05 May 2017

මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අනුර කුමාර



"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ"

මැයි දිනය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මැයි 04 පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 42 දෙනෙකු මැයි දිනයෙන් පසු ඉවත් කර ඇති බවය.

"ඔහුට ආරක්ෂාව දෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕනි තර්ජනයක් තියනවද නැද්ද කියන කරණය මත. හැබැයි ඒක යම් දේශපාලන ක්‍රියාකාරකමක් මත තීන්දු වෙනවා නම් ඒක සාධාරණ නැහැ" යනුවෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

දේශපාලන නායකයන් හෝ ව්‍යාපාර වෙත ආරක්ෂාව සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා ආණ්ඩුව සතු බලය උපයෝගී කර ගනිමින් "බලපෑම් කිරීම යුක්තිසහගත නොවන" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රතිචාර පළ කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බව කියා සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ලබා දී ඇති බව සඳහන් කළේය.

No comments:

Post a Comment