07 April 2017

මන්ත්‍රී සූර්වී පළාත් සභාවේ යකා නටයි – BBQ කකුල් සීසීකඩ



පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ අතිශය පහත් හැසිරීමක් පිළිබඳ පසුගිය දා බස්නාහිර පළාත් සභා කාර්යාලයේදී දකින්නට ලැබිණ.

බස්නාහිර පළාත් සභාවේ රැස්වීම් වලට වසර පුරා දිවා ආහාරය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන සිටින කේටරින් සමාගම විසින් අලුත් අවුරුද්දට පෙර තම සමාගම මගින් බුෆේ දිවා කෑම වේලක් නොමිලේ ලබා දීමට යොදා ගෙන තිබිණ. කේටරින් සමාගම පළාත් සභාවට පැමිණ මනස්කාන්ත අයුරින් එය සංවිධානය කර තිබුණු අතර සියළු දෙනාම එහි ආහාර ගනිමින් සිටියහ.

හදිසියේ එහි කඩා වැදුනේ කට ගොන්නක් බීගත් පළාත් සභා මන්ත්‍රීවරයෙකි ඔහු එහි සිටි සියළු දෙනාට පරුෂ වචනයෙන් බැන වදිමින්, අතට පයට හසුවන හසුවන දෑට පහර දෙමින් වියරුවෙන් කෑගසන ලදී.

බුෆේ කෑම මේසයේ හදමින් තිබූ බාබකිව් උපකරණවලට පහරදී ඒවාද කඩා බිඳ දැමූ අතර එහි තිබූ ආහාරද සීසීකඩ වීසිකරන ලදී. පසුව එහි සිටි සෙසු පිරිස එක්වී මොහු අල්ලා කාමරයකට දමා දොර වසා දැමූ අතර කෑම සංග්‍රයද එතනින් නිමා විය.

මොහු නමින් ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත වන අතර නීතීඥයෙකුද වෙයි. මහජන නියෝජිත ආයතනයක මෙවැනි පුද්ගලයන් කරන මෙවැනි පහත් ක්‍රියා සමිබන්ධයෙන් ඇත්තේ දැඩි පිළිකුලක් වන අතර මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කර සිටියේ ඒ පිළිබඳ කරුණු විමසා පරීක්ෂණයක් සිදු කිරීමට සහ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, ඉදිරියේදී මෙවැනි ක්‍රියා වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවයි.

No comments:

Post a Comment