23 March 2017

සෞදියෙන් ඉවත් වෙන්න ගැටලු ඇති ශ්‍රී ලාංකියින්ට අවස්ථාවක් -ඥාතීන් සිටීනම් දැනුවත් කරන්න



සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මේ බව පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90 ක් දක්වා) ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුළ නේවාසික වීසා (Iqama) නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණ එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහායි.

ඒ අනුව මෙම පොදු සමාකාලය ප‍්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නොමැති බව ද සෞදි රජය දන්වා සිටිනවා.

සෞදි නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය මොහොමඞ් බින් අබ්දුල් අසිස් විසින් මෙලෙස පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර එය සෞදියේ සලමාන් බින් අබ්දුල්අසිස් රජු විසින් අනුමත කර තිබෙනවා.

එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටිනවා.

ඒ අනුව සෞදි අරාබියේ නීති විරෝධීව රැඳී සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයින් වෙත මෙම පොදු සමා කාලය ඇතුලත හැකි ඉක්මණින් රියාද් හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටිනවා.

තම ඥාතීන් මෙවැනි නීත්‍යාණුකූල නොවන අයුරින් සෞදිය තුළ රැඳී සිටින්නේ නම් ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් කාර්යාංශය දන්වා සිටිනවා.

උද්දමනය වාර්තාගත ලෙස ඉහලට



බඩු මිළ වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 8 යි දශම 2 ක් දක්වා වැඩි වී තිබෙනවා.

එය ජනවාරි මාසයේදී පැවතියේ සියයට 6 යි දශම 5 ක් ලෙසයි.

උද්ධමනයේ මෙම වැඩිවීමට ආහාර කාණ්ඩයේ මිළ වැඩිවීම වැඩි බලපෑමක් සිදුකර ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

පොල්, පොල්තෙල්, එළවළු, කුකුල් මස්, අර්තාපල්, ලූණු සහ සහල් මිළ පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.

ජනවාරි මාසය සමග සැසදීමේදී ආහාර නොවන කාණ්ඩයේ ඇතැම් වියදම්ද පෙබරවාරි මාසයේදී වැඩි වී තිබෙන බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ප‍්‍රවාහන, අධ්‍යාපන, නිවාස, ජලය, විදුලිය සහ ගෑස් සදහා වන වියදම් වැඩිවීම ඒ අතරින් කැපී පෙනෙනවා.

රජිනි කාන්ත් යාපනයේ සංචාරයකට එයි



දමිළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උතුරේ දමිළ ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 150ක් දමිළ ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

අප්‍රේල් මස 9 වැනිදා යාපනයේදීත්, 10 වැනිදා වවුනියාවේදීත් පැවැත්වෙන උත්සව දෙකකදී මෙසේ නිවාස බාරදීමට නියමිතය.

එසේම යාපනයේ පැවැත්වෙන් රැළියකදී දමිළ ජනතාව ඇමතීමටත් රජිනිකාන්ත් සූදානමින් සිටියි. ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥානම් පදනම විසින් මෙම නිවාස 150 ශ්‍රී ලංකාවේ ඉදිකර තිබේ.

ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 22ක පිරිවැයක් ඔවුන් දරා තිබේ. ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වූ එම්.ජී.ආර්. ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වෙන පළමු සුපිරි නළුවා වන්නේද රජිනි කාන්ත්ය.

සජීවී වැඩසටහනකට එක්වූ ආමි රොෂාන් නෙත් එෆ් එම් මැදිරියේදී අත්අඩංගුවට | AUDIO




නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව මගින් විකාශය කරන‘අන් ලිමිටඩ්‘ නමැති වැඩසටහනකට පෙරේදා (21) අඟහරුවාදා රාත්‍රියේ සජීවීව සහභාගී කරවාගත් මිනීමරු පාතාල නායකයෙකු වන ‘ආමි රොෂාන්‘ එම වැඩසටහන අතරවාරයේ ගුවන් විදුලි රසිකයෙකු පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත
වැඩසටහන අවසන් වන අවස්ථාවේ අත්අඩංගුවට පත්ව තිබේ.
 
