07 April 2017

මෙන්න ලංකාවට තවත් සම්මානයක් ලෝකයේ තවත් සුපිරි තැනක් හිමිවෙයි




ලංකාවට බොහෝ අවස්ථාවල දී සමීක්ෂණ වාර්තා අතරින් ප්‍රමුඛ ස්ථාන ලැබිලා තියනවා.

හොඳ මෙන්ම නරක පැත්තට ද මේ ප්‍රමුඛස්ථානය ලැබුණු වාර බොහොමයක් දක්නට ලැබෙනවා.

මෑතකදී ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය කරන ලද සමීක්ෂණයකට අනුව අපිට ලැබිලා තිබුණේ හැම රටක් අතරින්ම 03 වන තැන.

නමුත් ඒ හොඳ පැත්තට නම් නෙමේ.

ලෝකයේ ඉතාම නරක ලෙස සේවකයන්ට සලකන රටවල් අතරිනුයි ලංකාව තෙවන ස්ථානය ලබා ගෙන තිබුණේ.

මෙහිදී අපේ රට නිරන්තරයෙන් කම්කරු නීති උල්ලංඝනය කරන කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබෙනවා.

මේ බව පවසා ඇත්තේ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය විසින්.

ජී.එස්.පී ප්ලස් නැවත ලබා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා වෘත්තීය සමිති අයිතීන් උල්ලංඝනය කිරීම, වෘත්තීය සමිති ක්‍රියාවලට එරෙහිව වාරණ නියෝග ගැනීම, ටෙලිකොම් සේවකයින්ගේ මාස දෙකක වැඩ වර්ජනය සමථයකට පත් නොවීම ආදී කම්කරුවන්ට බලපාන්නා කරුණු හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment