12 June 2017

කටාර් වැසියන්ට මක්කම තහනම් කලාපයක් වෙයි

 කටාර් රාජ්‍යය ගල්ෆ් කලාපය තුළ තවදුරටත් හුදෙකලා කිරීමේ ප්‍රයත්නයක් ලෙස සෞදියේ මක්කම වන්දනාවේ පැමිණෙන කටාර් වැසියන්ට ඒ වෙත ඇතුළු වීම වළක්වා ඇති බව වාර්තා වෙයි.

කටාර් රාජ්‍යය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් ඇතුළු මූලධර්මවාදී කණ්ඩායම්වලට අරමුදල් සපයන්නේ යැයි පවසමින් සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් මෙන්ම, තවත් මුස්ලිම් රාජ්‍යයන් කිහිපයක්ම කටාර් රාජ්‍ය සමග සියලු සබඳතා නැවැත්වීමේ වඩාත් බරපතලම අවස්ථාවක් ලෙස විදෙස් වාර්තා මෙය හුවා දක්වයි.

කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳව කටාර් රාජ්‍යය දැඩි කණස්සල්ලට පත්ව සිටියද, සමාජජාල හරහා කටාර් වැසියන්ට අනුකම්පාව හෝ උදව් කිරීමට සූදානම් එක්සත් අරාබි එමීරයේ වැසියෙකුට වසර 15ක සිර දඬුවමක් හෝ ඇ.ඩො.136,000ක දඩයකට යටත් වීමට සිදුවන බවද ගල්ෆ් කලාපයෙන් වාර්තා වෙයි.

මේ සියලු කාරණා හමුවේ කටාර් රාජ්‍යයේ මිතුරු රටක් වන ඉරානය විසින් සිය යුද නෞකාවක් ඕමානය වෙත පිටත්කර යවා ඇති අතර, මේ වනවිට මෙම මතභේදාත්මක තත්ත්වය යුද්ධයක් බවට පෙරළෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment