02 April 2017

උමං දුම්රියක පුරුෂ ලිඟුවක් සහිත ආසනයක් සවිකළ පුදුම හිතෙන හේතුව මෙන්න - VIDEO



මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබුණි.
"මේක අසික්කිතයි," ඇතැමෙක් කීහ.
"මේ සීට් එක අවමානයක්, අපහසුවක්."
සැබවින්ම එහි අරමුණ වී තිබුණේත් එයයි.

එම උමං දුම්රියේ ආසනයකට පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව කාවද්දා තිබුණේ එහි ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට ලක්කිරීමේ අරමුණිනි.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ "පුරුෂයන්ට පමණක්" වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙනි.
"මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය," යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබුණි.

"එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නොලසකා හැරිය හැකි තරම් වන අපහසුතාවකි."

මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තුව නොවේ. එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනි.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

මෙම ආසනය පිළිබඳව ඇතැමුන් ප්‍රසංශා කළ නමුත් "පුරුෂෝත්තමවාදී" බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කළහ.




IPL තරගාවලියේදී සනී ලියොන්ටත් වැඩක්



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් (chear girls) කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියක වන සනී ලියොන්ට පැවරී තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලියේදී හින්දි ගීතවලට ඇය නර්ථනයේ යෙදීමට නියමිත බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන බදාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

10 වන වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතයි.

සනී ලියොන් මෙම තරගාවලියට එක්වීම තුලින් තරගවලට පවතින ප්‍රේක්ෂක ආකර්ෂණය ද ඉහළ යනු ඇති බවටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

ඇය බොහෝ දුරට රෝයල් චැලේජ්ජස් බැංගලෝර් කණ්ඩායමේ තරගවලට පමණක් යොදා ගැනෙනු ඇතැයි ද වාර්තා පළවී තිබෙනවා.

ඒ වෙනුවෙන් සනී ලියොන් අයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5 ක්.

මෙවර අයි පී එල් තරගාවලියේ පළමු තරගය ලබන බදාදා පැවැත්වෙන්නේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි.

ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ මෙම තරගවලදී සනී ලියොන් අතිශය කාර්ය බහුල වීම මෙන්ම අධික තෙහෙට්ටුවට ද පත් වනු ඇති බවයි.

රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිස් ගේල් / ඒ බී ඩිවිලියස් වැනි ක්‍රීඩකයන්ගේ පිතිහරඹය නිසා නිරන්තරයෙන් හයේ සහ හතරේ පහරවල් එල්ලවීම හමුවේ සනී ලියොන්ට නර්තනයේ යෙදීමට සිදුවන වාර ගණන වැඩිවනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

ඕනෑම ඇමැතිකමක් බාර ගන්න සූදානම් – රාජිත



කැබිනට් සංශෝධනයේ දී ලැබෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න. මහතා පැවසීය. රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19න් හත් වැනි මධ්‍යස්ථානය වව්නියාවේදී විවෘත කරීමේ උත්සවයකට සහභාගීවූ ඇමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස සඳහන් කළේය.

“කැබිනට් සංශෝධනයේ දී දෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගෙන හොඳින් වැඩ කරනවා. මම ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරනවා. අලුත් තනතුරක් ලැබුනත් එහි වැඩකිරීමටත් මම සුදානම්.”

“මම විදේශගත වී ඊයේ රෑ තමයි ලංකාවට පැමිණියේ. මම විදේශගතවීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ජනමත විචාරණය පිළිබදවත් සාකචිඡා කළා. එහිදී තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියළු දෙනා සාකචිඡා මාර්ගයෙන් පිළිගත හැකි විසදුමට ඉදිරීයේ දී පැමිණේවි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උපවාස කිරීම පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා අධිකරණ තීන්දුවලට සියළු දෙනා යටත් විය යුතු බව ප්‍රකාශ කළේය. කොරියාවේ ජනාධිපතිනිය ඊයේ අත්අඩංගුවට ගත් බව පැවැසු ඇමැතිවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ද ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථවෙන් මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරනවාට විරුද්ධයි



නව ව්‍යවස්ථාව මඟින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පමණක් සිදුකිරීමට සුළු පක්ෂ විරෝධය පළ කරන බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ බලය බෙදීම සහ විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම යන සංශෝධනද නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවය.

එසේ නොමැතිව සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකට සුළු පක්ෂ වල සහයෝගය නොලැබෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.

පාතාලේ කෙරුම්කාරයෝ අලුත් පක්ෂයෙන් කරලියට. කුඩු ලාල් සහ පොට්ට නවුෆර් ඒ අතරට



දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුව පසුගිය සතියේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතවී තිබෙනවා.

“අන්න කැලණියේ මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක්‌ හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කියා ඇත්තේ සිසිර ජයකොඩිටයි.

“ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බය” සිසිර කියා සිටියා.

” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි සිසිර පැවසුවා.

“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍ර‍ශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි.

ඖෂධ වර්ග 53ක් කල් ඉකුත් වීම සම්බන්ධව කළ ප්‍රකාශ අසත්‍යයි



රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර ඇති ඖෂධ වර්ග 53ක මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත් වන බවට පළවු වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එසේ කල් ඉකුත් වන්නේ එක් ඖෂධයක් පමණක් බවට රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ එච්.එම්.එම්.රූමි මහතා විසින් තහවුරු කළ බවය.

අදාළ කල් ඉකුත් වන ඖෂධය නික්ෂේපන වර්ගයක් වන අතර එය පිළිකා රෝගයට ගන්නා ඖෂධයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එවැනි ඖෂධවල ඉල්ලුම පිළිබඳ සැලසුම් කිරීම අපහසු බව ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇති අතර එම ඖෂධ තොග අඛණ්ඩව තබාගැනීම සංස්ථාවේ යුතුකම බව පෙන්වා දී තිබේ.

ඖෂධ වර්ග 48ක මිල පාලනය කර ඇති බැවින් සාමාන්‍ය  සැලසුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ තොග තබාගැනීමට සිදුවු බව ඔහු ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වාර්ෂිකව රුපියල් මිලියන 6000ක පමණ ඖෂධ මෙරටට ගෙන්වා රාජ්‍ය ඔසුසල ඇතුළු දිවයින පුරා බලයලත් බෙදාහරින්නන් මඟින් සාධාරණ මිලට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද එච්.එම්.එම්.රූමි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

බර වැඩ ගත්තොත් 25000 යි



වයස අවුරුදු 18ට අඩු ළමා ශ්‍රමිකයන් අන්තරාදායක රැකියාවල සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් දැනට බලපාන රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

කම්කරු දෙපාර්තමේන්තුව කලක් තිස්සේ සිදුකරන ලද විද්‍යාත්මක හා විශේෂඥ පර්යේෂණවලින් පසුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ගේ කායික හා මානසික සෞඛ්‍යයටත් ආරක්ෂාවටත් හානිකර රැකියා 51ක් අන්තරායකාරී රැකියා බවට හඳුනාගෙන තිබේ.

මස්, මාළු, ලුණු, පළිබෝධ නාශක, රසායන ද්‍රව්‍ය, ගිනි කෙළි, සන්නද්ධ ගැටුම්, ආරක්ෂක සේවා, කැළි කසළ, මලාපවහනය, රෙදි, නිමි ඇඳුම්, ක්‍රීඩා, ඉදිකිරීම්, වැඩබිම් ආශ්‍රිත අන්තරායකාරී රැකියාවලට ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවන සේවා යෝජකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර අධිකරණයක් මඟින් දඩ මුදලට අමතරව වසරක සිර දඬුවම්ද වින්දිත ළමා ශ්‍රමිකයාට වන්දියක් ගෙවන ලෙස නියම කිරීමටද අධිකරණ ප්‍රතිපාදන හිමිව තිබේ.

2016 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව පාසල් අධ්‍යාපනය අතහැර ඇති අවුරුදු 15-17 අතර ළමුන් 4,52,661ක් ළමා ශ්‍රමිකයන් ලෙස වාර්තා වී ඇතත් එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට 1ටත් අඩු ප්‍රතිශතයක් බවත් අවුරුදු 5-18ත් අතර ළමයින්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීම නිසා මෙය තවදුරටත් අවම වනු ඇතැයිද අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පෙන්වා දෙයි.

මැති ඇමතිවරුන්ගේ රහස් රැසක් අන්තර්ජාලයට



මෙතෙක් රහස්‍ය තොරතුරු වශයෙන් පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ සියලු විස්තර, ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට හෙළි කිරීමට යයි.
පාර්ලිමේන්තු සභා රැස්වීම් ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීම්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලුම කමිටු රැස්වීම්වලට සහභාගි වන හා නොපැමිණි මන්ත්‍රිවරුන්ගේ නම්ද මේ යටතේ වෙබ් අඩවියට මුදාහැරෙනු ඇත.

ලබන මැයි මාසයේ පටන් මේ තොරතුරු පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරෙන බව කතානායකවරයා සියලුම මන්ත්‍රිවරුන් වෙත ලිඛිතව දැනුම්දී ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් කරනු ලැබ ඇති ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ තොරතුරු මෙසේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට ඉකුත් 21 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කොට තිබේ.

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඇමැති මහින්ද සමරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සහභාගිවී ඇත.

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වල සිදු කෙරෙන සාකච්ඡාවලදී ලබාගනු ලබන අදාළ සටහන් හෝ උද්ධෘතවල සහතික පිටපත් ලබාදෙන ලෙස පුරවැසි අයිතිය යටතේ ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම උද්ධෘත පිටපත් පිටු පන්සියයකට අධික සංඛ්‍යාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවද පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ 2015 සැප්තැම්බර් 01දා සිට 2016 දෙසැම්බර් 31 වැනිදා තෙක් පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වූ දින පිළිබඳ තොරතුරුද මේ අන්දමට ඉල්ලා ඇති අතර එම තොරතුරුද ලබාදීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට හා කාරක සභා ඇතුළු වෙනත් රැස්වීම්වලට සහභාගි වන අවස්ථා පිළිබඳව තොරතුරු ජනතාවට දැනගැනීමට සැලැස්වීමේ ඇති වැදගත්කම පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් අවධාරණය කර ඇතැයිද දැන ගන්නට ඇත.

(Mawbima)

දුම්රිය පෙට්ටි පුද්ගලික අංශයට දුන් 2011 ගිවිසුමේ පාඩුව කෝටි 47ක්



දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික සමාගම් හරහා දුම්රිය මැදිරි ධාවනය කිරීම නිසා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 47ක අලාභයක් සිදුව තිබෙන හෙයින් ඒ මුදල් අය කර ගැනීම පිණිස කටයුතු කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

2011 වසරේ ගිවිසුම් අස්සන් කර ඇති එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ ඒ.ජී. මහානාම මහතා විසින් අදාළ සමාගම් සමඟ ගිවිසුම් අස්සන් කර ඇත්තේ එම සමාගම් වලට අවශ්‍ය පරිදි වන අතර මේ නිසා අදාළ සමාගම් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කර උපයා ගත් මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැති අතර ජේ.එෆ්. ට්‍රැවල්ස් සමාගම විසින් ධාවනය කරනු ලබන වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය ධාවනය කිරීම සම්බන්ධ ගිවිසුම් ද 1986, 1996 හා 2009 වසරේ අස්සන් කර ඇති අතර එම ගිවිසුම 2014 වසරේ අවසන් වීමෙන් පසුව වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා 2016 වසරේ ජූලි මස 01 වැනිදා ගිවිසුම් අස්සන් කරන තුරු ගිවිසුම් රහිතව දුම්රිය ධාවනය කර තිබේ.

එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය ධාවනයට අදාළ ගිවිසුම් නීතිපතිවරයාට පවා යොමු කර නොමැති බවද වාර්තා වේ'.

මෙසේ නීති විරෝධී ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිරි පෞද්ගලික සමාගම් වෙත ලබා දීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් හතලිස් හය කෝටි හැට ලක්ෂ පනස් නම දහස් අටසිය පහක් (466059805/=) ක අලාභයක් සිදුව ඇති බවත් එම මුදල් වහාම දෙපාර්තමේන්තුවට අය කර ගන්නා ලෙසත් අදාළ සිදුවීම්වලට වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට දෙපාර්තමේන්තු නීතිය අනුව උපරිම පියවර ගන්නා ලෙසත් වෘත්තීය සමිති විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් මැදිරි ධාවනය කිරීමෙන් පමණක් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 44ක අලාභයක් සිදුව ඇති අතර වයිස්රෝයි දුම්රිය ධාවනය කිරීම නිසා රුපියල් 2619195.00ක අලාභයක් සිදුව තිබෙන බවද අදාළ සමිති විසින් පෙන්වා දී තිබේ.

ෙම් සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ මෙම ගිවිසුමට පසුගිය රජය සමයේ කුමාර වෙල්ගම ඇමැතිවරයා හා එවක ප්‍රවාහන ලේකම්වරයා විසින් අනුමැතිය දි ඇති බවයි. මේ ගිවිසුම නීතිපතිවරයාට යොමුකොට නැති බවත් ඔහු පවසයි.(Silumina)

පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල තරුණයාට වෙච්ච දේ මෙන්න



පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල ආජන්ටිනා ජාතික තරුණයෙකු ඒ සඳහා වූ ලෝක වාර්තාව පිහිටුවා තිබේ. බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා කාලය තුල 22 හැවරිදි හ්යුගෝ ලොපේස් නම් තරුණයා විසින් මෙලෙස ස්වයං වින්දනයේ යෙදී තිබෙනවා.

ලොපේස් කුඩා කල සිටම ඔහුගේ කාමරයටම වී සිටීමට දැඩි ආශාවක් දැක්වූවා. අපි දැන සිටියා ඔහු කරන දේ සහ අපි හිතුවා ඔහුගේ මහන්සිය දවසක ප්‍රතිපලයක් අත්කර දෙයි කියලා. අපි හරි. ඔහු ඔහුගේ යහලුවන් සහ පවුලේ අයට ආඩම්භරයක් අත්කර දුන්නා” යනුවෙන් මෙම ලෝක වාර්තාව ගැන අදහස් දක්වමින් ලොපේස්ගේ මව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.

කෙසේ වුවත් ඔහුට කිසිදු ශරීරාබාධයක් සිදුවී නැති බවටද තොරතුරු වාර්තා වී ඇත.

(සීමාවන් ඉක්මවා ස්වයං වින්දනයේ යෙදීම අනතුරුදායක බව වෛද්‍යවරුන්ගේ මතය වන අතර එය දීර්ඝකාලීන ශරීර ආබාධ පමණක් නොව මරණය පවා ඇති කල හැක. එම නිසා අනතුරුදායක අත්හදා බැලීම් වලින් වළකින්න)