01 May 2017

සුනීත සෝපාකලාගේ රස්‌සාව තවමත් කරන ඉන්දියාවේ - දාලිත්-ලා


"උමා" උදේම අවදිව රැකියාවට යන්නීය. උමාගේ රැකියාව මහජන වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමයි. ඇය රැකියාවට රැගෙන යන්නේ කූඩයක්‌ පමණකි. කොස්‌සක්‌, ඉදලක්‌, උදැල්ලක්‌, අත්වැසුම් ඇයට නැත. ඒවා පාවිච්චි කරන්නට අවසරයක්‌ද නැත. එලිමහන් මහජන වැසිකිලිවල ඇති මිනිස්‌ මලමුත්‍ර ඇය ඉවත් කළ යුත්තේ ඇගේ දෑතිනි. එය ඇය උපතින් ලත් කුලය නිසා ඇයට අනිවාර්ය වී ඇති රාජකාරියකි. ඇයට වෙන රැකියාවක්‌ කරන්නට අවසර නැත. කරන පිළිකුල් රැකියාවට හරිහැටි වැටුපක්‌ ලැබෙන්නේද නැත.

මේ උමාගේ කතාව පමණක්‌ නොවේ. ඉන්දියාව පුරා වෙසෙන ලක්‌ෂ හතක්‌ පමණ වූ කුලහීනයින්ගේ කතාවයි.

කුල භේදය ඉන්දියාවේ අදටත් තදින් බලපාන සමාජ ගැටලුවකි. උසස්‌ කුලීනයන් පහත් යෑයි සම්මත කුලවල උපන් කුලහීනයින්ට පීඩාකිරීම අදටත් ඉන්දියානු සමාජයේ බහුලව සිදුවෙයි.

ඉන්දියානු සමාජයේ පවතින කුල අතුරෙන් පහත්ම කුලය ලෙස සැලකෙනුයේ -හරිජන- කුලයයි. අතීතයේ පටන්ම හරිජනයින් සමාජයේ පීඩනයටත් අසාධාරණයටත් ලක්‌වූවෝ වෙති. උසස්‌ කුලවල මිනිසුන් හරිජනයින්ව සලකන්නේ අපිරිසිදු, කිලිටි හා පහත් මිනිසුන් ලෙසය. මේ කුලහීනයින්ව ස්‌පර්_ශ කිරීමට, ඔවුන්ගේ අතක්‌ හෝ ගැටුණු යමක්‌ ස්‌පර්ශ කිsරීමට, ඔවුන්ව දැකීමට පවා කුලීන ජනතාව පිළිsකෙව් කරති. එනිසා ඔවුන් සමාජයට මබඑදමජය්ඉකැ හෙවත් "ස්‌පර්ශ නොකළැකි" මිනිසුන්ය.

උසස්‌ කුලවල මිනිසුන් වදින පුදන දෙවොලකට ගොඩවැදීම හරිජනයින්ට තහනම්ය. හරිජනයින්ගේ පැමිණීමෙන් ඒ ස්‌ථාන අපිරිසිදු වන බව කුලීනයෝ සලකති. කිසිදු පොදු උත්සවයකට, ආගමික වැඩසටහනකට සහභාගි වීම මේ කුලහීනයින්ට තහනම්ය.

ඉන්දියාවේ තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ජනතාව මේ පහත් කුලයේ මිනිසුන්ව දැකීම පවා පිලිකුල් කරන නිසා ඔවුන්ට පොදු මං මාවත්වල ගමන් කිරීම තහනම්ය. තමන්ගේ කුලයටම වෙන්වූ අතුරු මාර්ග වලින් හෝ මිනිසුන් පාරවල් වල නොගැවසෙන රාත්‍රි කාලවල පහත් කුලයේ අය ගමන් බිමන් යා යුතු වෙයි. එවැනි ප්‍රාන්ත වල මිනිසුන් සලකන්නේ අඩු කුලයේ මිනිසුන්ගේ හෙවනැල්ල පොළවට වැටීම පවා එම භූමිය අපවිත්‍ර කරන අසුභ පිලිකුල් සහගත දෙයක්‌ ලෙසිනි. එනිසා එවන් පළාත්වල හරිජනයින්ට වැඩ කරන්නට අවසර ඇත්තේද රාත්‍රී කාලයට පමණි. හරිජනයින්ට පොදු ලිං හෝ ජල නළ වලින් ජලය ලබා ගන්නට අවසර නැත. මිනිසුන් නෑමට, රෙදි සේදීමට යන ගංගා ඇල දොළ වලින් වතුර ගැනීමටද අවසර නැත.

මේ කුලහීනයින්ට නිවාස තනා ගැනීමට අවසර ඇත්තේද නගරයෙන් පිට කුල හීනයින්ගේ කොලණි වලම පමණකි. සාමාන්‍ය මිනිසුන් ලෙසින් ඉඩකඩම් මිලදී ගන්නට හෝ නිවාස තනන්නටද ඔවුන්ට අවසර නැත. ඔවුන්ගේ දරුවන්ට අනෙක්‌ දරුවන් සමග අධ්‍යාපනය ලබන්නට අවසර නැත. හරිජනයින්ට තමන්ට කුලයෙන් පැවරුණු වෘත්තිය හැරෙන්නට වෙනත් වෘත්තියක්‌ කරන්නට ඉන්දියානු සමාජය තුළ ඇති ඉඩකඩද අවමය.

මේ පහත් කුල ජනතාව අතරද ඔවුන්ගේ වෘත්තීන් අනුව තව දුරටත් කුලභේදය තිබීමද දකින්නට හැකිය. සපතේරුවන්ගේ කුලයට වඩා රෙදි සෝදන කුලය පහත් කුලයකි. රෙදි සෝදන්නන්ගේ කුලයට වඩා කසල ශෝධකයින්ගේ කුලය පහත්ය. මේ සියලු කුල අතරින් පහත්ම කුලය කසල ශෝධක කුලයයි. ඒ කුලය ඉන්දියාව තුළ හැදින්වෙන්නේ -දාලිත්- යනුවෙනි. හරිජනයින් අතරද වඩාත්ම දුක්‌ත ජීවිත ගෙවන්නේ දාලිත් කුලයේ මිනිසුන්ය.

දාලිත් කුලයේ අයගේ රැකියාව කැලි කසල, වැසිකිලි පද්ධති, මිනිස්‌ මලමුත්‍ර වැනි දේ පිරිසිදු කිරීමයි. වර්තමානය වන විට මේ කාර්යයන් සදහා කොතරම් දියුණු පහසු උපකරණ තිබුණද දාලිත් කුලයේ අයට ඒ කිසිවක්‌ පාවිච්චි කිරීමට අවසර නැත. ඉන්දියානු සමාජයේ සම්මතයට අනුව තවමත් දාලිත් කුලයේ අය මේ රැකියාව කළ යුත්තේ තමන්ගේ අත් දෙකින්මය. අත්වැසුමක්‌වත් නොමැතිව නිරාවරණ දෑතින් මිනිසුන්ගේත් සතුන්ගේත් මලමුත්‍ර ඉවත් කරන්නට සිදුවීම කොතරම් පිලිකුල් සහගත අත්දැකීමක්‌දැයි ඔබට සිතාගන්නට හැකිද.?

"ධර්මානි කාලි" ඒ අත්දැකීමට දවස ගානේ මුහුණ දෙන දාලිත් කුලයේ එක්‌ කසල ශෝධකයෙකි.

"මම මගේ ගෙදර උන්දැ සෝනා බායි එක්‌ක උදේ පාන්දර ඉර පායන්ඩ කලින් ගෙදරින් පිටත් වෙනව.. කුලවත් ඨාකූර්ලගෙ වැසිකිලිවල තියෙන මල මුත්‍ර මගේ අත් දෙකින් එකතු කරල සෝනා බායිගෙ අතේ තියෙන කූඩෙට පුරවනව.. සෝනා බායි ඒ කුණු ඔලුවෙ තියාගෙන අරන් ගිහින් ටවුමෙ කෙළවරේ¨ තියෙන කුණු ගොඩට විසි කරනව.. උදේ ඉර එලිය වැටෙන්ඩ කලින් පටන් ගන්න අපේ රාජකාරිය ඉවර වෙන්නෙ හැන්දෑවෙ බිං කරුවල වැටුනටත් පස්‌සෙ.. පැය දොලහකට වැඩිය අපි දෙන්නා එක දිගට වැඩ කරනව.. ඒත් අපි දෙන්නටම හම්බ වෙන්නෙ සොච්චමයි.. සමහර දාට ඒකත් නෑ.. හාම්පුත්තුන්ගෙ ඇනුම් බැනුම් කෙලවරක්‌ නෑ.. සමහර දාට මහපාරෙ කානු වල ඉණක්‌ උසට කුණු වතුරෙ බැහැගෙන කානු සුද්ද කරනව.. ඒත් අපට මහන්සියට තේ වතුර ඩිංගක්‌වත් දෙන්ඩ නං කෙනෙක්‌ නෑ.. අපේ කුලේ ඈයොන්ට කුලවත් ඈයො වතුරවත් දෙන්නෙ නෑ නෙව..- ධර්මානි කාලි කියයි.

"මිනිස්‌ දෑතින් මල අපවහන ද්‍රව්‍ය පවිත්‍ර කරවීම" ඇත්තෙන්ම මේ මිනිසුන්ට කරන හිංසනයකි. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. සමාජ විද්‍යා, අධ්‍යාපනික හා පර්යේෂණ පිළිsබද ටාටා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මේ දාලිත් කසල ශෝධකයින්ගෙන් සියයට අසූවක්‌ පමණම වයස අවුරුදු හැටට පෙර මියයති. ඒ ඔවුන්ගේ වෘත්තිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු හේතුවෙනි. මුම්බාය තුළ පමණක්‌ මසකට මෙවන් කසල ශෝධකයෝ විස්‌සක්‌ පමණ වැසිකිලි හා කාණු පද්ධති තුල විෂ වායු වලට නිරාවරණය වීමෙන්, විශබීජ ශරීරගත වීමෙන් සහ හදිසි අනතුරු වලට ලක්‌ වීමෙන් මියයති. මේ පිලිබද විවිධ සංවිධාන විසින් දීර්ඝ කාලීනව මතවාද ගොඩනැගීමෙන් අනතුරුව 2013 වසරේදී "මිනිස්‌ දෑතින් මල අපවහන ද්‍රව්‍ය පවිත්‍ර කරවීම" තහනම් කරන්නට නීති පනවන ලදී.

"මේ රස්‌සාව තහනම් කරලද..? කවුරුවත් අපට ඒ වගක්‌ කිව්වෙවත් නෑ.. මං ඉස්‌කෝලෙ ගිහිනුත් නෑ නෙව.. ඒ හන්ද අකුරු කියවන්ඩත් බෑ.. අකුරක්‌වත් කියවගන්ඩ පුළුවන් කමක්‌ තිබුණනං පත්තරේක තියෙන එකක්‌ හරි කියවගන්ඩ ඇහැකි නෙව.. ඒ හින්ද අපේ දරුවන්ට කොහොම හරි උගන්නගන්ඩ මං හිතාගෙන ඉන්නෙ.. දරුවන්ට උගන්නන්ඩ නං අපිට මේ රස්‌සාව කරන්ඩම වෙනව.. මේ රස්‌සාව තහනම් කරා කියල අපිට වෙන කරන්ඩ රස්‌සාවකුත් නැහැනෙ..- ඔවුන්ගේ රැකියාව තහනම් කිරීමට ගෙනා නීති රීති ගැන ධර්මන් කාලිගෙන් ඇසූ විට ලද පිලිතුර එයයි. -අපි දාලිත් කුලේ හන්ද අපට ඉතින් වෙන කර්_මාන්තයක්‌ හරි අකුරු සාස්‌තරේ හරි ඉගෙන ගන්ඩ ලැබුනෙ නෑනෙ.. බඩ වියත රැකගන්ඩ කියල අපි වෙන මොනව කරන්ඩද..? අපේ දාලිත් කුලේ ඈයො මේ රස්‌සාව නිසා අසනීප වෙනව, මැරෙනව කියල අහල තියෙනව තමයි. ඒත් ඉතිං අපිත් ජීවත් වෙන්ඩ රස්‌සාවක්‌ කරන්ඩ එපායෑ.." ධර්මන් කාලිගේ බිරිද සෝනා බායි පවසන්නීය.

