12 June 2017

ස්වභාවික තිරිහන් බේත තැඹිලි

තැඹිලි ලංකාවට ආවේණික ගසකි. තැඹිලි වර්ග කිහිපයක්ම ලංකාවේ ඇත. දේශීය වෙදකමෙහිලා අනාදිමත් කාලයක පටන් තැඹිලි භාවිත කර ඇති බවට සාක්ෂි තිබේ. තැඹිලි වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයක් වෙයි. මාස 7, 8ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියට ලක්වී නිපදවෙන තැඹිලි වතුර, ජීවානුහරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වෙයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන් අයනිකතාව අතින් විශිෂ්ට ගුණ දක්වයි. එමෙන්ම තැඹිලි වතුර හා ළා මදය ආහාරමය තන්තුවලින්ද පොහොසත්ය. මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග, ශාක රසායන වර්ග, ශාක හෝමෝන වර්ග සහ හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙයි.

වයසට යාම වළක්වා තරුණකම රැකදීමටද සමත් තැඹිලි වතුරෙහි තිබෙන ආශ්චර්යමත් ගුණ සමුදායෙන් බිඳක් මෙන්න.

බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී, (Over dose) ඒවායේ විෂහරණය කිරීමටත්, ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාශක ශරීරයට විෂ සහිත ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසා සිදුවන හානිය අවම කිරීමටත් පොල්, තැඹිලි වතුර ඉවහල් වෙයි.

තැඹිලි තුළ ඇති මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසා රෝගවලින් අප ආරක්ෂා කෙරෙන බවත් සොයාගෙන තිබේ.
දියවැඩියා රෝගය පාලනයෙහිලා ද තැඹිලි වතුර වැදගත් වන බව සොයාගෙන ඇත.

තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ හා අධි රැධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් තැඹිලි වතුර හඳුන්වා දී ඇත.

තැඹිලි වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් පමණ තිබෙන බැවින් මෙය හදවත රකින විශිෂ්ට පානයකි. තැඹිලි වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ, අපගේ සිරැරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම තැඹිලි වතුර බීම නිසා ඉහළ යන බවයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වයි

රුධිර කැටි ඇතිවීම වළක්වාලන ගුණයක්ද තැඹිලි වතුරෙහි අඩංගු වන බැවින්, දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඇතිවන අවදානම අඩුකරගන්නට ද තැඹිලි වතුර පානය ඉවහල් වන බව සොයාගෙන ඇත.

සයිටොකයිනීන් නමැති රසායනයෙන් පොහොසත් ආහාර සුලභව ලබාගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යාමේදී, මතුවන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැකගැනීමටත් ඉවහල් වෙයි. පොල්, කුරැම්බා සහ තැඹිලි වතුර වනාහි සයිටොකයිනීන් වලින් පරිපූර්ණ ආහාරයන්ය.

සයිටොකයිනීන් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගි සෛල විභාජනය යහපත්ව පවත්වාගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතුවන බව විද්‍යාඥ බ්රෑස් ෆීෆේ අවධාරණය කර ඇත.
පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයාගෙන ඇත.

වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසා වකුගඩුවලට සිදුවන හානි වැළැක්වීම තැඹිලි වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන්, වස විස සහ බැර ලෝහ නිසාවෙන් සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමට ද තැඹිලි වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

මුත්‍රාශයේ ගල් දියකර දමන්නටද තැඹිලි වතුර ඉවහල් වන බව සොයාගෙන තිබේ. අනෙක් අතට තැඹිලි වතුර හොඳ මුත්‍රකාරකයක් ද වෙයි. (Diuretic) මුත්‍ර හොඳින් පහවීමටත්, මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන සුවවීමටත් පොල්, තැඹිලි වතුර හොඳ ඖෂධයක් ලෙස සැලකේ.

පොල් සහ තැඹිලි වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇතිවන කෑදරකම පහකරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක් ලෙස යොදාගැනීමට හැකිය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබාගන්නා උදවිය බර පාලනය කරගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති අධ්‍යයනයකදී හෙළි වී ඇත. තැඹිලි වතුර විටමින් සී වලින් ද අනූනය.

තැඹිලි වතුරෙහි සින්ක් හා සෙලිනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිබෙන බැවින්, ලිංගික සරුභාවයටත්, මඳසරුභාවය දුරුකිරීමටත් තැඹිලි වතුර ගුණදායක බව පැවසෙයි.

තැඹිලි වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබාගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරැරට උරාගැනීමටත් තැඹිලි වතුර සහාය දක්වන බව සොයාගෙන ඇත.

මහළු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබාදිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි.

තැඹිලි වතුර එළකිරිවලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ටය.

මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ඉතා ගුණදායකය. 

ඇමැති දෙදෙනෙක් මන්ත්‍රීලාට පඩි ගෙව්වේ කොහොමද? ශ්‍රීලනිපයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

ආණ්ඩුවේ එජාපයේ අමාත්‍යවරු දෙදෙනකු විසින් පාර්ලිමේන්තුවේ එම පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරු සහ පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකුට මාසිකව ලක්ෂ ගණනින් අමතර වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

එම ඇමැතිවරු විසින් මන්ත්‍රීවරුන්ට පුද්ගලයන්ටත් රජයෙන් දෙන වැටුපට අමතරව තවත් වැටුපක් ලබාදී ඇත්තේ කුමන පදනමක් මතද? එම මුදල් ලබාදී ඇත්තේ රජයෙන්ද? රජයෙන් නම් එයට හේතු මොනවාද? යන්නත් සොයාබලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට නියමිතය. එම වැටුප් රජයෙන් නොමැතිව පෞද්ගලික මුදලකින් දී ඇත්නම් එලෙස මුදල් ලැබුණේ කොහෙන්ද යන්නත් සොයාබලන ලෙසට යෝජනා කිරීමට නියමිත බව පැවසේ.

කොසේ වෙතත් දැනටමත් එම අමාත්‍යවරු දෙදෙනා විසින් අමතර පඩි ගෙවූ මන්ත්‍රීවරු, අමාත්‍යංශවල ලේකම්වරු, පෞද්ගලික ලේකම්වරු කිහිපදෙනෙකුගේ ලැයිස්තුවක් ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු දේශයට පැවසීය.

එම ලැයිස්තුව සමග පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඊට පසුව එය පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කරන බවත් හෙතෙම සඳහන් කළේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍යංශයෙන් මෙසේ ගෙවන ලද මන්ත්‍රී වැටුප් අත්හිටවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේය

සාරියෙ නූල ගැලවීම

ආණ්ඩුවෙ ඉන්න ලස්සන ඇමැති නෝනා මහත්තයෙක්ගෙ සාරියෙ නූල් පොටවල් ගණනාවක් ගැලවිලා තිබුණලු. එතුමියගෙ සාරියෙ නූල් ගැලවිච්ච බව පාර්ලිමේන්තු ලොබියේදි දැක්කෙ කොළඹ දිසාව භාර එක්තරා උප ඇමැති සයිස් මහත්තයෙක්ලු.

අනේ උන්නැහේට මේ නූල් පොටවල් ගැලවිලා කියන එක ගැන දුක හිතිලා එතුමියගෙ ගමන නවත්තලා ගැලවිච්ච නූල් පොටවල් ගලවන්න සටනක් දුන්නලු.

මේ අල්ලපනල්ලෙ ආණ්ඩුවෙයි විපක්ෂයෙයි කටකාර මැති ඇමැති කස්ටියක් එතනින් යන්න ආවා...

එතකොට මේ නූල් හුටපටේ එයාලත් දැක්කා කණ්ණාඩිකාර ටයි කෝට්ධාරී උගත් උප ඇමැතිතැන සඳක්වගේ ඉන්න ඇමැතිනියගෙ සාරියෙ නූල ගලවන්න වෙන මහන්සිය දැක්ක විපක්ෂයෙ පොරත් අපේ උප ඇමැති තැනට මෙහෙම කිව්වලු...

“ඔයා එයාගෙ නූල ගලවන්න ඔච්චර දඟලනවා. ඒ වුණාට අපේ බෙල්ල ගැලවුණත් අපි දිහා බලන්නෙවත් නැහැ... නේ... නේද? එහෙම කියපු කටකාරයා යන්න ගියා. ඒ වුණාට උප ඇමැති සිල්වා නෙවෙයිලු වැඩේ අතෑරියෙ.

ජූලි 01 සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා සිදු කෙරෙන බස් ගාස්තු සංශෝධනයට අදාළව 6.5%ක උපරිම සීමාවකට යටත්ව එම සංශෝධනය සිදුකෙරෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බස් සංගම් මේ වනවිටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක්

තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි සංචාරයක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට තීරණය කිරිම සහ පරිපාලන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තිය සමිති අද(12) මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ

අද(12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව චින්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

කටාර් වැසියන්ට මක්කම තහනම් කලාපයක් වෙයි

 කටාර් රාජ්‍යය ගල්ෆ් කලාපය තුළ තවදුරටත් හුදෙකලා කිරීමේ ප්‍රයත්නයක් ලෙස සෞදියේ මක්කම වන්දනාවේ පැමිණෙන කටාර් වැසියන්ට ඒ වෙත ඇතුළු වීම වළක්වා ඇති බව වාර්තා වෙයි.

කටාර් රාජ්‍යය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් ඇතුළු මූලධර්මවාදී කණ්ඩායම්වලට අරමුදල් සපයන්නේ යැයි පවසමින් සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් මෙන්ම, තවත් මුස්ලිම් රාජ්‍යයන් කිහිපයක්ම කටාර් රාජ්‍ය සමග සියලු සබඳතා නැවැත්වීමේ වඩාත් බරපතලම අවස්ථාවක් ලෙස විදෙස් වාර්තා මෙය හුවා දක්වයි.

කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳව කටාර් රාජ්‍යය දැඩි කණස්සල්ලට පත්ව සිටියද, සමාජජාල හරහා කටාර් වැසියන්ට අනුකම්පාව හෝ උදව් කිරීමට සූදානම් එක්සත් අරාබි එමීරයේ වැසියෙකුට වසර 15ක සිර දඬුවමක් හෝ ඇ.ඩො.136,000ක දඩයකට යටත් වීමට සිදුවන බවද ගල්ෆ් කලාපයෙන් වාර්තා වෙයි.

මේ සියලු කාරණා හමුවේ කටාර් රාජ්‍යයේ මිතුරු රටක් වන ඉරානය විසින් සිය යුද නෞකාවක් ඕමානය වෙත පිටත්කර යවා ඇති අතර, මේ වනවිට මෙම මතභේදාත්මක තත්ත්වය යුද්ධයක් බවට පෙරළෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එක රැයක් තුළ කාන්තාවන් 57ක් සමඟ යහන්ගත වුණු තරුණයා ලෝක වාර්තා පොතට | PHOTO

පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.

චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා.

පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි.

මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා.

ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග බාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා.
ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව එක්වී ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා.

මිට ඉහතදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබෙන්නේ ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු බවයි සඳහන් වන්නේ.

වර්ෂයේදී ඔහු පිහිටුවා ඇති එම ලෝක වාර්තාවේදී කාන්තාවන් 55 දෙනෙකු සමග ලිංගිකව එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.


උතුරේ දූෂිත ඇමතිවරුන් දෙදෙනාට වැඩ වරදින ලකුණු

දූෂණ චෝදනා එල්ල වී සිටින උතුරු පළාත් අමාත්‍යවරුන් සැබෑ වැරදිකරුවන් නම් ඔවුනට ඉන් ගැලවීමට. ඉඩ නොතබන බවත් ඔවුන් සම්බන්ධයෙන් විවිධ කෝණයන්ගෙන් සොයාබලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

දූෂණ අක්‍රමිකතා සහ අනිසි ලෙස බලතල හසුරවා අකටයුතුකම් කර ඇති බව කියන උතුරු පළාත් අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව කීය.

“විමර්ශන වාර්තාව ලැබී තිබෙනවා.අනික් සියළුම මන්ත්‍රීවරුන්ටත් එම වාර්තාවේ පිටපත් ලබාදුන්නා.එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අමාත්‍යවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් දක්වන කරුණු වලට කන්දෙන්නත් සිදුවෙනවා. ලබන 14 වැනි දා ඒ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගතයුතුද යන්න තීරණය වනු ඇත“

“13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් සභා අමාත්‍යවරුන්ට සහ පළාත් සභාවට ඇති බලතල ගැන අවබෝධ කරගත යුතුයි.වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙනුවෙන්

 අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තෙවැනි තරගය අද (12දා) එංගලන්තයේ කාඩිෆ්හිදී පැවැත්වේ. ඒ පාකිස්තානු කණ්ඩායම සමගිනි. 'බී' කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන සියලුම කණ්ඩායම් මෙම සටහන තබන මොහොත වනවිට එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානයටද එකසේ වැදගත්ය. ඒ අද තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන බැවිනි.

පසුගිය බ්‍රහස්පතින්දා (08දා) ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගය විශිෂ්ට ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයේ තරගකාරීත්වය තීව්‍ර කළේය. විශේෂයෙන් අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 322ක ඉලක්කයක් පසුපස හඹා ගොස් අත්දැකීම් බහුල ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත්කිරීම පැසසිය යුතුය. එවැනි දක්‍ෂතාවක් ඉදිරිපත් කළ හැක්කේ, හැකියාවෙන් පෝෂිත කණ්ඩායමකට පමණි. ්කෙදක්ෂතාවක් ඉදිරිපත් කළ හැක්‍ෙකෙසේ වෙතත් එවැනි දක්‍ෂතාවන් දිගින් දිගටම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට ඉන්දියාවට එරෙහිව ලද ජයග්‍රහණය අහම්බයක් වනු වැළැක්විය නොහැකිය.

චාමර කපුගෙදරගේ ආබාධය හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරමින් කණ්ඩායමට අවශ්‍යම ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිම දෙවැනි තරගයේ ජයග්‍රහණයට ප්‍රබල පිටිවහලක් විය. අද තරගයේදී ද ආරම්භක පිතිකරුවන්ගෙන් හොඳ ආරම්භයක් අවශ්‍යය. එසේ වුවහොත් පාකිස්තානු කණ්ඩායම පහසුවෙන් පීඩනයට හසුකරගත හැකිය.

 දෙවැනි තරගයේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායම සමගින් එක්ව සිටියි. කුසල්ගේ ආබාධය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසියකි. ඒ අවසන් පන්දුවාර කිහිපයේදී මෙන්ම ලකුණු වේගයෙන් රැස්කළ යුතු අවස්ථාවක කුසල් ජනිත් වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ සිටීම ඉතා වැදගත් වන බැවිනි. එබැවින් කුසල් ජනිත් වෙනුවට ධනංජය සිල්වා කණ්ඩායම සමගින් එක් වුවද සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට අවස්ථාවක් ඇත.

මේ අතර තිසර පෙරේරාද පෙරේදා (10) සිය පුහුණුවීම්හි නිරතව සිටියදී පන්දුව හිසේ වැදී ආබාධයකට ලක්ව තිබේ. එසේ නමුත් ඉන් තිසරට එතරම් බලපෑමක් නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්, පන්දු යවන්නෙකු ලෙස අසේල ගුණරත්න යොදාගත් ආකාරය ගැන එතරම් සෑහීමකට පත්විය නොහැකිය. අප දන්නා පරිදි පසුගිය තරගාවලි කිහිපයේ සිටම අසේල ගුණරත්න හොඳින් පන්දු යවමින් සිටියි. එවැනි තත්ත්වයක් යටතේ මෙන්ම කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවක ඔහුට තවත් එක් පන්දු වාරයක් යැවීමට අවස්ථාවක් ලබාදෙන්නට තිබුණි. එම පන්දුවාරයට වේගයෙන් ලකුණු රැස්කළේ නම් පමණක් ඔහුව ඉවත් කරන්නට තිබුණි. එසේ නොමැතිව පන්දුවාර 3ක් යවා ලකුණු 7කට එක් කඩුල්ලක් දවාගෙන සිටි අවස්ථාවේ, අසේල පන්දු යැවීමෙන් ඉවත් කිරීම නොකළ යුතුව තිබුණි.

දෙවැනි තරගයේදී ප්‍රහාරයකට ලක්වුවද, ලසිත් මාලිංග අද තරගයේදී සිය වගකීම මැනවින් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම තනිව තරගයක් ජයග්‍රහණය කළ හැකි පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර පිටියේ නමක් දිනා සිටින ලසිත්, අද තරගයේදී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණෙනු ඇතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි. එසේ වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල වාසියකි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12දා) ප.ව. 3.00 ආරම්භවීමට නියමිතව ඇත.

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි

රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි සුමිත් නිස්‌සංක මහතා ඊයේ (11 දා) පැවසීය.

මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මෙම නීතිය හයිලෙවල් පාර, ගාලු පාර, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය, පංචිකාවත්ත, බේස්‌ලයින්, සංඝරාජ මාවත ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග සහ දිවයිනේ අනෙකුත් නගර ආශ්‍රිත ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

මෙම නීතිය කඩකරන අයට දඩ පත්‍රිකාවක්‌ දීම, අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ උපදෙස්‌ පන්තිවලට සහභාගි කරවීම යන ඕනෑම ආවරණයකට මුහුණදීමට සිදුවිය හැකි බව ද ඒ මහතා තවදුරටත් කීය.

වාහන ධාවනයේදී වාහනයක පසුපස අනෙක්‌ වාහනය ධාවනය කළයුතු බවත්, මංතීරු දෙකක එකම දිසාවට වාහනය ධාවනය කරන්නේ නම් පසුපසින් පැමිණෙන වාහනවලට බාධාවක්‌ නොවන්නේ නම් පමණක්‌ මංතීරු මාරු කිරීමේ හැකියාව රියෑදුරාට පවතින බවත් නිස්‌සංක මහතා කීය.

මංතීරු නීතිය කඩකරන රියෑදුරන්ට එරෙහිව පොලිස්‌ ස්‌ථාන මගින් පොලිස්‌ නිලධාරීන් යොදවා පරීක්‍ෂා කිරීම, සී. සී. ටී. වී. දර්ශන උපයෝගි කරගැනීම වැනි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


කටාර් අර්බුදය ඉදිරියට පැවතුනහොත් ලාංකිකයින්ට වක්‍රව බලපානවා

කටාර් අර්බුදය තවත් මාස තුනක පමණ කාලයක් පැවතියහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට වක්‍ර බලපැම් ඇති කරනු ඇති බව දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ කටාර් රාජ්‍ය ඉදිරියේදී රාජතාන්ත්‍රිකව හුදකලා වනු ඇති බවය.