02 April 2017

ඕනෑම ඇමැතිකමක් බාර ගන්න සූදානම් – රාජිත



කැබිනට් සංශෝධනයේ දී ලැබෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න. මහතා පැවසීය. රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19න් හත් වැනි මධ්‍යස්ථානය වව්නියාවේදී විවෘත කරීමේ උත්සවයකට සහභාගීවූ ඇමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස සඳහන් කළේය.

“කැබිනට් සංශෝධනයේ දී දෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගෙන හොඳින් වැඩ කරනවා. මම ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරනවා. අලුත් තනතුරක් ලැබුනත් එහි වැඩකිරීමටත් මම සුදානම්.”

“මම විදේශගත වී ඊයේ රෑ තමයි ලංකාවට පැමිණියේ. මම විදේශගතවීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ජනමත විචාරණය පිළිබදවත් සාකචිඡා කළා. එහිදී තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියළු දෙනා සාකචිඡා මාර්ගයෙන් පිළිගත හැකි විසදුමට ඉදිරීයේ දී පැමිණේවි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උපවාස කිරීම පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා අධිකරණ තීන්දුවලට සියළු දෙනා යටත් විය යුතු බව ප්‍රකාශ කළේය. කොරියාවේ ජනාධිපතිනිය ඊයේ අත්අඩංගුවට ගත් බව පැවැසු ඇමැතිවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ද ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment