12 June 2017

උතුරේ දූෂිත ඇමතිවරුන් දෙදෙනාට වැඩ වරදින ලකුණු

දූෂණ චෝදනා එල්ල වී සිටින උතුරු පළාත් අමාත්‍යවරුන් සැබෑ වැරදිකරුවන් නම් ඔවුනට ඉන් ගැලවීමට. ඉඩ නොතබන බවත් ඔවුන් සම්බන්ධයෙන් විවිධ කෝණයන්ගෙන් සොයාබලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

දූෂණ අක්‍රමිකතා සහ අනිසි ලෙස බලතල හසුරවා අකටයුතුකම් කර ඇති බව කියන උතුරු පළාත් අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව කීය.

“විමර්ශන වාර්තාව ලැබී තිබෙනවා.අනික් සියළුම මන්ත්‍රීවරුන්ටත් එම වාර්තාවේ පිටපත් ලබාදුන්නා.එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අමාත්‍යවරුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් දක්වන කරුණු වලට කන්දෙන්නත් සිදුවෙනවා. ලබන 14 වැනි දා ඒ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගතයුතුද යන්න තීරණය වනු ඇත“

“13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් සභා අමාත්‍යවරුන්ට සහ පළාත් සභාවට ඇති බලතල ගැන අවබෝධ කරගත යුතුයි.වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

No comments:

Post a Comment