07 April 2017

2021 දී 25 සමරන්න අනුහයේ අයට ලක්ෂ 500 ක්



1996 කියන්නේ අපිට අමතක වෙන්නේ නැති අවුරුද්දක්.

මේ පුංචි ලංකාව ලෝකෙම අලුතින්ම දැන ගත්තා ඒ ක්‍රිකට් වලින්. 1996 මැයි 17 ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ කැන්ගරුවන් එක්ක තිබුණු තරගය අපි දිනුවා.

ඒ නික්ම තරගයක් නෙවේ ලෝක කුසලානයක අවසන් තරගය අපි දිනුවේ. දැන් අපි කුසලානය දිනලා අවුරුදු 21 ක් වෙනවා.

මෙන්න ඒ අය කරන්න යන අලුත්ම දේ තමා මේ.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ.

ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ එය සැමරීමට මෙම ගොඩනැගිල්ල 2021 වර්ෂයේදී වැඩ අවසන්කිරීමට නියමිතය.

ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.

ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි.

No comments:

Post a Comment