16 July 2017

ඉන්දීය හදවතේ රාවය කමලා දාස්

මලයාලම් බසින් කෙටිකතා ලියූ ඇය ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ පද්‍ය නිර්මාණය කරනු ලැබුවා ය. කමලා දාස්ගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වූ Summer In Culcata ඉන්දීය ඉංග්‍රීසි පද්‍ය සාහිත්‍යයේ දැල්වුණු නව ආලෝකයක් විය. කෙටිකතා සහ ආපදාන සම්බන්ධයෙන් ද කේරළයේ ප්‍රසිද්ධියක් ඉසිලූ ඇය විවිධ මාතෘකා යටතේ එනම් කාන්තාවගේ තත්ත්වය, ළමා ආරක්ෂාව, දේශපාලනය ආදි විවිධ මාතෘකා යටතේ තීරු ලිපි ලියූ රචිකාවක් ද වූවා ය.

1934 මාර්තු 31 දින කේරළයේ ත්‍රිශුර් දිස්ත්‍රික්කයේ පුනයාකුලම්හිදී උපත ලැබූ ඇයගේ දෙමාපියන් වූයේ වී.එම්. නයිර් සහ නලපත්බාලමනි. වී.එම්. නයිර් මලයාලම් දිනපතා පුවත්පතක් වූ මාතෘභූමිහි කළමනාකාර කර්තෘ ලෙස සේවය කළේය. අම්මා මාලයාලි සුප්‍රකට කිවිඳියකි. ඇය තම මව මෙන් කවි ලිවීමට ආශාව දැක්වූයේ ළාබාල වියේදී ම ය. ප්‍රකට ලේඛකයකුවූ නලපත් නාරායන් මෙනන් නම් වූ ඇගේ මාමා ඇයව උනන්දු කළේය.

මාධවකුට්ටි යන ආරූඪ නමින් ද පෙනී සිටි කමලා දාස් තම ළමා කාලය කල්කටාවේත් තම මවගේ පාරම්පරික නිවස පිහිටි පුනයාකලම්හිදීත් ගත කළාය.

15 හැවිරිදි වියේදී බැංකු නිලධාරියකු වූ මාධව දාස් සමඟ විවාහ වූ ඇයව ලේඛන කටයුතුවට දිරි ගැන්වූයේ ඇගේ සැමියායි. ඇය ඉංග්‍රිසි භාෂාවෙන් සහ මලයාලම් භාෂාවෙන් ලිවීම ආරම්භ කළා ය. 1960න් ආරම්භ වූ දශකය කලාව පිළිබඳ මහත් උද්යෝගයක් පැවති කාලයක් විය. ඒ කාලයේ ඉදිරියට පැමිණි ලේඛකයන් අතර කමලා දාස් ද වූවාය. ඒ කාලය තුළ ඇය ඉංග්‍රිසි භාෂාවෙන් පද්‍ය සංග්‍රහ හයක් පළ කළාය.

හතළිස් දෙවන වියේ පසුවෙද්දී ඇය තම ස්වයංලිඛිත අපදානය ප්‍රසිද්ධ කළාය. ‘මගේ කතාව’ නමින් මලයාලම් භාෂාවෙන් පළවූ ඒ කෘතිය ඇය විසින්ම ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කරනු ලැබිණි. ඇගේ අපදානයේ ප්‍රබන්ධයක ලක්ෂණද ඇති බව ඇය පසුව පිළිගත්තාය.

“අපදානයක් ලිවීමේදී කිසිවක් නොසඟවා සම්පූර්ණ සත්‍යය ලිවිය යුතු බව සමහරෙක් මා සමඟ ප්‍රකාශ කළහ. එය හරියටම නිරුවත් වනවා වැනිය. මුලදී මම මගේ ආභරණ සහ ඇඳුම් ඉවත් කළ බව සැබෑය. ඊළඟට මම මගේ තළඑළලු හම ඉවත් කළෙමි. දැන් මගේ අස්ථි පෙනෙන්නට ඇත. එවිට මගේ අස්ථි අතරින් ඔබට නිවසක් නැති, රූමත් අනාථ දැරියක් දකින්නට ලැබෙන්නට ඇත.”

කවි ගායනා ඉදිරිපත් කිරීම සඳහා ලොව පුරා සංචාරය කළා ය. ජර්මනියේ බොන් සහ ඩියුස්බර්ග් විශ්වවිද්‍යාල, කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවලත් ජැමෙයිකාව, සිංගප්පූරුව සහ ලන්ඩනයේ සංචාරය කළා ය. ඇගේ නිර්මාණ ප්‍රංස ස්පාඤ්ඤ රුසියන් ජර්මන් සහ ජපන් භාෂාවලට පරිවර්තනය කරනු ලැබ තිබේ.

කේරළ සාහිත්‍ය ඇකඩමියේ උපසභාපති ධුරයත් කේරළයේ වන සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයත් කේරළ ළමා චිත්‍රපට සංසදයේ සභාපති තනතුරත් දැරූ ඇය කවි සඟරාවක සංස්කාරක පදවිය ද දැරුවාය. Illustrated Weekly of India පුවත්පතේ පද්‍ය අංශය භාර කතුවරිය ලෙස ද ඇය සේවය කළා ය.

රාජකීය උරුමයක් ඇති සාම්ප්‍රදායික හින්දු පවුලක උපත ලැබූ කමලා දාස් 1999 දෙසැම්බර් 11 වැනි දින මුස්ලිම් ආගම වැළඳ ගත්තා ය. එවකට හැටපස්වන වියේ පසුවූ ඇය කමලා සූර්යයා යන නමද ලබාගත්තා ය. මළසිරුරු ආදාහනය කිරීමේ හින්දු චාරිත්‍රයට තමා විරුද්ධ බව ඇය ප්‍රකාශ කළා ය. “මම මුස්ලිම් දරුවන් දෙදෙනෙකු හදා වඩා ගතිමි. මා ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට එක් හේතුවක් එයයි” යනුවෙන් ද ඇය පැවසුවාය.

ඇය දේශපාලන කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගි නොවූවත් දේශපාලනයට සම්බන්ධ කවි ලියුවේ අනාථ මවුවරුන්ගේ තත්වය වැඩි දියුණු කිරීමේ අරමුණිනි. 1984 දී ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් ඇයට ජයගත නොහැකි විය.

දරුවන් තිදෙනකුගේ මව වූ කමලා දාස් 2009 මැයි 31 වැනි දින පුනේ රෝහලකදී මිය ගියාය. ඒ වන විට ඇය හැත්තෑපස්වන වියේ පසු වූවාය.

1984 දී ඇය නෝබල් සාහිත්‍ය ත්‍යාග සඳහා ලැයිස්තු ගත කර සිටියාය. 1969 කේරළ සාහිත්‍ය ඇකඩමි සම්මාන­‍යෙනුත් 1985 සාහිත්‍ය ඇකඩමි සම්මානයෙනුත් පිදුම් ලැබූ ඇයට 2006 දී කැලිකට් විශ්වවිද්‍යාලය සාහිත්‍ය සූරී සම්මානය පිරිනැමුවේය.

කමලා දාස්ගේ අවසාන කෘතිය වූ The Kept Women and other Stories පළවූයේ ඇගේ මරණින් පසුවයි.

ඇගේ සිරුර පුනේ සිට කේරළයට ගෙන එන ලදුව පලායාම් මුස්ලිම් දේවස්ථානයේ මිහිදන් කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

| බොබී ජී. බොතේජු

මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්..

ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ. ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය හොරෙන් විකුණලා, කොළඹට ආව නිසා.බුද්ධිමත් ඔබට ඒකෙන්ම පුතයගෙ තරම මැනගන්න පුළුවන් වෙන්න ඕනි.

ඔය අතරවාරයේ මිනිහා රන්ජුලා කියලා තරුණියක් වහසිබස් කියලා රවට්ටගෙන විවාහ කරගත්තා.ඒ කාළෙ ඔහු තමන්ගෙ යාලුවන්ට කියලා තියෙන්නෙ “මූණ කචල් වෙලා, හෙණ ගැහුවත් කමක් නෑ බං ඉන්න තැනක් තියන එකියක් නම්” කියලලු.එහෙම කියපු එදිරිසිංහ කොලුවා කොට්ටාවෙ තියන රංජුලාගෙ ගෙදරම බින්න බැස්සා.ඔය අතරවාරයේ තමයි මේ හාදයට දේශපාලනය ගැන වහ වැටෙන්නෙ.මේ හාදයගෙ කයිරාටිකකම කොච්චරද කියනව නම් තමන්ට දේශපාලනයේ අත්පොත් කියල දුන්න , එක පාරක් නාමල්ගෙ ගෝලයන්ගෙන් හම්බානෙක කාපු නුවන් නිරෝධ කියන බයියව පවා රවට්ටලා ගේම් ගැහුවා.

මෙයාට ඇන්දිච්ච තවත් පොරක් තමයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්.බිස්නස් එකකට ඉන්වෝල් වෙලා කරන්නම් කියලා හේරත්ගෙන් ලක්ෂ පහක් වංචා කරපු මෙයා කළේ හේරත් ඒක ඉල්ලනකොටම හේරත්ගෙ පරණ ලවු ගැන නෝනට කියනවා කියලා බ්ලැක්මේල් කරපු එකයි.එක පාරක් රන්ගන හේරත්ගෙන් හම්බානෙක ගුටිකාපු අභීතට රංගන හේරත් කිව්වෙ “උඹ නිසා මගෙ ඉස්කෝලෙ අපකීර්තියට පත්වෙන නිසා නිකන් ඉන්නෙ” කියල විතරයි.අනික මහලොකුවට ඉවෙන්ට් ඕගනයිස් කරනව කියලා 97/98 මලියදෙව් ආදිශිෂ්‍ය සංගමෙන් සල්ලි ගරාගෙන මාටිය ගහලා නෝණ්ඩි වුණ නිසා අදටත් මේ හාදයට OB එක පැත්තෙ යන්නවත් බැහැ.ඔහොම හොරු එක්කද මහින්ද ආණ්ඩු හදන්න යන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.

ඔන්න කාලයක් යද්දි පාර්ලිමේන්තු මැතිවරණය ආවා.රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක පොකුරට තරඟ කරපු ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන දෙන්නට දෙන්න නොදැනීම ,උන්ව කොටවලා, මෙයා ඒ කැම්පේන් දෙකම බාර ගත්තා.ඒ මාද්‍යකරණයේ ඇති අවම සදාචාරය වත් රකින්නෙ නැතුව.සල්ලි වෙනුවෙන් තමන්ගෙ දරුව පවා විකුණන්න සූදානම් මේ හාදයාගෙ කෙරුවාව තව තියනවා.කනක හේරත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරද්දි, අනුරාධ ජයරත්න නියෝජනය කළේ සිරිසේන පාර්ශවය.මෙයා කළේ ඒ දෙන්නගෙම කැම්පේන් එක අරගෙන එක්කෙනෙක්ට හොරෙන් අනෙකාගෙ කැම්පේන් එක කළ එක.

මොන තරම් ජඩ වැඩක් වුණත් කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුරුදු වෙලා හිටපු අභීත එදිරිසිංහ කියන පාදඩයගෙ වැඩ ඔහොමම තමයි.

තවත් වරෙක නො.180/3, මාලපල්ල පන්නිපිටිය කියන ලිපිනයේ ඉන්න කෝට්ටගේ දොන් ලලිත් අමරසිංහ කියන පුද්ගලයව රවට්ටලා, රුපියල් මිලියන 1.45 ක මුදලක් වංචා කරපු ඔහු නැවතුණෙ පානදුර දූෂණ මර්දන ඒකකයේ.

ඊළඟට ඔහු යොමු වුණේ මීමුරේ පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ වල.ඒකේ ඉන්න ගමන් ගමේ ගෑණුන්ට අනින්න ගිහිල්ලා, හම්බානෙක ගුටි පූජාවල් වලින් හෙම්බත් වෙන්නත් ඔය අතරේ මෙයාට සිද්ධ වුණා.තමන් එක්ක එකට හිටපු රිද්ම හේවාවිතාරණ කියන තරුණයට පඩි නොගේආ මාස ගාණක් වැඩ ගන්නකොට, ඔහුට කේන්ති ගිහින් මෙයාගෙ ලැප්ටොප් පරිඝණය ගෙදර අරන් යද්දි, මෙයා කළේ ඉක්මණට පොලීසියෙ පැමිණිලි දාලා අර අහිංසකයව කූඩු කරපු එක.මේ හාදයා කොච්චර ඇඩ්වෙන්චර්ස් කරත් මීමුරේ පොඩි කොල්ලො කුරුට්ටොත් පනින තාලිකටෙන් පවා මූ පනින්නෙ ජැකට් දාලා.ඔන්න පීනගන්නවත් බැරි අභීත එදිරිසිංහගෙ ඇඩ්වෙන්චර්.

ඒ කාළෙ මුගේ හොර වැඩ වලට හරි හරියට මහින්දානන්ද අලුත්ගමගේ කියන කම්බ හොරා සහ කනක හේරත් සම්භන්ධ වෙලා වැඩකළා.ඒ මුගෙන් ලැබෙන කොමිෂන් වලට.Travel with Dilini කියල වැඩසටහනක් දාගෙන කළුබෝවිල පැත්තෙ වයස 17 ක ගෑණු දැරිවියක් අපයෝජනය කරමින්, ඇයව මතට හුරු කරමින් මොහු විකෘති කාමාශාවන් සංසිඳවා ගන්න ඇයව අදටත් භාවිතා කරනවා.ඇගේ කට වහල තියෙන්නෙ ඇගේ මව සමඟ මොහු යහන්ගත වීම හේතුවෙන්.

ගොඩාක් අය අහුවෙන්නෙ මේ හාදයගෙ බොරු පම්පොරි වලට.පොලිටිකල් පේජ් කරන බව පවසමින් මාසෙකට ලක්ෂ ගණන් උපයන මොහුට හසුවූවන් අතරේ ගීතා කුමාරසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්,ශෙහාන් සේමසිංහ,රොෂාන් රණසිංහ,පවිත්‍රා වන්නිආරච්චි වගේ ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා.

වරක් ජාතික නිදහස් පෙරමුණෙ කුරුණෑගල නායක කැලුම් ජයසුමන කොයන හාදයගෙ බජට් ටැක්සි කියන පේජ් එක කරන්නම් කියලා පම්පෝරි ගහලා රුපියල් 50000 ක් කඩාගෙන වාෂ්ප වෙලා ගියා. ඊළඟ පාර උඩගිල්ම ටී ස්ටේට් එකේ පේජ් එක වෙනුවෙන් 100000 කට ඇරලා මාරු වුණා.ඊළඟ පාරක් වජිරා මාපලගම කියන අපේක්ෂිකාවගෙන් ලක්ෂ දෙකකට ඇරියා.තවම ඒ නඩුව උසාවියෙ විභාග වෙනවා.ඒකට පෙනී ඉන්නෙ ජනාධිපති නීතීඤ රජික කොඩිතුවක්කු.

බැලින්නම් මේ යකා හතර වටේටම තියල තියෙන්නෙ පොලු විතරයි.අභීත එදිරිසිංහ කියන්නෙ අවංකවම පිල්ලියක්.ඒකාබද්ධය සුණුවිසුණු කරන පිල්ලියක්.ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාට අහුවෙන්න එපා කියලයි.

-උපුටනය(සමන් වීරබාහු)-






දඹුලු විහාරය ලෝක උරුමයෙන් ඉවතට



    අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන්ගේ පෙලඹවීම මත ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ භාරකාර හිමියන් ඇතුළු චීවරධාරීන් පිරිසක් දඹුල් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ලෝක උරුමයක් ලෙස නම්කර ඇති රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව පවතී.

චීවරධාරීන් කණ්ඩායමක් සහ ඇතැම් මාධ්‍ය ආයතන විසින් ගෙනයනු ලැබූ අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර දඹුලුලෙන් විහාරය තවදුරටත් ලෝක උරුම ලැයිස්තුවේ පවත්වාගෙන යන්නේදැයි යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ලබන දෙසැම්බර් පළමුවන දිනට පෙර දැනුම් දෙන ලෙස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO)  ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ලිපියක් යොමු කරමින් යුනෙස්කෝ සංවිධානය මෙම දැනුම් දීම කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදලේ (යුනිසෙෆ්) ශ්‍රී ලංකා නියෝජිත වෙත විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව දැනුම් දිය යුතුව ඇත.

ආසියා ශාන්තිකර කලාපයේ සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ පදනම මත රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන්නේ 1991 වසරේදීය. ඊට අනුමැතිය හිමිව ඇත්තේ එක්සත් ජාතීන්ගේ 15 වන සැසි වාරයේදීය.

1996 වනතෙක් දඹුලුවිහාරය නැරඹීමට පැමිණි පිරිස් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සිදුකර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි. ඉන් ලැබෙන ප්‍රතිපාදන මත දඹුල්ල විහාරයේ සංරක්ෂණ කටයුතු කෙරී ඇත. 1996 න් පසුව ප්‍රවේශ පත්‍ර අලෙවිය විහාරාධිපති හිමියන් පවරාගෙන ඇති අතර දඹුලුවිහාරස්ථානයේ පිං කැටවලට ලැබෙන මුදල් ද විහාර සංරක්ෂණය සඳහා යොදවනු වෙනුවට පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇත. මේ තත්ත්වය හමුවේ වසර විස්සක් පුරා රුපියල් කෝටි දහසකට අධික මුදලක් කොල්ල කෑ නමුත් දඹුලුවිහාරයේ පුරාවස්තු සංරක්ෂණය කිරීමට සත පහක මුදලක් වෙන් කළේ නැතැයිද ඒවා විනාශ වෙමින් පවතින බව ද වහාම ඒවා රැකගන්නට පෙරමුණ ගන්නැයිද පළමුවෙන්ම ලිඛිතව රජයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ වත්මන් භාරකාර මංගල හිමියන්ය. ඒ වන විට විහාරාධිපති ධුරය දැරුවේ ඉනාමලුවේ සුමංගල හිමියන්ය. පසුව මංගල හිමියන් විහාරාධිපති ධුරයට පත්වූ අතර ඉන්පසුව දඹුල්ල විහාරයට ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් උන්වහන්සේගේ කැමැත්තට අනුව පරිහරණය කිරීම ආරම්භ කර තිබිණි. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව දඹුලුවිහාරයේ කටයුතු නිරීක්ෂණය කිරීම, සංරක්ෂණය කිරීම මංගල හිමියන්ගේ උදහසට ලක්වූවේ මේ හේතුවෙනි. එබැවින් ඇතැම් මාධ්‍ය ආයතන ද සම්බන්ධ කරගෙන ඉකුත් සති කිහිපය තුළ මෙරට ජනතාව නොමඟ යැවීමට චීවරධාරීන් කණ්ඩායමක් ක්‍රියා කළේය. අර්බුදකාරී තත්ත්වය හමුවේ ජුනි මස 26 වන දින දඹුලුවිහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස ද විහාරාධිපති හිමියන් දැනුම් දී ඇත.

මේ තීරණය හේතුවෙන් යුනෙස්කෝ සංවිධානයේ නිර්ණායකවලට අනුව ලෝක උරුම පුදබිම සංරක්ෂණය කිරීම ප්‍රමාද වෙමින් පවතී. එම සංවිධානය රජයට දැනුම් දී ඇත්තේ දඹුලුරජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන දෙසැම්බර් මස පළමු දිනට පෙර අවසන් කළ යුතු බවය. දඹුලුවිහාරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව එය ජාත්‍යන්තර අවධානයට ලක් විය. එමෙන්ම සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සංචාරක ලැයිස්තුවට ද එක් විය. මෙරට සංචාරක කර්මාන්තය කෙරෙහි සාධනීය වෙනසක් ඇති කිරීමටද එම තත්ත්වය හේතු වී ඇත. කෙසේ වෙතත් චීවරධාරින් ඇතුළු කඩාකප්පල්කාරීන්ගේ මෙහෙයවීම මත රංගිරි දඹුල්ල සහ ඒ අවට ජනතාවට මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයටත් සෙසු ලෝක උරුම ස්ථානවලටත් අහිතකර තත්ත්වයක් උදා කරනු ඇත.

රංගිරි දඹුල්ල ලෙන් විහාරය සංරක්ෂණය කළ යුතු බවට නිර්දේශ කරන ලද්දේ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයක් විසිනි. ඊට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, වාස්තු විද්‍යා මහාචාර්ය වෙරන්ජන් කුරුකුලසූරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, යුනෙස්කෝ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ කරුණාරත්න හේරත් යන පිරිස ඇතුළත්ය. මෙම පිරිස අදාළ විෂය සම්බන්ධයෙන් මේ රටේ සිටින විද්වත්ම පිරිස බවත් ඔවුන් දේශද්‍රෝහීන් නොවන බවත් ඕනෑම අයෙකුට අවිවාදයෙන් පිළිගැනීමට හැකිය. උපදේශක මණ්ඩලය ජූලි මස 10 වන දින පස්වරුවේ විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් දියත් කර ඇති ව්‍යාපෘති සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඒ අනුව දැඩි ලෙසින් විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති දඹුලුලෙන් විහාරය කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවටත් සංරක්ෂණ කටයුතු සඳහා නැවත දැනුම් දෙන තුරු දඹුලුවිහාරය තාවකාලිකව වසා දැමීමටත් තීරණය කර ඇත. මීට අමතරව රංගිරි දඹුලුලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුත්ත පුරාවිද්‍යා ආඥා පනත සහ විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල උපයෝගි කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදු කිරීමටත් පුරාවිද්‍යා උපදේශන සභාව ඒකමතිකව තීරණය කර තිබිණි.

දයා නෙත්තසිංහ

Facebook ගිණුම් හිමියන් වැඩිම රට මෙන්න

ලෝකයේ ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට ඉන්දියාව පත්ව ඇතැයි නවතම ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එම වාර්තාවට අනුව ඉන්දියාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 241ක් සිටින අතර, ඉන්දියාව තුළ මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් සංඛ්‍යාව මිලියන 201ක් පමණ වන බවයි අනාවරණය කර ඇත්තේ.

ඉන්දියාව මෙසේ  ඉදිරියට පැමිණ ඇත්තේ ෆේස්බුක් හිමියන් මිලියන 240 ක් වූ ඇමෙරිකාව අභිභවමින්.
ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින තෙවැනි රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. ඔවුන් සතුව ගිණුම් මිලියන 139 ක් ඇති බවයි වාර්තා වෙන්නේ.



මොරටු සරසවියේ නිදහසේ සිටි බල්ලන් 23 දෙනෙකු මරා දාලා ? හදවත් කම්පා කළ වීඩියෝවක් අන්තර්ජාලයේ | VIDEO

මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා.ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා.

මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මොරටුව සරසවියෙන් වාර්තා වුණු සිද්ධියක් නිසා.
මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න හදපු සිදුවීමකුයි එහි තිබෙන්නේ.

බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව බල්ලන් වේදනාවෙන් ලතෝනි දෙනවා.

මේ විදිහට බල්ලන් 23 දෙනෙකු රැගෙන ගොස් තිබෙන අතර ඔවුන් රැගෙන ගියේ කුමන ස්ථානයකටද යන්න කිසිදු තොරතුරුක් නැති බවයි වාර්තා වන්නේ.

මොරටු සරසවියේ සිසුවෙක් අප සමග පැවසුවේ එලෙස රැගෙන ගිය බල්ලන් මේ වනවිට මරාදමා වලදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ.

මෙම සිද්ධියට විරෝධය පා මොරටු සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ.

මෙම සතුන්ගෙන් කරදරයක් සිදුවනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂිතව ඔවුන්ට හිංසාවක් නොමැතිව අදාල ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක් නොවේද..?

මෙම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට හදවත් සංවේදී වන්නේ එම සත්වයා විඳින වේදනාව හදවතට දැනෙන නිසාවෙන්.

සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ.

සරසවි සිසුවියක් විසින් අදාල සිද්ධියේ වීඩියෝ පෙලක් මුහුණුපොත හරහා මුදාහැර තිබුණත් එය ඇයටද ඉවත්කිරීමට බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බුදුන් වැඩි පිංබිමක මෙවැනි පව්කාර සිදුවීම් ඇතිවීම කණගාටුවට කරුණක් බවයි සිද්ධිය ගැන අදහස් දක්වමින් සරසවි සිසුන් බොහෝ දෙනෙකු  පැවසු ෙව්.

අදාල සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්..

සත්ව හිංසනයට ඔබත් එරෙහි නම් මෙම විඩීයෝව ශෙයාර් කරන්න.

 

සංගා-අර්ජුණ ගැටුම ජාත්‍යන්තරයට යයි , අර්ජුණගේ ප්‍රකාශය නිසා විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව විවේචනය කල හැටි

ශ්‍රී ලංකාව පරාජය ක‍රමින් 2011 ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් අර්ජුණ රණතුංගට විරෝධය දක්වා තිබෙනවා.

ඉන්දියාව වසර 28කට පසුව ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පැරදවීම සැක සහිත බවට අර්ජුණ රණතුංග සිදුකළ ප්‍රකාශය නිසාය.

අර්ජුණ රණතුංග මින් පෙර කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරාජයක් ලැබීම පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

තමන් එම තරගාවලියේ තරග විස්තර විචාරයට එක්ව සිටි අතර, සැක කටයුතු කරුණු කිහිපයක්ම තිබූ නමුත් ඒවා හෙළිකිරීමට තවමත් වේලාව නොවන බවත්, ඔහු වැඩිදුරටත් කියා තිබුනා.

ශ්‍රී ලංකා පිලේ තවත් හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මාධ්‍ය හමුවකදි කියා සිටියේ සාක්ෂි පවතින්නේ නම් එවැනි චෝදනා ඉදිරිපත් කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට බවයි.

මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දියාව නියෝජනය කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම් ලකුණු 97ක් ලැබූ ගෞතම් ගම්බීර් කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග ඒ පිළිබද එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයෙන් තමා මවිතයට පත්වූ බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනූ පුද්ගලයෙකු වෙතින් එවැනි බරපතල ප්‍රකාශයක් කිසිලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත් ගම්බීර් කියා සිටියා.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඉන්දීය පිළ නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙකු වන අෂීස් නේරා සඳහන් කළේ මෙවැනි ප්‍රකාශ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි.

ඒ පිළිබද අදහස් දැක්වීමෙන්ම ඊට පිළිගැනීමක් ලැබෙන බව ඔහුගේ අදහසයි.

කිසිවෙකු 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ප්‍රශ්න කරන්නේ නම් එය සාධාරණදැයි නේරා පෙරළා පැනයක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් අර්ජුන රණතුංග වැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම බලාපොරොත්තු කඩකිරීමක් බවද අෂීස් නේරා වැඩිදුරටත් සඳහන් කළා.

2011 ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු වන හර්බජන් සිංගෙන්ද මේ පිළිබඳ විමසූ විට ඔහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළ බවයි ඉන්දීය පී. ටී. අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

වන විනාශයට එරෙහිව විරෝධතාවයක්

මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

මුල්ලියාවේලී ප්‍රදේශයේ දී මෙම විරෝධතාව පැවැත්වුණු බව වාර්තාකරු සඳහන් කළේය.

නැවත පදිංචි කිරීමේ මුවාවෙන් කිසියම් පිරිසක් කුලාමුරිප්පු ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදුකරමින් පවතින බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

විල්පත්තු ප්‍රදේශයේ සිදුවූ වන විනාශයට සමාන වන විනාශයක් මෙම ප්‍රදේශයේ ද සිදුවෙමින් පවතින බව ඔවුන් සඳහන් කරයි.