දාලිත් කුලයේ අය බොහෝ විට අවම අධ්‍යාපන මට්‌ටම් වලින් යුක්‌ත අය වීම හෝ කිසිසේත්ම අධ්‍යාපනයක්‌ නොලැබු අය වීම හේතුවෙන් ඔවුන්ට වෙනත් විකල්පයක්‌ නොමැති වීමද, තමන්ගේ සාම්ප්‍රදායික සිරිත් වලටම මුළුගැන්නී සිටින්නට ඇතැම් කුලහීනයින්ගේ ඇති ඇබ්බැහිකමද "මිනිස්‌ දෑතින් කසල ශෝධනය කිරීමේ" රැකියාවට වැට බදින්නට ඇති බාධාවන් වෙතැයි කම්කරු අයිතීන් පිළිsබද ක්‍රියාකාරිකයෙකු වූ මිලින්ද් රාණාදේ පවසයි.

"අනිත් කාරණේ තමයි.. උසස්‌ කුලේක කෙනෙක්‌ මලමුත්‍ර අයින් කරන රස්‌සාවට ආවත් ඒ ගැන ලොකු හඩක්‌ නැගේවි.. ඒත් දාලිත්ලා සිය ගාණක්‌ මේ රස්‌සාවෙදි මැරුණත් කවුද ඒ ගැන කතා කරන්නෙ..?"

ඉන්දියානු රජයේ සංඛ්‍යාලේඛණ වලට අනුව මෙසේ මල අපවහන පිරිසිදුකරුවන් ලෙස රැකියාව කරන කුලහීනයින්ගේ සංඛ්‍යාව 770,000 කට අධිකය.

වර්තමාන ඉන්දියානු අගමැති නෙ_න්ද්‍රසිං මෝඩි බලයට පැමිණියේ ඉන්දියානු ආර්ථිකය ශක්‌තිමත් කොට මෙවැනි දාලිත් කුලහීනයින්ට නව රැකියා අවස්‌ථාවන් ඇති කරන බවත්, ඔවුන්ගේ අවාසනාවන්ත ජීවන තත්වයන්ගෙන් නිදහස්‌ කර වඩා හොද ජීවන තත්වයක්‌ද ලබා දෙන බවට පොරොන්දු දෙමිනි. එහෙත් අද වන විටත් මිනිස්‌ මලමුත්‍ර අතින් පිරිසිදු කරන දාලිත්ලාගේ තත්වය එසේමය.

රජයට පක්‌ෂ වූ පුද්ගලයින් පවසන්නේ මේ වෘත්තීමය පීඩාව නැති කිරීම ඉක්‌මන් විසදුම් දිය හැකි ප්‍රශ්නයක්‌ නොවන බවය. මානව හිමිකම් හා නීතින් සදහා වූ ඉන්දියානු කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්‌ෂක වරයෙකු වන මිහිර් දේසායි පවසන්නේ කම්කරු නීතීන් ක්‍රියාත්මක කිරීම ඉන්දියානු සමාජය තුල අතිශයින් දුර්වල මට්‌ටමක පවතින බවයි.

"ජාත්‍යයන්තර සම්මතයන්ට ගැලපෙන විදිහට නීතී සම්මත කරගන්න නම් ඉන්දියානු ආන්ඩුව වැඩ කරනව.. ඒත් ඒව ක්‍රියාත්මක කරන්න නම් අපේ දේශපාලකයෝ උනන්දු නැහැ..- මිහීර් දේසායි පවසයි.

|නිම්මි මුදිතා හේරත්

දින 100 සම්පූර්ණ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට අවලාද නගයි



තමාගේ ජනපති පාලනයේ සියවන දිනය සමරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත (29) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ජනාධිපති ධුරයේ සියවන දිනය නිමිත්තෙන් පෙන්සිල්වේනියා හි පැවති ජනරැළියකට සහභාගි වූ ඔහු තමා දැඩි ලෙස විවේචනය කරන වාර්තා, සංවේදීතාවයෙන් තොර මාධ්‍යවේදීන් පළකරන ව්‍යාජ පුවත් ලෙස හඳුන්වා තිබේ.