මේ දිනවල සමයං ඝාතනය සම්බන්ධයෙන් නිතර කථාවෙන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයකු වන රොහාන් ප‍්‍රදීප් හෙවත්  “ආමි රොෂාන්” ගුවන් විදුලි වැඩසටහන අතර අදහස්‌ දක්‌වමින් සමයං ඝාතනය
ඉතාම හොඳ ක්‍රියාවක්‌ බව පවසා ඇති අතරම එය අංගොඩ ලොක්‌කා ඇතුළු කල්ලිය සිදුකළ බවට තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් තමා දැන් අපරාධ නොකරන බවද ඔහු එහිදී පවසා ඇත.
 
මෙම වැඩසටහන බම්බලපිටිය ටවර් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් මැදිරි සංකීර්ණයෙන් බාහිර රහසිගත ස්ථානයක සිට සජීවීව ගෙන එන බව දක්වමින් පූර්ව ප්‍රචාර ගෙන ගොස් තිබුණ අතර වැඩසටහන අතරවාරයේ පවා සඳහන් කර තිබුනේ එය රහසිගත තැනක සිට ගෙන එන බවකි. නමුත් ඔහුව ඇත්තටම සම්මුඛ සාකච්ඡාවට භාජනය කර ඇත්තේ එම මැදිරියේ සිටමය. 
 
පොලිසියට අවශ්‍ය පාතාල සාමාජිකයකු ගුවන් විදුලි නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට පැමිණ සිටින බවට රසිකයකු විසින් 119  පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසුව බම්බලපිටිය පොලිසිය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ගුවන්විදුලි නාලිකාව පිහිටි ටවර් ගොඩනැගිල්ල වටලා ඉතාම සූක්‍ෂම අන්දමින් පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.
 
ආමි රොෂාන් නමැති පාතාල සාමාජිකයා කලක්‌ යුද හමුදාවේ රාජකාරී කර පලාගිය අයෙකු වන අතර මොහු මුලදී සමයං ගේ කල්ලියට සම්බන්ධ වී සිට පසුව ඔහු සමග උරණවී අංගොඩ ලොක්‌කාගේ කල්ලියට සම්බන්ධ වී ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
 
සැකකරු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව වාර්තාවේ.
 ආමි රොෂාන් සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ පටිගත කළ හඬ පටයයි.
 

 
ගොසිප් ලංකා නිව්ස්

සැඟවුණු පණිවුඩ සහිත ලෝක ප්‍රසිද්ධ ලෝගෝ 12 ක්







ඕනෑම අායතනයක ප්‍රසිද්ධිය සදහා බලපාන ප්‍රමුඛතම සාධකයක් තමයි එම අායතනයේ ලෝගෝ එක. එ්ක නිසා තමයි එ් අායතනය තමන්ගේ ලෝගෝ එකට ලොකු වැදගත්කමක් දීලා ලෝකේ හොදම නිර්මාණකරුවන් යොදාගෙන විශාල මුදලක් එ් වෙනුවෙන් වැය කරන්නෙ. නමුත් අපේ රටේ සමහර අායතන තමන්ගෙ ලෝගෝ එක ගැන එතරම්ම වැදගත්කමක් දෙනවද කියන ප්‍රශ්නෙත් (එයාලට දේදුන්නෙ පාට 7යි ලියවැල් කෑල්ලකුයි අමුනලා දුන්න නම්, එ්ක තමා ලෝගෝ එක!) එක්කම අපි පොඩ්ඩක් බලමු සැගවුන පණිවිඩ සහිත ලෝගෝ 12ක් ගැන.


අැත්තටම මෙම ලිපිය මගින් පෙන්වන්නට යන්නේ සැගවුන ලකුණු (Hidden Symbols) මගින් සහ Negative Space (සිංහලෙන් සෘණාත්මක/නිෂේධ හිඩැස) පාවිච්චි කරලා කොහොමද මේ ලෝගෝස් නිර්මාණය කරල තියෙන්නෙ කියල.