 පරිසරවේදීන් සහ රජයේ වගකිව යුත්තන් මැදිහත්වි මුල්ලියාවේලි ප‍්‍රදේශයේ සිදුකරන වන විනාශය හා නැවත පදිංචි කිරීම නවතා දමන ලෙසට මුලතිව් ජනතාව ඉල්ලීම් කර තිබේ.

විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්,මුලතිව්,වවුනියාව,කිලිනොච්චිය,යාපනය ප‍්‍රදේශයන්ගේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සමුළුවක් කොළඹ දී



මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20වන වාර්ෂික සමුළුව 17දා සිට 21දා දක්වා කොළඹ දී පැවැත්වේ.

මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත අතර සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයින් 450ක් පමණ සහභාගිවීමට නියමිතය.

මෙම කලාපීය කණ්ඩායමසිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිණිස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ ව නිරීක්ෂණය කරනු ලබයි.

මේ වන ශාන්තිකර කලාපීය කුඩා ආර්ථිකයන්ගේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයන් ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සමාජිකත්වය දරයි. ස්ථීර සාමාජික රටවලට අමතර ව මූල්‍ය කාර්ය සාධක බලකාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ආසියානු සංවර්ධන බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකයන්ගේ එකතුවෙන් සැඳුම්ලත් එග්මොන්ට් කණ්ඩායම වැනි ජාත්‍යන්තර මෙන් ම කලාපීය සංවිධාන නියෝජනය වන නිරීක්ෂකයන් පිරිසක් ද මෙවර වාර්ෂික සමුළුවට සහභාගි වේ.

අන්‍යෝන්‍ය ඇගයීම් හැරුණු විට වර්තමානයේ සිදුවන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සහ එහි ඇති අවදානම් තත්ත්වයන් සම්බන්ධව සිය සමාජික රටවලට සහ මහජනතාවට දැනුවත් කිරීම සඳහා තාක්ෂණික සහාය, පුහුණුවීම් සහ උපාය මාර්ග අධ්‍යයන කිරීමට අවස්ථාව ලබාදීම මගින් ද මෙම කණ්ඩායම සිය සාමාජික රටවලට සහාය ලබා දේ. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඇති සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් ස්ථාපනය කිරීමට ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සිය සාමාජිකයන්ට සහාය වේ.

2016 - 2018 වර්ෂයන් සඳහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සම සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන බැවින් මෙම වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.

එසේම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුරු කිරීම සඳහා මෙම අනගි අවස්ථාවක් වනු ඇත.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 13ක ප්‍රධානත්වයෙන් 1997 වසරේ දී තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ කරන ලදී.


ආප්ප විඡේගේ කෙප්ප වලට රැවටුණු ජර්මන් සුද්දි

මෙරට සංචාරක කර්මාන්තය හා බැඳී ඇති කථාන්දර හරිම සුන්දරය. විටෙක රසවත්ය. ඇතැම් කථාන්දර අසන විට සිනහව නතර කරගැනීමට නොහැකිය. ඒ විතරක්‌ නොව සංචාරක ව්‍යාපාරයත් සමඟ අමුතුම තාලයේ චරිතද බිහි වී තිsබේ. මේ අයට ඇත්තේ ආරූඪ නම්ය. අප මේ කියන්නට යන්නේද එවැනි චරිතයක්‌ ගැනය. ඔහු ආප්ප විඡේය. මොහු මුහුදුකරය ආශ්‍රිත සංචාරක කලාපයක ආප්ප කඩයක්‌ පවත්වාගෙන ගිය අයෙකි. එකල ආප්ප විඡේ මෙකී සංචාරක කලාපයේ ජනප්‍රිය චරිතයකි. ඔහුගේ නම කියූ විට ඔහු ගැන නොදන්නා කෙනෙක්‌ නොමැති තරම්ය. ආප්ප විඡේගේ බහට රැවටී අමාරුවේ වැටී ඇති විදේශිකයන් සංඛ්‍යාවද අතිවිශාලය. කොටින්ම කිවහොත් ආප්ප විඡේ මොත්තකාරයකි. නො එසේ නම් මරිසිකාරයෙකි. විදේශිකයන් රැවැට්‌ටීමට මොහුට තිබුණේ පුදුම වූ දක්‌ෂතාවයකි. හැකියාවකි.

ආප්ප විඡේගේ ගැටවලට හසුවුවහොත් ඒ ගැටය ලිහා ගැනීමට නම් ඉතා අපහසු කාර්යයකි. මේ කාලය දකුණු පළාතට විදේශීය සංචාරකයන් පැමිණෙමින් තිබූ මුල් අවධියයි. එකල දැන් මෙන් සංචාරක කර්මාන්තය දියුණු තත්ත්වයට පත්ව තිබුණේ නැත. ආප්ප විඡේ සංචාරක කලාපයක ආශ්‍රිතව ආප්ප කඩයක්‌ දමාගෙන ආප්ප පුච්චමින් සිටි තැනැත්තෙකි. එකල ඔහු ගැටවර වියේ පසු වූ තරුණයෙකි.

ආප්ප විඡේගේ ආප්ප කඩයට මෙකී සංචාරක කලාපයේ සංචාරය කරන විදේශිකයන්ද පැමිණීමට පුරුදුව සිටියහ. එකල විදේශිකයන්ටද මෙය අමුතුම ජාතියේ කෑම වර්ගයක්‌ විය. ආප්ප විඡේ ආප්ප තම්බන අයුරු විදේශිකයන් මහත් උනන්දුවෙන් බලා සිටියහ. විඡේද නොයෙක්‌ හැඩ වැඩදමා ආප්ප පිච්චුවේය. හේ විටෙක බිත්තර ආප්ප තබන්නේය. තවත් විටෙක තාච්චි තුන හතරකින් ආප්ප තම්බන්නේය. එකල විදේශිකයන්ට මෙය අමුතු දෙයකි. ඒ විතරක්‌ නොව ආප්ප විඡේ විදේශිකයන් මිතුරු කරගැනීම සඳහා ආප්ප කඩයට එන විදේශිකයන්ට නොමිලේ ආප්ප දුන්නේය. ආප්ප විඡේට සුද්දෙකු අල්ලා ගැනීමට තරමේ ඉංග්‍රිසි හා ජර්මන් භාෂා හැසිරවීමේ හැකියාවක්‌ තිබුණේය.

ආප්ප විඡේගේ නා නා මාදිලියේ ක්‍රියාකාරකම් නිසාම ඇතැම් විදේශිකයන් මොහුත් සමග මිතුරු වී සිටියහ. මේ කාලයේදී ආප්ප විඡේ අතර මුදල් යහමින් ගැවසෙන්නටද විය. සුද්දන්ට නොයෙකුත් උප්පරවැට්‌ටි දමා මොහු තම අතමිට සරිකර ගැනීමට කටයුතු කළේය. මේ කාලයේ දී ආප්ප විඡේ අත නිතරම පාහේ විශාල මුදල් ගැවසුණේය. හේ ඇතැම් විට අපේ තරුණයන්ට පෙනෙන ලෙස දුම්වැටි පත්තු කළේ රුපියල් සියයේ කොළයකිනි. ඒ විතරක්‌ නොව මොහු පානය කළේ ඉස්‌තරම් වර්ගයේ මත්පැන්ය. දින දෙකතුනකට වරක්‌ මිතුරන් සමග සාදයන් පවත්වනු ලැබීය.

ආප්ප විඡේට පොඩි පහේ නඩු කිහිපයක්‌ද විය. හේ නීතිඥවරුන්ටද අත දිගහැර මුදල් වියදම් කළේය. තමන් අල්ලන නීතිඥයාට මොහු නඩු වාර පහකට පමණ එකවර මුදල් ලබා දුන්නේය. “සර් මේ දවස්‌වල මගේ ළඟ යහමින් මුදල් තියෙනවා. තව මාස දෙක තුනක්‌ යන විට මට මොකක්‌ වේවිද දන්නේ නැහැ. මුදල් තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඒ නිසා ඔන්න නඩුවාර පහකටම මුදල් ගන්න” ආප්ප විඡේ නීතිඥවරුන්ට කිහ. කොටින්ම කිවහොත් නීතිඥවරුන් අතර පවා ආප්ප විඡේ ජනප්‍රිය චරිතයක්‌ විය. හොඳට කණ බොන අත දිගහැර මුදල් වියදම් කරන අයකු බවට ඒ වන විට ආප්ප විඡේ ගැන කොයි කවුරුත් දැන සිටියහ. පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් ද මොහු සාදයන් සංවිධානය කළේය. සාදයන් සඳහා යන සියලු වියහියදම් දරනු ලැබුවේ ආප්ප විඡේ විසිනි.