තමා ලබාදුන් සෑම පොරොන්දුවක්ම අත්හැර නොමැති බවද ට්‍රම්ප් පවසා තිබේ. ධවල මන්දිරය මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වන වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති ට්‍රම්ප්  සහභාගි නොවූ අතර, 1981 වසරේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගෙන් පසු එය වර්ජනය කළ ප්‍රථම ඇමරිකානු ජනපතිවරයා ඔහුයි.

මේ අතර ධවල මන්දිරයේ වාර්තාකරුවන්ගෙන් තුනෙන් දෙකක්ම ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම මාධ්‍ය විරෝධී ජනාධිපතිවරයා බවයි. මාධ්‍ය සමග සංවාදයකට එළඹීම වත්මන් ඇමරිකානු පරිපාලනය ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ට්‍රම්ප්ගේ දින 100 ට සමගාමීව ධවල මන්දිර මාධ්‍යවේදීන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම මාධ්‍ය විරෝධී ජනාධිපතිවරයා ලෙස ඔවුන් අතුරෙන් 68% ක්ම  ප්‍රකාශ කර තිබෙන බවද සදහන් වේ.

ලසිත් මාලිංගගේ නිවුන් සොහොයුරාත් IPL පිටියේ | VIDEO



මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම්  අතර (29) පැවති තරගයේදී ප්‍රේක්ෂකාගාරයට පැමිණ සිටි පුද්ගලයකු හේතුවෙන් විශාල පිරිසකගේ අවධානය ඔහු වෙතට යොමුව තිබේ.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ලසිත් මාංලිග වැනි පුද්ගලයකු තරගය නැරඹීමට පැමිණ සිටීමයි. කැමරා දර්ශණ මගින් එම පුද්ගලයා පෙන්වන විට ලසිත් මාලිංග ද සිනහවන ආකාරය දක්නට ලැබුනා.



ජාත්‍යන්තර කම්කරු දිනය


මැයි පළමුවැනිදා එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි.මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස‍්‍රයේදීය. ඒ වැඩකරන ජනතාව පැය 8 ක වැඩමුරයක් ඉල්ලාය. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය.හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය.මේ අතරතුර පොලිස් ඔත්තුකරුවෙකු එල්ල කළ බෝම්බයකට හසුව පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වූහ. මෙයින් පසු පොලීසියේ තුවක්කුද නැවත ජනතාවට එල්ල විය. එයින් කීප දෙනෙකු මරණයට පත් වූ අතර එහි සිටි ජනයාගෙන් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ.මෙම සිද්ධියෙන් ප‍්‍රයෝජන ගත් චිකාගෝ පොලීසිය කම්කරු නායකයින්ට දඬුවම් දීමට යොදා ගත්හ. මෙයින් කම්කරු නායකයෝ සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම පැනවූහ.

චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එදා එහි සිටි පොලිසිය අනුමත කළත් ලොව කිසිඳු ජන වර්‍ගයක් අනුමත කළේ නැත. ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරීය.පැය 08 ක වැඩ මුරයක් හා සර්වජන ඡන්ද බලයක් ලබා ගැනීම සඳහා මුළුමහත් කම්කරු ජනතාවම එක්සත්ව සටන් කළහ.ඒ අනුව 1889 ජුනි මාසයේ පැරිස් නුවරදී “ පෙඩ්ඩ‍්‍රක් එංගල්ස්ගේ “ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී චිකාගෝ නුවර හේමාකට් චතුරස‍්‍රයේදී ඇති වූ කම්කරු සටන් අනුස්මරණය මැයි පළමුවැනි දාට යොදා ගත්තේය. නමුත් ප‍්‍රථම වරට මැයි දිනය සමරන ලද්දේ 1890 දීය. ප‍්‍රංශ නියෝජිත “ ලැව්ටනි “ විසින් කම්කරුවන් එක්සත්ව කි‍්‍රයාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව සම්මත කළේය. මැයි දිනය ආරම්භ වූයේ එපරිද්දෙනි.  ශ්‍රී ලංකාවේ මැයි දින  ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම් විය. සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් විය. පසුකාලය වන විට මෙය මැයි පෙළපාලියක් බවට පත් වූ අතර එය කී‍්‍රඩා තරග හා සම්මත රැළියක් බවට පත්විය. 1947 පමණ වනවිට මෙරට කම්කරු අරගල උත්සන්න විය. එහිදී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එයින් ගෙදර ගිය බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ. 1956 දී අගමැති බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී.ල.නි. පක්ෂය හා පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය රතුපාටින් හා නිල් පාටින් පැවැත්විය. එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායක මහතා ගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය.

|දීපානි ප‍්‍රියංගිකා අත්තනායක


හාම්පුතාගේ සහ කම්කරුවාගේ අතීතයත් වර්තමානයත් “කම්කරු දිනය” අපිට සිහිකැඳවනවා



මිනිසුන් යදමින් බැඳ ඔවුන් තම දේපොළක් ලෙස සලකා හාම්පුතුන් කටයුතු කළ අතීතයක සිට. වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමග කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින්ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බල කර සිටින බව මැයි දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

එම සම්පූර්ණ මැයි දින සුබපැතුම් පණිවුඩය පහතින්,

Irajගේ වස්සානේ හීනේ ගීතයේ සමන්තභද්‍ර හිමි ඩොලර් 05කට රහත් කර Youtube එකෙන් සල්ලි හෙව්වේ මෙහෙමයි



ගැහැණියක් පිරිමියෙක් එක්ක එකතු වීම කුණුහරපයක් නොවේ. කුණුහරපයක් වෙන්නේ ගැහැණුන් පිරිමින් ලිංගිකව එකතුවෙන විදිය ප්‍රසිද්ධියේ පෙන්නා සල්ලි හෙවීමය. ඒ කුණුහරපය ඇතුළෙම මිථ්‍යා දෘෂ්ඨික විදියට ආගමක් පෙන්නුම් කළොත් එතන ඇත්තේ තවත් අර්බුදකි.

බුදුන් වහන්සේ සර්පයන්සේ දු‍ටු මුදල් පසුපසම හඹායන ප්‍රසිද්ධිය කියන දේ ආභරණයක් කරගත් රහතන් වහන්සේ යැයි කියා ගන්නා හිමි නමක් ලක්දිවට පහළ වී ඇති සැටියකි. ඒ රහතන් වහන්සේ පෙර ගෙනා පි ඇති ඉතා චතුරය. දක්ෂය. අවස්ථාවට අනුව ක්‍රියා කිරීමට දක්ෂය. එනිසාම රහතන් වහන්සේ සෑම විටම ජයගන්නේ කටින් ගසාය. ක්‍රියාවෙන් රහතන් වහන්සේ නමකගේ අහළකවත් තබන්නට බැරිය. එහෙත් ඔහු ඒ බවක් පිළිගන්නේ නැත. හිතින් පිළිගත්තද එය පෙන්වන්නේ නැත. පුදුමයට කරුණ නම් මිසදි‍ටු ජනයා රහතන් වහන්සේ ඉහ මුදුනින් පිළිගැනීමය. ඔහුගේ ආරාමය මාළිගාවක් වැනිය. සැප පහසුකම් පිරිලාය. අධි සුඛෝපභෝගී ජීවිතයකි.

ඊයේ පෙරේදා රහතන් වහන්සේ නමගෙන් ‍රැස් විහිදෙන්නට පටන් ගත්තේය. ඒ ඉරාජ් නම් කේවට්ටයාට පින්සිදු වෙන්නටය. රහතන් වහන්සේ නමක් වී ‍රැස්විහිදුවන්නට අද කාලයේ ඩොලර් 5ක පමණ මුදලක් ප්‍රමාණවත් බව  සියළු දෙනා දැනගත්තේ මේ සිද්ධියෙන් පසුවය. ඩිජිටල් මායාවකි. සත්‍ය ඉතා දුරය. මනස දියුණු කරගත් කිසිවෙක් මෙතරම් ප්‍රසිද්ධිය පස්සේ දුවන්නේ කුමන හේතුවක් නිසා ද? සියල්ල මාකටින්ය. මිනිසුන් බනින තරමට ඔවුන්ව වැඩිපුර මාකටින් වන්නේය.

සමාජයේ වැඩිපුර කතා බහට ලක්වෙන සිද්ධි අදාළ කරගත්ත ද ආගම මාකටින් කිරීම නොමනා ක්‍රියාවකි. ඉරාජ්ට අවශ්‍ය මුදල් ය. රහතන් වහන්සේගෙන් ‍රැස් විහිදුවන්නට ඔහු ලබාගත් මුදල හුදෙක්ම ඔහුට මුදලක් පමණක්ම වන්නේ ය. තම ආගමට කොතරම් නිගා වුවද කම් නැත.

මුදල් ගෙවා රහත් බව ඔප්පු කිරීම ද හාස්‍යයට කරුණකි. ඔහු ඇත්තටම රහත් නම් ප්‍රාතිහාර්යයක් හෝ පා ‍රැස් විහිදුවා පෙන්විය යුතුය. රහතන් වහන්සේ නමක් කෙදිනකවත් එවන් කටයුත්තක් නොකරන බව සැබෑය. නමුත් මේකී රහත් යැයි කියන්නාට මේ කරන විගඩම් වල හැටියට එය කිරීමට ද හැකියාවක් තිබිය යුතුය. රහත් බව ද මාකට් වෙලාය. බුද්ධාගම කොයි අතට ගමන් කරන්නේ දැයි සිතා ගත නොහැකිය. මිනිසුන් බැණ බැණ ඔවුන්ගේ නිර්මාණ අන්තර් ජාලය හරහා පතුරුවා හරින තාක් කල් ඔවුන්ට ලැබෙන්නේ මුදල් ය. ප්‍රසිද්ධිය ය. තම ආගමට ලැදි වූ සියළු මිනිසුන් කල යුත්තේ මෙවන් නිර්මාණ වර්ජනය කිරීමය. නැරඹීමෙන් වැළකීමය. බැණ වදින්නටවත් අන්තර්ජාලය හරහා පළ නොකිර්රිමය. එසේ වුවහොත් ඔවුන්ගේ අභිමතය ඒ අයුරුන්ම ඉෂ්ඨ වන්නේය. ඉරාජ් සෑම විටම මිනිසුන් බනින දේවල්ම කරන්නේ ඔහුට එයින් බොහෝ මුදල් ලැබෙන නිසාය. ඔවුන්ගේ නිර්මාණවලට ජනතාව කුපිත නොවන තරමට ඔවුන්ගේ මාකටින් අරමුණ බිඳ වැටෙන්නේය.

යුද සමයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙයි



 යුධ සමයේ අතුරුදහන්වු උතුරු නැගෙනහිර ජනතාවගේ ඥාතීන් හා  උතුරු පළාත් සි.වි.විග්නේශ්වරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක්  (30) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදි පැවැත්වුණා.

යුධ සමයේ අතුරුදහන් වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර පිහිටි සෑම දිස්ත්‍රික්කයන් තුළදි මාස දෙකක පමණ කාලයක් අඛණ්ඩ උපවාස පැවැත්වුවද අතුරුදහන් වූවන් සොයාදීම කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කළ බවයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මිය කියා සිටියේ.

ආනන්දි සෂිදරන් මහත්මිය ප්‍රකාශ කළේ අඅතුරුදහන් වූවන්ගේ ගැටළුවට විසදුම් ලබා ගැනීම සම්බන්ධයෙන්ද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ජා කළ බවයි.

අතුරුදහන් වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පසුගිය 27 වැනිදා උතුරු නැගෙනහිර දෙපළාත තුළ හර්තාලයක් පැවැත්වීමටද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කටයුතු කරනු ලැබුවා.

උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ හිටපු LTTE බුද්ධි අංශ සන්නද්ධ නායකයෙකු වු එලිලන් නමැත්තාද අවසන් යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන්වු බවට සඳහන් කරමින් ආනන්දි සෂිදරන් මහත්මිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩුවක්ද ගොනුකොට තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හා විග්නේශ්වරන් මහතා අතර සාකච්ඡාව වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියා.

ඇලන් ඩොනල්ඩ් වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශක තනතුරට

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ වත්මන් පුහුණුකරු වශයෙන් චම්පක රාමනායක මහතා කටයුතු කළද උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ ඇත.

ඩොනල්ඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය මාස 6 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

අද ජාත්‍යන්තර කම්කරු දිනය යි



ලෝක කම්කරු දිනය වශයෙන් මැයි පළමු වන දින නම් කර ඇත. 2017 මැයි දින සමරුවට වසර 131ක් සැපිරෙන අතර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම ආරම්භ කර වසර 87ක් සැපිරේ. ලොව බොහෝ රටවල මැයි දිනය නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ කම්කරු අයිතිවාසිකම් වලට ගරු කිරීමක් වශයෙනි.

1890 දී ඇමරිකාවේ, චිලි රටේ හා කියුබාවේත් අතිවිශාල කම්කරු පිරිසකගේ සහභාගීත්වයෙන් පළමුවරට ලෝකයේ මැයි දිනය සමරනු ලැබීය.  1889 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රැස්වීමේ දී පැය අටක සේවා මුරය සඳහා අරගල කරමින් සිටිය ද පොලිස් වෙඩි පහරින් මියගිය කම්කරුවන් සිහි කිරීම පිණිස සෑම වසරකම මැයි 01 වෙනිදා ලෝක කම්කරු දිනය වශයෙන් සැමරිය යුතු යැයි තීරණය කරන ලදී.

1986 මැයි 01 වෙනිදා චිකාගෝ නුවර “ හේ මාර්කට්“ ප්‍රදේශයට රැස් වූ විශාල කම්කරුවෝ පිරිසක් පැය 8 වැඩ මුරය නීතිගත කරන තුරු සටන් කරන්නට තීරණය කරමින් ආරම්භ කළ උද්ඝෝෂණයේ නිරත වීම මෙයට හේතු පාදක විය. විශේෂයෙන්ම එදා රැස් වූ පිරිස අමතමින් සැමුවෙල් ෆිල්ඩන් නම් කම්කරු නායකයා වේගවත් කතාවක් සිදුකරමින් මැයි 01 වෙනිදා ඓතිහාසික දිනයක් යැයි ද ප්‍රකාශ කර ඇත.

මෙලෙස උපන් මැයි දිනය අද ජාති ආගම් කුලමල භේද රහිතව ලොව පුරා කම්කරුවන් විසින් සමරනු ලැබේ. පළමුව කියුබාව, මහජන චීනය, උතුරු කොරියාව ඇතුළු කොමියුනිස්ට්වාදී රටවල් මැයි දිනය සැමරීමට උර දුන්නේය.

ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම මැයි දිනය සැමරුවේ 1933 දී කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පක්ෂ පාට වලින් තොර ස්වාධීන කම්කරු උත්සවයක් විය.

ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාළි දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් ආරම්භ වූයේ 1935 දී ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙනි.

ජනමාධ්‍යවේදීන්ගේ මැයි දින රැළිය අම්පාරේදී

සමස්ත ලංකා ජනමාධ්‍යවේදී සම්මේලනය සංවිධනය කරන මැයි දින පෙළපාලිය සහ රැළිය අම්පාර නගරයේ දි පැවැත්වේ. අම්පාර රීගල් හන්දියෙන් පස්වරු 02.00ට ඇරඹෙන පෙළපාලිය අම්පාර නගර ශාලව වෙත ගමන් කිරිමට නියමිතය.

රැළිය පැවැත්වෙන්නේ අම්පාර නගර ශාලාවේදී ය.

ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේ දී සිදුවන අවහිරතා මගහරවා ගැනිම, මාධ්‍යවේදීන්ගේ සුරක‍්ෂිත බව සහ ආරක‍ෂාව, මාධ්‍යවේදීන්ගේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම, සදාචාරත්මක මාධ්‍ය භාවිතයකට පසුබිම සැකසීම, මාධ්‍යවේදීන්ගේ සුබසාධනය ඇතුලූ මාධ්‍යවේදීන්ගේ පාර්ශවයෙන් බලාපොරොත්තුවන යෝජනා ඇතුළත් සංදේශයක් ජනමාධ්‍ය අමතිවරයා ඇතුලූ රජයට මෙම රැලියේ බාරදිමට නියමිත ය.

කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනනය අනිවාර්ය කරයි



වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

මේ හේතුවෙන්  (02) සිට කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර භාවිතය අනිවාර්ය වන අතර එම ආයතන ජනනය කරන විදුලි ඒකකයකට රුපියල් 36 ක මුදලක් ලබා දෙන බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.