02 April 2017

බර වැඩ ගත්තොත් 25000 යි



වයස අවුරුදු 18ට අඩු ළමා ශ්‍රමිකයන් අන්තරාදායක රැකියාවල සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් දැනට බලපාන රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

කම්කරු දෙපාර්තමේන්තුව කලක් තිස්සේ සිදුකරන ලද විද්‍යාත්මක හා විශේෂඥ පර්යේෂණවලින් පසුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ගේ කායික හා මානසික සෞඛ්‍යයටත් ආරක්ෂාවටත් හානිකර රැකියා 51ක් අන්තරායකාරී රැකියා බවට හඳුනාගෙන තිබේ.

මස්, මාළු, ලුණු, පළිබෝධ නාශක, රසායන ද්‍රව්‍ය, ගිනි කෙළි, සන්නද්ධ ගැටුම්, ආරක්ෂක සේවා, කැළි කසළ, මලාපවහනය, රෙදි, නිමි ඇඳුම්, ක්‍රීඩා, ඉදිකිරීම්, වැඩබිම් ආශ්‍රිත අන්තරායකාරී රැකියාවලට ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවන සේවා යෝජකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර අධිකරණයක් මඟින් දඩ මුදලට අමතරව වසරක සිර දඬුවම්ද වින්දිත ළමා ශ්‍රමිකයාට වන්දියක් ගෙවන ලෙස නියම කිරීමටද අධිකරණ ප්‍රතිපාදන හිමිව තිබේ.

2016 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව පාසල් අධ්‍යාපනය අතහැර ඇති අවුරුදු 15-17 අතර ළමුන් 4,52,661ක් ළමා ශ්‍රමිකයන් ලෙස වාර්තා වී ඇතත් එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට 1ටත් අඩු ප්‍රතිශතයක් බවත් අවුරුදු 5-18ත් අතර ළමයින්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීම නිසා මෙය තවදුරටත් අවම වනු ඇතැයිද අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment