01 May 2017

Irajගේ වස්සානේ හීනේ ගීතයේ සමන්තභද්‍ර හිමි ඩොලර් 05කට රහත් කර Youtube එකෙන් සල්ලි හෙව්වේ මෙහෙමයි



ගැහැණියක් පිරිමියෙක් එක්ක එකතු වීම කුණුහරපයක් නොවේ. කුණුහරපයක් වෙන්නේ ගැහැණුන් පිරිමින් ලිංගිකව එකතුවෙන විදිය ප්‍රසිද්ධියේ පෙන්නා සල්ලි හෙවීමය. ඒ කුණුහරපය ඇතුළෙම මිථ්‍යා දෘෂ්ඨික විදියට ආගමක් පෙන්නුම් කළොත් එතන ඇත්තේ තවත් අර්බුදකි.

බුදුන් වහන්සේ සර්පයන්සේ දු‍ටු මුදල් පසුපසම හඹායන ප්‍රසිද්ධිය කියන දේ ආභරණයක් කරගත් රහතන් වහන්සේ යැයි කියා ගන්නා හිමි නමක් ලක්දිවට පහළ වී ඇති සැටියකි. ඒ රහතන් වහන්සේ පෙර ගෙනා පි ඇති ඉතා චතුරය. දක්ෂය. අවස්ථාවට අනුව ක්‍රියා කිරීමට දක්ෂය. එනිසාම රහතන් වහන්සේ සෑම විටම ජයගන්නේ කටින් ගසාය. ක්‍රියාවෙන් රහතන් වහන්සේ නමකගේ අහළකවත් තබන්නට බැරිය. එහෙත් ඔහු ඒ බවක් පිළිගන්නේ නැත. හිතින් පිළිගත්තද එය පෙන්වන්නේ නැත. පුදුමයට කරුණ නම් මිසදි‍ටු ජනයා රහතන් වහන්සේ ඉහ මුදුනින් පිළිගැනීමය. ඔහුගේ ආරාමය මාළිගාවක් වැනිය. සැප පහසුකම් පිරිලාය. අධි සුඛෝපභෝගී ජීවිතයකි.

ඊයේ පෙරේදා රහතන් වහන්සේ නමගෙන් ‍රැස් විහිදෙන්නට පටන් ගත්තේය. ඒ ඉරාජ් නම් කේවට්ටයාට පින්සිදු වෙන්නටය. රහතන් වහන්සේ නමක් වී ‍රැස්විහිදුවන්නට අද කාලයේ ඩොලර් 5ක පමණ මුදලක් ප්‍රමාණවත් බව  සියළු දෙනා දැනගත්තේ මේ සිද්ධියෙන් පසුවය. ඩිජිටල් මායාවකි. සත්‍ය ඉතා දුරය. මනස දියුණු කරගත් කිසිවෙක් මෙතරම් ප්‍රසිද්ධිය පස්සේ දුවන්නේ කුමන හේතුවක් නිසා ද? සියල්ල මාකටින්ය. මිනිසුන් බනින තරමට ඔවුන්ව වැඩිපුර මාකටින් වන්නේය.

සමාජයේ වැඩිපුර කතා බහට ලක්වෙන සිද්ධි අදාළ කරගත්ත ද ආගම මාකටින් කිරීම නොමනා ක්‍රියාවකි. ඉරාජ්ට අවශ්‍ය මුදල් ය. රහතන් වහන්සේගෙන් ‍රැස් විහිදුවන්නට ඔහු ලබාගත් මුදල හුදෙක්ම ඔහුට මුදලක් පමණක්ම වන්නේ ය. තම ආගමට කොතරම් නිගා වුවද කම් නැත.

මුදල් ගෙවා රහත් බව ඔප්පු කිරීම ද හාස්‍යයට කරුණකි. ඔහු ඇත්තටම රහත් නම් ප්‍රාතිහාර්යයක් හෝ පා ‍රැස් විහිදුවා පෙන්විය යුතුය. රහතන් වහන්සේ නමක් කෙදිනකවත් එවන් කටයුත්තක් නොකරන බව සැබෑය. නමුත් මේකී රහත් යැයි කියන්නාට මේ කරන විගඩම් වල හැටියට එය කිරීමට ද හැකියාවක් තිබිය යුතුය. රහත් බව ද මාකට් වෙලාය. බුද්ධාගම කොයි අතට ගමන් කරන්නේ දැයි සිතා ගත නොහැකිය. මිනිසුන් බැණ බැණ ඔවුන්ගේ නිර්මාණ අන්තර් ජාලය හරහා පතුරුවා හරින තාක් කල් ඔවුන්ට ලැබෙන්නේ මුදල් ය. ප්‍රසිද්ධිය ය. තම ආගමට ලැදි වූ සියළු මිනිසුන් කල යුත්තේ මෙවන් නිර්මාණ වර්ජනය කිරීමය. නැරඹීමෙන් වැළකීමය. බැණ වදින්නටවත් අන්තර්ජාලය හරහා පළ නොකිර්රිමය. එසේ වුවහොත් ඔවුන්ගේ අභිමතය ඒ අයුරුන්ම ඉෂ්ඨ වන්නේය. ඉරාජ් සෑම විටම මිනිසුන් බනින දේවල්ම කරන්නේ ඔහුට එයින් බොහෝ මුදල් ලැබෙන නිසාය. ඔවුන්ගේ නිර්මාණවලට ජනතාව කුපිත නොවන තරමට ඔවුන්ගේ මාකටින් අරමුණ බිඳ වැටෙන්නේය.

No comments:

Post a Comment