කොටින්ම කිවහොත් ආප්ප විඡේ ගත කළේ කුමාර ජීවිතයකි. මේ කාලයේ දී ආප්ප විඡේට ජර්මන් ජාතික කාන්තාවක්‌ දැන හඳුනා ගැනීමට හැකිවූයේය. හේ ආප්ප විඡේට වඩා අවුරුදු දහ පහළොවක්‌ වැඩිමහල් තැනැත්තියකි. මේ වනවිට ආප්ප විඡේ විවාහ වී සිටියේය. ජර්මන් ජාතික විදේශීය කාන්තාව එරට අවන්හලක්‌ පවත්වාගෙන ගිය තැනැත්තියකි. ආප්ප විඡේ තමන් විවාහ වී සිටින බව ජර්මන් කාන්තාවට කිසි විටෙක කිවේ නැත. ඔහු ජර්මන් යුවතිය සමග හැසිරුණේ සම්බන්ධකම් පවත්වාගෙන ගියේ තනිකඩයකු ලෙසිනි. ටික කාලයක්‌ යනවිට ආප්ප විඡේ හා ජර්මන් කාන්තාව අතර දැඩි මිතු දමක්‌ ගොඩ නැඟීs තිබුණි.

“අපි දෙන්න එකතුවෙලා මේ රටේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යමු. හෝටලයක්‌ ඉදිකරලා අපි දෙන්න එකතුවෙලා ඒ ව්‍යාපාරය කරගෙන යමු” ජර්මන් ජාතික කාන්තාව යෝජනා කළාය. ඒ වන විටත් ආප්ප විඡේගේ වහසි බස්‌වලට හා උප්පරවැට්‌ටිවලට ජර්මන් කත රැවටි සිටියාය. හරි කිසි ප්‍රශ්නයක්‌ නැහැ මම කැමතියි නුඹව කසාද බඳින්න අපි දෙන්න එකතුවෙලා මේ ව්‍යාපාරය හොඳට කරගෙන යමු ආප්ප විඡේ කීවේය. ජර්මන් කාන්තාව මාස කිහිපයකට ජර්මනියට ගියාය. ඇය එරට පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතු විකුණා දමා එම මුදල් ද මෙරට ඉදිවන හෝටලය වෙනුවෙන් වැය කළාය.

හෝටලයේ ඉදිකිරීම සියල්ල ආප්ප විඡේ සියතට ගෙන තිබුණේය.ලක්‌ෂයක්‌ වියදම් වන වැඩකට හේ ලක්‌ෂ පහක බිලක්‌ දැමුවේය. එසේ නොකොට ආප්ප විඡේගේ කුමාර ජීවිතය පවත්වාගෙන යැමට නොහැකි විය.

හෝටලයේ ඉදිකිරීමේ කටයුතු කෙටිකාලයක්‌ තුළදී අවසන් විය. ආප්ප විඡේ හා ජර්මන් කත එක්‌වී හෝටලය පවත්වාගෙන යනු ලැබීය. හෝටලයේ සියලු පරිපාලන කටයුතු කරගෙන ගියේ ආප්ප විඡේය. ජර්මන් කාන්තාවගෙන් එයට විරුද්ධත්වයක්‌ නොවීය. මක්‌නිසාදයත් ඇය විවාහ කරගන්නා බවට ආප්ප විඡේ පොරොන්දුවක්‌ ලබා දී තිබූ බැවිණි. හෝටලයෙන් ලැබෙන සියලු ආදායම ලබා ගත්තේ ආප්ප විඡේය. ජර්මන් කාන්තාව විසින් ජර්මනියේ තම හිතවතුන් පවා මෙම හෝටලයට එවනු ලැබීය. ආප්ප විඡේ තමන් කසාද බඳින බවට ඇය බලාපොරොත්තු සහගතව බලාගෙන සිටියාය. එක්‌ සංචාරක සමයක්‌ද අවසන් විය. “අනේ ඔයා මාව කසාද බඳින්නේ කවදාද? අපි ඉක්‌මන්ට කසාද බඳිමු මගේ මිතුරියන්ද ඒ ගැන අහනවා” ජර්මන් කාන්තාව ආප්ප විඡේට කිවාය. හරි හරි ඊළගට එන සංචාරක සමයේදී අපි කසාද බඳිමු ආප්ප විඡේ කිවේය. ජර්මන් කාන්තාව සමඟ විවාහ වීමට ආප්ප විඡේට කිසිදු වුවමනාවක්‌ තිබුණේ නැත.

ආප්ප විඡේ විවාහ වී සිටි නිසා ලංකාවේ නීතිය අනුව ඔහුට යළි විවාහ වීමටද හැකියාවක්‌ නොතිබුණේය. විවාහවීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා ආප්ප විඡේ හා ජර්මන් කාන්තාව අතර ගැටුම් ආරවුල් ඇති වන්නට විය. ඇයව විවාහ කරගන්නා ලෙස ජර්මන් කාන්තාව දැඩි ලෙස ආප්ප විඡේට බලපෑම් කළාය. නමුත් ආප්ප විඡේ ඒ කිසිවක්‌ තුට්‌ටුවකට ගණන් ගත්තේ නැත.

ඊළඟ සංචාරක සමයද එළැඹිනි. ඔයා මට දීපු පොරොන්දුව ඉටු කරන්නේ කවදාද? බලන්න හෝටලයට මම විශාල මුදලක්‌ වියදම් කරලා තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි ජර්මනියේ ඉන්න මගේ හිතවතුන්ද එවනවා. ඔයා තමයි හෝටලයේ සියලු ආදායම ගන්නේ. ඔයා මට දීපු පොරොන්දුවවත් ඉටු කරන්නේ නැහැ. ජර්මන් ජාතික යුවතිය ආප්ප විඡේට එසේ පැවසුවේ දැඩි කනගාටුවෙනි. ඒ විතරක්‌ නොව සංචාරක සමය අවසන් වී ගිණුම් වාර්තා බලන විට හෝටලය පවත්වාගෙ ගොස්‌ තිබුණේ පාඩු පිටය. ආදායමට වඩා වියදම වැඩි වී තිබුණි.

මේක හරියන්නේ නැහැ. ඔයා මාව කසාද බදින්නේ නැති එක දැන් ස්‌ථිරයි. හෝටලය මට පවරලා දෙන්න ජර්මන් කාන්තාව ආප්ප විඡේට කිවාය. ඒ වනවිට ආප්ප විඡේ විසින් මෙකී හෝටලය හා ඉඩම තම බිරිඳගේ නමට ලියා තිබුණි. ආප්ප විඡේ විසින් ඉඩම හා හෝටලය ජර්මන් යුවතියට පැවරීමට කටයුතු නොකළේය. මේ නිසා දෙදෙනා අතර ආරවුල් හා ගැටුම් පවා ඇතිවිය. ජර්මන් කාන්තාව මේ ගැන පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැම්මාය. ආප්ප විඡේගේ බිරිඳ ද ඒ සඳහා ඉදිරිපත් වූවාය.

“මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මේ ඉඩම හා හෝටලය අයිති මගේ නමට මේ හෝටලය ඉදිකරන්න මාත් වියදම් කළා. මට දැවැද්දට ලැබුණු මුදල් වියදම් කළේ හෝටලය වෙනුවෙන්. මේක අයිති මට” ආප්ප විඡේගේ බිරිඳ ජර්මන් කාන්තාවට කීවාය. මේ කථාව ඇසීමෙන් ජර්මන් යුවතියට හීන් දහඩිය දැම්මාය. ඇයට අවසානයේ විවාහයත් හෝටලයත් දෙකම නැතිවූවාය. නීති මගින් කටයුතු කිරීමට ඇයට හැකියාවක්‌ තිබුණේ ද නැත. තමන් කිසිදිනෙක මෙරට නොඑන බව පවසා ජර්මන් කාන්තාව මෙරටින් පිටවා ගියාය. ආප්ප විඡේගේ බිරිඳ පසුව මෙකී හෝටලය හා ඉඩම විකුණා දැමුවාය. මේ කථාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාය.

මේ වගේ චරිත අදත් සංචාරක ව්‍යාපාරය තුළ ඉන්නවා. වෙනත් රටවල නම් සංචාරක කර්මාන්තය පරිපාලනය කරන ආයතනයක්‌ තියෙනවා. ඒ සඳහා වෙන්වූ ප්‍රදේශ තියෙනවා. නිති රෙගුලාසි තියෙනවා. වෘත්තියක්‌ විදියට සංචාරක ව්‍යාපාරය කරන අයට තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක්‌ නැහැ. ආප්ප විඡේලා වගේ චරිත තමයි මේ කර්මාන්තය මෙහෙයවන්නේ. අපේ රටේ සංචාරක කර්මාන්තය අයාලේ ගිහින් තියෙන්නේ. රටක්‌ විදියට රටේ ආර්ථික ප්‍රතිපත්තියක්‌ විදියට සංචාරක ව්‍යාපාරය නියාමනය කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා යෑයි නීතිඥ තුෂාර ද සිල්වා මහතා කීවේය.

උපුටාගැනීම දිවයින පුවත්පත.

කුණු නැති මදුරුවො නැති ජපානයේ කුණු නැති කාණු.ඩෙංගු මඩින්න ජපන්නුන්ගෙන් ඉගෙනගමු | PHOTO

කුණු කාණු. නම ඇසුනත් ඔබට අප්‍රසන්න ඇති.

ස්වභාවයෙන්ම ජල කළමණාකරණයට පවතින කාණු වලට කුණු සහ අපද්‍රව්‍ය බැහැර වීම අප රටේ නිරතුරුවම සිදු වනවා.

එම නිසා කාණු අපිරිසිදු හා අප්‍රසන්න වීමත් ඒවායෙන් දුගද හැමීමත් සුලභ සිදුවීමක්.

නමුත් නිසි කළමණාකාරීත්වයෙන් ජලය පරිවහනය සිදුවන ජපානයේ කාණුවක දසුන් කිහිපයක් අපට අන්තර්ජාලයෙන් හමු උනා.

එම කාණුවල සුරතල් මසුන් පවා ජීවත් වීම විශේෂයක්.




මරු ඇඟ – නියම ගාණට තියෙනවා – ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපතිගේ බිරිඳට කියයි | VIDEO

‘ඔයා  ලස්සනයිනේ – නියම ගාණට ඇග තියෙනවා’ ලෝකේ බලවතා ට්‍රම්ප්  ප්‍රංශ ජනපතිගේ වයස අවුරුදු 64 රේ බිරිද Brigitte Macron පැවසීමේ සිද්ධිය පැපරාසි කැමරා කාච වලට හසු වෙලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

එම දර්ශනය ෆේස්බුක් හරහා මුදා හැරීම නිසා කතා බහට ලක්ව ඇතැයි සදහන්.  Emmanuel Macron ප්‍රංශ ජනපති තවමත් 39 වන වියේ පසුවන අතර ඔහුගේ බිරිද වයස අවුරුදු 64ක් වුවත් ලස්සනට දැකීමෙන් ට්‍රම්ප් පුදුමයට හා ප්‍රීතියට පත් වෙලා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිද පැරිසියට පිළිගැනීමේදී මෙම සිදුවීම වූ අතර  අතීතයේ අත්දැකීම් සමඟ ඔවුන් මුණගැසි තිබෙනවා. ඒ වගේම අද දින පැරිසියේ බැස්ටිල් දින පෙළපාලිය සඳහා ට්‍රම්ප් සම්බන්ධ වීමටත් ප්‍රංශ ජනපතිගෙන් ආරාධනා ලබා තිබෙන නිසා ට්‍රම්ප් එයටද සම්බන්ධ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.



දෙමළාගේ හමෙන් හැදූ සපත්තුව වෙනුවට ආ රණවිරුවා සහ සිවුර..! ජාතිවාදයේ නූතන රූපක හඳුනාගනිමු..!!

කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය විය. අනතුරුව ඒ මැතිවරණයට අදාළ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම ගැන වරදකරු කරනු ලැබ රුපියල් 100 ක දඩයකට යටත් කළ ඔහුට වසර තුනක් යන තෙක් කිසි මැතිවරණයකට ඉදිරිපත් වීම අධිකරණයෙන් තහනම් කෙරුණි. කෙසේ වෙතත්, 1956 මැතිවරණයට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ යටතේ වැලිමඩ ආසනයෙන් ඉදිරිපත්ව ඔහු ජය ගත්තේය. මෙය, කලින් අධිකරණ නියෝගය කඩ කරමින් ලද ජයග්‍රහණයක් නිසා ඔහුට මේ ආසනයත් අධිකරණය මගින් අහිමි කරනු ලැබීය. නිදහසින් පසු ලංකා දේශපාලනයේ අමු සිංහල ජාතිවාදයේ විවෘත ප්‍රකාශකයා වුණේ කේ. එම්. පී. රාජරත්නයි. බණ්ඩාරනායක ආණ්ඩුව ‘සිංහල පමණයි‘ පනත ගෙනා අවස්ථාවේ ඊට විරෝධය පාමින් ගෝල්පේස් පිටියේ පැවති දෙමළ සත්‍යග්‍රහයට පහර දී ඊට සහභාගී වූ උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නෙකු වූ නාගනාදන් සහ නවරත්නම්ව උස්සා බේරේ වැවට වීසි කිරීමට තරම් රාජරත්නගේ මැරයෝ එදා සාහසික වූහ. ඉන් එක් මන්ත්‍රීවරයෙකු පසුකලෙක මිය ගියේද එම සිද්ධියෙන් වූ ආබාධයක් හේතු කරගෙනය. කෙසේ වෙතත් රාජරත්ත වඩාත් කුප්‍රකට වුණේ, ‘දෙමළෙකුගේ හමෙන් කරපු සෙරප්පු කුට්ටුමක් කකුලේ දාගන්න කල් තමන්ට නින්ද යන්නේ නැති‘ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ය.

   ඕනෑම භාණ්ඩයක් මෙන් ජාතිවාදයත් ප්‍රාථමික අදියරක සිට ‘දියුණු‘ අදියරකට පත්වීමේදී, එහි පවතින දළ, ගොරෝසු නිමාව වෙනුවට, ඊට වඩා භයංකාර මුත්, ඊට වඩා මටසිළුටු සහ විද්වත් ඔපයක් අත්කර ගනී. කේ. එම්. පී. රාජරත්න මෙන්, ඉන් පසු බිහි වූ කිසි සිංහල ජාතිවාදයෙකු දෙමළෙකුගේ හමින් සෙරප්පුවක් හදා කකුලේ දා ගැනීමේ ආසාවක් ගැන ප්‍රසිද්ධියේ නොකීහ. උදාහරණයක් වශයෙන්, ගුණදාස අමරසේකර හෝ නලින් ද සිල්වා වැන්නෙකුගෙන් එවැනි අදහසක් කිසි දවසක පිට නොවෙනු ඇත. මන්ද යත්, රාජරත්නට වඩා ‘ශිෂ්ට‘ ආකාරයකින් රාජරත්නගේ රාජකාරිය සමාජගත කිරීමේ ‘විදග්ධ‘ භාවය ඔවුන්ට ඇති බැවිනි. මෙය මා හඳුන්වන්නේ ජාතිවාදයේ දෙවැනි අදියර වශයෙනි. රාජරත්නගේ පළමු අදියරට සාපේක්ෂව මෙම අදියරේ බාහිර මුහුණුවර ‘මානුෂිකයි‘. එහෙත් ඒ දෙක අතර පැහැදිළි සමානත්වයක් තිබේ. එනම්, ඒ දෙකම, එකක් අමු ජාතිවාදයක් වශයෙන් ද, අනික ‘වැඩිහිටි‘ ජාතිවාදයක් වශයෙන් ද ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට කෙනෙකුට තවමත් හැකි වීමයි.

   තුන්වැනි අදියර හෙවත් අද අප ගත කරන අදියර ඊට සපුරා වෙනස් ය. අද සිංහල ජාතිවාදය කෙනෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි තරමේ රූප විපරිණාමයකට ලක්ව ඇත. (දෙමළ ජාතිවාදයත් මෙවැනිම විපරිණාමයකට පත්ව තිඛෙනවා විය හැකිය. ඒ ගැන කෙනෙකු වෙනම සොයා බැලිය යුතුව ඇත). වර්තමානයේ ජාතිවාදී භාවිතය තුළ ‘සිංහල‘ යන වචනය පවා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධය හෝ ‘රණ විරුවන්‘ ආරක්ෂා කර ගැනීමේ සටන් පෙරමුණු වැනි නූතන ප්‍රපංචයන් ආදේශ කළ හැකිය.
 
   මේ නව මාදිලියේ ආරම්භය සනිටුහන් කෙළේ යුද්ධය ඔස්සේ ය. යුද්ධයේ ජයග්‍රහණයට ඒකාධිකාරී අයිතියක් තිබුණි. රටවල් දෙකක් අතර ඇති වන යුද්ධයකින් ජයගන්නා පාර්ශ්වයට හිමි වන ඒකාධිකාරී අයිතිය තනිකර බැර වන්නේ එම රටේ නාමයටයි. ඉන්දියාව සහ පකිස්තානය අතර යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය, ඉන්දීය ජයග්‍රහණයක් වූවා සේ ය. එහෙත් වාර්ගිකත්වය හෝ ආගමට යාව හටගන්නා සිවිල් යුද්ධයක ජයග්‍රහණයේ ඒකාධිකාරී අයිතිය පැවරෙන්නේ රටකට නොව, සුවිශේෂී වාර්ගිකත්වයකට හෝ ආගමිකත්වයකටයි. අප කොතෙක් දස අතේ දිව්රා නැතැයි කීවත්, අප 2009 දී ලැබූ හමුදාමය ජයග්‍රහණය සිංහලයාගේ ජයග්‍රහණයක් වශයෙන්, සිංහලයා විසින් මෙන්ම දෙමළ ජාතිකයා විසිනුත් සළකනු ලබන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැක. මෙය, ත්‍රස්තවාදය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ලද ජයග්‍රහණයක් වශයෙන් අනේකවිධ ආකාරයෙන් වර නැගුණත්, ඇත්තෙන්ම අපේ සන්තානයේ එය නිධන්ගත වන්නේ, වාර්ගික ජය-පරාජයක් වශයෙනි. මෙය වැළැක්විය හැකි දෙයක් නොවේ.
 
   කෙසේ වෙතත්, ඒ ජයග්‍රහණයේ අයිතිය මත පදනම්ව, දිසානතීන් දෙකක් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව අපට තිබේ. එකක් වන්නේ, ලැබුවා වූ හමුදාමය ජයග්‍රහණය, වාර්ගික ප්‍රහර්ෂත්වයෙන් ඔදවැඩුණු ස්වෝත්තමවාදී අරුතකින් සමාජගත කර ගැනීමයි. දෙවැනි දිසානතිය වන්නේ, යුද්ධය තුළ නොවැළැක්විය හැකි ආකාරයෙන් ඉස්මත්තට පැමිණි එකී මහෝත්තමවාදයට යළි යුද්ධයක් කරා යොමු වීමට ඉඩ නොතබමින් දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා එය සමනය කිරීමයි.

