21 July 2017

අසභ්‍ය වීඩියෝ නරඹන අයටයි අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසෙන අයටයි එන අලුත්ම නීතිය මෙන්න

අසභ්‍ය චිත්‍රපට නැරඹීම මෙන්ම ඒවායේ සිදුවන දේ ආදර්ශයට ගැනීම තුළින් සිදුවන සමාජ පරිහානිය පිළිබඳව මේවනවිට ලොව පුරා බොහෝ දෙනෙකුගේ විශේෂ කතාබහට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ කුඩා ළමුන්ට බවයි සමීක්ෂණවලින් පවා මේවනවිට අනාවරණ වී තිබෙන්නේ.

විශේෂයෙන් මෙවැනි අසභ්‍ය චිත්‍රපට මගින් සිදුවන සමාජ පරිහානියට මූලික වශයෙන් අන්තර්ජාලය ප්‍රධාන මැදිහත්කරුවෙකු වනවා.

එයට හේතුවක් විදියට සැළකෙන්නේ වයස් භේදයකින් තොරව බොහෝදුරට ඕනෑම පුද්ගලයෙකුට මෙවැනි අසභ්‍ය වෙබ් පිටුවලට ඇතුලුවීමට ඇති හැකියාවයි.

කෙසේවෙතත් මෙම තත්වයෙන් දරුවන් ගලවා ගැනීම සඳහා ලොවපුරා විසඳුම් සොයන අතරතුර එංගලන්තය මේ පිළිබඳව අලුත්ම නීතියක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

එම නව නීතියට අනුව අසභ්‍ය වෙබ් පිටු වෙත පිවිසීමට ප්‍රථමයෙන් අදාළ පුද්ගලයාගේ කෙඩිට් කාඩ් තොරතුරු ඇතුලත් කළයුතු වනවා.

ඒ අනුව එරට බලධාරීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් අසභ්‍ය වෙබ් පිටු වෙත පිවිසීමට වැලැක්විය හැකි බවයි.

එසේම ඔවුන් විසින් අසභ්‍ය වෙබ් පිටු වෙත දැනුම් දී අත්තේ 2018 වසරේ අප්‍රේල් මාසයට පෙර එම පිටුවලට ඇතුලුවීමට පෙර මෙලෙස ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් සකස් කළයුතු බවටයි.

කෙසේවෙතත් එරට ළමා ආරක්ෂක සංවිධාන පෙන්වා දෙන්නේ මෙමගින් ළමුන් අදාළ වෙබ් පිටුවලට පිවිසීම අඩුකරගත හැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාජ තොරතුරු ලබාදෙමින් කුඩා දරුවා වර්තමානයේදී ද අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය පිටුවලට පිවිසෙන බවයි.

මහින්ද ලඟ සිටි තිස්ස යළි රක්ෂිත බන්ධනාගාරයට – වංචාවේ සම්පූර්ණ විස්තරය මෙන්න

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල්කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇතුළු සැකරුවන් දෙදෙනා ලබන 01වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය පසුගිය 18 වනදා නියෝග කර තිබේ.

මෙහි අනෙක් සැකකරුවා වනුයෙ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන වර්ණකුලසූරිය ලාල් පියන්ත පීරිස් නැමැත්තා ය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබූ කොරතොට පිහිටි මෙම ඉඩමේ අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන ගොස් වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂණයකට අදාළව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව තබන ලදී.

මෙහි දෙවන සැකකරු වන ලාල් පීරිස් නැමති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගිය 18වනදා මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක්ද ලබා දී ඇත.

මගනැගුම සමාගමේ සිදුව අති කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ ජුනි මස 15වනදා ය.

පෑලියගොඩ මගනැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ අභ්‍යන්තර විගණන කළමනාකාරවරයා විසින් මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල කර තිබී ඇති අතර ඒ අනුව නඩු තුණක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව 2011 වසරේදී අංක GP2400 දරන කොන්ක්‍රීට් ජෙවර් රථයක් ඇඩියන් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමට මිලදී ගැනීමේදී ඇස්තමේන්තු මුදල වූ රුපියල් හත්කෝටි තිස්පන්ලක්ෂ තිස්හයදහස් නවසිය අනූනවයයි ශත පනස් පහක් (රු. 37,536,999.55) ලෙස නම්කර තිබියදී රුපියල් හත්කෝටි තිස්නවලක්ෂ හත්දහස් දෙසිය හතලිස් තුනයි ශත පනස් පහක (රු. 73,907,243.55) මුදලක් ගෙවා ඇති බවත් මෙම රථය සඳහා වැඩිපුර මුදල් රුපියල් තුන්කෝටි හැත්තෑතුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය හතලිහයි ශත විස්සක් (රු. 37,370,240.20) ගෙවා ඇති බැවින් ඉන් මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නඩු අංක බී 24102/05 යටතේ ය.

