01 May 2017

යුද සමයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙයි



 යුධ සමයේ අතුරුදහන්වු උතුරු නැගෙනහිර ජනතාවගේ ඥාතීන් හා  උතුරු පළාත් සි.වි.විග්නේශ්වරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක්  (30) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදි පැවැත්වුණා.

යුධ සමයේ අතුරුදහන් වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර පිහිටි සෑම දිස්ත්‍රික්කයන් තුළදි මාස දෙකක පමණ කාලයක් අඛණ්ඩ උපවාස පැවැත්වුවද අතුරුදහන් වූවන් සොයාදීම කෙරෙහි රජයේ අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කළ බවයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මිය කියා සිටියේ.

ආනන්දි සෂිදරන් මහත්මිය ප්‍රකාශ කළේ අඅතුරුදහන් වූවන්ගේ ගැටළුවට විසදුම් ලබා ගැනීම සම්බන්ධයෙන්ද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ජා කළ බවයි.

අතුරුදහන් වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පසුගිය 27 වැනිදා උතුරු නැගෙනහිර දෙපළාත තුළ හර්තාලයක් පැවැත්වීමටද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කටයුතු කරනු ලැබුවා.

උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ හිටපු LTTE බුද්ධි අංශ සන්නද්ධ නායකයෙකු වු එලිලන් නමැත්තාද අවසන් යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන්වු බවට සඳහන් කරමින් ආනන්දි සෂිදරන් මහත්මිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩුවක්ද ගොනුකොට තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හා විග්නේශ්වරන් මහතා අතර සාකච්ඡාව වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියා.

No comments:

Post a Comment