07 April 2017

එජාප මන්ත්‍රීවරුන්ට රවී තනතුරු බෙදයි


 ඇමති ධුර නොමැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සඳහා තනතුරු ලබාදීමට මුදල් ආමත්‍ය රවි කරුණානායක මහතාවිසින් කටයුතු කරගන යන බව වාර්තා වේ.

ඒ අනුව එවැනි මන්ත්‍රීවරු 40කට පමණ මුදල් ආමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත්වීම් ලබාදීමට රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින බව පැවසේ.

මින් මන්ත්‍රීවරු 15කට පමණ (05) එම පත්වීම් ලිපි ලබා දී ඇති අතර මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනය 06ක් අධීක්ෂණය කිරීමේ බලය ඔවුන්ට පවරා ඇත.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය එම ආයතන 06 වේ.

රේගුව සම්බන්ධයෙන් මැදිහත්වීමේදී අවශ්‍යතාවය මත පමණක් මැදිහත්වන ලෙස ලිඛිතවම දන්වා තිබේ. මෙම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයක් ලබාදීමටද මුදල් ඇමතිවරයා එකඟතාවය පළ කර ඇත.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේද මෙසේ විවිධ අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස බොහේ මන්ත්‍රීවරු පත්කළ අතර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් එම පාලනය බිඳ වැටීමටද බෙහෙවින් ඉවහල් විය. විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ අතර විශේෂ තැනක් ගත්තේ ය.

No comments:

Post a Comment