   අප කතා කරන ප්‍රස්තුතය ජාතිවාදය වන නිසා මා මෙහිදී අවධානය යොමු කරන්නේ පළමු දිසානතිය ගැන පමණි.

   ප්‍රංශ ජාතිවාදය හෝ ජර්මානු ජාතිවාදය යැයි කියන විට එයින් පැහැදිළිව අදහස් කෙරෙන්නේ, ප්‍රංශ භාෂාව වහරන ජාතිය සහ ජරමානු භාෂාව වහරන ජාතිය ඔස්සේ සකසා ගත් චින්තන පද්ධතියකි. ඊට, ක්‍රිස්තියානි ආගමක් හෝ ඒ රටවල්වල ‘රණවිරුවෙකු‘ හෝ වෙනත් ආගමික ආයතනයක් හෝ සම්බන්ධ වන්නේ නැත. එහෙත් ලංකාවේ සිංහල ජාතිවාදය යැයි කියන විට එය හුදෙක් සිංහල භාෂාව වහරන ජාතිය නැමැති ප්‍රපංචය ඔස්සේ ස්ථානගත කරනවා වෙනුවට, ඊට වඩා සාර්ථක සහ කාර්යක්ෂම වෙනත් මාවත්, එනම් බෞද්ධ භික්ෂුව සහ ‘රණවිරුවා‘ යන ලේබල් ඔස්සේ සමාජගත කිරීමේ හැකියාව ලැබී තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ චෝදනා ලත් හමුදා නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණවීම ‘රණවිරු දඩයමක්‘ වශයෙන් අරුත් ගන්වන විට, ඒ පසුපස ඇත්තේ, හුදෙක් යුද්ධය ජයගත් සෙබළුන් කෙරෙහි ඇති ගෞරවය වෙනුවෙන් කෘතඥ වීමක් නොව, සිංහලයා සහ සිංහලයාගේ දේශය රැක ගත් ඕනෑම කෙනෙකු වෙනුවෙන්, එම පුද්ගලයා අපරාධකරුවෙකු වුව, පෙනී සිටිය යුතුය යන වාර්ගික හැඟීමකි.

   ජාතියෙන් සිංහලයෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මෙහිදී ‘පිටස්තරයෙකු‘ කරනු ලැබීම කියාපාන්නේ කුමක්ද? පැහැරගෙන යනු ලැබීමට සහ අවසානයේ ඝාතනය කරනු ලැබීමට තරම් වන ‘අසිංහල‘ ගතියක් මුල පටන්ම ප්‍රගීත් එක්නැලිගොඩට පවරනු ලැබ තිබුණු බවයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු සිංහලයා වෙනුවෙන් තිබිය යුතු සෑම අයිතියක්ම අනිත් ජාතීන් වෙනුවෙනුත් තිබිය යුතු යැයි කීම හේතු කොටගෙන ‘කොටියෙකු‘ වශයෙන් අර්ථ ගැනුවුණු නිසා ය. ඉතා කෙටියෙන් කිවහොත්, සිංහලයා සහ රණවිරුවා යනු දෙදෙනෙකු වශයෙන් ගැනීමට නොහැකි වන තරමට ඒ දෙක අනන්‍යව ඇති බවයි. එසේ හෙයින්, අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලත් ‘රණවිරුවා‘ රැක ගැනීමේ අරගලය යනු, සිංහලයා වෙනුවෙන් වෙනත් වේශයකින් පෙනී සිටීමේ අගනා අවකාශයක් හිමිකර ගැනීමකි. එදා, කේ. එම්. පී.  රාජරත්නට නොතිබුණු ‘සමාජ සුජාත භාවයක්‘ වර්තමාන සිංහල ජාතිවාදියා අත්පත් කර ගන්නේ එකී මාර්ගයෙනි. ජාතියට ආදරය කිරීම ජාතිවාදය නොවේ යැයි අතීතයේ කී අමු කතාව, ඊට වඩා ඒත්තු යන ආකාරයෙන්, එනම්, (නීතිය ඉදිරියේ අපරාධ චූදිතයෙකු වූ සිටින) ‘රණවිරුවා‘ රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවේ යැයි අද කෙනෙකුට තර්ක කළ හැකිය.

   මීට කාලයකට ඉහතදී කරන ලදැයි කියන ළමා අපචාර සිදුවීමක් ගැන, ඕස්ට්‍රේලියාවේ අගරදගුරුවරයෙකු මෙන්ම, වත්මන් වතිකානුවේ තුන් වැනි නායකයා හෙවත් වතිකානු භාණ්ඩාගාරය භාර කාදිනල්වරයා ද වන, ජෝර්ජ් පෙල් දැන් චෝදනා ලැබ සිටී. ඒ ගැන ඕස්ට්‍රේලියානු පොලීසිය කරන ලද විමර්ශන ක්‍රියාවලියට මුහුණදීම සඳහා තමා ලබන සතියේ ඉතාලියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන බව ඔහු කියා තිබේ. මේ චෝදනා නැගුණු අවස්ථාවේ, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සේ මේ කාදිනල්වරයා නීතිය මගහරිමින් කැලේ පැන්නේ නැත. එසේම ඔහු‍ගේ ශුද්ධෝත්තම ප්‍රධානියා වන පාප් වහන්සේ, අස්ගිරියේ සංඝ කාරක සභාව මෙන්, ඔහුගේ කල්ක්‍රියාව අනුමත කරමින් ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වුණේ නැත. තවද, ඒ පිළිබඳ පැවැත්වෙන පොලිස් පරීක්ෂණ ‘හොරා-පොලිස් සෙල්ලමකට‘ ලඝු කොට, ඔහුට නීතියෙන් රිංගා යාමට අපේ දේශපාලඥයන් මෙන් ඕස්ට්‍රේලියානු දේශපාලඥයන් පියවර ගත්තේත් නැත. යම් අපරාධයක් සිදුව ඇත්නම්, ඒ අපරාධය සිදු කෙළේ, කලිසමක් හැඳගෙන ද, නැත්නම් ලෝගුවක් හැඳගෙන ද යන්න එම ලෝකයට ප්‍රශ්නයක් නොවුණි.

   එහෙත් ලංකාවේ තත්වය කුමක්ද? උඩුවේ ධම්මාලෝක හිමියන් හොර අලියෙකු ළඟ තබාගෙන සිටීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එසේ සිටියදී, හිටපු අස්ගිරි මහ නායක හිමියන්ගේ ආදාහනයට සහභාගී වීම සඳහා ඔහුව නිදහස් කෙරුණි. මෙය, සාමාන්‍ය පුරවැසියෙකුට නැති නීතිමය වරප්‍රසාදයකි. ඒ, බෞද්ධ භික්ෂුවක් වීම නිසා ය. හින්දු පූජකවරයෙකු හෝ කතෝලික පූජකවරයෙකු නැත්නම් මුස්ලිම් ආගමික නායකයෙකු අරභයා අපේ නීතියෙන් එවැනි වරප්‍රසාදයක් හිමි නොවනු ඇත.
 
   ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, ගිහියෙකු නොකරන තරමේ සැහැසි ක්‍රියා කෙළේය. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාම කී අයුරින් ‘භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීම ලේසිපාසු කාරියක් නොවන‘ නිසා ඔහුව අත්අඩංගුවට ගැනුණේ නැත.

   ජාතිවාදයේ අනිත් වේශය එයයි. එසේ වන්නේ ලංකාවේ බුද්ධාගම, බුද්ධ ධර්මයට වඩා සිංහල ජාතිය සමග අනන්‍ය වීම නිසා ය. ක්‍රිස්තියානි ආගමට ජාතියක් නැත. ඉස්ලාම් ආගමට ජාතියක් නැත. හින්දු ආගමට ජාතියක් නැත. එහෙත් ලංකාවේ බුද්ධාගම යැපෙන්නේම ජාතිය මත ය. ඥානසාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටින්නන් එසේ කරන්නේ ඔහු බුදුරදුන්ගේ ධර්මය අනුයන ශ්‍රමණයෙකු වන නිසා ද, නැතහොත් සිංහලයාගේ නියෝජිතයෙකු වන නිසා ද යන්න බරසාරව සැළකිල්ලට ගත යුතුව තිබේ.  බුදුන් වහන්සේ වදාළ ධර්මයට මේ භික්ෂුව හත් ගව්වකින්වත් ළඟ නැත. එහෙත්, සිංහලයා සමග ඔහු අතිශය සමීප ය. ඉතිං ඔහුව භික්ෂුවක් වශයෙන් ගෙන අස්ගිරිය හෝ වෙනත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරනු ලබන්නේ, ඇත්ත වශයෙන්ම ඔහුගේ භික්ෂු භාවය නිසා නොව, ඔහුගේ සිංහල භාවය නිසා බව පැහැදිළි ය.

   කේ. එම්. පී. රාජරත්න මෙන් ‘ජාතිය‘ යන වචනය අමුවෙන් පාවිච්චියට නොගෙන, බුද්ධ ශාසනය, සංඝ සාසනය, චීවරය සහ රණවිරු වැනි සම්භාව්‍ය ප්‍රපංචයන් හරහා සුවිශේෂී ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමේ පශ්චාත්-නූතන තත්වයක් අද අප අත්කරගෙන තිබේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි අස්ගිරිය කියන විට එයින් අදහස් වන්නේ, එක පැත්තකින්, බුද්ධාගමේ ආරක්ෂාව සඳහා බුද්ධ ධර්මයටත් වඩා ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව අපූරු අවියක් වන්නේය යන්නයි. ඊටත් වඩා, සිංහලයාගේ රාජ්‍යයේ ඒකාධිකාරී අයිතිය, දෙමළාගෙන් සහ හම්බයාගෙන් ආරක්ෂා කර ගත හැකි මනා මෙවලමක් ඒ මගින් සැපයෙන්නේය යන්නයි.      

| ගාමිණී වියන්ගොඩ

පැරාලිම්පික් දිනූ දිනේෂ් පැරා ලෝක මලල ශූරතාවලියද දිනයි

 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්ම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්විය.

දිනේෂ් ප්‍රියන්ත මීටර් 57.93ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කමට හිමි කම් කී අතර තරඟයේ රන් පදක්කම ඉන්දියාවේ ගුර්ජාර් සුන්ඩර් සිං (මීටර්60.36) හිමිකර ගත්තේය.

2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේදී පැවැති  පැරාලිම්පික් තරඟාවලියේදීද දිනේෂ් ප්‍රියන්ත ටී46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් පදක්කම අත්කර දුන්නේය.

දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු වන අතර ක්‍රියාන්විතයකදී ඔහුගේ පාදයකට වෙඩි වැදීමෙන් ලත් තුවාල හේතුවෙන්  ඔහු ටී46 කාණ්ඩයේ( දණ හිසෙන් පහල පාදය අප්‍රාණික හෝ අහිමි ) වර්ගීකරණය යටතේ මලල ක්‍රීඩා තරඟ වලට එක්වෙයි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවියෙන් බලවත් - ඇමරිකාවෙන් හෙළිදරව්වක්

උතුරු කොරියාව, අපේක්ෂා කළ මට්ටමට වඩා න්‍යෂ්ටික ඉන්ධනවලින් පොහොසත් බව ඇමරිකානු වාර්තාවක් හෙළි කරනවා.

උතුරු කොරියානු න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිවී ඇති බව සඳහන්.

මේ නිසා උතුරු කොරියාවට සිය න්‍යෂ්ටික අවි සංඛ්‍යාව  ඕනෑම අවස්ථාවක ඉහළ නැංවිය හැකි බව වොෂින්ටනය කේන්ද්‍ර කර ගත් උතුරු කොරියානු නිරීක්ෂණ සංවිධානයක් ප්‍රකාශ කළා.

උතුරු කොරියාව සතුව දැනට න්‍යෂ්ටික අවි 20ක් පමණ පවතින අතර, ඔවුන්ට සෑම මසකට වරක් එක් නව න්‍යෂ්ටික බෝම්බයක් නිපදවිය හැකි බවයි  එමගින් පෙන්වා දෙන්නේ.

කාන්තාවන්ගේ මාසික ක්‍රියාවලියටත් Tax ගසයි, සියලු කාන්තාවන් පාරට බසී

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 12% ක බදු පැනවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට එරෙහිව කාන්තා සංගම්, සිවිල් කාන්තාවන්, වෛද්‍යවරියන් සහ විශ්වවිද්‍යාල සිසුවියන් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

`Don’t tax my period’ යනුවෙන් සඳහන් ප්‍රදර්ශන පුවරු යොදාගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය මත පනවා ඇති බද්ද, ඒවා මිලදී ගන්නා පාරිභෝගිකයා මත පැටවී ඇති අතර ඉන්දීය මුදල් ඇමති අරුන් ජේට්ලි විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම තීරණය නිසා කතුන් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා දැක්වන්නේ.

කාන්තා සංගම් පෙන්වාදී තිබෙන්නේ සනීපාරක්ෂක තුවා ලබා ගත නොහැකි පාසල් දැරියන් මසකට දින 4ක් පමණ පාසල් නොයන බවයි.

සයිටම් රජයට පවරා ගන්නේ නැහැ : අමාත්‍ය රාජිත සේනාරත්න

 සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහනුවර මහ රෝහලේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන සඳුදා (17දා) සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත  බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳවද තොරතුරු ද හෙළි කළේය.

"හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවට කැමැත්ත පළ කර තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැමැත්ත සහ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිවීම අනිවාර්යවීම එම කොන්දේසි දෙකයි. ඊට එකඟත්වය පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවට සහභාගි වුණා.

එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඊට එක්ව සිටි අතර, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සයිටම් සිද්ධිය මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෞද්ගලිකව පහරදීම වැරදි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ තීන්දූ තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ද ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාව සුහදව පැවැත්වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිධුරයට නම් දෙකක් ඉදිරිපත් කළා.

හිටපු සභාපතිවරයෙකු සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයෙකු ඊට ඇතුළත්. මේ පිළිබඳ සොයාබලා නව සභාපතිවරයා පත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍ය ආඥා පනතට අනුව සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි."

ඩෙංගු රෝගීන්ට විශේෂ උපදෙස්

පළමු රුධිර පරීක්ෂණය:- උණ වැළඳී පැය 48 තුළ පූර්ණ රුධිර පරීක්ෂණය (FBC) කරගත යුතුය. එහි ප්‍රතිඵල සටහන රජයේ රෝහලක වෛද්‍යවරයකු වෙත පෙන්වා උපදෙස් ගත යුතුවේ.

සංකූලතා මතුවීම:- පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි. සාමාන්‍ය වශයෙන් දින 3ත් 6ත් අතර සංකූලතා මතුවේ.

ඩෙංගු රෝගීන්ට ආහාර:- ආහාර රුචිය ඇතිනම් සැහැල්ලු ආහාරයක් ගැනීම වැදගත් වේ. ඛනිජ වර්ග සහිත දියර (කැඳ, තැඹිලි, ජීවනි) භාවිතය වැදගත්ය. ඇපල් යුෂ පානය කිරීමේ විශේෂ වැදගත්කමක් නැත.

පසු රුධිර පරීක්ෂා:- උණ සුව වූ පසුවද රුධිර පරීක්ෂණයක් කිරීම වැදගත්ය.

ඩෙංගු මදුරුවා: දෂ්ට කිරීම:- උදෑසන සහ සවස් කල බහුලව සිදුවෙයි.

රෝහල්ගත වීම:- රුධිර පට්ටිකා ප්‍රමාණය ලක්ෂයට වඩා අඩු වූ අවස්ථාවේ රෝහල් ගතවිය යුතුය.

ඖෂධ ලබාගැනීම:- පට්ටිකා ප්‍රමාණය අවදානම් ලෙස පහත වැටී නැති රෝගීන්ට තම නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැක. උණ සහ ශරීර වේදනාව සඳහා පැරසිටමෝල් පමණක් ලබාගත යුතුය. වෙනත් වේදනා නාශක හෝ ප්‍රතිජීවක හිතු මතේ ලබාගැනීම අවදානම්ය.

උපදෙස්:- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

අ.පො.ස උ.පෙ. විභාග අක්‍රමිකතා මැඬලන්න පොලිසිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේදී අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රශ්න පත්‍ර ගබඩා කර තැබෙන සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාවට යෙදෙන පොලිස්‌ නිලධාරීන්ගේ සංඛ්‍යාව තිදෙනෙක්‌ දක්‌වා වැඩි කෙරෙන අතර දින තුනකට වරක්‌ එම නිලධාරීන් ද මාරු කිරීමට සැලසුම් කර තිබේ. විභාග මධ්‍යස්‌ථානයන්හි ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස්‌ ජංගම රථ මෙන්ම පොලිස්‌ යතුරුපැදි ද වෙනත් වසරවලට වඩා මෙවර යෙදවීමට කටයුතු යොදා ඇත.

විභාගයේ ආරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් ත්‍රිsවිධ හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්‍ෂක බළකාය ද සහභාගි වන සාකච්ඡාවක්‌ ලබන සතියේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

මේ අතර විභාග මධ්‍යස්‌ථාන පැවැත්වෙන පාසල්වල විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව උත්සව පැවැත්වීම, ඉදිකිරීම් කටයුතු වැනි සියලුම බාහිර ක්‍රියාකාරකම් කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා විසින් පාසල් ප්‍රධානීන්ට, කලාප හා පළාත් අධ්‍යක්‍ෂවරුන්ට ලිපියක්‌ නිකුත් කර ඇත.

අදාළ පාසල් විදුහල්පතිවරයාට හැර ගුරුවරුන්ට හෝ විභාග මධ්‍යස්‌ථානයට ඇතුළුවීම තහනම් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මාධ්‍යට පැවසීය.

ලබන මස 8 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්‌වා විභාගය පැවැත්වේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම 17 වෙනිදා

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන 17 වන සඳුදා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිකරන ලද්දේ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසිනි.

ඉන්පසු භාරකාර මණ්ඩලයක් යටතේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යන මෙහි සේවාවන් මුදල් ලබා ගැනීමේ පදනම යටතේ මෙන්ම නොමිලේද ලබාදීමට නියමිතය.