24 March 2017

කතානායකගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්



පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී එම කතාව විශය පථයට සීමා විය යුතු බවත් කවර මන්ත්‍රීවරයෙකුට හෝ අපහාස වන අයුරින්. කතා නොකළ යතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (24දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා ඕනෑම මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකගේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් හැසිරිය යුතු බවත් කතානායකවරයා පැවැසීය.

මන්ත්‍රීවරයෙකු පිළිබඳව විරෝධතාවක් ඇත්නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයිද කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

කතානායකගේ නිවේදනය


"මන්ත්‍රීවරුනී, සෑම මන්ත්‍රීවරයෙකුම ස්වකීය කථාව සාකච්ඡාවට භාජනය වෙමින් පවතින විෂයයට පමණක් සීමා කළ යුතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ වෙන මන්ත්‍රීවරයෙකු නමින් සඳහන් නොකළ යුතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ අන්‍ය මන්ත්‍රීවරයෙකුට අයුතු චේතනා ආරෝපණය කරමින් කථා නොකළ යුතු බවටත්, යනාදී වශයෙන් පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කථා කිරීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් පිළිපැදිය යුතු රීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙන බව මේ අවස්ථාවේදී මෙම ගරු සභාවේ සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.
එහෙත්, 2017 මාර්තු මස 22 වැනි දින සභා ගර්භය තුළ ගරු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් මෙම උත්තරීතර සභාවේ ගෞරවයට හා කීර්තියට ඉතාමත් හානිකර අයුරින් ගරු අග්‍රාමාත්‍යතුමාට සහ වෙනත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ, අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාමත් අශෝභන අයුරින් අපහාස වන ආකාරයට දිගින් දිගටම කථා කළ බව එම අවස්ථාවට අදාළ හැන්සාඩ් වාර්තා උද්ධෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මා විසින් නිරීක්ෂණය කරන ලද අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හිතාමතාම උල්ලංඝනය  කර ඇති බව ඉතාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරමි.වැනි ක්‍රියාවන්වල තිබෙන බරපතල බව මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි වීමෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව දැනටමත් එම මන්ත්‍රීවරුන්ව  දැනුම්වත් කළ බවද දන්වනු කැමැත්තෙමි.

ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර තෝතැන්න වන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවණීයභාවය කෙලෙසන අන්දමින් ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක සිට පැවත එන සම්ප්‍රදායන්, පරිචයන් සහ ස්ථාවර නියෝගවල විධිවිධානයන්ට අනුකූල නොවන බව සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

කිසියම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රියා කිරීමට හැකි බවද සඳහන් කරමි.

ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සියලුම ගරු මන්ත්‍රීවරුන් මේ උත්තරීතර සභා ගර්භයේදී සෑම මන්ත්‍රීවරයෙකුගේම ගෞරවය ආරක්ෂා වන අයුරින් එකිනෙකාට අයුතු ලෙස චෝදනා කිරීමෙන්, අපහාස කිරීමෙන් වැළකෙමින්, වාද විවාදවලට මනා සංයමයකින් යුතුව සහභාගි  වීමට වග බලාගත යුතු බවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූලව මෙම උත්තරීතර සභාවේදී කටයුතු කළ යුතු බවටත්,මම අවධාරණය කරමි.

අධ්‍යාපනය සුරැකීමේ ජනතා පෙත්සම අත්සන් කිරීම අද ඇරඹේ



සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා පෙත්සම සඳහා අත්සන් ලක්ෂ 25ක් ලබා ගැනීමේ වැඩපිළිවෙළ අද (24) ආරම්භ කෙරුණු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තහනම් කිරීම, සරසවි බඳවා ගැනීම් ඉහළ දැමීම සහ පාසල් තුළ සිදු කරන මුදල් අය කිරීම් නැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පෙත්සමට මහජන අත්සන් ලබා ගැනීම අද දිනයේ ප්‍රදේශ කිහිපයකින් ආරම්භ කෙරුණු බව ලහිරු වීරසේකර සඳහන් කළේය.

නිල් චිත්‍රපට නිරූපිකාවන් 1O,OOO ටම ඉන්නේ පිරිමි 7O යි – ජපානය දැඩි අර්බුදයකට මුහුණපායි | PHOTOS



ප්‍රමාණවත් පරිදි පිරිමි රංගන ශිල්පීන් නොමැති වීම නිසා ජපාන නිල් චිත්‍රපට කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට නිල් චිත්‍රපට නිලියන් 1O,OOOටම සිටින්නේ පිරිමි ශිල්පීන් 7O දෙනෙකු පමණක් වීම නිසා මෙම අර්බුදය ඇති වී තිබේ.

සාමාන්‍යයෙන් මසකදී නව චිත්‍රපට 4,OOO පමණ වෙළඳපොලට නිකුත්වන අතර ඉල්ලුම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ බව වාර්තා වේ. මෙම තත්වය යටතේ ජපානයේ පිරිමි නිල් චිත්‍රපට නලුවන් බෙංගාලි ව්‍යාග්‍රයන්ට වඩා සුවිශේෂී බව ඔවුන්ගේ මතයයි.

එම කර්මාන්තයේ නියැලී සිටින නිරූපිකාවන් පිරිසක් සහ ජපානයේ කාර්‍යබහුලම නිල් චිත්‍රපට නලුවා වන ශිමිකෙන්ගේ ජායාරූප පෙළක් පහතින් දැක්වේ.




ජනපති මෛත්‍රීට රුසියානු ජනපතිගෙන් ඓතිහාසික තිළිණයක් - VIDEO



රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ (23) පස්වරුවේ සිදු වුණා.

එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.



19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබෙනවා.

දෙරට අතර සමීප සබදතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති වැල්ඩිමිර් පුටින් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.

විඩීයෝව මෙතනින් නරඹන්න...

අධ්‍යාපන ඇමැතිගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක්



පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය දා කොළඹ ප්‍රදේශයේ බාලිකා පාසලකට බාලක පාසල් කිහිපයක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වීමේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් ක්‍රිකට් තරඟ හා වෙනත් කටයුතුවලදී මහජනතාවට පීඩාවන පරිදි විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් ගුරුවරුන්, දෙමාපියන් හා මහජනතාවගෙන් ලද මැසිවිලි ද සලකා බලමින් විනය කඩ කරන පාසල් සිසුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

මීට අමතරව පාසල්වල සිදුවන විනය විරෝධි සිදුවීම් හැකිතාක් අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා පොලීසිය සමඟ සහයෝගීව කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ඇතැම් විනය විරෝධී කටයුතු සඳහා පාසල්වල ආදි ශිෂ්‍යයන් ද සම්බන්ධ වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද  විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා තම පාසලේ කීර්තිනාමය ආරක්ෂා කිරීමේ වගකීම ආදී ශීෂ්‍යයන්ට ද පැවරී ඇති බව අමාත්‍යරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ඉදිරි දෙසතිය තුල ජනපතිගෙන් දැඩි තීන්දු



ඉදිරි දෙසතිය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සහ දැඩි තීන්දු කිහිපයක්‌ ගනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරත්වය ඇති කිරීමට දැඩි තීන්දු කිහිපයක්‌ ද එම කාලසීමාවේදී ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මෙම තීන්දු ඇතැමුන්ට තිත්ත විය හැකි බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රජාතන්ත්‍රවාදී ගුණය පිළිබිඹු කරමින් දෙවසරක කාලයක්‌ යහපාලන රජයේ බොහෝ කටයුතුවලට ඉඩ දී සිටි බව පැවසූ ලක්‍ෂ්මන් යාපා මහතා ඉදිරි සිවු වසරක කාලය තුළ සියලු ක්‍ෂේත්‍රයන්හි ස්‌ථාවරත්වයක්‌ ඇති කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක්‌ බවත් පැවසුවා.

රටේ මතුවී ඇති ඇතැම් ආර්ථික ගැටලුවලට මුදල් අමාත්‍යාංශය වගකිවයුතු බව පිළිගත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ ඉදිරි තීරණවලින් පසු ඒවා නිවැරැදි වනු ඇති බවටයි විශ්වාසය පල කළේ.

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට



ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010.01.24 දින නිවසින් බැහැරට ගිය පසු තවමත් ගෙදර පැමිණ නැත. ඔහුට වුණේ කුමක්ද කවුරුත් තවමත් දන්නේ නැත. කලකදී සමාජය මත පාලකයන් පැතිරවූ මතය ප්‍රගීත් කොටියෙක් බවයි. ඊළඟට මෝඩ දේශපාලකයෙකුගේ කටින් ඔහු ගෙදර ආවේ ප්‍රංශයේ සිටය. අතුරුදන් වනවිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් නොයෙකුත් දක්ෂතා රැසක් හිමි පුද්ගලයෙක් ය. ඔහු කලාප කිහිපයකම එකවර වැඩ කළේය. මෙලෙස අතුරුදන් ප්‍රගීත් ගැන සොයන්නට එවක මහින්ද රාජපක්ෂ රජයට හෝ එවක පොලිසියට කිසිදු උවමනාවක් තිබුණේ නැත. එනිසාම ප්‍රගීත්ට වුණේ කුමක්ද හෙළිදරව් වුණේ නැත. එහෙත් ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ තම සැමියා සමාජ කතිකාවතින් අතුරුදන්වීම වැළැක්වීමට මහත් වෙර වීරියක් ගත්තාය. ඇය තම සැමියාට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් මැර ආණ්ඩුවක් පවතින සමයක තිර අදිටනින් සටන් වැදුණාය. හබයාස් කෝපුස් නඩුවක්ද ඇය ප්‍රගීත් වෙනුවෙන් අධිකරණයේ ගොනු කළාය. “මට කියාපල්ලා මගේ මිනිහට උඹලා මොකද කළේ” ඇය නිරන්තරයෙන් එවක ආණ්ඩුවෙන් මේ පැනය ඇසුවාය.

ඇය ප්‍රගීත් වෙනුවෙන් ලංකාවේදී මෙන්ම පිටදීද තම සටන ගෙන ගියාය. එනිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් එලවා දැමීම සඳහා පැවති මැතිවරණ වේදිකාවේ විශාල අවකාශයක් ප්‍රගීත් වෙනුවෙන් වෙන්විණි. අවසානයේ මහින්ද ගෙදර ගිය අතර ප්‍රගීත්, තාජුදීන් වැනි අය සැඟවී සිටින තැන්වලින් එළියට ආවෝ රහස් පොලිසියේ නිසි පරීක්ෂණ මතය. ප්‍රගීත්ට වුණේ කුමක්ද දැන් හෙළිකරගෙන හමාරය. ඒ කතාව හොලිවුඞ් ෆිල්ම් එකක් වගේ ය. ඒ කතාවේ අල ගිය මුල ගිය තැන් රහස් පොලිසිය අධිකරණයට නිතර නිතර වාර්තා කරමින් සිටී. රහස් පොලිසිය මෙලෙස හරි පීල්ලට අරං තිබෙන්නේ එවකදී හෝමාගම පොලිසිය මෙන්ම දෙමටගොඩ පොලිසියද කොළඹ අපරාධ කොට්ඨාසයද නොමග යවා තිබූ අපරාධ පරීක්ෂණයක් ය. මේ වනවිට ප්‍රගීත් අතුරුදන් කිරීමට අදාළ පරීක්ෂණ 90%කින් අවසන්වී තිබේ. ඒ යුද හමුදාවේ නිරන්තර බාධා කිරීම්, ඩයලොග් වැනි දුරකතන සමාගම්වල තොරතුරු සැඟවීම්, රටේ ප්‍රධානම දේශපාලන බලවතාගේ ඍජු අතපෙවීම් මධ්‍යයේය. දැන් රටේ ප්‍රධාන පුරවැසියා මේ අපරාධවලට මුල්වී කටයුතු කළ යුද හමුදාවේ පුද්ගලයන් රණවිරුවන්ට මොකුත් කරන්න දෙන්නේ නැහැ යන තැන සිට ආරක්ෂා කරමින් සිටී. එවැනි තත්ත්වයක් තුළ අලියා ගිහිං තියෙන පසුබිමක නැට්ට යාවිදැයි සැකසහිතය. එනිසා ප්‍රගීත්ට යුක්තිය ඉටුකිරීම සඳහාද මේ අපරාධ ඉතිහාසය තුළ නිවැරදිව සටහන් කර තැබිය යුතු නිසා අප සොයාගත් මේ පරීක්ෂණයට අදාළ තොරතුරු මෙලෙස ඔබ ඉදිරියට ගෙන එන්නෙමු.

සන්ධ්‍යාගේ කටඋත්තරය

යහපාලනය පැමිණි පසු පොලිස්පතිතුමාගේ ඍජු නියෝගය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට මෙහෙයවිය යුතු බවය. එමගින් රහස් පොලිසිය යටතට ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ යොමුවූ පසු ඒ පිළිබඳව මුලින්ම අධිකරණයට කරුණු වාර්තා කරමින් රහස් පොලිසිය කියන්නේ තමන් පැමිණිලිකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවය. 2010.01.26 දින හෝමාගම පොලිස් ස්ථානය මුලින්ම ඉදිරිපත් කළ බී වාර්තාවේ සිට 2015.03.26 දින අවසන්වරට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ වාර්තා දක්වා සියලු වාර්තා අධ්‍යයනය කළ බවය.

ඒ අනුව අධිකරණයට වාර්තා වෙන තොරතුරුවලට අනුව සන්ධ්‍යා එක්නැළිගොඩ පොලිසිය වෙත සිය කටඋත්තරය දෙමින් කියන්නේ ප්‍රේමයක් මත 1992.07.16 වැනි දින තමන් ප්‍රගීත් එක්නැළිගොඩ සමඟ විවාහ වූ බවය. ප්‍රගීත් 1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී කටයුතු කළ අයෙකු බව හා ඉන් පසුව වෙනත් දේශපාලන පක්ෂ සමඟ කටයුතු කළ බවය. 2005න් පසුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන අයගේ දේශපාලන කටයුතුවලට උදව් කළ බවත් ඉන් පසුව නොයෙකුත් සංවිධාන ආයතන සමඟ ප්‍රගීත් වැඩ කළ බවත්ය. 2005න් පසුව ප්‍රගීත් රාජගිරියේ පිහිටි ලංකා ඊනිව්ස් ආයතනයේ වැඩ කළ බවත් එහිදී 2007, 2008, 2009 වර්ෂවල පැවති යුද්ධය පිළිබඳවත් එහිදී රජයේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය රසායනික අවි භාවිත කරන බවටත් ලිපි ලියූ බවත්ය. සීගිරිය, හබරණ ප්‍රදේශයේ තිබුණු ප්‍රගීත්ට අයත් ඉඩමට යෑමට ඔහු 2009.08.27 දින නිවසින් පිටවී ගිය බවත්, එදිනම රාත්‍රී පැය 10.30ට ඔහු තමන් ඇමතු බවත්, රාත්‍රී 12.30 පමණ වනවිට නිවසට පැමිණෙන බවට ඔහු ප්‍රකාශ කළ බවත් කියන සන්ධ්‍යා පසුව කියන්නේ ඒ කියූ ලෙස ඔහු එදින ගෙදර පැමිණියේ නැති බවයි.

ඉන්පසු තමන් ඔහුගේ දුරකතනයට දිගින් දිගටම කතා කළත් මුලින් එය නාදවී පසුව එය ක්‍රියාත්මක නොවුණ බව ඈ කියයි. මෙලෙස ඇය පොලිසියට විස්තර කළ පසුව අධිකරණයට වාර්තා වෙන මේ තොරතුරුවලින් කියන්නේ ප්‍රගීත් මුල්වරට අතුරුදන්වීමේ කතාවයි. එහිදී පසුදා දහවල් 11.30ට පමණ සන්ධ්‍යාට ප්‍රගීත් මුණගැහෙන්නේ මාකුඹුර හන්දියේදීය. ඉන්පසුව ප්‍රගීත් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ සුදු වෑන් රථයකින් තමන් පැහැර ගත් බවය. ඉන්පසු බැනියමෙන් දෑස් බැඳ දැමූ බවත් අත්මාංචු දමා සිරකර තැබූ බවත් ය. එහිදී වැරදීමකින් හෝ මේ ගැන කට ඇරියොත් බලාගෙනයි කියා තමන් කොරතොට ප්‍රදේශයේ පාළු ගල්වළක් ළඟ මුදාහැරිය බවත් ප්‍රගීත් කියා ඇත.

ඉන්පසුව දෙවැනි පැහැර ගැනීම සහ ඒ නිසාම මේ දක්වා ප්‍රගීත් ගැන තොරතුරක් නැතිවීම පිළිබඳවද සන්ධ්‍යා පොලිසිය හමුවේ විස්තර කියා ඇත. ඒ තොරතුරුවලට අනුව 2010.01.24 වැනි දින ප්‍රගීත් එක්නැළිගොඩ නිවසින් පිටව යන අතර ඔහු තවමත් ආගිය අතක් නැත. මේ කටඋත්තරයෙන් පසුව ඊට කලින් පරීක්ෂණද අධ්‍යයනය කරන රහස් පොලිසිය එවකදී ප්‍රගීත් ළඟින් ඇසුරු කළ නන්දන වීරරත්න, කිර්තිකුමාර ලොකුලියන, බන්දු කීර්තිකුමාර, ලක්ෂ්මන් වසන්ත කුමාර යන අයගෙන්ද තවත් බොහෝ දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මිතුරන්ගෙන් තොරතුරු

මෙහිදී රහස් පොලිසියට පැමිණ විස්තරයක් ලබාදෙන නන්දන වීරරත්න කියන්නේ තමන් 1983 අවුරුද්දේ සිට ප්‍රගීත් හඳුනන බවය. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ප්‍රගීත් සමඟ එකට වැඩ කළ බවත්, 2009 වර්ෂයේ අගදී මංගල සමරවීරගේ ආරාධනාවක් මත සරත් ෆොන්සේකා දිනවීමට ප්‍රගීත් සමඟ වැඩ කළ බවත් ය. සරත් ෆොන්සේකාගේ යුද ව්‍යාපාරය පිළිබඳව වාර්තා චිත්‍රපටයක් ප්‍රගීත් සමඟ එකට නිර්මාණය කළ බව කියන නන්දන වීරරත්න, එය සරත් ෆොන්සේකාගේ මාතර රැලියක බෙදාහැරීම සඳහා ප්‍රගීත් සහ තවත් කිහිප දෙනෙකු සමඟ වෑන් රථයකින් 2010 ජනවාරි 22 මාතර යනවිට මිරිස්ස ප්‍රදේශයේදී ප්‍රගීත්ට දුරකතන ඇමතුමක් ලැබුණු බවත් කියයි. එහිදී නන්දන කියන්නේ ඔහු (ප්‍රගීත්) ඒ පුද්ගලයා සමඟ එවක දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කර කර සිට මෙයාට දැන් පවතින දේශපාලන තත්ත්වය ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියා තමන්ට දුරකතනය දුන් බවත්ය. ඉන්පසුව ඒ කතා කළ පුද්ගලයා පිළිබඳව කරුණු කියන නන්දන වීරරත්න කියන්නේ ඔහු කතා කළේ කැඩුණු සිංහලෙන් බවය. එහිදී ජනරාල්ට දිනන්න පුළුවන්දැයි ඔහු තමන්ගෙන් විමසූ බව කියන නන්දන ඔහු දෙමළ ජාතිකයෙකු බව තමන්ට එම අවස්ථාවේදී තේරුම් ගිය බවත් කියයි. පසු අවස්ථාවක ප්‍රගීත් මේ කතා කළ දෙමළ පුද්ගලයා ගැන කරුණු කියූ බව කියන නන්දන කියන්නේ, මේ ද්‍රවිඩ තරුණයා 2002 සාම ගිවිසුම කාලයේ දොස්තර ජයලත් ජයවර්ධන සමඟ ප්‍රගීත් මඩු පල්ලි ගිය අවස්ථාවක හඳුනාගත් පුද්ගලයෙකු බවය. යුද්ධයෙන් පසුව මේ පුද්ගලයා නැගෙනහිර පළාතේ ජීවත්වෙන බවත්, ඔහු ජනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ප්‍රගීත් කියූ බව නන්දන තමන්ගේ ප්‍රකාශයෙන් කියූ බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි. පසු මා නම් සඳහන් කරන දෙමළ පුද්ගලයන් මේ අතුරුදන් කරවීමේ ක්‍රියාන්විතය සමඟ බැඳුණු අයුරු හෙළිවන්නේ මේ ප්‍රකාශවලින් බව පෙනේ.

ඊළඟට නන්දන කියන්නේ 2010.01.24 දින සවස ලංකා ඊනිව්ස් ආයතනයේදී තමන්ට ප්‍රගීත් මුණගැසුණු බවයි. එදින ප්‍රගීත්ට සවස 7ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණු බව කියන නන්දන ප්‍රගීත් එම ඇමතුමට උත්තර දෙමින් බැලුම්මහරින් කඩුවෙලට පැමිණ කඩුවෙලින් මාලබේ හරහා රාජගිරියට පැමිණෙන අයුරු කියූ බවද කියයි. ඉන්පසු දඹුල්ලේ ඉඳලා යාළුවෙක් එනවැයි කියා ප්‍රගීත් එම ස්ථානයෙන් පිටව ගිය බව කියන නන්දන කියන්නේ පසුදා ප්‍රගීත් අතුරුදන් බව දැනගත් බවත්ය. අවසාන ලෙස නන්දන තම ප්‍රකාශයෙන් කියන්නේ රාජපක්ෂ පවුල් ගස යන නමින් ප්‍රගීත් සකස් කළ පොතත් මේ අතුරුදන්වීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි තමන් සිතන බවත්ය.

රහස් පොලිසියට මීට සමානම ප්‍රකාශයක් කරන ලක්ෂ්මන් වසන්ත කුලතුංග කියන්නේ, 2010 ජනවාරි 22 මාතර පැවති ෆොන්සේකාගේ මැතිවරණ රැලියේ බෙදාහැරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් ප්‍රගීත් විසින් නිර්මාණය කළ විරිදු සීඩී තැටියක් එහි රැගෙන ගිය බවය. ඉන් අනතුරුව මාතර සිට කොළඹ පැමිණෙන විටදී සීඩී තැටිය සමඟ තම කණ්ඩායම නන්දනගේ ඉල්ලීම මත ගාල්ලේ පිහිටි රත්න ශ්‍රී විජේසිංහගේ නිවසට ගිය බවය. එහිදී විරිදු සීඩී තැටිය රත්න ශ්‍රීට ලබා දුන් බවත් එහිදී උරණ වූ ඔහු (රත්න ශ්‍රී විජේසිංහ) ප්‍රගීත්ට බැණ වැදුණු බවත් කියන කුලතුංග තවදුරටත් කියන්නේ එහිදී රත්න ශ්‍රීගේ දියණියන් දෙදෙනා විරිදු සීඩී තැටිය ගාල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලයට ලබාදෙනවැයි කියා රැගෙන ගිය බවය. එම අවස්ථාවේදී තමන් ඇතුළු කණ්ඩායමට යම් ගැටුමකට මුහුණදෙන්න වේයැයි යන බියෙන් වහාම ගාල්ලෙන් කොළඹ ආවේ යැයිද ඔහු කියයි.

ඉන් පසුව ප්‍රගීත් අතුරුදන් වූ දිනය වන 2010.01.24 වැනි දින සන්ධ්‍යාවේදී තමන්ට ප්‍රගීත් රාජගිරිය ඊනිව්ස් කාර්යාලයේදී මුණගැසුණු බව කියන කුලතුංග කියන්නේ එම ස්ථානයේ එදින සිටි බොහෝ පිරිසක් අරක්කු බීවත් දඹුල්ලේ සිට එන මිතුරෙකු සමඟ පිළියන්දල ප්‍රදේශයට යෑමට තිබෙන නිසා ප්‍රගීත් නොබිව් බවය. එහිදී දඹුල්ලේ සිට පැමිණෙන මිතුරාට තම දුරකතනයෙන් කිහිපවරක් ඇමතු ප්‍රගීත් එයට ප්‍රතිචාර නොලද නිසා තම (කුලතුංගගේ දුරකතනය) දුරකතනයෙන් ද ඔහුට ඇමතු බව කියා එම දුරකතන අංකය 077-0375704 ද රහස් පොලිසියට ලබාදී ඇත.

