12 June 2017

ජූලි 01 සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියට අදාළව සෑම වසරකම ජුලි මස පළමු වැනිදා සිදු කෙරෙන බස් ගාස්තු සංශෝධනයට අදාළව 6.5%ක උපරිම සීමාවකට යටත්ව එම සංශෝධනය සිදුකෙරෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බස් සංගම් මේ වනවිටත් බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර ඇති බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment