08 April 2017

සයිටම් අර්බුධයට රජයෙන් විසදුම් / නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය යටතට

 මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ සයිටම් අර්බුධයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම් බී බී එස් උපාධිය අවසන් කර ඇති සිසුන්ට රජයේ රෝහල් දෙකක අතිරේක සායනික පුහුනුවක් ලබාදීමට නියමිතයි.

අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව එම සිසුන් වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

එසේම මෙරට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අවම ප්‍රමිතියක්ද ඉදිරියේදී ගැසට් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

No comments:

Post a Comment