01. FedEx
Image :- www.wikipedia.org
ලෝකප්‍රසිද්ධ FedEx අායතනය ගැන කවුද නොදන්නෙ නේද? FedEx කියන්නෙ Courier Service එකක්. එ් කියන්නෙ එ් අය කරන්නෙ අපේ බඩුභාහිරාදිය ගෙන යන එක. ඔවුන්ගේ ලෝගෝ එකෙන් මෙය ඉතා හොදින් නිරූපණය කරලා තියනවා. මෙහි Ex යන්නෙහි “E” සහ “X” අකුරු දෙක අතර තිබෙන හිඩැසෙන් ඊතලයක් තිබෙන බව ඔබට පෙනෙනවාද? මෙම හීය මගින් අර්ථදක්වන්නේ එම අායතනයෙහි “යන එන” ස්වභාවය සහ “වේගය” වැනි අායතනයටට අාවේණික දේවලුයි. Cricket වලට Don Bradman ලෙජන්ඩ් එකක් වන්නේ කෙසේද, FedEx ලෝගෝ එක ලෝගෝ ඩිසයින් ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් එකකි.

02. Apple
Image : www.wikipedia.org
අැපල් කියපු ගමන් සමහර විට අැපල් ගෙඩියට වඩා අපිට මතක් වෙන්නෙ Apple බ්‍රෑන්ඩ් එක! එ් තරමට Apple කියන්නෙ ලොකප්‍රසිද්ධ සන්නාමයක්. එහි ප්‍රසිද්ධියට එ් සමාගමේ ලෝගෝ එකත් මාර විදියේ සහයෝගයක් දෙනවා. ඉතිං මේ ලෝගෝ එක දැකපු ගමන් පේන්නේ බාගෙට කාපු අැපල් ගෙඩියක් බව පේනවනේ. එ්ත් මේ ලෝගෝ එකෙත් සැගවුනු කථාවක් තියනවා. මෙහි නිර්මාණ කරුවා සහ ස්ටීව් ජොබ්ස් මුලින්ම නිර්මාණය කරලා තියෙන්නෙ සම්පූර්ණ අැපල් ගෙඩියක්. නමුත් එය ඩිසයින් කලාට පස්සෙ එ්ක “තක්කාලි ගෙඩියක්” වගේ පේන්න පටන් අරන් තිබෙනවා. එම නිසා නිර්මාණකරු එයින් කෑල්ලක් හපලා තිබෙන විදියට අැපල් ගෙඩියෙන් කෑල්ලක් අයින් කලා. එ්ත් සමගම ඔවුන්ට අවබෝධ වී තිබෙනවා Bite (සැපීම) සහ Byte (පරිගණකයේ මූලික මිනුම් එ්කකයක්) යන වචන දෙකම ශබ්ද කරන්නෙ එකම විදියට බව. Apple යනු Computer සම්බන්ධ සමාගමක් නිසාත්, Byte යනු පරිගණක වල මූලික මිනුම් එ්කකයක් නිසාත් එය අර්ථ ගන්වන්නට අැපල් ගෙඩියේ අැති bite එක උපයෝගී කර තිබෙනවා.

03. Amazon
Image : www.wikipedia.org
Amazon කියන්නෙ Online store එකක් කියල ඔබ දන්නවා. මෙය සෑම දෙයක්ම විකුණන්න පුළුවන් විදියේ platform එකක්. මෙම logo එකේ විශේෂත්වය වන්නේ මෙහි පහළින් අැති “ඊතලයයි”. එය “A” අකුර සහ “Z” අකුර යා කර දක්වනවා. මින් අදහස් වන්නේ “A-Z” (A to Z) යන අර්ථයයි. A-Z යනු සියළුම දේ යන තේරුම සහිත ඉංග්‍රීසි යෙදුමක්. අනිත් කාරණය තමා මෙම ඊතලය මිනිස් සිනහවක් සේ අැද තිබීම. මින් අර්ථවත් වන්නේ, “Happy Client”, “Happy Customer” යන්නයි.

04. Goodwill
Image : www.wikipedia.org
බැලු බැල්මට සිනා සෙන මුහුණක හරි අඩක් පෙනුනත් ඔබට මේ පෙනෙන්නේ “goodwil” නමේ මුල් අකුර වන “g” අකුරයි. එම “g” අකුර සිනාසෙන මුහුණක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

05. Beats
Image : www.wikipedia.org
Beats කියන්නෙ headphones සම්බන්ධ සමාගමක්. මෙහි රතු පාට රවුම තුල “b” අකුර නිර්මාණය කර තිබෙනවා ඔබට පෙනෙනවා. මෙහි තිබෙන්නේ “b” අකුර පමණක් නොවේ කියා මොහොතකට වත් ඔබට සිතුනාද? හොදින් බැලුවොත් ඔබට පෙනේවි “b” අකුර “හෙඩ්ෆෝන්” එකක් බව සහ රතු රවුම “ඔළුවක්” බව. කොටින්ම මේ තියෙන්නෙ headphone එකක් දාගෙන ඉන්න මනුස්සයෙක්ගේ පැති පෙනුමක ඉතා සරල කරපු (simplified) නිර්මාණයක්.

06. Milwaukee Brewers
Image: www.sports.cbsimg.net
ඔබ බේස්බෝල් ෆෑන් කෙනෙක්නම් මේ ලෝගෝ එක දැකලා අැති. මෙහි තියෙන්නේ “b” අකුර සහ “m” අකුර සමගම බේස්බෝල් වල භාවිතා වන අත්අාවරණයක් නිරූපණය වන ලෝගෝ එකක්.

07. The Guild of Food Writers
Image: imjustcreative.co.uk
මෙම අායතනය කෑම ගැන ලියන අායතනයක්. ඔබට පෙනෙන පරිදි මෙහි පෑනක් නිරූපණය කර තිබෙනවා. තවත් සැලකිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි “හැන්දක්” තිබෙන බව. හැන්දෙන් “කෑම”ත්, පෑනෙන් “ලිවීමත්” නිරෑපණය කර තිබෙනවා.

08. NBC
Image: NBC
මෙහි White Space එක මගින් මොණරෙකුත් අනිකුත් පාට 6න් උගේ පිල්ද ඩිසයින් කර තිබෙනවා. කොටින්ම මේ ඩිසයින් කර තිබෙන්නේ පිල් විදහාගත් මොනරෙක්! මොනරා යනු අාඩම්බර සතෙක්. ඉතිං මින් නිරෑපණය කරන්නේ NBC මාධ්‍ය ජාලය ඔවුන් Broadcast කරන දේ ගැන “අාඩම්බර” වන බවයි.

09. London Symphony Orchestra
Image: www.logok.org
මෙය Orchestra සම්බන්ධ අායතනයක් මෙහි logo එක මගින් මුල් අකුරු වන “LSO” නිරූපණය කර තිබෙනවා. තවත් ටිකක් අවධානයෙන් බැලුවොත් පේනවා “Orchestra Conductor” කෙනෙක්! (Orchestra Conductor කියන්නෙ අර කෝටුවක් තියාගෙන බෑන්ඩ් එක ඉස්සරහට වෙලා කෝටුව වනන එක්කනා) “L” අකුරෙන් ඔහුගේ දකුණු අතත් (කෝටුවත් එක්කම), “S” අකුරෙන් මුහුණත්, “O” අකුරෙන් වම් අතත් නිරෑපණය කර තිබෙනවා.

10. The Bronx Zoo
Image: www.twistedsifter.com
මෙය New York  නගරය පාදක කොටගත් Zoo එකක්. ඔබට පැහැදිලිව පෙනෙන පරිදි, ජිරාෆ් සතුන් දෙදෙනෙකු මෙහි දැක්වෙනවා. ඔවුන්ගේ කකුල් අතරින් ඔබට මොනවද පේන්නෙ? (Negative Space) ගොඩනැගිලි 04ක් පෙනෙනවා නේද? එ් ගොඩනැගිලි 04න් නිරූපණය වන්නේ නිව් යෝර්ක් නරගරයයි. Google කරලා බලන්න New York  Skyline කියලා.

11. Spartan Golf Club
Image: www.graphicdesignspring2015.wordpress.com
Spartan කෙනෙක් කියපු ගමන් මතක් වෙන්නෙ මොකද්ද? ඔවුන් භාවිතා කරන හිස් අාවරණය නේද? (පොඩ්ඩක් ගූගල් කරලා බලන්න) ඉතිං මේ ලෝගෝ එකෙන් එම හිස් අාවරණය දරා සිටින මුහුණක් සහ ගොල්ෆ් ක්‍රීඩා කරන රුවක් නිරූපණය කර තිබෙනවා. හිස් අාවරණය දරා සිටින දර්ශණය මගින් “Spartan ” යන්නත්, ගොල්ෆ් රුවෙන් “Golf” යන්නත් නිරූපණය වනවා.

12. Mosleep
Image: www.pinimg.com
ඔබට බැලු බැල්මට කුමක්ද පේන්නේ? මෙහි දැක්වෙන්නේ “M” අකුර සහ “ඇඳක්”. “M” අකුර ඇඳ වියන ලෙස නිරූපණය කර තිබෙනවා. “M” අකු සහ ඊට පහතින් අැති සෘජුකෝණාස්‍රය අතර අැති White Space එක මගින් මෙය “ඇඳක්” බවට හදුනාගැනීමට හැකි වනවා.
ඉතිං මේ ලිපියෙන් අපි පැහැදිලි කලේ  Hidden Symbolism, Hidden Meanings, Negative Space නිසා ලෝකප්‍රසිද්ධ වුන ලෝගෝ 12ක් ගැන. ලෝගෝ එකක වැදගත් කම, ලෝගෝ එක කොහොමද අායතනයක් Represent කරන්නෙ කියලා යම්තාක් දුරකට හෝ තේරෙන්න අැති කියලා අපි හිතනවා. අපේ ලංකාවෙත් ලෝගෝ ඩිසයින් තවත් දියුණු වෙන්නනම් අායතන වල අයිතිකරුවන් update විය යුතුයි (මොකෝ ඩිසයිනර් මොනව කරත් Final Approval එක දෙන්නෙ client නිසා) සහ දැනට තියනවට වඩා හොද Taste එකක් ඔවුන්ට අැතිවේවා කියන ප්‍රාර්ථනයත් සමග අදට සමුගන්නවා, තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන්.
(උපුටා ගැනීම – refresh.lk)

අන්තර්ජාලය පුරා හොල්මන් කරන, රෝහලක් තුල ට්‍රොලියක් එහෙ මෙහෙ ගමන් කරන වීඩියෝව මෙන්න

හොල්මන් කතා පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් නම් ඒවා විශ්වාස නොකරන බව තමයි පවසන්නේ.

ඇතැමෙක් පවසන්නේ පියවි ඇසට නොපෙනෙන හොල්මන් කැමරා කාචවලට හසුවන බවයි. එවැනි හොල්මන් ක්‍රියාවක් ආර්ජන්ටිනාවේ රෝහලක CCTV කැමරාවක සටහන් වෙලා තිබෙනවා.

රෝහල තුළ රාත්‍රියේ කිසිවෙකු නොමැතිව ට්‍රොලියක් ඉබේටම ගමන්කරන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයට ද නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ආජන්ටිනාවේ Rosario හි රෝහලකිනුයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම අද්භූත බලවේගයක් විසින් සිදුකරන ලද්දක් බවට විවිධ මත පළවුනා. 

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙය හිතාමතා සැලසුම් කර සිදුකරන ලද්දක් බවයි.

අදාළ සිදුවීම පිළිබඳව එම රෝහලේ සේවකයන් දෙදෙනෙකු සම්බන්ධ බවට සැකකෙරෙන බවයි එම ප්‍රකාශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

මේ අතර මෙම සිදුවීම දැක්වෙන වීඩියෝව පරීක්ෂා කළ බොහෝ පිරිසක් සඳහන් කර ඇත්තේ මෙය මිනිස් ක්‍රියාකාරකමක් විය නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ලොවපුරා බොහෝදෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුව ඇති එම වීඩියෝව පහතින්.


Google එක ලෝකයේ දැවැන්ත සමාගම් විසින් වර්ජනය කරන භයානක හේතුව මෙන්න




ගූගල් සමාගම විසින් ප්‍රචාරය කර හරින ද්වේශ සහගත කතා නිසා එම සමාගමට විරුද්ධව ත්‍රස්තවාදී පනත යටතේ නඩු පැවරිය හැකි බව  එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් බක්ලන්ඩ් මහතා පවසා සිටිනවා.

 අන්තවාදී අදහස් දරන්නන් යනුවෙන් හැඳින්වීමට ඇති බිය නිසාම ජනවාරි මාසයේදී කොකා කෝලා සමාගම ගූගල් හි තම ප්‍රචාරක දැන්වීම් පවා පලකිරීමෙන් වැළකී සිටියා.

 මේ ආකාරයට තවත් බොහොමයක් සමාගම් තම ප්‍රචාරක දැන්වීම් ගූගල් හි පළකිරීම වර්ජනය කර තිබෙනවා.

“සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තබන්නයි අපි සැලසුම් කළේ ” සමයං ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි



පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු ඊයේ (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පාපොච්චාරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ සමයංගේ බෙල්ල කපාගෙන විත් අතුරුගිරියේ කනත්තේ තබන්නයැයි බන්ටි පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු පවසා තිබුනේ මෙලෙසිනුයි…

අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා.

