07 April 2017

පර්පචුවල් ට්‍රෙෂරීස් මගඩි පිට මගඩි – ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු රු. මිලියන 88ක් මහ බැංකුවෙන් ආපසු ගෙවලා



බැඳුම්කර මිලදී ගන්න මහ බැංකුවෙන් රුපියල් බිලියන 12.5ක්, අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5ක්, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකුවලින් රුපියල් බිලියන 8.5ක් ණය අරගෙන.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගත් නමුත් මහ බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා එම මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කර ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහ බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහ බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගැනීමට තීරණය කර ඇත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙනි.

කෙසේ නමුත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහ බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදුවී තිබේ.

මෙම සියලු කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවෙන් රුපියල් බිලියන 12.5යි, අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5යි, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකුවලින් රුපියල් බිලියන 8.5යි. වශයෙන් රුපියල් බිලියන 21ක ණයක් ලබාගෙන ඇතැයිද මෙය මීට පෙර සිදුනොවු අසාමාන්‍ය දෙයක් යැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ වැඩිදුරටත් හෙළි කර තිබේ.

No comments:

Post a Comment