකයින් විශාල පිරිසකගේ දායකත්වයද මෙම කෙෘතුකාගාරයට ලැබී තිබෙනවා. 
 
මෙම කෙෘතුකාගාරයේ ඇති වටිනා කෙෘතුක වස්තුන් එකතුවෙන් සීමිත ප්‍රතිශතයක් සම්ප්‍රදායික කෙෘතුකාගාරයක දක්නට ලැබෙන ආකාරයට මහජනයාට ප්‍රදර්ශණය කර ඇත.
 
නමුත් එයින් වැඩි ප්‍රතිශතයක් ඇත්තේ මනා ලෙස ලේබල් ගත කරන ලද රහසිගත සේප්පු වල අසුරායි.  
වාර්තා වෙන ආකාරයට මෙම සේප්පු කෘමින් මිළියන 30කට, ශාක වර්ග මිලියන 4.5කට,  මුහුදු ජීවින් මිලියන 7කට, සහ සංරක්ෂණය කර ඇති දුර්ලභ ඡායාරූප ලක්ෂ 4කට අධික ප්‍රමාණයකට නිවෙස්න වී ඇත.
 
 ඉතා විශේෂිත කරනා වලදී පමණක් පරිශීලනයට ඉඩදෙන මෙම සේප්පු වල දුර්ලභ ගනයේ ඡායාරූප කිහිපයක් ඔබට පහතින් නරඹන්නට පුඵවන්.











උණුසුම් කාලගුණය නිසා මිලියනයක් ජනතාව පීඩාවට



පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දිවයින පුරා මිලියනයකට අධික ජනතාව ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සදහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, හම්බන්තොට, වව්නියාව ඇතුළු දිස්ත්‍රික්ක 12 ක ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව පානීය ජල ගැටලූවට මුහුණ දෙන අතරතුර, තම වගාවන් විනාශයට පත්වීමේ ගැටලූවට ද මුහුණදෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ ඉදිරි දින කිහිපය තුළදී රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බවයි.

තාජුඩීන් ඝාතනය ගැන මහින්දගේ ආරක්ෂාවට සිටි හමුදවේ 10කගෙන් ප්‍රශ්න කරයි



තාජුඩීන් ඝාතනයට ලක්වූ දින සහ ඊට ආසන්න දින 14ක කාලය තුළ ජනාධිපති ආරක්ෂක ඒකකය බවත්වාගෙන ගිය සටහන් පොත්වල පිටු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන්ගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා අනු කණ්ඩයේ ප්‍රධානියාගෙන් සහ තවත් 09 දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ එම ඝාතනය සම්බන්ධ නඩුව අද (05) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද එම අවස්ථාවට රැගෙන විත් සිටි අතර ඔහු මේ මස 18වදා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අනුර කුමාර



"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ"

මැයි දිනය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැයි 04 පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 42 දෙනෙකු මැයි දිනයෙන් පසු ඉවත් කර ඇති බවය.

"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" යනුවෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

දේශපාලන නායකයන් හෝ ව්‍යාපාර වෙත ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා ආණ්ඩුව සතු බලය උපයෝගී කර ගනිමින් "බලපෑම් කිරීම යුක්තිසහගත නොවන" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රතිචාර පළ කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බව කියා සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ලබා දී ඇති බව සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති රූපවාහිනී විවාදය උණුසුම් වෙයි



ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති රූපවාහිනී විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වනවා.

පැය දෙකකට අධික කාලයක් පැවති  මෙම විවාදයේදී ඔවුන් එකිනෙකාට අපහාස කරගනිමින් කථා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එහිදී මධ්‍යස්ථ මතවාදී අපේක්ෂක එමානුවෙල් මැක්රොන් සිය ප්‍රතිවාදියා වන අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලූ පෙන් බොරුකාරියක් යැයි පවසමින් විවේචනය කර තිබෙනවා. ඇය ඊට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ මැක්රොන් නිර්ලජ්ජිත පුද්ගලයකු බවයි. මැක්රොන්ගේ ඡන්ද  ප්‍රමාණය අඩු වුවද ඔහු තවමත් ඉදිරියෙන් සිටින බවයි වාර්තාවන්නේ. එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් ඡන්ද විමසීමෙන් සියයට දහඅටකට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ප්‍රංශ ඉතිහාසය තුල  ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ වල අපේකෂකයන්ගෙන්  තොරව ජනාධිපතිවරණයක් පැවැත්වෙන  ප්‍රථම අවස්ථාව මෙයයි.

කාදිනල් නිසා බුකිය ගිණිගනී ! | PHOTO

 
 ලෝක ප්‍රසිද්ධ සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන අනුරාගිනී – According to Mathew හෙවත් මැතිව් පිරිස් දේවගැතිවරයාගේ නඩුවට අදාළ සිදුවීම අන්තර්ගත චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශණය කිරීම තහනම් කරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වෙබ් අඩෙවි කිහිපයක් වාර්තා කිරීමත් සමඟ ෆේස්බුක් සමාජජාලය තුල ඊට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
 
කතෝලික පල්ලියේ කීර්තිනාමයට හානියක් වන අයුරින් මෙම චිත්‍රපටය නිශ්පාදනය කර ඇති නිසා එය තහනම් කරන ලෙස කාදිනල්වරයා ඉල්ලා ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් වී තිබේ.
 
