21 July 2017

උසේන් බෝල්ට් නැවතත් පිටියට

කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී දැකගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදීයි.තිස් හැවිරිදි ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර සියය සහ මීටර සියය සහාය දිවීම යන ඉසව් සඳහා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සිය සහභාගිත්වය තහවුරු කර තිබෙනවා.

මීටර 100 සහ 200 ධාවන ඉසව්වන්ගේ හොඳම ධාවන කාල වාර්තාව හිමිව ඇත්තේ ද ඔහුටයි. මෙම ලෝක ශූරතා තරගාවලියෙන් පසු උසේන් බෝල්ට් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇතැයි විශ්වාස කෙරෙනවා. තරගාවලිය පිළිබඳ අදහස් පළ කරමින් උසේන් බෝල්ට් පවසා ඇත්තේ සිය ඉලක්කය ලන්ඩන් හි පැවැත්වෙන තරගයෙන් ජයගැනීම බවයි. එමෙන්ම ජයග්‍රාහකයෙකු ලෙස සමුගැනීමට තමන්ට අවශ්‍ය බව ද ඔහු පවසා තිබෙනවා. උසේන් බෝල්ට් පළමුවෙන්ම සහභාගි වන මීටර 100 ඉසව්ව ලබන මස 5 වනදා පැවැත්වෙනු ඇති.

No comments:

Post a Comment