08 April 2017

ඇප ලැබීම ගැන විමල් මාධ්‍යට කියද්දී ශෂී වීරවංශට පිටිපස්සේ හිටපු කෙනෙක් කරපු කැත වැඩේ මෙන්න | VIDEO



බන්ධනාගාර ගතකර දින 87කට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඊයේ(08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන්නා.

උසාවියෙන් පිටතට පැමිණි ඔහු මාධ්‍යවේදීන් ආමන්ත්‍රණය කලා.

එම අවස්ථාවේදී ඔහු අසල සිටි ශෂී වීරවංශ මහත්මියට යම් පුද්ගලයෙකු විසින් තල්ලු කරමින් ඇයව අපහසුතාවයට පත කරන අන්දමේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

Click Watch Video

ඉන්ස්ටර්ග්‍රෑම් එකට දාන සෙල්‍ෆි ෆොටෝවලින් සිදුවන භයානක ප්‍රථිපල ගැන දැනුවත්ද? නැත්නම් කියවන්න



ඉන්ස්ටර්ග්‍රෑම් ඇප් එක අද බොහෝ දෙනෙක් අතර භාවිත වන සමාජ ජාල මාධ්‍යයක් බවට පත්වී තිබෙනවා.

නව ප්‍රවණතාවයක් මෙන්ම සුලබ දසුනක් වන සෙල්ෆි ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම්හි දැක්වීමට සැලැස්වීම මගින් මිනිස් චිත්තවේග ඉන් නිරූපණය වන අතර එය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ල කළ හැකි මට්ටමක පවතින බව සොයාගෙන තිබෙනවා.

සෙල්ෆියක් යනු හුදෙක් ඡායාරූපයක් ම පමණක් නොවන බවයි පරීක්ෂණයක් මගින් පෙන්වා දෙන්නේ.

ශෝකය, හුදකලාව, කෝපය ආදී හැඟීම් දැනවෙන ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඔවුන් සොයාගෙන තිබෙනවා.

ඒ නිසාම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම වෙනුවට පවතින ප්‍රශ්න තවතවත් අවුල් සහගත තත්ත්වයන්ට පත් වී ඇති බවද එම පරීක්ෂණයන් මගින් තහවුරු වී තිබෙනවා.

මීට පෙර මෙබදු තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වූයේ මුහුණුපොත මගින් වුවත් දැන් එය ඉන්ස්ටර්ග්‍රෑම් මගින් දක්නට ලැබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් සෙල්ෆි ඡායාරූපවල ගුණදොස් විචාරමින් මිතුරු මිතුරියන් කමෙන්ට් කිරීම සහ ලයික් කිරීම මගින් සෙල්ෆි ඡායාරූප වැඩි වශයෙන් ගැනීමට පෙළඹවීමක් ද ඇති කරනු දක්නට ලැබෙනවා.

තවද මෙමගින් අදාළ සෙල්ෆියේ හිමිකරු ඉමහත් සතුටට පත්වන අතර ඔහුගේ හෝ ඇයගේ සිනහවට සෙල්ෆිය හේතුවක් වන බවද ඔවුන් සොයාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් තරුණ පුජාව ඇතුළු ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන්නන් දැඩි පරිස්සමින් එය භාවිත කළ යුතු බවයි අදාළ පරීක්ෂණය සිදු කළ විදෙස් විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ස්ටර්ග්‍රෑම් සිය නවතම විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා.

ඒ මෙතෙක් කලක් ඇපල් ජංගම දුරකථනවලට සහ මෑත කාලයේ නිකුත් කළ ජංගම දුරකථනවලට ලබාදී තිබූ ඉන්ස්ටර්ග්‍රෑම් ලයිව් විශේෂාංගය මේ වන විට සියලුම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වෙත ලබාදී දී තිබෙනවා.

එය ඔබේ ජංගම දුරකථනයට මෙතෙක් සක්‍රීය වී නැත්නම් ඉන්ස්ටර්ග්‍රෑම් ඇප් එක අදම නවතම සංස්කරණයට යාවත්කාලීන කරන ගන්න.

2017 දී දෙස් විදෙස් අයගේ වැඩ නිසා ඔබ ඇන්දුනු හොදම බොරු සෙට් එක මෙන්න



අප්‍රේල්  1 වෙනිදා කියන්නේ ගොඩ දෙනෙක් මෝඩයාට ඇන්ඳෙන දවසක්. ඒකට හොඳම යාළුවාද, පෙම්වතා පෙම්වතියද, අයියා මල්ලිද කියලා. හැමෝම බොරු කියලා තව කෙනෙක්ව රව්ටන්න තමයි බලන්නේ. ඒ අතෙර් සමහර විහිළුවලට නම් ඇස් රතුවෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.

ඔය හැමදේම අතරේ පහුගිය 1 වෙනිදට යෙදිලා තිබුණු මෝඩයින්ගේ දිනේදී ලෝකෙ පුර‍ා වගේම අපේ රටෙත් ගොඩදෙනෙකුගේ අවධානයට යොමුවුණු බොරු ටිකක් ගැන පුංචි විස්තරයක් තමයි මේ.....

1. සංගක්කාර නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීම



කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමුඅරන් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ඒත් ඔහුට තියෙන ආදරේ නම් ක්‍රිකට් ලෝලීන් අතරින් තාමත් අඩුවෙලා නෑ. ඒ නිසා අප්‍රේල් 1 වෙනිදාThePapare.com වෙබ් අඩවියෝ ප්‍රවෘත්තියක් විදියට වාර්තා කරලා තිබුණා සංගක්කාර නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වෙනවා කියලා. මේක දැකපු ගොඩ දෙනෙක් පුවත විශ්වාස කළා වගේම ඒ ගැන යාළුවන් අතරෙත් තොරතුරු හුවමාරු කරගත්තා. ඒත් අප්‍රේල් 2වෙනිදා මේ ගැන සඳහන් කරලා තිබුණු ThePapare.com වෙබ් අඩවිය කියලා තිබුණේ අප්‍රේල් 1 වෙනිදා මෝඩයින්ගේ දිනය වෙනුවෙන් තමයි සංගක්කාර ගැන ඒ විදියට ප්‍රවෘත්තියක් පළකළේ කියලා.

 2. ගූගල් සමාගමේ Gnome උපකරණය හඳුන්වාදීම


ලොවපුරා ප්‍රචලිත ගූගල් සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදයක් ලෙස Google Gnome නම් උපකරණයක් වෙළඳපලට නිකුත් කරන බවට වන වීඩියෝවක් අප්‍රේල් 1වනදා අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. එම උපකරණය එදිනෙදා වැඩකටයුතු පහසු කර දෙන බවත් අපට අවශ්‍ය දැනුම ලබාදෙන බවත් එම වීඩියෝවෙන් පවසා සිටියා. මේ පිළිබඳව බොහෝ දෙනෙකු විශ්වාස කළ අතර අන්තර්ජාලය ඔස්සේ එම වීඩියෝව මිලියන 4කට අධික පිරිසක් නරඹා තිබුණු නමුත් පසුව දැනගන්නට ලැබුනේ අප්‍රේල් 1වනදාට යෙදෙන මෝඩයින්ගේ දිනය වෙනුවෙන් Google සමාගම මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.

3. හොන්ඩා සමාගමේ නවතම නළා ශබ්ද සහිත සුක්කානම



හොන්ඩා සමාගමද අප්‍රේල් 1වනදා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ අතර එයින් පෙන්වා දී තිබුනේ රියදුරා විවිධ අවස්ථාවලදී දක්වන ප්‍රතිචාරයන්ට අනුකූලවන නාදවන ලෙසින් මෝටර් රථවලට නළාවක් හඳුන්වා දී ඇති බවයි. සිනහව, තරහා, වේදනාව, හැඬීම වැනි අවස්ථාවලට එක් එක් නාද රටාවන් මේ මඟින් නිකුත් කළ හැකි බවත් ඒ තුළින් වාහනයෙන් පිටත සිටින පිරිස් තමන් කුමන තත්වයක සිටීදැයි දැනගන්නා බවත් ඔවුන් පවසා තිබුණා. නමුත් මෙයද අප්‍රේල් 1වනදා මෝඩයින්ගේ දිනය වෙනුවෙන් ඉදිරිපත් කළ වීඩියෝවක් වුණා.

4.සරාගී කාන්තාවකගේ GIF එක්වූ AXE Sri Lanka ෆේස්බුක් පිටුව


මේ වන විට ෆේස්බුක් ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති GIF පෝස්ට් එකක් AXE Sri Lanka ෆේස්බුක් පිටුවට එක්කර අප්‍රේල් 1වනදා බොහෝ දෙනෙකු නොමඟ යවා තිබෙණු දැකගන්නට හැකිවුණා. එහි දැක්වුණේ කාන්තාවක් විසින් ඇය හැඳගෙන සිටින ඇඳුම ගලවා දමන්නට තැත් කරන සිදුවීමක් නමුත් එය තුළ Click කළ බොහෝ දෙනෙකුට දිස්වූයේ මෙය අප්‍රේල් 1වනදා වෙනුවෙන් ඔවුන්ව නොමඟ යැවීමට සිදුකළ රැවටීමක් බවයි.


5. දුඹුරු පැහැයෙන් මිදී පාටක් නොමැතිව විනිවිද පෙනෙන අයුරින් වෙළඳපළට ආ Marmite


මාමයිට් කියූ පමණින් අපගේ සිහියට එන්නේ දුඹුරු පැහැයෙන් යුතු කහ පාට මූඩියෙන් ආවරණය වූ රවුම් හැඩැති බෝතලයයි. නමුත් Marmite Sri Lanka ෆේස්බුක් පිටුවෙන් අප්‍රේල් 1වනදා කියා සිටියේ ඉදිරියේදී ඔබට විනිවිද භාවයෙන් දිස්වන මෙන්ම දුඹුරු පැහැයෙන් වෙනස් වූ මාමයිට් ආහාරයට ගන්නට අවස්ථාවක් උදාවන බවයි. එලෙසින් වෙළඳපලට එන මාමයිට් පිළිබඳව බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබාගෙන සිටි අතර අතැමුන් ඒවා මිලදී ගත හැක්කේ කුමන වෙළඳසැල් වලින්දැයි ද විමසා සිටියා. නමුත් සැබැවින්ම එලෙස නිෂ්පාදනයක් වෙළඳපලට නිකුත් නොවූ අතර එයද අප්‍රේල් 1වනදා වෙනුවෙන් මාමයිට් සමාගම කළ විහිළුවක් බව පසුව දැනගන්නට ලැබුණා.

6.Huggies වෙතින් එළිදැක්වූ ස්වයං පිරිසිදු කිරීමේ හැකියාව ඇති ඩයපර්

Huggies Sri Lanka ෆේස්බුක් පිටුව තුළින්ද අප්‍රේල් 1වනදා වැඩි වශයෙන් මව්වරුන් නොමඟ යවා තිබුණේ දරුවන්ට අන්දවන ඩයපර් ස්වයං පිරිසිදු කිරීමේ හැකියාවක් සහිතව වෙළඳපලට නිකුත් වන බවට පෝස්ට් එකක් මඟින් දැනුම් දීම තුළින්. ඔවුන් අන්තර්ජාලයට එක්කර තිබු ඡායාරූපයේ දැක්වුණේ කුඩා ළමයෙකු විසින් ඩයපරයක් ඇඳගෙන සිටින අයුරු වන අතර එහි Clean ලෙසින් බොත්තමක්ද දැකගන්නට හැකිවුණා. ඒ අනුව දරුවාට එය අන්දවා තිබියදීම පිරිසිදු කරගත හැකි බවට මව්වරුන් විශ්වාස කළ නමුත් පසුව දැනගන්නට ලැබුනේ එය අප්‍රේල් 1වනදා වෙනුවෙන් කළ විහිළුවක් බවයි.

7.Audi සමාගමෙන් තරුණයින්ට හඳුන්වාදුන් මුහුණු පැහැගැන්වීමේ ආලේපන හා සුවඳ විළවුන්


Audi කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රියත්වට පත්වුණු මෝටර් රථ නිෂ්පාදන සමාගමක්. ඔවුන් මෝටර් රථ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් තරුණියින් වෙනුවෙන් සම ආරක්ෂා කිරීමේ ක්‍රීම් වර්ග මෙන්ම සුවඳ විළවුන් වෙළඳපලට නිකුත් කරන බව Audi Sri Lanka ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණා.
ලෝකප්‍රසිද්ධ සන්නාමයක් යටතේ සුවඳ විළවුන් හා ක්‍රීම් වර්ග භාවිතයට කැමති බොහෝ දෙනෙකු මෙය විශ්වාස කළ නමුත් Audi Sri Lanka පිටුවෙන් පවසා තිබුණේ එයා අප්‍රේල් 1වනා වෙනුවෙන් කළ විහිළුවක් බවත් Audi සමාගම එලෙසින් ක්‍රීම් වර්ග හෝ සුවඳ විළවුන් නිෂ්පාදනය නොකළ බවයි.

මන්ත්‍රීවරු තේරීමේදී ජනතාව බුද්ධිමත් විය යුතුයි



මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමට ඡන්දය භාවිතා කිරීමේදී ජනතාව බුද්ධිමත් විය යුතු බව. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පරිනත දේශපාලනඥයින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේනම් පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ දක්නට ලැබෙන කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

ඌරුබොක්ක, ගින්නලිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා



ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය මේ වන විට රටේ ප්‍රදේශ ගණනාවකම ව්‍යාප්ත වී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසන්නේ මෙය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවය.

ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වාදෙයි.

කම්කරු දිනය එක් එක් දේශපාලන පක්ෂ වලට අයත් දිනයක් නොවෙයි



ජාත්‍යන්තර කම්කරු දිනය එක් එක් දේශපාලන පක්ෂ වලට අයත් දිනයක් නොවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

එහි සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ, තමන්ට අභිමත ආකාරයට එය යොදාගනිමින් එහි අර්ථයන්, උරුමයන් කෙලසා දැමීමට පාලක පැලැන්තිය හා ඔවුන්ගේ තැරැව්කාර කණ්ඩායම් දරණ නිර්ලජ්ජිත උත්සාහය දැඩි සේ හෙළා දකින බවය.

ඔවුන්ගේ එම උත්සාහයන් පරාජයට පත් කොට මැයි දිනයේ සැබෑ උරුමකරුවන් වෙත එය ලබාගැනීම සඳහා වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනතාව පෙරමුණ ගත යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර “රතු මැයි දිනය, කොළ මැයි දිනයක් බවට පත් කරන“ බවට කර ඇති ප්‍රකාශය ද මෙහිදී විවේචනයට ලක් කරන බව ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියට ලක් සිසුන් 2ක්



ජර්මනියේ ස්ටුට්ගාඩ් හි පැවැත්වෙන 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයන් දෙදෙනෙකු අවස්ථාව ලැබී තිබේ.

තරගාවලිය එළැඹෙන 16 දා සිට  22 දා දක්වා පැවැත්වීමට නියමිතය. කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න හා මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් යන පාසල් ක්‍රීඩකයන්ට මෙම අවස්ථාව හිමිව තිබේ.

ඔවුන්ට තරගාවලියට එක්වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  (07දා) ප්‍රදානය කළේය.





  සංවර්ධනය සඳහා තරුණ පරම්පරාවේ උසස් චින්තන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලද 39 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
තරගාවලියේදී තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට මෙම සිසුන්ට අවස්ථාව ලැබී තිබේ. 2016 අප්‍රේල් මස රුමේනියාවේ පැවති තරගාවලියට ශ්‍රී ලංකාවේ සිසුන් දෙදෙනෙකු නිරීක්ෂණ මට්ටමින්  එක්විය.

බංග්ලාදේශයේ දක්ෂතා ගැන පුදුම වෙන්න දෙයක් නෑ :



 බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බංග්ලාදේශ කණ්ඩායම දක්වන දක්‍ෂතා පිළිබඳ පුදුම නොවිය යුතු බවත්, ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ ලාංකිකයෙක් හා යාළුවෙක් විදිහට සතුටුවෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06දා) රාත්‍රියේ පැවති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ගුරුසිංහ මහතා මෙම අදහස් දක්වා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමග තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ගුරුසිංහ මහතා,

“චන්දික හතුරුසිංහ කියන පුද්ගලයා ගැන මම ඉස්සෙල්ලම දැනගත්තේ 1986 වසරේ. මම අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කාලේ ඉඳන් මම දැනගත්තා එයාගෙ (හතුරුසිංහ) ක්‍රිකට් දැනුම. මට කිසිම පුදුමයක් නෙමෙයි එයා මේ කරලා තියෙන දේ. මම සතුටුවෙනවා තව ලාංකිකයෙක් හා යාළුවෙක් විදියට බංග්ලාදේශ කණ්ඩායමත් සමග එයා කරන දේ. මම හිතන්නේ එයාගෙ වසර කිහිපයක කැපවීමේ ප්‍රතිඵලයක් කණ්ඩායම මේ ඉන්න තත්ත්වය. හතුරුට මෙතනින් එහාට මේ කණ්ඩායම ගෙනියන්න තියෙනවා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම්. එයා හොඳ සේවයක් බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් කරනවා ” යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හතුරුසිංහ මහතාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා දැයි මෙම මාධ්‍ය සාකච්චාවේදී ගුරුසිංහ මහතාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ, හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණිය හොත් හොඳ ස්ථානයකට යාමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි. කෙසේ නමුත් 2019 වසර තෙක් ඔහු බංග්ලාදේශය සමග  ගිවිසුම් ගතව සිටින බව හෙතෙම පැවසීය.

“හරි අමාරුයි ඒක කියන්න. වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සමගද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 තෙක් ගිවිසුම් ගතව ඉන්නේ. හතුරුසිංහද 2019 තෙක් බංග්ලාදේශය සමග ගිවිසුම් ගතව ඉන්නේ. හතුරු මට කියූ විදියට එයා 2019 ලෝක කුසලානය වෙනකම් ඉන්නවා. කොහොමත් අපටත් බැහැ එහෙම කරන්න, අපේ පුහුණුකරුගෙත් තියෙනවා ගිවිසුමක්. මම හිතන්නේ නැනැ අපි දෙගොල්ලොම ඒ ගැන කථාකරයි කියලා. කෙසේ නමුත් ඉතින් එයා කවදහරි දවසක ලංකාවට ආවොත්, අපට හොඳ ස්ථානයකට යන්න පුළුවන් වෙයි” යැයි අවසන් වශයෙන් පැවසීය.

ලෝකයෙන්ම තවත් පළමු වැඩක් ලංකාව කිරීමට යයි



ලෝකයේ ප්‍රථම වතාවට කකුළුවන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මීට අමතරව මේ වසර තුළදී මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 2000ක හා මන්නාරම ප්‍රදේශයේද ජලජ ජීවී වගා ඇතිකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීම යටතේ නිෂ්පාදනය කළ පළමු යාත්‍රාව දියඹට මුදාහැරීම සඳහා ඊයේ (06දා) පැවැති උත්සවයේදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2020 වසරවනවිට ධීවර අංශයේ රැකියා ලක්ෂයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

මේ යටතේ දැනටමත් දසදහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය. මෙතෙක් කලක් ධීවර කර්මාන්තය දියුණු කිරීමට රජයන් කටයුතු නොකළ බවත්, මුදල් වෙන් කිරීමේදී පවා ලැබුණේ අවම මුදල් ප්‍රමාණයක් පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් වර්තමාන ආණ්ඩුව එම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍යතරම් මුදල් ලබාදෙන බවද ඔහු පවසා සිටියේය. ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා අඩි 55ට වැඩි යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සීනොර් ආයතනය විසින් ආරම්භ කර තිබෙන අතර, මෙම යාත්‍රා මිලදී ගැනීමේදී ධීවරයන්ට 55%ක ආධාරයක් ලබාදීමටද සැලසුම් කර තිබේ.

ඔබ දන්නවාද මොකද්ද මේ ඇඳුම කියා ? | PHOTO



පසුගිය දිනක කැලිෆෝනියාවේ කාර්යබහුල වෙරළ තීරයේ සරාගී තරුණියන් තිදෙනෙකු බිඳ වැටෙන රළ අතර සර්ෆින් ක්‍රීඩාවේ යෙදමින් සිටියා.

ඒ ජොවාන්, ටාජ්මා සහ ක්‍රිස්ටීන් කියන ඇමරිකාවේ වෙසෙන සරාගී මෙන්ම සූරූපී නීරූපණ ශීල්පිණියන් තිදෙනෙක්, ඇත්තටම ඔවුන් ඇඳ සිටියේ දියට අඳින ඇඟට තදවූ ඇඳුම් බව පෙනුනත් ඔවුන් ඇත්තටම සිටියේ නිරුවතින් පාවුල් රෝස්ටන් කියන චිත්‍ර ශිල්පියා විසින් මෙම වෙස්ගැන්වීම සිදු කර තිබුනේ ඇල්කොහොල් පදනම් කරගනිම්න් යොදාගත් තීන්ත වර්ගයකින් බවට සඳහන් වෙනවා.







ඇමරිකාවේ ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් – පුටින්



ඇමරිකාව විසින් සිරියානු ගුවන් හමුදා කඳවුරකට එල්ලකල ප්‍රහාරය නීතිවිරෝධී ආක්‍රමණයක් බව රුසියානු ජනපති වැලැඩමීර් පුටින් පවසයි.

එම ප්‍රහාරය ඇමරිකාව හා රුසියාව අතර පවතින සබඳතා බිඳවැටීමට බලපාන ප්‍රධාන බරපතල කරුණක් වනු ඇති බව ඔහු පවසා ඇත. එසේම එය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

වන්දි මුදල් නොලැබෙඤ්ඤයි – කෘෂිකර්ම අමාත්‍යංශය වටලඤ්ඤයි



ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර ලබා නොදුනහොත් 12 දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය. වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

අලුත් අවුරුද්ද සැමරීමට කනකර උකස් කිරීමට සිදුව ඇති බවත්, වන්දි නොදුන්නොත් නීතිය හමුවට යන බවත් ඒ මහතා පවසයි.

පසුගිය කන්නයෙන් පාඩුවූ වගා වෙනුවෙන් රජය ලබා දීමට පොරොන්දු වූ රුපියල් 50,000 ක මුදල මාස 5 ක් තුල දසදහස බැගින් ගෙවීමට රජය පොරොන්දු වී ඇති නමුත්, මේ වන තෙක් එම මුදල් ගොවීන්ට ලබා නොදී ඇති බව නාමල් කරුණාරත්න මහතා පවසයි. අදාල වන්දි මුදල් අළුත් අවුරුද්දට පෙර ගෙවන බව ජනාධිපතිවරයාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

සයිටම් අර්බුධයට රජයෙන් විසදුම් / නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතට

 මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ සයිටම් අර්බුධයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම් බී බී එස් උපාධිය අවසන් කර ඇති සිසුන්ට රජයේ රෝහල් දෙකක අතිරේක සායනික පුහුනුවක් ලබාදීමට නියමිතයි.

අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව එම සිසුන් වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

එසේම මෙරට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අවම ප්‍රමිතියක්ද ඉදිරියේදී ගැසට් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.