12 June 2017

සාරියෙ නූල ගැලවීම

ආණ්ඩුවෙ ඉන්න ලස්සන ඇමැති නෝනා මහත්තයෙක්ගෙ සාරියෙ නූල් පොටවල් ගණනාවක් ගැලවිලා තිබුණලු. එතුමියගෙ සාරියෙ නූල් ගැලවිච්ච බව පාර්ලිමේන්තු ලොබියේදි දැක්කෙ කොළඹ දිසාව භාර එක්තරා උප ඇමැති සයිස් මහත්තයෙක්ලු.

අනේ උන්නැහේට මේ නූල් පොටවල් ගැලවිලා කියන එක ගැන දුක හිතිලා එතුමියගෙ ගමන නවත්තලා ගැලවිච්ච නූල් පොටවල් ගලවන්න සටනක් දුන්නලු.

මේ අල්ලපනල්ලෙ ආණ්ඩුවෙයි විපක්ෂයෙයි කටකාර මැති ඇමැති කස්ටියක් එතනින් යන්න ආවා...

එතකොට මේ නූල් හුටපටේ එයාලත් දැක්කා කණ්ණාඩිකාර ටයි කෝට්ධාරී උගත් උප ඇමැතිතැන සඳක්වගේ ඉන්න ඇමැතිනියගෙ සාරියෙ නූල ගලවන්න වෙන මහන්සිය දැක්ක විපක්ෂයෙ පොරත් අපේ උප ඇමැති තැනට මෙහෙම කිව්වලු...

“ඔයා එයාගෙ නූල ගලවන්න ඔච්චර දඟලනවා. ඒ වුණාට අපේ බෙල්ල ගැලවුණත් අපි දිහා බලන්නෙවත් නැහැ... නේ... නේද? එහෙම කියපු කටකාරයා යන්න ගියා. ඒ වුණාට උප ඇමැති සිල්වා නෙවෙයිලු වැඩේ අතෑරියෙ.

No comments:

Post a Comment