02 April 2017

උමං දුම්රියක පුරුෂ ලිඟුවක් සහිත ආසනයක් සවිකළ පුදුම හිතෙන හේතුව මෙන්න - VIDEO



මෙක්සිකෝ නගරයේ උමං දුම්රියක හදිසියේම අමුතුම මාදිලියේ ආසනයක් සවි කර තිබුණි.
"මේක අසික්කිතයි," ඇතැමෙක් කීහ.
"මේ සීට් එක අවමානයක්, අපහසුවක්."
සැබවින්ම එහි අරමුණ වී තිබුණේත් එයයි.

එම උමං දුම්රියේ ආසනයකට පුරුෂ ලිංගයක් සහ පුරුෂයකුගේ පපුව කාවද්දා තිබුණේ එහි ගොඩවන ඇතැම් පුරුෂයන් අපහසුතාවට සහ අවමානයට ලක්කිරීමේ අරමුණිනි.

නගරයේ බලධාරීන් උමං දුම්රියේ "පුරුෂයන්ට පමණක්" වෙන් වූ එම ආසනය සවිකරනු ලැබුවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙනි.
"මෙහි අසුන් ගැනීම අපහසු විය හැකිය," යනුවෙන් ආසනයට ඉහලින් සවිකරන ලද දැන්වීමක සටහන් වී තිබුණි.

"එහෙත් ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් දිනපතා මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට සාපේක්ෂව මෙය නොලසකා හැරිය හැකි තරම් වන අපහසුතාවකි."

මෙම ආසනය උමං දුම්රියේ ස්ථිරව සවි කිරීම බලධාරීන්ගේ බලාපොරොත්තුව නොවේ. එය, පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාව මුහුණදෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් තාවකාලිකව එය සවිකරනු ලැබුවේ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) සහ මෙක්සිකෝ නගර බලධාරීන් විසිනි.

එහෙත් මෙක්සිකෝවාසීන්ගෙන් එයට පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

මෙම ආසනය පිළිබඳව ඇතැමුන් ප්‍රසංශා කළ නමුත් "පුරුෂෝත්තමවාදී" බව සහ පුරුෂයන්ට අසාධාරණයක්වන බව පවසමින් තවත් සමහරෙක් එය දැඩි විවේචනයට ලක් කළහ.




No comments:

Post a Comment