දුරකතන ප්‍රගීත් ගැන කතා කරයි

ප්‍රගීත්ගේ අතුරුදන් වීම පිළිබඳව පරීක්ෂණ රහස් පොලිසිය භාරයට ගත් පසු ඔවුන් එම පරීක්ෂණවල ප්‍රගතිය නිරන්තරව අධිකරණයට වාර්තා කරන අතර 2015.03.31 දාට අදාළ බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් 077-0375704 දුරකතන අංකය ඇතුළුව ඩයලොග් ජාලයට අයත් දුරකතන අංක 32ක ඇමතුම් වාර්තා, කුලුනු වාර්තා, එම දුරකතනවලට අදාළ එම් අංක ආදි තොරතුරු අදාළ අංශ විසින් රහස් පොලිසියට ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා ඇත. ඉන්පසුව අධිකරණයට කරුණු කියන රහස් පොලිසිය කියන්නේ ප්‍රගීත්ගේ දුරකතනයට සම්බන්ධ වී තිබුණු 077-0375704 දරන ඩයලොග් ජාලයේ දුරකතන අංකයේ ඇමතුම් වාර්තාවක් ලබාගත් බවය. එම ඇමතුම් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී පැහැර ගැනීමට සම්බන්ධවූ පුද්ගලයන් කිහිප දෙනෙකුගේම දුරකතනවලට සම්බන්ධ වී තිබුණු දුරකතන අංක කිහිපයක් නිරීක්ෂණය කළ බවත්ය. එම නිරීක්ෂණවලට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් දුරකතන අංක 26ක් නිරීක්ෂණය කළ බවද ඒවා අදාළ ආයතනයෙන් ලබාගෙන පරීක්ෂා කළ බවද ඒ අනුව එම දුරකතන අංක පුද්ගල නාමවලට, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට, දිස්ත්‍රික් ලේකම් එරාවුර් චෙන්කලඩි, සභාපති මිහිඳු ආරණ්‍ය සාසනාරක්ෂක සමිතිය, බන්ධනාගාර අධිකාරි, මඩකළපුව සහ තවත් නම්වලට ලබා දුන් ඒවා බවද අධිකරණයට රහස් පොලිසිය කරුණු වාර්තා කරයි.

මෙම දුරකතන දත්ත වාර්තා ලබාගැනීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිය සහාය උපරිමව ලබාදී ඇති බව දැනගන්නට ලැබෙන අතර එනිසාම මේ පරීක්ෂණ වඩාත් පහසු වූ බවද දැනගන්නට ඇත. එහෙත් ඩයලොග් ආයතනයෙන් අදාළ සහාය ලැබුණේ නැති බව දැනගන්නට ලැබේ.

කෙලෙසක හෝ මේ බාධක සියල්ල මැද දුරකතන දත්ත සහ සාක්ෂි සටහන් සියුම්ව විමර්ශනය කරන රහස් පොලිසිය ප්‍රගීත් සමඟ සම්බන්ධතා පැවැත්තුවේයයි කියන දෙමළ තරුණයා නිවැරදිව හඳුනාගන්නා අතර ඔහු සහ ඔහුගේ මාර්ගයෙන් ප්‍රගීත් සමඟ බැඳුණු දෙමළ තරුණයාද හඳුනා ගනී. ඔවුන් දෙදෙනාම කාලයක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයන්ය. ඒ අනුව 2015.08.03 වැනි දින තම්බිපිල්ලේ තදීස් නොහොත් සත්‍යා මාස්ටර් නොහොත් සරත් සහ සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් තවේන්ද්‍රන් නොහොත් මුරලි යන දෙදෙනා රහස් පොලිස් අත්අඩංගුවට පත්වෙයි. එයින් පසු ප්‍රගීත්ට වුණේ කුමක්ද ක්‍රමයෙන් හෙළිවෙයි. මෙම දෙදෙනාගේ ප්‍රකාශ සහ ඔවුන් යුද හමුදා බුද්ධි අංශය සමඟ පැවැත්වූ සම්බන්ධයද ඒ අනුව රහස් පොලිසිය විසින් අනාවරණය කරගන්නා අතර එයින් පසුව රණවිරු ලේබලයට මුවාවී ලොක්කන්ගේ අමන නියෝග ක්‍රියාත්මක කළ හමුදා නිලධාරී බොහොමයක් අත්අඩංගුවට පත්වෙති.

එම කතාව ලබන සතියේදී කියවමු.
ravaya

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිස් ගොඩනැගිල්ලට මාස 11ක කුළිය කෝටි 27යි



වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි සඳහා මෙතෙක් මාසයකට රුපියල් දසදහසක මුදල ගෙවාගැනීමට නොහැකි වූ ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගෙන මෙතෙක් භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් තුළ රුපියල් කෝටි 27ක මුදලක් කුලිය වශයෙන් ගෙවා ඇතිබව  (23) පාර්ලිමේන්තුවේදී අනාවරය විය.

එම ගොඩනැගිල්ල සඳහා එක් මාසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට එහිදි අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ලබා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව රුපියල් කෝටි 150ක් පමණ වැය වන බවත් මේ වනවිට ඉන් රුපියල් කෝටි 100ක් පමණ අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

සුදුවෑන් පැහැරගැනීම් ගැන පරීක්ෂණවලට නාවික හමුදාපති හරස් කපයි



2009 වසරේදී සුදු වෑන් යොදාගෙන කළබව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නියෝගවලට එරෙහිව වර්තමාන නාවික හමුදාපතිවරයා කටයුතු කරන බවත් එම පරීක්ෂණවලට නාවික හමුදාපතිවරයා සහය නොදෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු උප පරීක්ෂක විජේසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ හා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත  තමන් සැකසූ රහස්‍ය වාර්තාව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන් බවත් විජේසිංහ මහතාගේ ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඉන්පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට එම වාර්තාව සම්බන්ධයෙන් කිසිවක් නොකරන ලෙසත් එය දින කිහිපයක් තබාගන්නා ලෙසත් ප්‍රකාශ කළ බවද කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු උප පරීක්ෂක විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් සැකසූ එම වාර්තාව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබු බවත් එය වෙනස් කර තිබෙනු දක්නට ලැබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීවරයා ලබන අප්‍රේල් 06 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීටත් එදිනට නඩුව නැවත කැඳවීමටත් නියෝග කර තිබේ.

ජර්මනියේ රජය සමලිංගිකයන්ගෙන් සමාවත් ඉල්ලලා



19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් ,50,000 ක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභා කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ යෝජනාව මගින් චූදිතයන්ට වරදකරුවන් කිරීම වෙනුවෙන් වගේම සිරගතව සිටි කාලය සඳහා වන්දි ලබාදීමට අපේක්‍ෂා කෙරෙනවා.

ජර්මනියේ අධිකරණ අමාත්‍ය හෙයිකෝ මාස්, මේ සිදුවුණු අසාධාරණය සහ වේදනා විඳීම ආපසු හරවන්න බැරි වුණත් ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය මගින් සිදුවූ වැරදි නිවැරදි කර ගන්න අපිට පුළුවන්. “මෙය කරන්න තිබ්බේ කාලෙකට කළින්. එත් දැන්වත් අපි එය කරන්න ඕන” යනුවෙන් පැවසුවා.

මේ පනත සම්මත වුණොත් චෝදනාවට වරදකරුවන් වූ සෑම පුද්ගලයෙකුටම යූරෝ 3,000 ක මුදලක් ලැබෙන අතර එයට අමතරව සිරගතව සිටි කාලය වෙනුවෙන් යුරෝ 1,500 ක වන්දියක් හිමි වීමට නියමිත බවයි ව්දෙස් වාර්තා වන්නේ

ලොව ලස්සනම ආබාධිත කාන්තාවන් 10



කාන්තාව කියන්නේ ස්වභාවධර්මයේ සුන්දර වගේම ලස්සන නිර්මාණයක්.නමුත් ඔවුන් ආබාධිත වුවද සුන්දරත්වයේ වෙනසක් නැහැ.

ලොව සුන්දරම ආබාධිත කාන්තාවන් දහ දෙනා යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කල යුවතියන් දහ දෙනෙකුගේ ජායාරූප මේ දිනවල සමාජ ජාල වල එහෙ මෙහෙ අත යනවා.











කාසිවල මෝස්තර සහ ප්‍රමාණය වෙස්වෙයි



නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කළත් 2005 වසරේ සිට නිකුත් කළ කාසියේ ප්‍රමාණය සහ මෝස්තර ඇතුලූ අනෙකුත් ලක්ෂණ කිසිවක් වෙනස් නොවන බව මහ බැංකුව ප්‍රකාශ කළා. මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව පිත්තල ආලේපිත රන් පැහැ මිශ්‍ර ලෝහවලින් සැකසූ රුපියලේ සහ රුපියල් පහේ කාසිවල ලෝහ වර්ගය පමණක් වෙනස් කර මළ නොබැදෙන වානේවලින් සැකසූ රිදී පැහැති කාසි ඒ වෙනුවට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් රුපියල් පහේ කාසියේ දාරයේ පැවති අක්ෂර පමණක් නව කාසියෙන් ඉවත් කර තිබෙනවා.