එසේම, 2014 වර්ෂයේ ජූලි මස 04වැනි දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩේන්ජරස් කාගෝ ඇතිරීමක් සම්බන්ධව රුපියල්  දසලක්ෂ අනූහදහසක (රු. 1,096,000) මුදලක් මග නැගුම මාර්ග ඉදිකිරීම් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොගෙවීම සම්බන්ධයෙන් මුදල් අක්‍රමිකතාවක් සිදු කර තිබිණි.

නඩු අංක බී 45002/05 යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර තිබුණේ 2011 වර්ෂයේ මග නැගුම මර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් අයථා අන්දමින් ඩොලර් 679,753ක මුදලක් වැයකර කොන්ක්‍රීට් ඇතිරීමක් කළ බවත්, මිලියන 10ක් වැයකර ස්කැවේටර් යන්ත්‍රයක් මිලදිගැනීමක් කර එම යන්ත්‍රය කඩුවෙල, කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළුගල් කැණීම් කටයුතු සඳහා පිටස්තර පුද්ගලයකු වන ලාල් ප්‍රියන්ත පීරිස් යන අයට ලබාදී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් ය.

උසේන් බෝල්ට් නැවතත් පිටියට

කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී දැකගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදීයි.තිස් හැවිරිදි ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර සියය සහ මීටර සියය සහාය දිවීම යන ඉසව් සඳහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිය සහභාගිත්වය තහවුරු කර තිබෙනවා.

මීටර 100 සහ 200 ධාවන ඉසව්වන්ගේ හොඳම ධාවන කාල වාර්තාව හිමිව ඇත්තේ ද ඔහුටයි. මෙම ලෝක ශූරතා තරගාවලියෙන් පසු උසේන් බෝල්ට් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇතැයි විශ්වාස කෙරෙනවා. තරගාවලිය පිළිබඳ අදහස් පළ කරමින් උසේන් බෝල්ට් පවසා ඇත්තේ සිය ඉලක්කය ලන්ඩන් හි පැවැත්වෙන තරගයෙන් ජයගැනීම බවයි. එමෙන්ම ජයග්‍රාහකයෙකු ලෙස සමුගැනීමට තමන්ට අවශ්‍ය බව ද ඔහු පවසා තිබෙනවා. උසේන් බෝල්ට් පළමුවෙන්ම සහභාගි වන මීටර 100 ඉසව්ව ලබන මස 5 වනදා පැවැත්වෙනු ඇති.

සත්‍යය භාර ගැනීමට ශ‍්‍රී ලංකාව පස්ස ගැසීම

යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ කාර්යයේ දී ශ‍්‍රී ලංකාවේ රජය තමන්ගේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවටත් ප‍්‍රතිඥා දී ඇති මුත්, තවමත් පස්ස ගසයි.

බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ශ‍්‍රී ලංකාව ගෙන ගිය යුද්ධයේදී ලක්ෂයක් සිවිල් ජනතාව ඝාතනය වූ බවට ගණන් බලා තිබේ. ඊටත් වැඩි ගණනක් තුවාල ලබා ඇත. උන්හිටි තැන් අහිමි කරගෙන ඇත. ඒ අස්සේ, දෙමළ සහ මුස්ලිම් සුළුතර ප‍්‍රජාවත්, රටේ බහුතර සිංහල ප‍්‍රජාවත් අතර පෑහිය නොහැකි සේ පෙනෙන විවරයක් තව තවත් පුළුල් වී තිබේ.

යුක්තිය සහ වගවීම පිළිබඳ සොයා බැලීමට ශ‍්‍රී ලංකාවේ රජය 2015 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රතිඥා දීමෙන් අනතුරුව, එකී ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමේ අරමුණින් 2016 දී දීප ව්‍යාප්ත ජනතා අදහස් සොයා බැලීමක් දියත් කෙරුණි. එම කාර්යය, 11 දෙනෙකුගෙන් සැදුම්ලත් ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායකට’ පැවරුණි. එම කණ්ඩායම තුළ, සියලු වාර්ගික, ආගමික සහ ප‍්‍රාදේශීය ජනවර්ගවල හරස්කඩක් නියෝජනය කෙරුණු අතර, එහි සභාපතිනිය ඇතුලු අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන්ගෙන් සමන්විත වූහ.

මහජන අදහස් විමසීමේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය සංකීරණ එකක් විය. ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ විසින් ප‍්‍රාදේශීය සිවිල් සමාජ, දේශපාලනික, ස්ත‍්‍රීවාදී, සුවසේවා සහ ආගමික නායකයන්ගෙන් යුත් ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ බඳවා ගනු ලැබූ අතර, විවිධ පළාත් සහ දිස්ත‍්‍රික්කවල මහජන අදහස් විමසීම් කරගෙන ගියේ ඔවුන් ය. මේ ‘කලාපීය කාර්ය සාධක බලකායන්හි’ ඇතැම් සාමාජිකයන් ‘හියුමන් රයිට්ස් වොච්’ වෙත අදහස් දැක්වූ පරිදි, එම ප‍්‍රවිචාරණය ආණ්ඩුවෙන් වැඩි සහායක් නොලැබ කරගෙන ගිය දුෂ්කර කාර්යයකි. විශේෂතම කාරණය වන්නේ, ආරක්ෂක අංශ කෙරෙහි නිරන්තර බියෙන් පසු වූ මිනිසුන් පවා මේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය ඉදිරියේ තම අදහස් දැක්වීමට ඉදිරිපත්ව තිබීමයි.

සිංහල මහ ජාතිය වැඩිපුර වෙසෙන දකුණේ පවා විශාල සහභාගීත්වයක් දක්නට ලැබුණු බව ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ ප‍්‍රකාශ කර සිටී. එපමණක් නොව, අදහස් පළ කිරීමේ වැඩි කැමැත්තක් නැතැයි සැළකෙන ආරක්ෂක අංශවල සාමාජිකයන් පවා ඒවා ඉදිරියේ ස්වකීය අදහස් දැක්වූ බව කියැවේ. ඊට හේතුව, ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායට’ අයත් සාමාජිකයන් කෙරෙහි ඔවුන් තුළ පැවති විශ්වාසයයි. එසේම, බිය සහ දුෂ්කරතා මධ්‍යයේ පවා, ‘සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලිය’ අවබෝධ කර ගැනීමට සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් තුළ පැවති උනන්දුවයි.

2016 අගෝස්තු මාසයේදී සිය ප‍්‍රවිචාරණ කටයුතු අවසන් කළ ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ ස්වකීය දිස්ත‍්‍රික් සහ පළාත්වල වාර්තා ප‍්‍රධාන ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ වෙත ඉදිරිපත් කෙළේය. අනතුරුව මේ විවිධ වාර්තා සංගෘහිත කළ ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ ඒවා තුළින් සොයාගත් කරුණු සහ නිර්දේශ තෝරා බේරාගෙන ඒ සියල්ල එක් මධ්‍යම වාර්තාවකට ගොනු කොට, 2017 ජනවාරි 3 වැනි දා ආණ්ඩුවට භාර දුන්නේය. එහි ඉතා ප‍්‍රබල නිර්දේශ ඇතුළත් වෙයි. දේශීය සහ විදේශීය විනිසුරන්ගෙන් සමන්විත, කාල නිර්ණයකින් තොර අධිකරණ බලයකින් යුත්, යුද අපරාධ අධිකරණයක් ඇති කරන මෙන් එයින් ඉල්ලා සිටී. එවැනි අධිකරණයක් සඳහා සිංහලයන්ගේ සහාය ද ලැබී තිබේ. ඒ, ඊට දශක තුනකට කලින් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූ සහ ඒ ගැන වගවීමක් නොතිබූ ඉතිහාසයක් එම ජනතාවටත් ඇති බැවිනි. එසේම එම වාර්තාව, රට පුරා සිදුව ඇති අතුරුදහන්වීම් සොයා බලන ලෙසත්, මූල්‍යමය සහ සංකේතමය වන්දි ගෙවීම් සිදු කරන ලෙසත්, ව්‍යවස්ථාමය සහ දේශපාලනික විසඳුම් ඇති කර ගන්නා ලෙසත්, දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙමින් පවතින ඉඩම් ආරාවුල් නිරාකරණය කරන ලෙසත්, වින්දිතයන්ගේ මනෝ-සමාජ අවශ්‍යතා කෙරෙහි තත්පර වන ලෙසත් ඉල්ලා සිටී.

වාර්තාව භාර දී අඩ වසරක් ගෙවී ගොසිනි. ඒ වැදගත් කාර්ය භාරය ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ අවධානයෙන් දැන් ගිලිහී ගොසිනි. පිටරට සවාරි යන නිලධාරීන් ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය ගැන පම්පෝරි ගැසුවත්, එය මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව කෙරෙහි ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ කැප වීම ප‍්‍රදර්ශනය කිරීමක් වශයෙන් හුවා දැක්වුවත්, දේශීය වශයෙන් ගත් විට එම වාර්තාව මුළුමණින් නොතකා හැර තිබේ. එකී යෝජනාව පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය සමාලෝචනය කරන විදේශීය ආණ්ඩු, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ තවත් වාර්තාවක් මෙසේ පිළිකන්නට වීසි කොට ඇත්තේ මන්දැයි ප‍්‍රශ්න කළ යුතුය. මේ අතර, ජාතික මට්ටමේ කාර්ය සාධක බලකා සාමාජිකයන් සේම කලාපීය මට්ටමේ කාර්ය සාධක බලකා සාමාජිකයෝ ද දුෂ්කරතාවකට මුහුණදී සිටිති. මීට පෙර බොහෝ ආණ්ඩු මගින් සම්පාදනය කරන ලද පරීක්ෂණ වාර්තා කුණු කූඩයට ගොස් ඇති බව දැන සිටි නමුත්, පාලකයන්ගේ අව්‍යාජත්වය පිළිබඳ සැකසාංකා තිබියේ වී නමුත්, මේ පිරිස මේ කාර්ය සඳහා එක් වූයේ ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිඥාවන්ට කැප
වෙතැයි පැවති විශ්වාසය නිසා ය. එහෙත් දැන් ඒ ගැන ඇත්තේ ද අපේක්ෂා භංගත්වයකි.

මේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලියේ අහ්ලාදය මෙන්ම අපේක්ෂා භංගත්වයත් ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ එක් සාමාජිකයෙක් මෙසේ විස්තර කෙළේය: ‘‘අදහස් විචාරණයේදී, වැඩි සහයෝගයක් නොදක්වන කොටස් පවා සහයෝගය දුන්නා. ඇත්තටම මිනිසුන්ට තමන්ගේම වන අදහස් තිබුණා. ඒත් 2017 ජනවාරි වෙනකොට, මොකක්ද මේ වෙන්නේ කියලා මං හිතන්න පටන් ගත්තා.’’ කලාපීය කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන්, විශේෂයෙන් අවුරුදු ගණන් තිස්සේ පළාතේ ජනතාව සමග විශ්වාසය ගොඩනගමින් සිටි ප‍්‍රජා නායකයන්, කිසි ප‍්‍රගතියක් නොමැති කම නිසා ඇති වන ජනතා කෝපය තමන් වෙත එල්ල වන බව අවබෝධ කරගෙන තිබේ. තමන්ගේ පළාත්වල ප‍්‍රජාවන් නිතර නගන ප‍්‍රශ්න ඉදිරියේ ඔවුහූ නිරුත්තර වෙති. මෙය තවත් කඩ කළ පොරොන්දුවක් ද? මෙවර එය සිදු කොට ඇත්තේ ජනතාව විශ්වාසය තැබූ නියෝජිතයන් විසින්ම බව අනාවරණයව තිබේ. ‘‘මිනිස්සු අපිත් එක්ක ඉන්නේ හරි කේන්තියෙන්. මං එක්ක පවා තිබිච්ච ඒගොල්ලන්ගේ විශ්වාසය නැති වෙලා.’’ එක් ‘කලාපීය ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකායක’ සාමාජිකයෙක් ‘හියුමන් රයිට්ස් වොච්’ සමග කීය. ‘‘දැන් මගෙත් විශ්වාසය හිඳිලා.’’ ඔහු තවදුරටත් කීය. ප‍්‍රවිචාරණ වාර්තාවේ දැක්වෙන කරුණු ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ පිළිගත යුතුව තිබේ. රට පුරා වෙසෙන අගතියට පත් සියලු වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් දරණ අදහස් මිස වෙන කිසිවක් නොවන එම වාර්තාවේ නිර්දේශ, යුක්තිය පසිඳලීමේ ප‍්‍රබල යාන්ත‍්‍රණ හරහා නිසි පරිද්දෙන් කි‍්‍රයාවේ යෙදැවිය යුත්තේය.

එය හුදෙක් ජාත්‍යන්තරයට දෙන ලද ප‍්‍රතිඥා මස්තකප‍්‍රාප්ත කිරීමටම නොව, තමන්මත් විශ්වාස කරන පරිදි, සාමය යනු යුද්ධයේ නිමාවක් පමණක් නොවී, යුක්ති ධර්මය ද අන්තර්ගත කරගන්නා සාමයක් බව තමන්ගේම රටවැසියන්ට සහතික කරලීම සඳහා ආණ්ඩුව එම පියවර ගත යුතුව ඇත.

*2017 ජුලි 13 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Sri Lanka’s Difficulty with Truth” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

| ටෙජ්ශ‍්‍රී තාපා 

සිසුන් පැහැරගැනීමට පැමිණි සුදුවෑන් කල්ලියේ ප්‍රයත්නය කරයි

එලඹෙන 25වන දින විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට සූදානම් කර ඇති සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සමුළුවේ සංවිධාන වැඩකටයුතු සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවක් අවසානයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයෙන් පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාව සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ත කිරීමට සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සාමාජිකයින් සමත් වී ඇත.

විශේෂයෙන්ම මෙම අවස්ථාවේ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, වෛද්‍ය පීඨ දේමාපිය සංගම් නියෝජිතයින් හා ශිෂ්‍ය නියෝජිතයින් මහත් පරිශ්‍රමයක් දරා සිවිල් ඇඳුමින් සැරසී ගත් පුද්ගලයින්ගෙන් රයන් ජයලත් මහතාව මුදවාගෙන ඇති බව වාර්තා වේ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා, රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසා මහතා හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පොලීසිය සමග මෙම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක නිරතවිය.

මෙහිදි අහස් දැක්වූ ජාතිව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූවේ යහපාලනය ගෙන එන බවටත් ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන බවටත් ලිච්චවී පාලනයක් සම්බන්ධයේන ජනතාවට පොරොන්දු වූ මෙම ආණ්ඩුව පැරණි රජපක්ෂ පාලනය මෙන්ම නැවත වරක් සුදු වෑන් සංස්කෘත්යක් හඳුන්වාදෙමින් සිටින බවත් ආණ්ඩුව එසේ ක්‍රියාකාරන්නේනම් ආණ්ඩුවේ අවසානයද එය බවය.

එම ස්ථානයේ පොලීසිය රැඳී සිටින අතර මෙම සුදුවෑන් ප්‍රයත්නය පිළිබඳ වාර්තාවීමත් සමග දේශපාලන පක්ෂ නායකයින්, විශ්වවිදයාල සිසුන්, වෘත්තීය සමිති නායකයින් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.

LT

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජය කුලියක් ගෙවන්නේ නෑ

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම වෙනුවෙන් රජය නෙවිල් ප්‍රනාන්දු රෝහලට කිසිඳු මුදලක් නොගෙවන බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සියලුම ණය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ගෙවන බවත් සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඉදිරි වසර 10 ක කාලය තුළ සයිටම් ආයතනයේ ණය ගෙවා අවසන් වන තෙක් රෝහල ලංකා බැංකුව යටතේ උකස් හිමිකමක් ලෙස පවතිනු ඇති බවත් ඉන් අනතුරුව රෝහල රජයට පවරා ගනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම රෝහලේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ පවතින බවත් එය වාර්ෂිකව රුපියල් 1000ක නාමික කුලී ගාස්තුවක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදෙන බව නිවේදනයේ දැක්වෙනවා.

රෝහල හුදෙක්ම ප්‍රදානයක් ලෙස රජයට ලබාදුන් බවත් එහි වටිනාකම රුපියල් බිලියන 3.55ක් පමණ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉන්දීය ජනාධිපති ධුරය රාම් නාත්ට හිමිවෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමෙන් තුනෙක් දෙකක බහුතර ඡන්දයක් ලබා එරට 14 වැනි ජනාධිපතිවරයා බවට රාම් නාත් කෝවින්ද් පත්ව තිබේ.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම ඔහු සමග තරගයට පැමිණි කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාරි ද පීඩිත දාලිත් ජනවර්ගයෙන් පැවතෙන්නෙකි.

ඉන්දීය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මහජන ඡන්දයෙන් නොව, එරට මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවෙයි.

මෙම ජයග්‍රහණයත් සමග රාම් නාත් එලඹෙන ජූලි 25 වැනිදා එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර ඇත.

දෙවැනි ජාතික රෝහල මහනුවරට

මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ලබන වසර වන විට එය සිදු කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. මහනුවර මහ රෝහලේ සංචාරයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගොඩනැගිල්ලේ සැලසුම් පරික්ෂා කර බලා මහල් 7 කට රෝහල් සංකීර්ණය ඉදිකරන ලෙස දැනුම් දුන්නේය. මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබාදීමට ද තීරණය කර ඇත. තැලසීමියා රෝගීන්ගේ කවය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම රෝහල් සංකීර්ණය ඉදිකරන අතර, එහි ඉදිකිරීම් කටයුතු වසර 2020 ට ප්‍රථම අවසන් කිරිමට ද නියමිතය.