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලෝකප්‍රසිද්ධ| දක්ෂ සිනමාවේදියෙකු විසින් නිර්මාණය කරනු ලබන කලාකෘතියක් රසවිදීමට ශ්‍රී ලාංකීය ජනතාවට තිබෙන අයිතිය අහෝසි කිරීම සඳහා කතෝලික පල්ලිය විසින් කරනු ලබන ඉල්ලීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
 
මෙම පුවත්වාර්තාව සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජජාලය තුල පළවූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.























'දේශපාලන උප්පරවැට්ටිවලට අපේ සහාය නැහැ' සමන් රත්නප්‍රිය

සයිටම් ආයතනය ජනසතු කළ යුතු බවට පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක්. සිදු කරන වැඩ වර්ජනය සඳහා ජාතික වෘත්තීය සමිති පෙරමු‍ණේ කිසිදු දායකත්වයක් ලබා නොදෙන බව එම පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සයිටම් ආයතනය වසා දමනු කියන සටන් ‍පාඨය මුල් කර ගනිමින් සිදු කරන මේ වැඩ වර්ජනයට සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, රාජ්‍ය පරිපාලන, රාජ්‍ය කළමනාකරණ, රාජ්‍ය කර්මාන්තශාලාව, වරාය ආදි ක්ෂේත්‍රවල ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය වෘත්තිය සමිති 50 ක පමණ සහාය වැඩ වර්ජනයට‍ නොලැබෙන බවත් වෙනදා මෙන් සාමාන්‍ය සේවාවන් අද (5) දිනයේ පවත්වාගෙන යන බවත් ඒ මහතා පැවැසුවේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (4) ප්‍රකාශ කළේය.

මාසයකට පමණ පෙර ද මෙවැනි වැඩ වර්ජනයක් සෙසු ක්ෂේත්‍රයන් සහභාගි කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයක් සිදු කළ ද, එහිදී සංගමයේ නිලධාරින් හැර සෙසු ක්ෂේත්‍රයන්හි මහජනතාවට දැනෙන ආකාරයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවුණ බව ද ඔහු කීය.

මේ වැඩ වර්ජනය සඳහා වෘත්තීය සංගම් 160 ක පමණ සහභාගිත්වයක් ලැබෙන බවට නාම ලේඛනයක් ප්‍රකාශයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයෙහි සහාය ඔවුන්ට ලබානොදෙන බවත් නමුත් එම සංගමයේ නම ද ඔවුන්ගේ නාම ලේඛනයට ඇතුළත් කර ගෙන තිබීම බරපතල ගැටලුවක් බවත් හෙතෙම පැවැසීය.

නාම ලේඛනයක සංගම්වල නම් දැම්මා කියලා ඔවුන්ගේ වැඩ වර්ජනය සාර්ථක නොවන බවත් දේශපාලන අරමුණු මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙවැනි වැඩ වර්ජනවලට සහාය දීම සිදු නොකරන බවත් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

වැඩ කරන ජනතාව වෙනුවෙන් සටන් කර අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමට අප ඕනෑම වේලාවක සූදානම් බවත් එවැනි සටනක් දියත් කරමින් පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 වැටුප් වැඩිවීමක්, සෞඛ්‍ය වෘත්තිකයන්ට රුපියල් 3000 ක දීමනාවක් ජයග්‍රහණය කිරීම යනාදිය සිදු කළ බවත් ඔහු පැවැසීය.

ලක්ෂ 18 ක පාසල් නිල ඇඳුම් අතුරුදන් වෙලා

දුෂ්කර පාසල්වල සිසුසිසුවියන්ට අතිරේක නිල ඇඳුම් බෙදාදීමට ආරක්ෂිතව ගබඩාකර තිබූ රුපියල් දහඅටලක්ෂයක වටිනාකමකින් යුතු නිල ඇඳුම් කට්ටල 3000ක් හදිසියේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

හදිසියේ අතුරුදන්වූ නිලඇඳුම් තොගය සඳහා සුදුරෙදි මීටර් හයදහසක් වැයවී ඇති බවත්, එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් දහ අටලක්ෂයක් බවත් ලිපියේ සඳහන් කර තිබේ. අනුරාධපුර කලාපයේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමෙන් අනතුරුව ඉතිරි වූ රෙදි අනුරාධපුර අධ්‍යාපන කලාපයේ දුෂ්කර ප්‍රදේශවල සිසුසිසුවියන්ට අතිරේක පාසල් නිල ඇඳුම් කට්ටලයක් ලෙස බෙදාදීමට නියමිතව තිබූ බව ලිපියෙන් පෙන්වාදී තිබිණි.

පසුගිය 2016 පෙබරවාරි මාසයේදී අනුරාධපුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ පිහිටි නැගෙනහිර නුවරගම් පළාත් කොට්ඨාසයට අයත් ගබඩාවක ගබඩාකර තිබූ සුදුරෙදි තොගය කලාප අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත ලොරි රථයකින් ඉවත් කරගෙන ගොස් ඇති බවත්, මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන්නේ නම් නිවැරදි සාක්ෂිකරුවන් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බත්ව එහි සඳහන්ය.

මිස්බා 99න් වාර්තාපොතට

ටෙස්ට් ඉනිමකදී ලකුණු 99ක් ලබා සිටියදී දැවීයාමෙන් හෝ ඉනිම අවසන් වීමෙන් නොදැවි සිටීමෙන් වැඩිම වාර ගණනකදී පිටියෙන් ඉවත්වූ පිතිකරුවා ලෙස පාකිස්තානු ටෙස්ට් පිලේ නායක මිස්බා උල් හක් ඊයේ වාර්තාපොතට එක්විය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ පාකිස්තානු පළමු ඉනිමේදී ලකුණු 99කට දැවීයාමෙන් තුන්වැනි වරටත් එවැනි ඉරණමකට ගොදුරු වූ මිස්බා මේ වාර්තාවට හිමිකම් කීවේය.

ඊට පෙර 2011 වසරේ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමුවරට ලකුණු 99ට දැවී ගිය මිස්බා කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ පාකිස්තානු පළමු ඉනිම නිමාවට පත්වීමෙන් ලකුණු 99ක් ලබා නොදැවී පිටියෙන් ඉවත්විය. මෙවර තරගමාලාවේ පළමු ටෙස්ට් තරගය පාකිස්තානය කඩුලු 7කින් ජයගත් අතර දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවනවිට කොදෙව් පිල සිය දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබා සිටියේය. පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 312ක් ලබාගත් අතර පාකිස්තානු පිල සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 393කි.

සයිටම් විරෝධී වර්ජනය අද



සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා අද උදෑසන 08.00 සිට වෛද්‍ය, ගුරු, විදුහල්පති හා විද්‍යාපීඨ, දුම්රිය නියාමක වැඩ වර්ජනයක් හා විශ්වවිද්‍යාල  පන්ති වර්ජනයක් සිදුකරන බව එම සංවිධාන නියෝජිතියෝ සඳහන් කරති.

මේ අනුව අද (05දා) උදෑසන 8.00 සිට හෙට (06දා) දක්වා වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රජයේ ආයුර්වේද සහ රජයේ පශු වෛද්‍ය සේවා තුළද වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වී මෙම වර්ජනයට සහයෝගය දක්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මීට අමතරව වෘත්තීය සමිති 180ක් කළුපටි පැලඳඋද්ඝෝෂණ සිදුකර විරෝධතා අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මීට අමතරව සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන වැඩ වර්ජනයට සාපේක්ෂව අද දිනයේදී ගුරු විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගයට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ පවතින වෘත්තිය සමිති 13න් 12කම නියෝජිතයන් සහභාගි වන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

සයිටම් වසා දමන ලෙස ඉල්ලා සිදුකරන වැඩවර්ජනයට සහයෝගයක් වශයෙන් අද (05දා) දින සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මීට අමතරව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්දසේවයෙන් ඉවත්වී වර්ජනයට සහයෝගය දක්වන බවද වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අද (05දා) උදෑසන 08.00සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකයෝ සඳහන් කරති. මේ අනුව දුම්රිය ව්‍යාපෘති පෞද්ගලික අංශයට ලබාදීම නවතා දැමීම, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ලබාදීම සහ සයිටම් ආයතනය වසා දැමීම යන ඉල්ලීම් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා සඳහන් කළේය.

මීට අමතරව තම සංගමයට අයත් සේවකයන් අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් පී.එම්.පීරිස් මහතා සඳහන් කළේය.

 එමෙන්මරජයේ ආයුර්වේද වෛද්‍ය, රජයේ දන්ත වෛද්‍ය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ‘ සංගමයට අයත් සියලුම සාමාජිකයන්ද අද (05දා) දිනය තුළ සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

වැඩ වර්ජනය සිදු වුවද මානුෂීය හේතූන් මත ළමා රෝහල්, කාන්තා රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ පිළිකා රෝහල් තුළ වැඩ වර්ජනය දියත් නොකරන බවත්, මීට අමතරව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්



කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙසට රේ අබේවර්ධන මහතා පත්කර තිබේ. මෙම පත්වීම (05) සිට බලාත්මක වන බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

මෙතෙක් සභාපතිවරයා ලෙසට කටයුතු කළ වජිර කුලතිලක මහතා වසර 3 ක ධුර කාලයකින් පසු ඉන් ඉවත්වීම හේතුවෙනුයි නව සභාපතිවරයා පත්කර ඇත්තේ. ව්‍යාපාර සහ කොටස් වෙළදපොල ගණුදෙනු පිළිබද අත්දැකීම් බහුල අයෙකු ලෙස රේ අබේවර්ධන මහතා සැලෙකනවා.