එමෙන්ම අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් හා බන්ධනාගාර නිල ඇඳුම් ඇඳ අවි ආයුධ සූදානම් කරගෙන බන්ධනාගාර බස් රථයට පහරදීමට යාමට පෙර මැදියම් රැයේ අංගොඩ ලොක්කා විසින් ආයුධ සන්නද්ධ කල්ලිය ප්‍රහාරයේ නියමුවා වූ මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී නමැති පාතාල සාමාජිකයා ප්‍රශ්න කිරීම්වල දී හෙළිකර ඇත.

කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත.

මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි වී තිබෙනවා.

ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.
එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.

පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත.

අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.

සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.

කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය.

ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.

මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.

අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.
අදාළ වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමාගොස් තිබූ අතර මෙම ප්‍රහාරයෙන් පසුව ලොක්කා ඇතුළු පිරිසක් බෝට්ටුවකින් ඉන්දියාවේ සිටි තෙල්බාලාගේ බෝඩරය වෙත ගොස් එතැනින් ජාත්‍යන්තර මුහුද ඔස්සේ වෙනත් රටකට පැනගිය බව අනාවරණය වී ඇත.

උපුටා ගැනීමකි

ජනපති-පුටින් අතර ද්වී පාර්ශික සාකච්ඡා

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ද්වී පාර්ශික. සාකච්ඡා අද(23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.



අද(23) දහවල් මොස්කවු නගරයේ ක්‍රෙමිරින් මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ (22)පස්වරුවේ මොස්කව් නගරයට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන අතර වසර 43කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට රජයේ ඉහළම ගෞරවය පිළිගැන්වීමට රුසියානු ජනාධිපතිවරයා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරටේ නායකයින් අතර නිල හමුවෙන් අනතුරුව ආර්ථික, වෙළෙඳ, දේශපාලනික හා සංස්කෘතික සබඳතා ශක්තිමක් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) පස්වරුවේ සහභාගීවීමට නියමිතය.

දෙරට අතර වෙළෙඳ හා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්වන අතර රුසියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමුවීමට සැළසුම් කර තිබේ.

අවසන් පන්දුවෙන් බංග්ලාදේශයේ සිහින බොඳ වෙයි



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (22) පැවැති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයත් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ සී.සී.සී ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 354 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩාම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 352 ක් පමණයි.

හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි : සෙයිද් අල් හුසේන්



ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් අධිකරණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතමින්.

ශ‍්‍රී ලංකා වේලාවෙන් එය ආරම්භ වූයේ ඊයේ (22) රාත‍්‍රීයේයි. එහිදී මහකොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාවේ සංහිඳියා තත්ත්වයේ වගකීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව ද ඉදිරිපත් කළා.

ශ‍්‍රී ලංකාව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳව යහපත් ප‍්‍රගතියක් ලබා ගෙන ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ. එමෙන්ම තමන් ශ‍්‍රී ලංකා රජයටත් එහි ජනතාවටත් වගකීම සහ සත්‍ය සෙවීම සඳහා පූර්ණ සහය දැක්වීමට නිරන්තරයෙන් සූදානම් බවද මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

2015 වසරේ දී එකඟ වූ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුමක් සකස් කරන ලෙසට ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්තාව මගින් ශ‍්‍රී ලංකා රජයෙන් මෙහි දී ඉල්ලීමක් ද සිදු කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් පැවසුවේ සංහිඳියා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් වන කැපවීම යළිත් සහතික කරන බවට ලක් රජය පොරොන්දු වන බවයි.

2015 වසරේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ කාලය වසර 02 කින් දීර්ඝ කිරීමේ අමෙරිකානු යෝජනාවට ද ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දක්වන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා රටින් පිටත ඊලාම් ආණ්ඩුව නැමති සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ප‍්‍රතික්ෂේප වී තිබෙනවා. රටවල් රැසක ද්‍රවිඩ ජාතිකයින් සහ විදේශිකයින් මිලියන 1.6 ක පිරිසක් මෙම ඉල්ලීම සිදු කළ බවටයි එම යෝජනාවේ දැක්වූණේ.